Friday, April 26, 2024

ලංකාවේ ස්වෛරීභාවය පිළි නොගනිමි – ගෝඨා, බැසිල්, ඩලස් ඇමරිකාවේදී දිවුරයි

රාජපක්ෂලාට ඇත්තේ “ගී‍්‍රන් කාඩ්” අධිරාජ්‍ය විරෝධයක් බවත් ඔවුන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සියල්ල ආරක්ෂා කිරීම සඳහා ඕනෑම අවස්ථාවක අවි දැරීමට පවා දෙවියන් වහන්සේ ඉදිරියේ දිව්රා ශපථ කළ පිරිසක් බවත් ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි. ලංකා ඉරිදා පුවත්පත සමඟ කළ සාකච්ඡාවකදී ඔහු මේ බව අනාවරණය කර තිබේ. ඔහුගේ අනාවරණයට පදනම වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිකම ලබා ගැනීමට යෑමේදී ශපථ කර දිව්රා පොරොන්දු විය යුතු ප‍්‍රකාශයයි.

ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුලත්වීමේ, පක්ෂපාතීත්වය දැක්වීමේ හා ඇමෙරිකානු ජාතියට ඇතුළු වීමේ දිවුරුම මෙසේය.

මම මින්පසු, මීට පෙර මා පුරවැසියෙක් ලෙස සිටි වෙනත් රටකට (ලංකාව) ආණ්ඩුවකට, කුමාරයෙකුටහෝ රජෙකුට මගේ තිබෙන පක්ෂපාතිත්වය හා භක්තිය අත්හරින බව දිවුරා පොරොන්දු වෙමි.

මම ඇමෙරිකානු ව්‍යවස්ථාව හා නීතිවලට සහාය වෙන බවටත් විදේශීය හා රට තුළ (අභ්‍යන්තරව) ඇතිවන

සතුරන්ගෙන් රට ආරක්ෂා කරන බවටත් පොරොන්දු වෙමි. මම අවශ්‍ය වූ විට එක්සත් ජනපද රාජ්‍ය වෙනුවෙන්

ආයුධ අතට ගැනීමටද, මම එක්සත් ජනපදයේ සන්නද්ධ හමුදාවල සිවිල් කි‍්‍රයාකාරකම් කිරීමට නීතියෙන්  බැඳී

සිටින බවද, අවශ්‍ය වුවහොත් ජාතික වැදගත් කමකින් යුක්ත කි‍්‍රයාවල යෙදීමටද දිවුරා පොරොන්දු වෙමි. මෙම

පොරොන්දුව මා විසින් දෙනු ලබන්නේ නිදහස්ව කිසිදු මානසික කොන්දේසියක් හෝ මග හැරීමකින් තොරවය.

මේ සඳහා මට දෙවියන් වහන්සේ උදවුවේවා…..!”

ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිකම ලබා ගැනීමට ලංකාවේ  ඕනෑම පුරවැසියෙක් ඉහත ශපත කිරීම කළ යුතුය. ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජක්ෂ, යෞවන කටයුතු ඇමැති ඩලස් අලස්පෙරුමද දෙවියන් වහන්සේ ඉදිරියේ දිව්රා ඇමෙරිකන් පුරවැසිවැසිකම් ලබා සිටින්නන්ය. අතීත කි‍්‍රයාකාරකම් පරීක්ෂා කිරීමේදී ඔවුන් මෙම  දිවුරුම අකුරටම ආරක්ෂා කරන බව තහවුරු වෙයි.

2008 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදය හා ශී‍්‍ර ලංකාව අතර, ආරක්ෂක ගිවිසුම අත්සන් කිරීමත් එයට එක්සත් ජනපදයෙන් රොබට් ඕ බ්ලේක් සහ ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ අත්සන් කිරීමත් මෙහි වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එම ගිවිසුමෙන් කලාපීය යුදමය තත්වයකදී එක්සත් ජනපදයට සියලු යටිතල පහසුකම් සැපයීමට ශී‍්‍ර ලංකාව බැඳී සිටී. මොවුන් ලංකාවට ඇති පක්ෂපාතීකම ප‍්‍රකාශ කරනු වෙනුවට වරින් වර ඇමෙරිකාවට ගොස් දෙවියන් වහන්සේගෙන් උදව් ඉල්ලා ඇමෙරිකන් පක්ෂපාතී බව සපත කර මෙරටට පැමිණෙයි. ඒ අනුව ලංකාව මොවුන්ගේ තාවකාලික නවාතැන් පොළක් පමණි.

එසේම ලොව පුරා මුස්ලිම් විරෝධී ව්‍යාපාර එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් දියත් කර තිබේ. පසුගිය කාලයේ ලංකාවේද මුස්ලිම් විරෝධී ජාතිවාදී ප‍්‍රවනතා මතුවූ අතර, ඒ සම්බන්ධව ආණ්ඩුවේ බලධාරීන්ට ඍජුව චෝදනා එල්ල විය. බොදුබල සේනා සංවිධානයේ කාර්යාල පවා විවෘත කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ වීමත් ජනාධිපතිවරණයේදී එම සංවිධානය ඍජුවම මහින්ද රාජපක්ෂට සහාය පළ කිරීමත් සිදුකොට තිබේ.

– ලංකා ට්රුත්

Archive

Latest news

Related news