Thursday, March 28, 2024

මහින්ද වින්තනය: ප්‍රායෝගික ඇත්තම පිටපත

(කර්තෘ අඥාතය)

මම ජය ලබන්නට නම්

  • විරුද්ධ පාර්ශවයට රැස්වීම් රැලි පවත්වමින් ජනතාව අතරට යන්නට ඉඩක් නොතබා රටේ සිය`ඵම පිට්ටනි සහ සභා ශාලා ක`ඵ සල්ලිකාරයින්ගේ මුදල් යොදා හෝ මගේ බලය යොදා හෝ ඡුන්දය නිම වනතුරු අවහිර කර තැබිය යුතුය.
    එය අපූරුවට සිදුකර තිබේ.
  • විරුද්ධ පාර්ශවයේ කටවුට්, පෝස්ටර් ගැලවියයුතුය. ඒවා අලවන්නන් බිය වද්දා පලවාහැරිය යුතුය. මට කිසිම ලජ්ජාවක් හිරිකිතයක් නොදැනෙන බැවින්, මට සදාචාරයක හෝ චර්යාධර්මයක හැඟීම් නොදැනෙන බැවින්, මගේ දැවැන්ත කටවුට් සහ ප‍්‍රදර්ශන පුවරු පමණක් සෑම තැනම, වෙනකක් තබා අධිවේගී මාර්ගවල පවා ප‍්‍රදර්ශනය කළයුතුය. උන්ගේ මහජන රැලි වේදිකා, ආම්පන්න සහ රථවාහණ ගිනිතැබිය යුතුය. (එසේ කළ පසු වරදකරුවන් නීතියේ රැහැනට හසුකරණ ලෙස මම නියෝගයක් ලෙෂ ප‍්‍රකාශ කරමි. එහෙත් මගේ අණ ඉටු කළ හිතවත් වරදකරුවන් බිය විය යුතු නැත. මම එසේ ප‍්‍රකාශ කරන්නේ බොරුවටය.)

මෙයද දැන් සිදු වෙමින් පවතී.

  • රටේ සියළුම මාධ්‍ය ආයතන හීලෑ කරගත යුතුය. මැතිවරණයේදී විරුද්ධ පාර්ශවයට ප‍්‍රසිද්ධිය ලබා දීමේ සාධාරණ මාධ්‍ය භාවිතය නවත්වා මගේ ජයග‍්‍රහණය සඳහා පමණක් ප‍්‍රසිද්ධිය ලබා ගැනීමට ඔවුන් බිය වැද්දිය යුතුය. සියළුම ගුවන්විදුලි හා රූපවාහිනි නාලිකා මගේ මැතිවරණ ප‍්‍රචාරයට පමණක් ප‍්‍රමුඛත්වය දිය යුතුය. මා අණ කරණ ප‍්‍රවෘත්ති පමණක් පළ කළ යුතුය. එසේ නොකලොත් ඔවුන්ට වර්ෂයක් පාසා ලබා දෙන බලපත‍්‍රය අහෝසි කරණ බවට ඔවුන් බියවද්දා අපට අවශ්‍ය දෑ පමණක් ප‍්‍රචාරය කරවා ගත යුතුය. මෙසේ කිරීමේ කාර්යය අපේ රටේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බේරියා ගොබෙල්ස්ට භාර කළ යුතුය. (ඔහු ස්ටාලින් හිට්ලර්ගේ ගෝලයෙකි)
    එය දැන් ඉතා සාර්ථකව සිදු වේ.
  • විරුද්ධ පාර්ශවයට සහාය දක්වන සමාජ කි‍්‍රයාධරයින් සහ ප‍්‍රවීණ කලාකරුවන් ඇතුළු සියළු දෙනාගේම චරිත ඝාතනය වන සේ නොකළ සහ නොසිදු වූ දේවල් මවා පාමින් ඔවුන්ට මඩ ගැසිය යුතු අතර ඒ සඳහා වාචාල විමල්ගේ වෙබ් අඩවිය භාවිතා කිරීමට ප‍්‍රමුඛත්ථානය දිය යුතුය.
    මෙය කිසිම හිරිකිතයක් නැතිව සිදු කරයි.mahinda rajapaksa and his ministers1
  • මගේ රැලිවලට මිනිසුන් රැස් වන්නේ නැති බැවින් මහජන මුදල් වියදම් කර ලංගම බස් රථ සහ මට හිතවත් පෞද්ගලික බස් කොම්පැණිකාරයින්ගේ බස් යොදවා පිට පළාත්වලින් සෙනඟ රැුස් කළ යුතුය. මිනිසුන් බස්රථවලට නගින්නට මැලි නම් ඔවුන් බියවැද්දිය යුතුය. අපෙන් රැකියා ලබාගත් රජයේ සේවකයින් ඒ සඳහා පෙළඹිය යුතුය. ඒවාට තරුණ තරුණියන් එවන ලෙසට ඇඟලූම් කම්හල් හිමියන්ට බල කළ යුතුය. මට වඩා ගන්නට පහසු වන සේ කුඩාදරුවන් සමඟ අම්මලා සහ මා සිපගත හැකි වන සේ වයසක අම්මලා මම යන මගට ළං කර රඳවා තැබිය යුතුය.
    මෙයද කදිමට ඉටු වේ.
  • මගේ ජයග‍්‍රහණය වෙනුවෙන් සිය`ඵ රාජ්‍ය ආයතනවල මුදල්හදල්, වාහණ හා සේවකයින් යෙදවිය යුතුය.
    මෙයද කදිමට ඉටුවේ.
  • මගේ ජයග‍්‍රහණය පතා මා වෙනුවෙන් ප‍්‍රශස්ති ගැයීමට මගේ වන්දිභට්ට කලාකරුවන් යෙදවිය යුතුය. මගේ මන්දිරයට ඔවුන් කැඳවා රස මසවුලෙන් සහ මධුපානයෙන් ඔවුන් මත් කළ යුතුය. කලා ක්ෂේත‍්‍රය දියුණු කිරීම අමතක කර මොවුන්ගෙන් සමහරුන්ට පොලී නැති වාහණ ණය, ඉඩකඩම් හා නිවාස, තානාන්තර, වරදාන සහ සම්මාන ලබා දී ඇති බැවින් ඔවුන් අඳබාල දීනයින් සේ මට සහාය දක්වන බවට මට සහතිකය. මේ වරදාන දීමෙන් කලා කෙත දියුණු වේයැයි සිතන්නට තරම් මොවුන් දුර නොදකින අමන රැළක් බවද මම හොඳාකාරව දනිමි. මේ කටයුත්තේ ප‍්‍රමුඛස්ථානය ජැක්පොට්ට සහ ඩයබිටික් සුදු අවතාරයට බාර කරමි. ඔවුන් හැකි තරම් මගේ පාලනයෙන් ලාභ උපයාගෙන තිබෙන බැවින් ඔවුන්ට මෙය මග හැරිය නොහැකිය.
    මේ මජර කලා වන්දිභට්ටයින්ගෙන් ලැබෙන සහාය ගැන මට කිසිම සැකයක් නැත.
  • එසේ කළේ නැත්නම් මට අත් වන්නේ පරාජයකි. එමෙන්ම
    මම යුද්ධය ජයග‍්‍රහණය කර වූ බව විපක්ෂයෙන් අභියෝග එල්ල වන හැම අවස්ථාවකම ජනතාවට මතක් කළෙමි. එමෙන්ම, ජීවිත පරිත්‍යාගයෙන් යුද්ධය ජයග‍්‍රහණය කරා මෙහෙය වූ ජනරාල් සරත් ෆොන්සේකාට මා කළ ද්‍රෝහීකමද ජනතාව දනී. යුද්ධය ජයග‍්‍රහණය කළ පසු රට සංවර්ධනය කිරීමේ මුවාවෙන් මගේ රෙජීමය යටතේ සිදු වූ සිය`ඵ දූෂණයන්ද ජනතාව දනී. මංමාවත් සෑදීම, නගර අලංකරණය, අ`ඵත් ගොඩනැගිලි ඉදිරීම ආදියෙන් පමණක් රට සංවර්ධනය නොවන බව ජනතාව දනී. නමුත්, එසේ කරමින් රට සංවර්ධනය කළ බව ජනතාවගේ සිත්වලට කා වැද්දීමට මම සෑම මාධ්‍යයක්ම භාවිතා කළෙමි. දැනුදු එය කරමින් සිටිමි.

මගේ පවුල අද ලංකාවේ ජීවත් වන අසීමිත නිදහසක් බුක්ති විඳින එකම පවුලයි. මගේ සහෝදරවරුන්ද එසේමය. අපේ පවුල ලෝකයේ ප‍්‍රධානම ධනවතුන් අතරට ගැනෙන ප‍්‍රබල පවුලකි. මගේ         පුතා       ලෝකයේම සිටින ධනවත්ම ලාබාලයෙකි. මගේ සහෝදරවරුන්ද එසේමය. සොච්චමක් ඇතිව දේශපාලනයට පැමිණි මමත්, මගේ සහෝදර ආදී නෑදෑයෝත් මේ තත්වයට ආවේ කෙසේදැයි කිසිවෙක්  දැනගත යුතු නැත. විමසිය යුතුද නැත.

 

  • මා පමණක් නොවේ මා වටා සිටින මැති ඇමතිවරුන්ගේ සිට ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර දක්වා සිය`ඵම දේශපාලකයින්ට කොමිස් ගැහිලි, දූෂණ, පගා ගැනීම්, වංචා සහ හොර මගඩි කරන්නට මම ඉඩ හැර ඇත්තෙමි. කන්න බත්පත නැතිව දේශපාලනයට පැමිණි, ලොතරැුයි කරත්තවල ස්විප් විකුණූ උන් පවා අද මගෙන් ඇමතිකම් ගෙන කෝටිපතියන් බවට පත් වී සිටිති. කුඩුකාරයින්, පාතාලයින් සහ ස්තී‍්‍ර දූෂකයින් මගේ දේශපාලන කරලියේ පිනුම් ගසති. මගේ බලය රඳවා ගැනීමට ඔවුන් ලොකු මූල ධනයක් සපයා දෙයි. අසරණ ජනතාවගේ ඡුන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණ විරුද්ධ පාර්ශවයේ සිටි එවුන් කෝටි ගණන් ගෙවා මම මගේ පැත්තට ගෙන මන්තී‍්‍ර ධූරයේ ගරුත්වය සූදු කෙළියක යොදා ගත්තෙමි. රාජ්‍ය සහ සංස්ථා නිළධාරීන්ට සිය`ඵ දූෂණයන්හි යෙදෙන්නට මම නිදහස දුන්නෙමි. මා පරාජය වුවහොත් ඔවුන්ටද යන එන මං නැතිවනු ඇත. මාද ඇතු`ඵ ඒ සියල්ලන්ගේම කුණු ගඳගහන ඉතිහාසය මා පරාජය වුවහොත් හෙළිදරව් වනු ඇත. මේ නිසා මගේ ඒ දූෂිත බලසේනාව මා ජයග‍්‍රහණය කරවා තමන්ද රැුකෙන්නට අවශ්‍ය හැම ආකාරයකම ජන්ද දූෂණවල මම යොදවමි.
  • සියළු වාමාංශික නායකයින් මගේ සපත්තු පොලිෂ් රසය හොඳින් දනිති. ඉතින් මා බිය විය යුත්තේ කාටද? ජනතාවටද? නැත.
  • මේවා මගේ මහින්ද චින්තනයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයදැයි ජනතාව මගෙන් ප‍්‍රශ්න කරනු ඇත. වාචාල විමල් නමැති මගේ බත් බැලයා සිටින්නේ එ්වාට පිළිතුරු දීම සඳහාය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුවාවෙන් ජනතාවට සියල්ල නැත්ත ඇත්ත කර පෙන්විය හැක්කේ ඔහුටය. ජැක්පොට් සහ ඩයබිටික් අවතාරය ඇතුළු වන්දිභට්ට කලාකරුවන්ටද එය මා වෙනුවෙන් කරනු ඇත.

 

මාගේ රට වැසියනි.
තොපි මගේ දෙපා මුලම හිටපල්ලා!
තොපේ පිටකොඳු නැවී තිබෙන තාක් කල් මම තොපේ ස්වාමියා වෙමි.
මජර වර්තමානයෙන් කුණු ගඳ හමන අනාගතයකට මම තොපි රැගෙන යමි.
මට ජයවේවා!

 

Archive

Latest news

Related news