Thursday, April 25, 2024

රාජපක්ෂ මංගල රුළියට කෝටියක වියදමින් අ,පුර ක්‍රීඩාංගනය කොන්ක්‍රීට් කර වනසයි.

අනුරාධපුර මහජන ක්‍රීඩාංගණ සංකීර්ණයේ පාපන්දු, ක්‍රිකට්, එල්ලේ ක්‍රීඩා සඳහා යොදා ගැනෙන ක්‍රීඩා පිටිය  ජනාධීපති රාජපක්ෂගේ මංගල ජනාධිපතිවරණ රුළිය පැවැත්වීම සඳහා දැන් කොන්ක්‍රීට් අතුරමින් තිබේ. ප්‍රථමයෙන් කළු ගල් තටුටුවකක් අතුරා ඒ මත කොන්ක්‍රීට් දැමීම සඳහා යන වියදම රුපියල් කෝටියක් පනිනු ඇතැයි වාර්තා වේ.

මෙසේ මහජන ක්‍රීඩාංගනයක් මහජනයාගේම මුදලින් විනාශ කරන්නේ රාජපක්ෂ රුළිය දා වැස්සක් කඩාවැටී පිිය මඩ වි මඩ නා ගැනිමට වනු ඇතැයි බියෙනි.  මේ සඳහා වැය කරන්නේ පළාත් සභාවේ මුදල් ය.

මෙම අමනෝඥ ක1ියාව නර කර සිය ක්‍රීඩංගනය බේරා ගැනිමට අනුරාධපුර ක්‍රීඩා සංගම් දරන ලද තැත දේශපාලන බලධාරින් විසින් ඉවත් දමා තිබේ.

ජනාධිපති රාජපක්ෂගේ මංගල රුළිය මෙම ක්‍රීඩංගනයේ පැවැත්වෙන්නේ ලබන 11වන දා ය.

මෙවැනි අපරාධයක් මෙයට පෙර මෙම ක්‍රීඩංගනයට සිදුව නැතැයි අනුරාධපුර විපක්ෂ ක්‍රියාකාරිකයකු අප වෙබ් අඩවියට පැවැසී ය.  මෙවැනි අත්තනෝමතික ක්‍රියා අසන්නට ලැබෙන්නේ අඥාන රජවරුන්ගේ කාලයන්හි දි මිස ප්‍රජාතන්ත්‍රවාදී රටවල නොව් යැයි ද හෙතෙම පැවැසී ය.

මෙම ක්‍රිඩංගනය යළි පැරණි තත්වයටම ගැනීමට තවක් රුපියල් කොට්යක්වත් වියදම් වනු ඇතැයි ද ඔහු පැවැසීය.

© SLB

 

Archive

Latest news

Related news