Tuesday, July 16, 2024

පොදු විපක්ෂ අපේක්‍ෂක මෛත්‍රීට සහාය දැක්වීමේ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශණය

ද්‍රවිඩ ජාතික සන්ධානය
ඉතාමත් සුපරික්‍ෂාකාරී අධ්‍යයනයකින් අනතුරුව මෙම ප‍්‍රකාශය ඉදිරිපත් කිරීමට අදහස් කරනුයේ, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප‍්‍රධාන අපේක්‍ෂකයින් දෙදෙනා පිළිබඳව ද්‍රවිධ ජනතාව සහ ද්‍රවිඩ බස කතාකරන ජනතාවගේ විශේ්ෂයෙන්ම උතුරු සහ නැගෙනහිර ජනතාවගේ අදහස් උදහස් මති මතාන්තරවලට ඉතාමත් ́නෑකමින් සවන් දීමෙන් පසුවයි. විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර ද්‍රවිඩ බස කතා කරන ජනතාවට නායකත්වය දෙන පක්‍ෂයක් ලෙස එම ජනතාව තීරණයක් ගැනීමේ අවස්ථාවලදී අපගේ මගපෙන්වීම ඓතිහාසික වෙයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගුණාත්මකභාවය, යහපාලනය, සහ නීතියේ ආධිපත්‍යය පෙර කිසිම දිනකටත් වඩා මහින්දරාජපක්‍ෂ පාලනය යටතේ දැඩි පීඩනයකට යටත් කර ඇත. මෙයින් දරුණුතම සිද්ධීන් වනුයේ:-

1.සියලූම රාජ්‍ය බලය විධායක ජනාධිපති ක‍්‍රමයට යටත් කර ඒක පුද්ගල ඒකාධිපතිවාදයක් ක‍්‍රියාත්මක කරමින්, වාර දෙකකට සීමාවී තිබුණු ජනාධිපති ධූර කාලය තමා සතු ඒකාධිපති බලතල යොදමින් එහි සීමාවන් දික් කරන ලදී.

2. අධිකරණයේ ස්වාධිනත්වය, විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ තීරණ විධායක ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි වෙනස් කිරීම. අග‍්‍රවිනිශ්චයකාරවරියට විරුද්ධව නීත්‍යානුකූල නොවන දෝෂාභියෝගයක් ගෙන එමින් ඇයව එම තනතුරෙන් නෙරපා හැර ඉන් පසුව ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ගන්නා ලද නොයෙක් පියවරයන් මගින් සිදු කරන ලද දූෂණ දැන් වඩාත් හොඳින් අනාවරණය වී ඇත. 18 වන සංශෝධනය මගින් ව්‍යාවස්ථාව වෙනස් කිරීමට රජය පියවර ගත් අවස්ථාවේදීත්, අග‍්‍රවිනිශ්චයකාරවරියට විරුද්ධව දෝෂාභියෝගය ඉදිරිපත් කළ අවස්ථාවේදීත් අපි පාර්ලිමේන්තුව තුළත්, ඉන් බාහිරවත් දැඩි ලෙස විරුද්ධවීම ගැන අද අපට ඇත්තේ අභිමානයකි. අද මෙම අවස්ථාවට එනම් 18 වන සංශෝධනයට එදා පක්‍ෂ වු පිරිස් අද පසුතැවෙන ආකාරයත් අපි දකින්නෙමු.

3. රාජපක්‍ෂ රෙජීමය විසින් විරුද්ධ පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ට මුදල් සහ විධායක තනතුරු ලබාදෙමින් පාර්ලිමේන්තුවේ ගෞරවය හෑල් ̈වට ලක් කර, එම මිලට ගත් මන්තී‍්‍රවරුලවාම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡුන්ද බලය අත්කර ගනිමින් අණපනත් වෙනස් කරවා ව්‍යවස්ථා විරෝධි තීරණ ගැනීමට හැකිවන පරිදි පාර්ලිමේන්තුව රාජපක්‍ෂ රෙජිමයේ අතකොළුවක් බවට පත් කිරීම.

4. ඕනෑකමින්ම ව්‍යවස්ථාවේ 7 වැනි සංශෝධනය අහෝසි කිරීම තුළින් ස්වාධීන මතධාරීන් පත්කිරීමේ හැකියාව වෙනස් කර ඇත. මෙයින් බලපෑම් එල්ල වූයේ ශ්‍රේෂ්ඨාධිකරණය, අධිකරණ සේවා කොමිසම, මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලස් කොමිසම, නීතිපති දෙපාර්තමේන්තුව සහ විගණන දෙපාර්තමේන්තුව යන රටේ ප‍්‍රධාන ආයතන සමූහයටයි.
එම ආයතනවලට ස්වාධීන පුද්ගලයින් පත් කරනවා වෙනුවට නීතියේ ස්වාධිපත්‍යය විනාශ කර දමමින් විධායක ජනාධිපති වරයාගේ සිතැඟි පරිදි පුද්ගලයින් ඒවාට පත් කරගැනීමට විධායක ජනාධිපතිවරයා විසින් අන්තනෝමතික ක‍්‍රමවේදයක් සකසා ගෙන ඇත.

5. විධායක ජනාධිපති බලතල අනිසි ලෙස යොදමින් නිදහස් මාධ්‍යයට සහ සිවිල් සමාජයට බිය ගැන්වීම් සහ තර්ජන එල්ල කරමින් සිටියි. නිදහස් ප‍්‍රකාශන අයිතිය සහ ජනාධිපතිවරයා යටතේ පවත්වාගෙන යන අනෙකුත් රාජකාරිද මෙසේ බිය වැද්දීම්වලට සහ තර්ජනයන්ට යට කර තිබෙයි. එම නිසා ද්‍රවිඩ එක්සත් සන්ධානය විශ්වාස කරනුයේ මෙම රාජපක්‍ෂ රෙජිමය විසින් අටවා පවත්වාගෙන යනු ලබන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේහයට විනාශකාරී වූ ඒකාධිපතිවාදය වහා වෙනස්කර නැවත ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කළ යුතු බවය.

නොබෙදුනු ලංකාවක් තුළ දේහපාලන විසදුමක්

රාජපක්ෂ රෙජිමය මෙරට ද්‍රවිඩ බස කතාකරන ශී‍්‍ර ලංකාවේ ජනතාවගේ සුභසිද්ධියට විනාශකාරී විපත් ගෙන දෙන පාලනයක් වශයෙන් සලකා ද්‍රවිඩ එක්සත් සන්ධානය කැප වනුයේ වෙනසක් සහ සාධාරණ වූ කි‍්‍රයාවට නැංවිය හැකි තිරසාර දේශපාලන විසඳුමකට යෑමටය. එය නොබෙදුන ශී‍්‍ර ලංකාවක් තුල කළ හැකි බව අපගේ විශ්වාසයයි. අපි මේ තත්ත්වය පවත්වාගෙන යාහැකි විසඳුමක් වාචිකව හා ලිඛිතව ප‍්‍රසිද්ධියට පත් කළෙමු. ආයුධ සන්නද්ධ අරගලය අවසානයේදී ඇති වූ අවස්ථාව උපයෝගී කරගනිමින් අපි මේ බව රාජපක්‍ෂ රජයට අවධාරණය කළද, අපගේ අදහස් උදහස් අවංකවම කි‍්‍රයාත්මක කිරීමේ පිළිවෙතක් වෙනුවට ඔවුන් ඉතා උපායශීලී කූට මාර්ග අනුගමනය කරමින් අපව රැුවටීමේ වැඩපිළිවෙලක් අනුගමනය කරන ලදී.

සිය දහස් සංඛ්‍යාත වූ ජනතාව පසුගිය යුධ සමයේදී උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශවල අනාථභාවයට පත් විය. නමුත් අදවන තුරු ඔවුන්ව නියමාකාරයෙන් ස්ථානගත කර හෝ පුනරුත්ථාපනය කර හෝ නිවාස ලබා දී හෝ ජීවත් වීමේ මාර්ගයක් පිළියෙළ කර හෝ දී නොමැත. ඒ වෙනුවට රාජපක්‍ෂ රෙජිමය කර ඇත්තේ උතුරු සහ නැගෙනහිර ජනතාවට අයත් ව තිබූ පුද්ගලික ඉඩම් අක්කර දහස් ගණනින් රාජපක්‍ෂලා සතු කර ගැනීමය. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ පාර්ලිමේන්තුවේ ඔවුන් දැන් කරගෙන යනුයේ ලංකා වේ අනෙකුත් ප‍්‍රදේශවලත් ඉඩම් කොල්ලකමින් සිටීමයි. විශාල මුදල් සම්භාරයක් විනාශ කරමින් පාරවල්, පාලම් සහ අධි වියදම් ගොඩනැගිලි ඉඳි කරමින් මෙරටේ බදු ගෙවන ජනතාවට තව තවත් බර පටවමින් යන මේ රජය ද්‍රවිඩ ජනතාවට සහනයක් පිණිස සහනදායී කිසිදු වැඩ පිළිවලෙක් ක‍්‍රියාත්මක කර නැත. විනාශයට පත් උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශත්, එහි ජීවත් වන ජනතාවටත් කිසිදු සෙතක් සළසා නැති තත්ත්වයන් අපි දකින්නෙමු. ඒ වෙනුවට මෙම රාජපක්‍ෂ රෙජිමය කරගෙන යනු ලබන්නේ උතුරේ සහ නැගෙනහිර දෙමළ කතා කරන ජනතාවට ජීවත් වීමේ මාර්ග අහුරමින්, ආහාර හිඟය ඇති කරවමින්, ඔවුන්ගේ ගෞරවය හා ශාරීරික ආරක්‍ෂාව කෙළසමින් කටයුතු කිරීමකි. විශේෂයෙන්ම ස්ත‍්‍රීන්ට සහ දරුවන්ට ලිංගික අතවර කරමින් ඔවුනට ලබා දී ඇත්තේ මරණය සහ ව්‍යාධීන් පමණක් ය. අස්ථානගත කළ පුද්ගලයින්ට සහ දීර්ඝ කාලීනව සිරගෙවල් වල දමා ඇති ද්‍රවිඩ බස කතා කරන පුද්ගලයින්ට ලබා දී ඇත්තේ වධකාගාර වේදනාව සහ විඳවීම ය. ඔවුන් හට සංහිඳියාව ලබාදීම වෙනුවට රාජපක්‍ෂ රෙජිමය කර ඇත්තේ සුළු ජනතාවගේ ආගමික සිද්ධස්ථාන විනාශ කිරීමත්, සුළු ජනතාවට එරෙහිව තාඩන පීඩන එල්ල කිරීමට අන්තවාදී කණ්ඩායම්වලට අවසර දීමය. ජාතිවාදී කොටස්වල ජාතිවාදී අරගල සහ වේදනාත්මක දෙඩවීම් නවතා දැමීමට හෝ සීමා කිරීමට රාජපක්‍ෂ රෙජිමය කටයුතු කරනවා වෙනුවට සිදු කරගෙන යන්නේ ඉතාමත් බියගුළු ලෙස ඒවා සාධාරණීයකරණය කිරීමයි.

අද ජනාධිපතිවරණයක් පවත් වනුයේ මෙවැනි වටපිටාවක් ඇති අවස්ථාවකය. ඒකාබද්ධ විපක්‍ෂ අපේක්‍ෂකයා විසින් ඉදිරිපත් කර ඇති ජනාධිපති විධායක බලතල අඩු කිරීමේ යෝජනාවලියත්, 18 වන සංශෝධනය තුළින් නැවත ස්වාධීන කොම්ෂන් සභා පිහිටුවීමත්, නීතියේ ආධිපත්‍යය නැවත ස්ථාපිත කිරීමත් අප ද්‍රවිඩ එක්සත් සන්ධානය ලෙස හදවතින්ම භාර ගන්නෙමු. ද්‍රවිධ එක්සත් සන්ධානය විශ්වාස කරන්නේ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආශ්වාදය නියමාකාරයෙන් මුළු මහත් රටවැසියාටම ලබාදීම තුළින් සෑම පුරවැසියෙකුම එක හා සමානව සැළකීම අගය කිරීම යි. ඒ අනුව අපි අවංකවම විශ්වාස කරනුයේ එවන් තත්ත්වයක් යළි ඇති කිරීමට, එවන් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට උත්සහ දරණ සිය ̈ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගවලට හැකිවන බවත්, මුළු මහත් රටේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කර, සාකච්ඡුා මාර්ගයෙන් සිය ̈ම රටවැසියන්ට සාධාරණත්වය, සමානාත්මතාවය, ආත්මාභිමානය රට තුළ යළි ඇති කිරීමට හැකිවේවා යැයි අපි උදක්ම බලාපොරොතේතු වන්නෙමු.

යළිත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට, ඒකාධිපතිවාදය පරදවා ලබන අත්දැකීම් තුළින් නැවතත් අපට අගනා වටිනාකමින් යුත් සමානාත්මතාවය, සාධාරණය සහ ගෞරවනීය අභිමානය ලබා ගැනීමටත් අප සිය ̈ ජනතා කොටස් වලින් ඉල්ලා සිටිනුයේ රාජපක්‍ෂ රජය පෙරළා දැමීම සඳහා ජනතාවගේ වටිනා ඡුන්දය සිය ̈ දෙනා එක්වන්ව සිය දහස් ගණනින් එක් වී විරුද්ධ පක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වන මෛත‍්‍රීපාල සිරිසේන මහතාව සහ ඔහුගේ හංසයා ලකුණ දිනවන ලෙසයි

Archive

Latest news

Related news