Tuesday, July 16, 2024

රාජ්‍ය පාලිත මාධ්‍ය සියයට සියයක් රාජපක්ෂට වැඩ

ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය  ක‍්‍රියාත්මක කරන පොදු දේපළ රැුකගැනිමේ වැඩසටහන යටතේ, රාජ්‍ය මාධ්‍යවල හැසිිරීම පිළිබඳව කරන ලද මාධ්‍ය නිරීක්‍ෂණයේ දෙවන වාර්තාව දැන් නිකුත් වළුී තිබේ.

එය වසින් පෙන්නුම් කරන්නේ රාජ්‍ය පාලිත මාධ්‍ය සියයට සියයක්ම ජනාධිපති රාජපක්ෂ වෙනුවෙන් සේවය කරන බවයි.එකී වාර්තාව නිකුත් කරමින් ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය මෙසේ කියයි:

ජනාධිපතිවරණයේ දී ඒ ඒ අපේක්ෂකයා තම ප්‍රතිපත්ති පැහැදිලි කිරීම මෙන් ම මැතිවරණ ක්‍රියාවලිය පිළිබද ජනතාවට අවබෝධයක් ලබා දීම ඡන්දදායකයාට දැනුම්වත් තීරණයක් ගැනීම පහසු කරවයි.

කිසියම් අපේක්ෂකයකුගේ ප්‍රතිරූපය සාපේක්ෂව පිම්බීම හෝ තවත් අපේක්ෂකයෙකුගේ ප්‍රතිරූපය හකුළුවා පෙන්වීමට මාධ්‍ය ප්‍රයත්න දරන්නේ නම් එය සමබර අපක්ෂපාතී හා අපාක්ෂික මාධ්‍ය භාවිතය පැහැර හැරීමක් ලෙස සැලකීමට සිදු වේ.

මැතිවරණ ක්‍රියාවලිය පිළිබද ජනතාව දැනුම්වත් කිරීමේ කාර්යය සදහා මෙම ජාතික පුවත්පත් වෙන් කර ඇත්තේ ඉතාම සීමිත ඉඩ ප්‍රමාණයක් බව ද නිරීක්ෂණය වේ.

අපේක්ෂකයකුගේ ප්‍රතිරූපය ගොඩ නැගීම (පිම්බීම) මෙන් ම, ඇතැම් අපේක්ෂකයකුගේ ප්‍රතිරූපයට හානි කිරීම (හකුළුවා දැක්වීම) සදහා මුල් පිටුවේ වෙන් කර ඇති ඉඩ ප්‍රමාණය පිළිබදව ද අපගේ අවධානය‍ වූ අතර එම නිරීක්ෂණ පහත දැක්වේ.
අපේක්ෂක ප්‍රතිරූපය නගාසිටුවීම (පිම්බීම) හෝ හැකිළීම

අදාළ සතිය තුළ අපේක්ෂකයන්ගේ ප්‍රතිරූප නගාසිටුවීම (9979.03cm2) හෝ හැකිළීම (2654.03cm2) සදහා වෙන් වී ඇති සමස්ත ඉඩ ප්‍රමාණය සලකා බැලීමේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයාගේ ප්‍රතිරූප නගා සිටුවීමට සමස්ත ඉඩ ප්‍රමාණය ම වෙන් වී ඇති බව නිරීක්ෂණය වේ. ප්‍රතිරූපය හැකිළීම සදහා වෙන් වී ඇති සමස්ත ඉඩ ප්‍රමාණය ම භාවිතා කොට ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ (පොදු අපේක්ෂක) අපේක්ෂකයාගේ ප්‍රතිරූපය බිද හෙළීම වෙනුවෙනි.

පොදු නිරීක්ෂණ
ජනාධිපතිවරණයට අදාළව මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය පිළිපැදිය යුතු උපමාන මැතිවරණ කොමසාරිස්වරයා විසින් පැහැදිලිව ප්‍රකාශයට පත්කොට තිබියදී මෙම රාජ්‍ය මාධ්‍ය ඒවා පිළිබදව අවධානයක් යොමුකර නොමැති බව පෙනීයයි.
නිරවද්‍ය, සමබර, අපාක්ෂික හා අපක්ෂග්‍රාහීත්වය ඇතුලු සම්මත මාධ්‍ය ආචාර ධර්ම රැසක් මෙම මාධ්‍ය භාවිතය තුළ බරපතල ලෙස උල්ලංඝනය වී ඇති බවද අපගේ නිරික්ෂණයයි.

රාජ්‍ය මාධ්‍ය යනු පොදු දේපලක් බව අවිවාදිතව තිබියදී මෙලෙස ඒකපාර්ශවික නැමියාවකින් කටයුතු කිරීම පොදු දේපල අපහරණය කිරීමක් ද වන බව අපගේ නිරීක්ෂණයයි.

මෙකී පසුබිම තුළ මැතිවරණ සමයකදී මාධ්‍ය ඉටුකළ යුතු ප්‍රධාන කාර්යයක් වන මැතිවරණය පිළිබද ඡන්දදායකයා දැනුම්වත් කිරීමේ සමාජ වගකීම මෙම භාවිතය තුළ මගහැර ඇති බවද අපගේ නිරීක්ෂණයයි.

සම්පූර්ණ වාර්තාව පීඩීඑප් ගොනුවක් ලෙස මෙහි කියවන්න: PPPR MM 2 Print final Media

Archive

Latest news

Related news