Thursday, May 2, 2024

විධායක ජනාධිපතිධුරය පෙරලන ගිවිසුමට පක්ෂ හා සිවිල් සංවිධාන 37යි. ගණනාවක් නිහඩ යි .

( පොදු අපේක්ෂක මංගල රැළීය: පොළොන්නරැවට ගැලූ ජන ගග)

රාජපක්ෂ පරාජය කිරිමේ අවබෝධතා ගිවිසුමට දෙසැම්බර් 01 දින අත්සන් කල දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ලැයිස්තුව පහත දැක්වේ.

ජාතික හෙළ උරැමය ඊට අත්සන් කරන ලද්දේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසෙහි දී ය

ඉදිරියෙහි දී තවත් සංවිධාන සම මංත්‍රීවරුන් ගනනාවක්ම ඊට අත්සන් කරනු ඇතැයි තතුදත් ආරංචි මාර්ග දක්වයි.

අද දින අත්සන් කරන ලද සංවිධාන අතර දිප්ති ගුණරත්න මහතා නායකත්වය දරන පෙරටුගාමී පක්ෂය, බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා නායකත්වය දරන රයිට් ටු ලයිප් සංවි‍ධානය. නීතිඥ සුදර්ශන ගැණවර්ධන නායකත්වය දරන රයිට්ස් නව් සංවිධානය, ප්‍රෙඩී ගමගේ මහතා නායකත්වය දරන වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය. මන්දනා ස්මයිල් මහත්මිය නායකත්වය දරන ජනමාධ්‍යවේදින්ගේ වාත්තිය සමිතිය, සමන් වගආරච්චි මහතා නායකත්වය දරන මාධ්‍ය එකමුතුව නොමැතිවීම කැපි පෙනෙයි. මෙම අත්සන් නොකළ සංවිධාන දරණ මතය කුමක්දැයි දැනගැනීමට නොහැකි විය.

අත්සන් කරන ලද සිවිල් ක්‍රියාකාරින් අතර කෙලි සේනානායක, සුනිල් ජයසේකර, හර්මන් කුමාර, ගාමිනී වියන්ගොඩ, සහ සමන් රත්නප්‍රිය ද වෙති.

  1. විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා,
  2. එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා
  3. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය
  4. ප්‍රජාත්‍රන්තවාදි පක්ෂයේ නායක සරත් ෆොන්සේකා
  5. ජාතික හෙළ උරැමය
  6. පා;ම. අර්ජුන රණතුංග
  7. පා.ම. රාජිත සේනාරත්න
  8. පා.ම. එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන
  9. සාධාරණ සමාජයක් සදහා ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු පුජ්‍ය මාදුථවාවේ සෝභිත හිමි
  10. ප්‍රජාත්‍රන්තවාදී ජනතා පෙරමුණ නායක මනෝ ගනේෂන්
  11. මිනිස් බලය සංවිධානයේ කමල් පෙරේරා
  12. මවුබිම ජනතා පක්ෂයේ නායක හේමකුමාර නානායක්කාර
  13. ජාතික සමගි පෙරමුණ නායක අසාද් සාලි
  14. වමේ කේන්දයහි කීර්ති කාරියවසම්
  15. සම සමාජ පක්ෂයේ විකල්ප කණ්ඩායම නීතීඥ ලාල් විජේනායක
  16. කොමියුනිස්ට් පක්ෂ විකල්ප කණ්ඩායමහි රාජා උස්වැටකෙයියාව
  17. නව සිහල උරුමය නායක සරත් මනමේන්ද්‍ර
  18. පළමු පෙරමුණ වෙනුවෙන් නන්දන ගුණතිලක
  19. අපේ ජාතික පෙරමුණ සේනක සිල්වා
  20. රුහුණු ජනතා පක්ෂයේ නායක අරුණ සොයිසා
  21. එක්සත් ජනතා පෙරමුණ නායක සිරිමල්සිරි හපුආරච්චි
  22. යහපාලනය සදහා ජාතික ව්‍යාපාරයේ නජාබ් මොහොමඩ්
  23. ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයේ රීඩ් ෂෙල්ටන් පියතුමා
  24. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරු සුනිල් ජයසේකර
  25. සාධාරණ සමාජයක් සදහා වෟත්තීය සමිති ව්‍යාපාරයේ සමන් රත්නප්‍රිය
  26. ප්‍රජාත්‍රන්තවාදී ජනතා ව්‍යාපාරයේ ලේකම් කෙලී සේනානායක
  27. ලිබරල් පක්ෂයේ ලේම් ආරියවංශ දිසානායක
  28. පුරවැසි බලය සංවිධානයේ ගාමිණි වියන්ගොඩ
  29. නීතීඥ එකමුතුවේ චන්ද්‍රපාල කුමාරගේ
  30. 77 සංවිධානයේ සමරවීර වීරවන්නි
  31. ප්‍රජාත්‍රන්තවාදී ජාතික පෙරමුණ නායක කුමාර් ගුරුබරන්
  32. නව කම්කරු පෙරමුණ නියක තුරෙයි රත්නම්
  33. විජය චින්තනයේ අසේල ජයනාත්
  34. හිටපු මහජන මන්ත්‍රි සන්සදය අනුර බැස්ටියන්
  35. ජාතික එක්සත් පෙරමුණ නායක එස්එච් සුබායීර්
  36. ජාතික ධීවර සහයෝගීතානයහි හර්මන් කුමාර
  37. ප්‍රගතිශීලී ගොවි සම්මේලනයේ කවුඩුල්ලේ ජයතිස්ස
  38. ආණ්ඩුවේ කම්කරු සම්මේලනයේ සභාපති ඩීඑම්ඩී අබේරත්න
  39. පුද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනයේ සභාපති ගැමුණු විජේරත්න
  40. ප්‍රජාත්‍රන්තවාදය හා යහපාලනය සදහා ජාතික මධ්‍යස්ථානයේ ඒ.එච්.එම්. කුරුප්පු
  41. සාධාරණ සමාජයක් සදහා විද්වත් එකමුතුවේ එල්මෝ පෙරේරා
  42. සාධාරණ සමාජයක් සදහා විශ්‍රාමික එකමුතුව ෆ්‍රෙඩී සිල්වා
  43. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිළධාරී සංගමයේ ආර්එස් ජයරත්න
  44. සාධාරණ සමාජයක් සදහා නීතීඥයෝ ශිරාල් ලක්තිලක

 

Archive

Latest news

Related news