Tuesday, April 23, 2024

සිරගතවීමට නියමිත මොහාන් පිරිස් අගවිනිසුරු අසුනින් බිමට; දැන් අලුත් නැටුමක්

යාවත්කාලීන කිරීම:
අගවිනිසුරු, අගමැතිවරයාව අල්ලේ නටවයි

ඊයේ (21)අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද උදැසන ඔහු අතට ගෙනත් දෙන බවට පොරොන්දු වී ගිය අගවිනිසුරු මොහාන් පීරිස් මහතා අද උදැසන පොරොන්දු වූ පරිදී පැමිණ නොමැත.

මේ අතර අගවිනිසුරුවරයාගේ ප්‍රකාශකයා කියන විජේරත්න කොඩිප්පිලි නැමැති නීතිඥාවරයා විසින් අග විනිසුරු අස්වීමට තීරණය කර ඇති බවට ඊයේ පළවූ පුවත් අසත්‍ය යැයි මාධයට ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම අගමැතිවරයාගේ කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ අගවිනිසුරු වරයා විසින් තමන්ගේ උපන්දිනය තෙක් තනතුරේ සිටීමට අගමැතිවරයාගෙන් කල් ඉල්ලූ බවය.ඊට රනිල් වික්‍රමසිංහගේ කැමැත්ත හිමිවූ බවද දැන ගැනීමට තිබේ.

කෙසේ නමුත් අප විසින් පසුගියදා හෙළි කල පරිදි අගවිනිසුරුවරයා ප්‍රමුඛ කණ්ඩායමක් ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීම සඳහා කුමන්ත්‍රනකාරී සැලසුමක් ක්‍රියාවට නගමින් සිටි අතර ඒ පසුව අත් හැරිය බවද වාර්තා විය. එහෙත් ඒ යලි ක්‍රියාත්මක බවද දැන ගැනීමට ඇත

කෙසේ නමුත් අගවිනිසුරුවරයා තම තනතුර ‍රැක ගැනීම සඳහා ලැජ්ජා විරහිත ක්‍රියාවලියක යෙදෙමින් සිටින බව පැහැදිලිය
– ඉන්ඩිපෙන්ඩන්ට්
—————–
නීති විරෝධී දොශාභියෝගයකින් 43 වන අගවිනිසුරුවරිය තනතුරෙන් පහකිරීමෙන් පසු එම තනතුරට පත් වූ රාජපක්ෂවාදී දේශපාලන නීතිවේදී මොහාන් පීරිස් අද සවස එම තනතුරෙන් ඉල්ලා අස්විය. මෙසේ ඉල්ලා අස්වූයේ ඔහුට ඉල්ලා අසිවන ලෙස නැගී එන උද්ෂෝෂන හමුවේ ය.

ජනාධිපතිවරණයෙන් පරාජය වූ රාජපක්ෂ දිගටම බලයේ තබා ගැනීම පිනිස නිති විරෝධී රුස්වීමකදී නීති විරෝධී උපදෙස් දීම සම්බන්ධයෙන් මොහාන් පීරිස් සිර ගත වීමට බොහෝ දුරටම ඉඩ තිබේ.

අගවිනිසුරු තනතුරට පත් කිරිමට පෙර මොහාන් පිරිස් රාජපක්ෂ ඇමැති මණ්ඩලයේ උපදේශක වරයකු ලෙසද රාජපක්ෂගේ නීති උපදේශක ලෙසද පක්කලි සේවයේ යෙදුණූ පුද්ගලයෙකි.

ඔහුගේ නික්ම යෑම 43වන අගවිනිසුරුවරියට සිය තනතුර යළි ලබා ගැනීමට අවස්ථාවක් වනු ඇත්දැයි තවම පැහැදිලි නැත.

අගමැති රනිල් වික්‍රමසිංහ ශිරානි බණ්ඩාරනායක සම්බන්ධයෙන් යහපත් අදහසක් නොදරන අතර දෝශාභියෝගය අවස්ථාවේ දී ද පාර්ලිමේන්තුවේහිදී කළේ දෙකට දෙවාරන කතාවකි.

එසේ නමුත් බලගතු ශ්‍රී ලංකා නීතිඥ සංගමය යළි ශිරානි බණ්ඩරනායක අගවිනිසුරු පදවියට පත් කළ යුතු බවට ප්‍රබල ව්‍යාපාරයක් ගෙන යයි.

© SLB

Archive

Latest news

Related news