Thursday, April 18, 2024

විමල් විරවංශගේ මැරයින්ට ප්‍රහාරයක්; සේවකයනුත් බිලිදෙයි

(මැරයන් රකින පොලිසිය)

විමල් වීරවංශ ඇමතිවරයා මැරයින් පිරිසක් සහ අමාත්‍යාංශයට අයත් ආයතනවල සේවකයන් යොදවාගනිමින් එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදෙන මුවාවෙන් එම ගොඩනැගිලිවලට පහරදීම නිසා එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයින් පෙරලා පහරදී තිබේ. අද (24) දින සේවයට වාර්තා කළ එම සේවකයන් මෙවැනි ක්‍රියාවකට යොදාගැනීම පිළිබඳව එම සේවකයන්ගෙන්ම ඇමතිවරයාට බලවත් විරෝධයක් එල්ලවෙමින් තිබේ.

මෙහිදී දෙපිරිස අතර බෝතල් සහ ගල් ප්‍රහාර එල්ල කරගනිමින් පවතී. විමල් වීරවංශ ඇමතිවරයා මෙහෙයවන ජාතික සංවිධාන එකමුතුව විසින් මෛත්‍රී – රනිල් ගිවිසුමක් ඇතිය පවසමින් එයට එරෙහිව විරෝධතාවය පළ කරන මුවාවෙන් අමාත්‍යාංශ සේවකයන් යොදාගනිමින් සිරිකොතට මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.

ඒ ආසන්නයේ පොලීසිය රැඳී සිටින අතර ඔවුන්ට තත්වය පාලනය කර නොහැකි මට්ටමක පවතින බව වාර්තා‍ වේ.

මෙම විරෝධතාවය සඳහා GI8272 දරණ වෑන් රථයෙන් ඉංජිනේරූ සංස්ථාවේ සේවකයන් ප්‍රවාහනය කළ බව මේ වනවිට හෙළිදරුව් වී තිබේ

(පිනතූර සම කතාව ලංකා ට්රුත් අඩවියෙනි)

 

මෙහි රතුපාට රවුමෙන් දක්වා ඇත්තේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ විධායක සභිකයෙකු ලෙස කටයුතු කරන නිමල් චන්ද්‍රසිරි හෙවත් චන්දන නැමැත්තාය.
මෙහි රතුපාට රවුමෙන් දක්වා ඇත්තේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ විධායක සභිකයෙකු ලෙස කටයුතු කරන නිමල් චන්ද්‍රසිරි හෙවත් චන්දන නැමැත්තාය.
ප්‍රහාරයට පැමිණි තවත් අයෙක් පොලීසිය සමග පොල්ලක්ද අතැතිව
ප්‍රහාරයට පැමිණි තවත් අයෙක් පොලීසිය සමග පොල්ලක්ද අතැතිව
ජාතික නිදහස් පෙරමුණේ හෝමාගම නගරසභා මන්ත්‍රිනී ප්‍රියංගා කොතලාවල මහත්මියගේ සැමියා වන පී.ඒ. සරත් විජේසිංහ හෙවත් දම්පාල නැමැත්තා ප්‍රහාරට පැමිණ.
ජාතික නිදහස් පෙරමුණේ හෝමාගම නගරසභා මන්ත්‍රිනී ප්‍රියංගා කොතලාවල මහත්මියගේ සැමියා වන පී.ඒ. සරත් විජේසිංහ හෙවත් දම්පාල නැමැත්තා ප්‍රහාරට පැමිණ.

Archive

Latest news

Related news