Saturday, April 20, 2024

වම පොදු අපේක්ෂක මෛත්‍රීට සහාය දිය යුත්තේ ඇයි? – වමේ කෙන්ද්‍රය

(ඇන්. ඇමි. පෙරේරා: නිදහස සඳහා ආසාව නොසංසිදෙන ලැදියවකි)

‘වම ඇරඹු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලය පෙරටම’-

වමේ ව්‍යාපාරය මෙරට ජනතාවගේ දේශපාලන ක‍්‍රියාකාරීත්වය උද්දීපනය කල මහජන ව්‍යාපාරයයි. ඉංග‍්‍රීසි පාලනයටත්, රදළ ප‍්‍රභූන්ටත්, ධනපති පංතියටත් එරෙහිව සටන් වැදුණු වමේ ව්‍යාපාරය ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස හා සාධාරණත්වය සිය දේශපාලනයේ පරමාදර්ශයන් ලෙස හැමවිටම සැලකීය. ජනතාව දේශපාලන ක‍්‍රියාකාරීත්වය තුල බැබලෙමින් ඇති ආකාරය ගැන සම සමාජයට වසර 25 ක් පිරුනු විටද දැඩි සොම්නසකින් කතා කල ඇන්. ඇම්. පෙරේරා සහෝරයා, දේශපාලන ‘ඇබිත්තයන්’ බිහිකරන විධායක ජනාධිපති ක‍්‍රමය මෙරට දේශපාලන ප‍්‍රපාතයකට ඇදගෙන යන බව 1977 දී දොම්නසකින් කතා කළේය. වමේ ව්‍යාපාරය ආරම්භකළ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලය’ අවසන්ව නැතැයි විධායක ජනාධිපති ධුරය හඳුන්වාදීමත් සමඟ කොල්වින් සහෝදරයා ප‍්‍රකාශ කළේ, ඉදිරියටත් වම හමුවේ ඇති අභියෝගය කල්තියාම හඳුනාගත් නිසා ය. වම හැමවිටම ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන මාවත පිළිගත් නිසාම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන මැදිහත්වීම කෙරෙහි විශ්වාස තැබිණ. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එක්ව කටයුතු කරන්නේ, එම ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැදිහත්වීම පිළිගත් නිසා වන අතරම, ඉන් සමාජ සාධාරණත්වය වඩා අර්ථවත් කිරීමට පුළුල් මහජන ක‍්‍රියාකාරිත්වයට යාම පිළිබඳව විශ්වාස තබමින්ය. කෙසේවුවත් වම, ශ‍්‍රී. ල. නි. ප. සමඟ කටයුතු කළේ, සභාග ආණ්ඩුව තුල නියෝජිතයන් ලෙස පෙනීසිටීමට පමණත් නොව සමාජ සාධාරණත්වය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් භූමිකාවක් ඉටුකිරීමටය. පාර්ලිමේන්තු ක‍්‍රමය තුල දේශපාලන නියෝජිතයන්ට අමාත්‍යවරුන් ලෙස භූමිකාවක් ඉටුකළ හැකි වුවත්, ඇන්. ඇම්. සහෝදරයා දුටු පරිදිම විධායක ජනාධිපති ක‍්‍රමය යටතේ අමාත්‍යවරුන් හුදෙක්ම විධායක ජනාධිපතිගේ ‘ඇබිත්තයන්’ පමණි. අද වමේ නායකයන් මුහුණ දී ඇත්තේ ඒ ඉරණමටය. වමේ වර්තමාන නායකයින් තම දේශපාලන ලියවිලි වලින් තමන් මුහුණ දී ඇති අසරණ තත්ත්වය නිතර හෙළිදරව් කර ඇත. වර්තමාන රාජපක්‍ෂ පාලනය, ආණ්ඩුවක් නොව පවුලක පාලනයක්ය යන්න ඔවුන්ගේ දේශපාලන වාර්තාවලින් පුන පුනා ප‍්‍රකාශ කරයි. මුදල් පාලනය සම්පුර්ණයෙන්ම පාලක පවුල අතට ගනිමින්, සියළු අමාත්‍යවරුන් පාලක පවුලේ අනුකම්පාවට යමක් ලබාගත යුතු දේශපාලන යාචකයන් බවට පත්කර ඇතැයි වමේ නායකයන්ද පිළිගනියි. අල්ලස, දුෂණය ඉහවහා ගොස්, රාජපක්‍ෂ පවුල පාලනය කරන එයාර් ලංකා සමාගම හා මිහින් එයාර් සමාගම අධික පාඩු ලබන ආයතන බව හෙළිදරව් කළේ කොමියුනිස්ට් පක්‍ෂයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් ‘කොප්’ වාර්තාවෙන්ය. තමා සභාපතිත්වය දැරූ සර්ව පාක්‍ෂික කමිටුවේ වාර්තාව පිළිනොගත්තා පමණක් නොව එය තමන්ට ලැබුණු බව වත් ජනාධිපතිඇන්.ඇම්වරයා ප‍්‍රකාශ නොකළ බව සම සමාජ පක්‍ෂයේ නායකයා පිලිගනියි. එපමණක් නොව ඉදිරියේ රාජපක්‍ෂ පවුල් පාලනය, රට ඒකාධිපති පැසිස්ට් පාලනයක් දක්වා ගෙන යනු ඇතැයිද පිලිගනියි.

මේ සියළු කරුණු සලකන කල්හි විධායක ජනාධිපති ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැදිහත්වීමකට කිසිඳු ඉඩක් නොදෙන අතර, විශේෂයෙන්ම වර්තමාන පාලනය

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ කිසිඳු විශ්වාසයක් නොමැති රාජාණ්ඩු පාලනයක් යන්න තහවුරු කර ඇත. එවන් පාලනයක් සර්ව අධිකාරි පාලනයක් බවට පත්වනු

ඇතැයි අනුමාන කිරීම වරදක් නොවේ. ‘ලෝකය වැඩියෙන්ම දියුණු කළේ ඒකාධිපති පාලකයන් යැයි’ ඇස්්. බී. දිසානායක වැනි අමාත්‍යවරුන් නොබියව

ප‍්‍රකාශ කරන්නේ ඉදිරියේ අපට එවන් පාලනයක් ඇතිවුවද ඉවසා සිටිය යුතුයැයි හඟවමින්ය.

රාජපක්‍ෂ පවුල හා බහුජාතික සමාගම් හා මහා පරිමාණයේ ජාත්‍යන්තර ව්‍යාපාරිකයන් අතර ඇති සමීප සම්බන්ධයෙන්ම වර්තමාන පාලනයේ ඇති ඊනියා අධිරාජ්‍ය විරෝධය ජනතාව මුලාකරන සටන් පාඨයක් බව අවබෝධ කරගත හැක. කොළඹ නගරය ඇතුළු රටේ විවිධ පළාත්වල ඇති වටිනා ඉඩම් අල්ලා ගනිමින් පවරා දෙන්නේ ජේම්ස් පැකර් වැනි ජාත්‍යන්තර සුදු අන්තුවන්ට බව අද සියළුදෙනා දන්නා කරුණක්ය. එමෙන්ම ලෝකයේ අපකීර්තියට පත් බහු ජාතික සමාගම්වලට ඉඩම් පවරාදෙමින්, එම සමාගම් සමඟ ගිවිසුම් ගසා ඇත්තේ රාජපක්‍ෂ පවුල බව සියල්ලන් දැනගත යුතුය. බහුජාතික ඖෂධ සමාගම් හා දුම්කොළ සමාගමේ බලපෑමට බිබිලේ ඖෂධ ප‍්‍රතිපත්තිය හා දුම්වැටි අනතුරු හැඟවීමේ නිවේදන හකුලා ගත්තේ රාජපක්‍ෂ පවුල බව කාටත් රහසක්ද? ජාත්‍යන්තරයට ආඩපාලි කියන රාජපක්‍ෂ පවුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කරමින්, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය සීමාකිරීමට කටයුතු කළ බව අද ජනතාව හොඳින් දනී. ජාත්‍යන්තරය සමඟ ඇති මේ සියළු ‘රහස් ගිවිසුම්’ හා සබඳතාවයන් හුදෙක්ම රාජපක්‍ෂ පවුල අත තබාගනිමින් ඒවා කිසි කෙනෙකුට ප‍්‍රශ්ණ කළ නොහැකි කාරණා බවට පත්කර ඇත.

මේ ආකාරයට ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයක් ගෙනයමින්, රටේ සියළු ප‍්‍රජාතන්ත‍්‍රවාදි ආයතන තම ග‍්‍රහණයට ගෙන ඇති විධායක ජනාධිපති ක‍්‍රමය, වර්තමානයේ එහි ඉතා නරක අන්තයට ගමන් කරමින් රට තුල රාජ පවුල්වාදයක් ඇති කරමින්, වමේ ව්‍යාපාරය සිය දීර්ඝ ඉතිහාසය තුල ගොඩනැඟු ප‍්‍රජාතන්ත‍්‍රවාදි සම්ප‍්‍රදාය සමතලා කරමින් ඇත. ‘පවුල් පාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදි ලෝකයට නොගැලපෙන, නොදියුණු දේශපාලන ක‍්‍රමයක්’ යැයි ගම්මුලාදෑනි ක‍්‍රමයට විරුද්ධව 1936 දී ව්‍යවස්ථාදායක සභාවේ කතාකළ ඇන්. ඇම්. සහෝදරයා, 1977 දී විධායක ජනාධිපති ක‍්‍රමයද එසේම රට තුල පසුගාමී දේශපාලන ‘ඇබිත්තයන්’ බිහිිකරන ක‍්‍රමයක් යැයි පෙන්වාදී ඇත. 1936 දී ගම්මුලාදෑනි ක‍්‍රමය අහෝසි කිරීමට සටන් කල දේශපාලන සාධකයත් 1977 විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතු දේශපාලන සාධකයක් අතර වෙනසක් නැත. ඒ දෙකටම පොදු සාධකය ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයට’ වමේ අපි තුල ඇති කැමැත්ත හා පිළිගැනීමයි. ඒ නිසා අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගින්නක් සේ ඇවිලෙමින් ඇති මොහොතක, එය පුපුරුවා හරිමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මාවත විවෘත කරගැනීමට වම පෙරමුණ ගත යුතු නොවේද? එසේ නැතුව විධායක ජනාධිපති හා ඔහුුගේ පවුලේ අනුකම්පාවෙන්, ලැබෙන දෙයකින් සතුටුවන ‘ඇබිත්තයන්’ සේ සිටිමුද? රාජපක්‍ෂ පවුල රකින වමේ නිල නායකත්වය ඇබිත්තයන් ලෙස සිටියද දේශපාලනය අත්්නොහරින අති බහුතරයක් වූ වමේ පක්‍ෂ සාමාජිකත්වය වර්තමාන රාජපවුල පෙරළා දැමීමට පෙරමුණ ගෙන සිටියිx

”සම සමාජයේ අපට සුව නොවන රෝගයක් ඇත. ඒ ‘නිදහස’ වෙනුවෙන් සටන් කරන්න තියෙන නොසින්සිඳුනු ආශාවයි…” 1970, සම සමාජ තරුණ සමිති සමුළුව අමතමින් ඇන්. ඇම්. පෙරේරා සහෝදරයා කළ ප‍්‍රකාශය ඔබට මතක් කර සිටිමු.

සටන් කරමු, රාජපක්‍ෂ ‘රජ පවුලෙන්’ අපේ සමාජය නිදහස් කරගැනීමට!
රොක්වෙමු මෛත‍්‍රීපාල සිරිසේන සමගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පළමු පියවර තබන්න!

වමේ කේන්ද්‍රය

Archive

Latest news

Related news