Thursday, April 25, 2024

දේශපාලුවන්ගෙන් පිරවූ රාජපක්ෂ ආණ්ඩුවේ රට කන විදේශ ප්‍රතිපත්තියේ රඟ

(නමට විදේශ ඇමැති ජි.එල්.පිරිස්)

අපේ ශ්‍රී ලංකාව පුංචි රටක්. ඒ වගේ රටකට ලෝකයේ තමන්ගේ ස්ථානය රැක ගන්න හොඳම පිළිවෙත තමයි නොබැඳි විදේශ පිළිවෙත‍. කාටවත් ගැති නැති කාටවත් බය නැති එනමුත් හැමට ගරු කරන සමබර පිළිවෙතක්.

එවැනි පිළිවෙතක් අපට තිබුණා. කාලයකට කලින්. ඒ සඳහා කරුණු දෙකක් අවශ්‍ය යි. එක නොබැඳුණු  රාජ්‍ය ය. දෙක එම නොබැඳි පිළිවෙත ක්‍රියාවට නගන වෘත්තීමය රාජ්‍ය තාන්ත්‍රික තානාපති සේවයක්. එවිට තමයි ශ්‍රී ලංකාවේ අන්තර් ජාතික ස්ථානය නියම විදිහට තහවුරු වෙන්නේ. එවැනි තිනිපතිවරුන් තමයි ලෝකය පුරා ශ්‍රී ලංකාවනියෝජනය කරන්නේ.

ඒ සඳහා උගතුන් බඳවාගෙන පුහුණු කිරීමට විදේශ සේවය කියා එකක් හැම රටකම තියෙනවා. අපටත් තිබුණා. ඒත් අද නෑ,  රාජපක්ෂවරු තනාපති සේවය ගජ මිතුරන්ගේ සහ ඥාති ගනයාට දශ ලක්ෂ ගණනින් වැටුප ලැබෙන රැකියා කාර්යලයක් බවට පත් කරපු නිසා.

සාමන්‍යයෙන්  රටක යුද හමුදාපතිවරුන් පොලිස් පතිවරුන් විනිසුරන් වැනි වැදගත් අපක්සපාත සේවයක් කල යුතු තනතුරු දරන්නන්නට විශ්‍රාම ගිය පසු ආන්ඩුවේ රුකියා දෙන්නේ නැහැ විශේෂයෙන්ම විශේෂ වරප්‍රසාද සහිත තානාපති  සේවයට ඔවුන් ගන්නේ නැහැ. ඒ ඔඑවුන්ගේ ස්වාධීන සේවය තහවරු කිරීමේ පියවරක් වශයෙන්. මොකද විශ්‍රිම යෑමෙන් පසු වරප්‍රසාද සහිත තානාපති කෙනෙක් වෙන්න බලාගෙන  බලය තියෙන ආන්ඩුවට වැඩ කරන්න ඔවුන් පෙළඹෙන්න ඉඩ තියෙන නිසා.  නමුත් රාජපක්ෂ ආන්ඩුව ඒ යහ පාලන පිළිවෙත සහමුලින්ම විනාශ කරා.

මහින්ද චින්තනයේ කියන්නේ රාජ්‍ය තාන්ත්‍රික සේවය ගොඩ නගනයි කියළ. එත් මෙන්න බලන්න වෙච්ච දේ. අද විදේශ සේවය රාජපක්ෂවාදීන්ගේ තොතැන්නක්.

රට     තනතුර    නම    ඥාතිත්වය

ජර්මනිය             ශ්‍රී ලංකා තානාපති,    සරත් කොන්ගහගේ –    රෑපවාහනී සංස්ථාවේ හිටපු සභාපති, රාජපක්ෂවාදී දේශපාලනඥයෙක්
ඉතාලිය              ශ්‍රී ලංකා තානාපති.    නාවලගේ බැනට් කුරේ   –  කොලන්නාව හිටපු ශ්‍රීලනිප මන්ත්‍රී
ජෝර්දානය         ශ්‍රී ලංකා තානාපති.    ගාමිණී රජපක්ෂ –  ආණ්ඩවට එකතු වූ මහනුවර හිටපු එජාප මන්ත්‍රී
මියන්මාර්ය         ශ්‍රී ලංකා තානාපති,    එච්.ආර්. පියසිරි   – ආණ්ඩවට එකතු වූ දික්වැල්ල හිටපු එජාප මන්ත්‍රී
නෙදර්ලන්තය     ශ්‍රී ලංකා තානාපති,    බුද්ධි ආතාවුද    – ඇමති අතාවුද සෙනෙවිරත්නගේ පුතා
රුසියාව              ශ්‍රී ලංකා තානාපති,    උදයංග වීරතුංග  –   ජනාධිපතිගේ නැගනියගේ  පුතා
ඇමරිකාව           ශ්‍රී ලංකා තානාපති,    ජාලිය වික්‍රමසූරිය  –   මුදල් වංචාවකට හසු වූ ජනාධීපති ඥාතියෙක්
මාලදිවයින         ශ්‍රී ලංකා මහකොමසාරිස්     ඩික්සන් දෑල බන්ඩාර  –  හිටපු ශ්‍රීලනිප මන්ත්‍රී සහ බස්නායක නිලමේගේ පියා
සිංගප්පූරුව         ශ්‍රී ලංකා මහකොමසාරිස්     ෆේරියල් අෂ්රොප්   – හිටපු ශ්‍රිලනිප ඇමතිවරියක්
නයිජීරායාව        ශ්‍රී ලංකා තානාපති,    ඒ.එස්.පී. ලියනගේ   – මහරාජානනි ගීය ගැයූ තරැණියගේ පියා සහ රාජපක්ෂවාදී දේශපාලනඥයෙක්
ස්වීඩනය ඇතුළු රටවල් 7ක්     ශ්‍රී ලංකා තානාපති,    ඕෂධ අලප්පෙරුම,   –  ඇමති ඩලස් අලහප්පෙරුමගේ මල්ලී
ඕස්ට්‍රේලියාව     නියෝජ්‍ය කොන්සල් ජෙනරාල්,    යසාරා අබේනායක  –  යෝශිත රාජපක්ෂගේ හිටපු  සමීප හිතවතිය
ඕස්ට්‍රේලියාව     කොන්සල් ජෙනරාල්,    බන්දුල ජයසේකර    – හිටපු ජනාධිපති මාධ්‍ය උපදේශක
වියට්නාමය       ශ්‍රී ලංකා තානාපති ,   ඉවෝන් අමරසිංහ   – ජනාධිපතිගේ සමීපතම මිත්‍ර යෙක්
වියානා (ඕස්ට්‍රියාව)    නියෝජ්‍ය ප්‍රධානී    ශ්‍රීමාල් වික්‍රමසිංහ  –   ජනාධිපති බිරිදගේ සොහොයුරා
වොෂිංටන් (ඇමරිකාව)    තානාපති නිලධාරී ,    වරුණ ඈපාසිංහ   – ජනාධිපති උපදේශකවරයකුගේ පුතා
අබුඩාබි              පළමු ලේකම් ,    ඩබ්.කේ. දිසානායක   –  ජනාධිපති ඥාතියෙක්
ඉන්දුනීසියාව    නියෝජ්‍ය තානාපති,   ලලිත් යූ ගමගේ  –   ගාල්ල හිටපු ශ්‍රීලනිප අපේක්ෂක
රැසියාව            දෙවැනි ලේකම්     එච්.එන්.බී. රත්නායක   –  ඇමති සී.බී.රත්නායකගේ පුතා
කැනඩාව          නියෝජ්‍ය මහ කොමසාරිස්,   ලයනල් පේමසිරි  – ගාල්ල ශ්‍රීලනිප හිටපු සංවිධායක
සිංගල්ලූරුව     දෙවැනි ලේකම්,    හර්ෂණ හේරත්  –  සබරගමුව මහ ඇමැති මහීපාල හේරත් ගේ පුතා
නිව්යොක් (ඇමරිකාව)     දෙවැනි ලේකම්,    චරිත්‍රි රඹුක්වැල්ල –   ඇමති කෙහෙළියගේ දුව
නෙදර්ලන්තය   කොන්සල් ජෙනරාල් ,   මෙත්සිරි කුරේ  –  ජනධිපති මිතුරෙක්
ලන්ඩන්           දෙවැනි ලේකම්.     මතූ පද්මකුමාර     – ලෙක්හවුස් සභාපති බන්දුල පද්මකුමාරගේ දුව
ලන්ඩන්            තානාපති නිලධාරී    කට්‍රින් ව්‍යෛරත්න  –  ආචාර්ය අජිත් රත්නායකගේ බිරිඳ
සිංගපුපුරුව       දෙවැනි ලේකම්.    උමයංගනා රන්දෙනිය   –  නළු රවීන්ද්‍ර රන්දෙණියගේ දුව
කුවෙට්              දෙවැනි ලේකම් ,    ජේ.එම්. බණ්ඩාර     බණ්ඩාගම ශ්‍රීලනිප පත්කළ මන්ත්‍රීගේ සෙහොයුරු
නේපාලය         ශ්‍රී ලංකා තානාපති.    ඩික්සන් ජේ. පෙරේරා     මාතර ශ්‍රීලනිප හිටපු මන්ත්‍රී
මෙල්බන් (ඕස්ට්‍රේලියාව)     පළමු ලේකම්.    ඔසද යාපා අබේවර්ධන    ඇමති ලක්ෂ්මන් යාපාගේ පුතා
බීජිං(චීනය)     පළමු ලේකම්,     එම්. අයි. කුඹුකේවත්ත     ජනාධිපති ආරක්ෂ ප්‍රධානියාගේ දියණිය
කැන්බරා (ඕස්ට්‍රේලියාව)     දෙවැනි ලෙක්ම්,    රත්න රනවීර    ජනාධිපති අතිරේක ලේකම් ගේ දුව

(මූලාශ්‍රය – ජවිපෙ පාම මන්ත්‍රී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී කළ කතාව අගෝස්තු 06, 2014)

මේ සදහන් තොරතුරු බිදක්. අපේ විදේශ සේවයට සිදු වී ඇති සන්තෑසිය මදිද? මෙවැනි තනතුරු වලට යන්නට මේ පුද්ගලයින්ට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් තිබෙනවාද?  මේ ගජ මිතුරන් පවුල් පිටින් විදේශයන්හි ඉදිමින් කරන්නේ මොනවාද?

රටේ මහජන මුදලින නඩත්තු වන මෙවන් පිරිසකගෙන් අපට බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද?

රාජපක්ෂ ආන්ඩුව හුදකලා වී ඇති තරම පෙන්වන සිදුවීමක් පසුගියදා නිවියෝක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී සිදු වුණා. ඉතාම දරුණ මර්දනකාරී පාලනයක් ගෙන යන උතුරු කොරියාව සම්බන්ධ යෝජනාවක දී එහි සාමාජික රටවල් 193න් ශ්‍රී ලංකාව සමඟ එක පැත්තේ හිටියේ රටවල් 11ක් විතරයි.

ජනාධිපති රාජපක්ෂගේ අන්තර් ජාතික මිතුරන් කව්ද බලන්න. වැඩිම හරියක් අඥාදායකයින්, මේ ඉන්නේ ලැයිස්තුව රොබට් මුගාබේ ( සිම්බාබ්වේ) ,ලුකෂෙන්කෝ ( බෙලාරුස්), මස්වති රජු ( ස්වාසිලන්තය), ජෙනරල් තාන්ෂේ (බුරුමය), උක්රේනයේ කොටසක් බලයෙන් අල්ලා ගත් රුසියාවේ පූටින්. ඔක්කොටම වඩා චීනය. රාජපක්ෂ පාලනයට ලෝකයේ චීනය හැර වෙනත් රටක් නැති පාටයි. ඉන්දියාව සමඟ තිබූ යහපත් සබඳතා රාජපක්ෂ යටතේ විනාශ වුණා. නව ඉන්දීය ජනාධිපතිවරයා වන නරේන්ද්‍ර සිං මෝදි බලයට පත් වූ පසු ඉන්දියාවට නිල සංචාරයක යෙදීමට රාජපක්ෂ කැමැත්ත පළ කරා.

ඉන්දියාව සමඟ සබඳතා රාජපක්ස සමය මුළුල්ලේම පිරුහුණි
ඉන්දියාව සමඟ සබඳතා රාජපක්ස සමය මුළුල්ලේම පිරුහුණි

එත්  තවම  ඉන්දියාව රාජපක්ෂට ආරාධනයක් කර නැහැ. පසුගියදා ආරක්ෂක ලේකම් ගොඨාබය රාජපක්ෂ නවදිල්ලියට කැඳවූ ඉන්දීය ආන්ඩුව චීන යුද සබ්මැරීන් කොළඹ වරායේ නැංඟූරම් ලෑම ගැන අසතුට පළ කලා. ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙහි තමිල් නාඩු මහ ඇමැතිවරිය වූ ජයලලිතා ගැන පළ වූ අපහාසාත්මක ලිපියක් සම්බන්ධයෙන් අන්තිමේ දී ලංකාන්ඩුවට සමාව ඉල්ලන්න වුණා.
මේ කණගාටුදායක තත්ත්වයට අපේ ලංකාව පත් වී තිබෙන්නේ අපේ තානාපති සේවය විනාශ කල රාජපක්ෂ පාලනයේ අඥාන දූරදර්ශී පිළිවෙත් නිසා.

කාර්යක්ෂම විදේශ සේවයක් නොමැති වීම නිසා අපේ රටට සිදු වී ඇති තවත් වින්නැහියක් නම් යුරෝපා සංගමය ලබන ජනවාරියේ සිට අපේ රටේ මාලු මිල දී ගැනීම ප්‍රතික්ෂේප කිරීමයි. මාළු අපනයනය කරන ලොකයේ රටවල් අතරින් දෙවැනි විශාලම රට ලංකාවයි. 2013 වර්ෂයේ මාළු පිටරට යැවීමෙන් ලංකාවට යුරෝ මිලියන 74ක ආදායමක් ලැබුණා.

යුරෝපා සංගමයෙන් ලබා දී තිබූ ජීඑස්පී බදු සහනය ලබා ගැනීමට කටයුතු කරනු වෙනුවට පුරසාරම් දෙඩීම නිසා ඒ සහනය නැතුනේ 2010  අගෝස්තු මාසයේදි. එහි විපාකයක් විදිහට අද ලක්ෂයකට වඩා පිරිසකට නිදහස් වෙළද කලාපයේ රැකියා අහිමි වෙලා.

ජිනීවාහි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පිට පිටම වසර තුනකදී යෝජනා තුනක් සම්මත වුණා. අනිතිමේ දී අන්තර් ජාතික පරීක්ෂනයක් ද පිහිටවූවා. නිරවුල් සහ අවංක විදේශ ප්‍රතිපත්තියක් තිබුනා නම් අන්තර් ජාතික ප්‍රජාව සමඟ  සහයෝගයෙන් යුතුව යුද්ධ කාලින මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් නිසි පියවර ගෙන මෙම අවාසනාවන්ත තත්වය මඟ හරින්න තිබුණා.

මේ විදිහට අන්තර් ජාතික තලයේ හුදකලා වන විට රාජපක්ෂ ආන්ඩුව එයත් කොමිස් උල්පතක් බවට හරවා ගත්තා.

ලංකාවේ තානාපති සේවය පුස්සන්ගෙන් පුරවා  ඒ රාජපකාරිය කරන්න ඇමෙරිකානු සමාගම්වලට බාර දූන්නා.

2013 වසරේ මේ සඳහා ගෙවු මුදල දවසකට රුපියල් ලක්ෂ පහක්. ( සන්ඩේ ටයිම්ස් 2013 අප්‍රේල් 14).

ශ්‍රී ලංකා මහ බැංකුව ආන්ඩුව වෙනුවෙන් වසරකට රු. කෝටි සියයක කොන්ත්‍රාත්තුවක් ලිබර්ටි නම් ඇමෙරිකානු

සමාගමකට දුන්නා ශ්‍රී ලංකාවේ නම හදන්න. (සන්ඩේ ටයිම්ස් 2013 අගෝ 17).

2014 වන විට මෙවැනි ගිවිසුම් තුනක් ශ්‍රී ලංකාන්ඩුව අත්සන් කරා කෝටි  ප්‍රකෝටි ගණනින් ගෙවමින්. මෙම කොන්ත්‍රාත්තු පසුපස විශාල කොමිස් ජාවාරම් තිබෙන බවත් පුවත්පත් වාර්තා කලා.
රාජ්‍ය තාන්ත්‍රික සේවයට සිදුවී තවත් බරපතල හානියක් තමයි සිවිල් සේවයක් විය යුතු එය මිලිටරිකරය වීම. යුද හමුදා නිලධාරීන්ට සේවයෙන් පසු නිසි විශ්‍රාම වැටුපක් ලබා දෙනවා මිස ඔවුන්ගෙන් තානාපති සේවය පිරවීමක් ලෝකයේ වෙන්නේ නැහැ. යුද්ධ කිරීම සහ රාජ්‍ය තාන්ත්‍රික සේවය සහමුලින්ම වෙනස් පුහුණු අවශ්‍ය කරන සේවාවන් දෙකක්.  යුද නිලධාරීන්ට තානාපති සේවා ලබා දීම ඔවුන්ගේ පක්ෂපාතිත්වය දිනා ගැනීමට දෙන වරදානයක් මිස සැලකීමක් නොවෙයි.

රට     තානාපති සේවා තනතුර    නම    දරන ලද  තනතුර

පකිස්ථානය        මහ කොමසාරිස්    එයාර් මාර්ෂල් ජයලත් වීක්කොඩි    ගුවන් හමුදාපති
ඊශ්‍රාලය              තානාපති    එයාර් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා    ගුවන් හමුදාපති
ඉන්දුනිසියාව     තානාපති    මේජර් ජෙනරල් නන්ද මල්ලවාරච්චි    යුද හමුදා ප්‍රධාන මාන්ඩලික නිලධාරී
මලයාසියාව      නියෝජ්‍ය මහ කොමසාරිස්    මේජර් ජෙනරල් උදය පෙරේරා    යුද හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂක
ජර්මනිය           නියෝජ්‍ය තානාපති    මේජර් ජෙනරල් ජගත් ඩයස්    අණදෙන නිලධාරී, 57 සේනාංකය
එක්සත් ජාතීන්ගේ සංවිධානය    නියෝජ්‍ය නිත්‍ය නියෝජිත    මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා    අණ දෙන නිලධාරී, 58 සේනාංකය
ජපානය           තානාපති    අද්මිරාල් වසන්ත කරන්නාගොඩ    නාවික හමුදාපති
ඕස්ට්‍රේලියාව    තානාපති    අද්මිරාල් තිසර සමරසිංහ    නාවික හමුදාපති
ඉරිත්‍රියාව         තානාපති    මේජර් ජෙනරල් අමල් කරුනාසේකර    ප්‍රධානී, යුද හමුදා බුද්ධි අංශය-

– මූලාශ්‍රය: සන්ඩේ ලිඩර් 04 දෙසැම්බර් 2014

අද අපේ රට නියෝජනය කරන  වරු 49ගෙන් 11 දෙනෙක් හැරුණහම  අනෙක් 38 දෙනාම දේශපාලන ගැත්තන්. ඕස්ට්‍රේලියාවේ කැන්බරා මහ කොමසාරිස් කාර්යාලයේ 20 දෙනෙක් සේවය කරන අතර ඉන් 19ක් දෙනෙක්ම දේශපාලන පත්වීම් ලැබූ අය යි. අහෝ! රටකට ගිය කළ.

එපමණක් ද? පසුගියදා බ්‍රිතාන්‍ය යේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්ව සිටි දොස්තර නොනිස්ට රාජපක්ෂවාදී දේශපාලකයකු වන සජින්වාස් නිව්යෝක් නුවරදී පහර දුන්නා. අන්තිමේ දී ගුටි කෑ තානාපතිවරයාට  ගෙදර යන්න වුණා. නොනිස්ට එල් වූ ප්‍රහරයෙන් සහ ඉල්ලා අස්වීමට සිදුවීමෙන් පෙනන්නේ  දේශපාලන හෙචංයියකු වුවත් රාජපක්ෂවාදී මැර දේශපාලනඥයින්ට බියේ සිටිය යුතු බවයි.

ජනාධිපති රාජපක්ෂ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මහා මංඩලයේ සැසවාරයට සහභාගිවීමට යන විට සියයක් තරම් පිරිවරක් රැගෙන යනවා, ගුවන් යානයක් පුරවා ගෙන. අධික මිල ගෙවා සුඛෝපභෝගී වාහන 50ක් පමණ කුලියට ගන්නවා. 2010 දී පමණක් එම වියදම රුපියල් මිලියන 140ක් වූ බව පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් වුනා. අද වෙන කොට ඒ වියදම දෙගුණයක් වෙලා ඇති.

ඥති සංග්‍රහය, මිලිටරිකරණය, කොමිස් ජාවාරම යනාදී අව ක්‍රියා මගින් ශ්‍රී ලංකාවේ අන්තර් ජාතික ප්‍රතිරූපය විනාශ මුඛයට ගෙන ගිය රාජපක්ෂ පාලනය තව දුරටත්  තියා ගන්නවාද යන්න තව දුරටත් ප්‍රශ්නයක් නොවෙයි.

© SLB

Archive

Latest news

Related news