Wednesday, May 8, 2024

තවත් ජන්ද ප්‍රතිඵලයක්: ඇමෙරිකානු පුරවැසි වගාරච්චිට මහ පුටුවක්

(දොළ පිදේනි කෑමට එන පිසාචයෝ)
දොළොස් වසරක් ඇමෙරිකාවේ ජිවත් වී මෑත දී ලංකාවට පැමිණි සමන් වගාරච්චි මහතාට රජයේ මුද්‍රිත මාධ්‍ය ආයතනයේ මහ පුටුවක් දැන් ලැබී තිබේ. කතෘමණ්ඩල සංස්කාරක යැයි කියන මෙම තනතුර වැඩක් නැතිව වැටුප් ලබා ගත හැකි විජ්ජාවකි. මන්ද යත් වගාරච්චිට වඩා මාධ්‍ය දැනුමක් ලේක්හවුසියේ අන් සියළු කතුවරුන්ට ඇති නිසා ය.

එක්සත් ජාතික පක්ෂයෙන් බණ්ඩරවෙළ ආසනයට තරඟ කර අන්ත පරාජයක් ලැබීමෙන් පසු ඇමෙරිකාවට ගිය වගාරච්චි එජප රජය යටතේ දිනමිණ කර්තෘ වශයෙන් ද රැකියාවක් කළේ ය.

ශ්‍රී ලංකාවට පැමිණිමෙන් පසු ජනමාධ්‍ය සංවිධාන කිහිපයක් අල්ලාගෙන ජනමාධ්‍ය එකමුතුවක ප්‍රධානියා බවට පත් වූ සමන් වගාරච්චි දැන් සිය ඉලක්කය සපුරා ගෙන තිබේ.
ඇමෙරිකානු පුරවැසියකු වන වගාරචච්චිගේ දරුවන් දෙදෙනාද ඇමෙරිකානු පුරවැසියන් ලෙස ඇමෙරිකාවේ ම ජිවත් වේ.

මෙම තනතුරට සියලු දීමනා සහිතව මාසිකව රුපියල් ලක්ෂ තුනත් පමණ හිමිවනු ඇතැයි ලේක් හවුස් ආරංචි මාර්ග කියයි.

Archive

Latest news

Related news