Friday, March 29, 2024

හම්බන්තොට වැනි ප්‍රහාර වැළැක්විමට අවදියෙන් සිටිමු – කිිතුණු සහයෝගිතා ව්‍යපාරය

( ජයතිලක බන්ඩාර වියරුවට එරෙහිව)

පසු ගිය 21 වෙනිදා හම්බන්තොටදී ජේෂ්ඨ මාධ්‍යවේදී ජයතිලක බණ්ඩාර ඇතුළු ”වීදියේ විරෝධය” කණ්ඩායම පහර කෑමට ලක්වූ බව මාධ්‍ය මගින් අපි දැනුවත් වීමු.

මාධ්‍ය තොරතුරු අනුව එම පහරදිම සිදු කර ඇත්තේ හම්බන්තොට නගරාධිපති එරාජ් ප‍්‍රනාන්දු විසින් නායකත්වය සපයා ඇති මැර කණ්ඩායමක් විසිනි.

එම කණ්ඩායමට තමන්ගේ දේශපාලන මත ප‍්‍රකාශකිරීමට සම්පූර්ණ නිදහස ඇති බවත් එම නිදහස ආරක්ෂාකිරීමේ වගකීම දැරිය යුත්තේ රජය විසින් බව කිතුණු සහයෝගීතා ව්‍යාපාරයේ අපි විශ්වාස කරමු. කනගාටුවට කරුණ නම් එම අයිතිය උදුරාගෙන ඇත්තේ රජය නියෝජනය කරන පලාතේ දේශපාලඥයින් විසින්ම විමයි. මෙම නගරාධිපති වරයා මිට කලින්ද මෙවැනිම ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවකට සම්බන්ධවු බව මාධ්‍ය වාර්ථා කර තිබුනි. එවැනි සිද්ධීන් මගින් ඔහු දෙන පණිවුඩය වන්නේ හම්බන්තොට පවතින්නේ වෙනම රාජ්‍යයක් බවද සහ රටේ නිතිය එහි නොපවතින බවදැයි ප‍්‍රශ්ණ කිරීමට අපි කැමැත්තෙමු. කෙනෙක් තව කෙනෙකුගේ දේශපාලන අදහස් සමග එකග නොවීමට පිළිවන. නමුත් අනික් පුද්ගලයාට තමාගේ අදහස් රටේ  ඕනෑම තැනකදී නිදහසේ ප‍්‍රකාශකිරීමට පූර්ණ අයිතියක් තිබිය යුතුය. එම අයිතිය අභ්‍යස කිරීම වැලක්වීමට දේශපාලඥයින්ට කිසිවිටක නිදහසක් හෝ බලයක් නොමැත. මෙම නිති විරෝධී සිද්ධිය පිළිබදව වගකිව යුත්තන් සාධාරණ පරීක්ෂණයක් පවත්වා වරද කරුවන් නිතිය ඉදිරියට ගෙන එයිද යන ප‍්‍රශ්ණය අප ඉදිරියේ ඇත.

මෙම සිදධිය මෙම රජය යටතේ නීතිය හා සාමය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙරට නොමැති බව හුවා දක්වන තවත් අවස්ථාවකි.

එබැවින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරුකරන පුරවැසියන් වන අපි බලධාරීන් ගෙන් තරයේ ඉල්ලා සිටින්නේ දේශපාලන හිතවතුන් කෙරෙහි විශේෂ සැලකිලි නොදක්වා නීතිය ඉටු කරන ලෙසය. පොලීසිය එම වගකීම ඉටු කරයිද?
කිිතුණු සහයෝගීතා ව්‍යපාරය ද මෙම පහර දිම තරයේ හෙලා දකිමින් වගකිව යුතු ආයතනවලින් ඉල්ලා සිටින්නේ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන් නිතිය ඉදිරියට ගෙන එන ලෙසය.

තවද මානව හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරුකරන සියළු අයගෙන් මෙම කලාකරුවන් වෙත එල්ලවූ අමානුෂික ප‍්‍රහාරය හෙලා දකින්නයි අපි ඉල්ලා සිටින අතර සියළු රට වැසියන් විශේෂවූ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතියක් අභ්‍යාස කරන මෙවන් තීරණාත්මක මොහොතකදී මෙවැනි පහරදීම් තව තවත් ඉදිරියෙදී සිදුවීම වලක්වා ගැනීම අත්‍යවශ්‍ය බැවින් අවදිව සිටින්නයි ඉල්ලා සිටිමු.
කිිතුණු සහයෝගිතා ව්‍යපාරය
281, ඞීන්ස් පාර, මරදාන.

Archive

Latest news

Related news