Saturday, April 20, 2024

නිදහස් හා විශ්වසනීය ජනපතිවරණයක් පවත්වන්න – එජා සංවිධානය සහ පොදු රද මඩුල්ල

( බැං කී මූන් සහ කමලේශ්් ශර්මා)

වෙන් වෙන්ව නිවේදන දෙකක් නිකුත් කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැං කී-මූන් සහ පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් කමලේශ් ශර්මා ජනවාරි 08 දින පැවැත්වෙන ජනාධිපතිවරණය නිදහස් සහ සාධාරණ එකක් විය යුතු බව අවධාරණය කරයි.

සිය සංවිධානය වන දෙනෙකුගෙන් සමන්විත මැතිවරණ නිරික්ෂන කන්ඩායමක් ශ්‍රී ලංකාවට යවන අතර නීතියේ පාලනය පිළිබඳ අංශයේ පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් එංගලන්තයේ සිට ඔවුන්ට සහාය වනු ඇති බවත් පොදු රාජ්‍ය මණ්ඩලය අද නිවේදනය කළේ ය.

‘‘ ශ්‍රී ලංකාවේ ජනතාවට විනිවිදබාවයෙන් යුතු සහ සැමට සමාන අවස්ථා ඇති එමෙන්ම  සාධනීය වාතාවරණයක් යටතේ විශවසනීය සහ සාමකාමී මැතිවරණයක් මගින් නිදහසේ සිය ජන්දය පාවිච්චි කිරිමට ශ්‍රී ලංකාවේ ජනතාවට අවස්ථාව තිබිය යුතුය’’ යනුවෙන් එම නිවේදනයේ කමලේශ් ශර්මා සඳහන් කරයි.

මේ අතර එක්සත් ජාතීන්ගේ පුවත් වෙබ් අඩවිය සඳහන් කරන්නේ ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණය සාමකාමී සහ විශ්වසනීය එකක් වනු ඇතැය යන සිය බලවත් අපේක්ෂාව තමා ශ්‍රී ලංකාණ්ඩුවට දන්වා ඇතැයි මහ ලේකම් බැං කී-මූන් ප්‍රකාශ කළ බවයි.

එන්න එන්නම දරුණු ප්‍රචණ්ඩ ස්වරූපයක් ගනිමින් පවත්නා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අන්තර් ජාතික ප්‍රජාවගේ අවධානය යොමු වී ඇති බව මෙම ප්‍රකාශයන්ගෙන් පෙනෙන බව නිරීක්ෂකයෝ පවසති.
ඉදිරි දින කිහිපය ඇතුළත අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන ද සාධාරන සහ නිදහස් මැතිවරනයක් පවත්වන සේ බල කැරෙන නිවේදන නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
© SLB

Archive

Latest news

Related news