කොළඹ මහ නගර සභාවේ යූඇන්පී සභිකයින් දෙදෙනෙක් ස්වාධීන වෙයි!

කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ මන්ත්‍රී ඉන්දික සංජීව, එම පක්ෂයේම මන්ත්‍රී සුනන්ද පතිරණ පොදු විපක්ශයෙන් ඉවත්ව ස්වාධිනව කටයුතු කිරීමට තීරණය කර ඇත

ඔවුන් දෙදෙනො සමඟ  ස්වාධීන කණ්ඩායම් 01 හි නායක හුසේන් මංසිල් ස්වාදීන වී තිබේ.

පොදු විපක්ෂය නියෝජනය කළ මෙම මන්ත්‍රීවරුන් තිදෙනා පාලක ජාතිකජන බලවේගයට සහාය දීමට තීරණය කර  ඇති බව ද වාර්තාවේ.

මෙම තීරණය අනුව  පොදු විපක්ෂයේ සභික සංඛ්‍යාව 46ක් දක්වා පහත වැටේ.

Archive

Latest news

Related news