මිනීමරුවන්ට නොමිලයේ වීසා දෙන රට: සිරි ලංකාව – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය:පලස්තීන ජාතිකයිනට ඊශ්‍රායලය පමුණුවන ලිංගික වධහිංසා ඇතුලු ක්‍රම 40ක්  යුරෝ මෙඩ් වාර්තාව සඳහන් කරයි.

පලස්තීන ජනයාට රරෙහිය යුද අපරාධ කල බවට චෝදනා ලබා තිබූ ඊශ්‍රායල සොල්දාදුවකු පසුගියදා මෙරට සංචාරයකට පැමිණියේය. ලංකාවේ විවේතය ගත කිරීමෙන් පසු යළි ඊශ්‍රාලයට ගිය ඔහු දැන් ලෙබනනයේ ගම්මාන පිටින් විනාශ කරන යුද්ධයේ යෙදී සිටිනවා විය හැක.

ලංකාවේ අසල්වැසි රටවල් වන පකිස්තානය, මාල දිවයින සහ බංගලදේශය ඊශ්‍රායල ජාතිකයින්ට සිය රටවලට අතුල්වීමටවත් දෙන්නේ නැත. යුද අපරාධරුවකු වන නෙතෙන්යාහුගේ මිත්‍රයකු වන  නරේන්ද්‍ර මෝඩි අගමැතිවන ඉන්දියාවට ඇතුලු වීමට ඊශ්‍රායල ජාතිකයින් වීසා ලබා ගත යුතුය.

ඊට සහමුලින්ම ප්‍රතිවිරුද්ධව ජාතික ජන බලවේග ආණ්ඩුව ඊහ්‍රායල් ජාතිකයින්ට වීසි නැතිව මෙරටට ඇතුල්වීමට ඉඩ ලබා දී තිබේ. ජාතික ජනබලවේගය යනු මාලිමාවක් නැති යාත්‍රාවක් බවට මෙය තවත් උදාහරණයකි.

පසුගිය සතියෙහි මෙරට ඊශ්‍රායල තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින්තම රටට සහාය දැක්විම ගැන ශ්‍රී ලාංකික ජනතාවට ස්තුත් කළේය. ඊට නිමිත්ත වූයේ ඊශ්‍රාලයට සහාය දක්වමින් ඉතා කුඩා පිරිසක් විසින් පවත්වන ලද උද්ඝෝෂනයකි. කුඩා කණ්ඩායමක් වුවත් එවැනි අප්‍රියජනක තත්වයන් ඇති වන්නේ ආණ්ඩුවේ ඊශ්‍රායල ගැති ප්‍රතිපත්ති නිසාය. මෙම අවස්ථවෙහි ඊශ්‍රාලයට සහාය දැක්වීම යනු මනුෂ්‍ය ඝාතකයින්නට සහය දැක්වීමය.

මෙරටට එන ඊශ්‍රායල ජාතිකයින් දැනට අඩුම මශයෙන් සියආගමික ස්ථාන පහක් මෙරට පිහිටුවා තිබේ. යුදෙව් ආගමික මධ්‍යස්ථාන හෙවත් චාබාඩ් හවුස් ලෙස ඒවා හැඳින්වේ.

ප්‍රධාන චාබඩ් හවුස්  ස්ථානය කොළඹ 03 ආනන්ද කුමාරස්වාමි මාවතෙහි  පිහිටා ඇති. මෙහි සිනගොග් නම් යුදෙව් දේවස්ථානයක් , පුස්තකාලයක් සහ කොෂර් අවන්හලක් ද පවතී. ඊට අමතරව වැලිගම ශ්‍රී වජිරඥාන මාවතේ පිහිටි චාබඩ් හවුස් මධ්‍යස්ථානය දකුණු වෙරළ තීරයේ සංචාරය කරන ඊශ්‍රායල ජාතිකයින් අතර ඉතා ප්‍රසිද්ධය. නැගෙනහිර පළාතේ පොතුවිල් ප්‍රදේශයේ මුස්තාෆා පලිල්ය පාරෙහි ආර්ගම්බේ චාබඩ් හවුස් පිහිටුවා ඇත. මෙය විශේෂයෙන්ම ඊශ්‍රායල සංචාරකයින් විශාල වශයෙන් ගැවසෙන ස්ථානයක්, නවාතැනක් සහ අවන්හලක් ද වේ. ඇල්ල කල්බ් විලා  ප්‍රදේශයේ තවත් යුදෙව් ආගමික මධ්‍යස්ථානයක් ඇත. සංචාරක කාලසීමාවන්හිදී ක්‍රියාත්මක වන තාවකාලික චාබඩ් හවුස් ආගමික මධ්‍යස්ථානයක්  හික්කඩුවේ පවතී.

මීට අමතරව,  පොල්ගස්ඕවිට, පල්ලේගොඩවත්ත ප්‍රදේශයේ යුදෙව්  මෙසොනික්  නිකායට අයත් කුඩා කණ්ඩායම් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ. මෙම ස්ථාන බොහොමයක් ඊශ්‍රායල සංචාරකයින්ට ආගමික වතාවත් කිරීමට පමණක් නොව, ඔවුන්ට අවශ්‍ය ආහාර සහ නවාතැන් පහසුකම් පිළිබඳ තොරතුරු ලබා දෙන මධ්‍යස්ථාන ලෙස ද ක්‍රියා කරයි.

පසුගිය දා මෙරට ඊශ්‍රායල තානාපති ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් ශ්‍රි ලංකාව මෙරටට එන සිය රටෙහි සංචාරකියින්ට ආරක්ෂාව ලබා දියයුතු බව කීවේය. ඔහු කියා සිටියේ තායිලන්තය සහ ලංකාව ඊශ්‍රායල සංචිරකයින් අතර ජනප්‍රිය බවයි. ලංකාණ්ඩුව ඊහ්‍රායල සංචාරකයින්ට විශේෂ සැළකීමක් කළ යුතු බව කියා සිටිමට හයියක් එම තානාපතිට තිබෙන බව පෙනේ. හරියට ගලෆ් කලාපයේ රටවවලට නියෝග දෙන පරිදිය.

ලංකාවට පැමිණෙන ඊශ්‍රායල සංචාරකයින් අතර අයිඩීඑෆ් නමින් හැදින්වෙන යුද හමුදා සෙබලුන් කොපමණ සිටි දැයි දැන ගන්නට නැත. කෙසේ වෙතත් ඔවුන් අතරින් විශාල ප්‍රමාණයක් යුද සේවය අතර විවේක ගැන‍ීමට මෙරටට පැමිණෙන සෙබලුන් බවට අනුමාන කළ හැකිය.

ඊශ්‍රායලයේ යුද සේවය යනු අනෙක් රටවල් බලයෙන් අල්ලා ගැන‍ීමේ සහ එම රටවල ජනයා ඝාතනය කිරීමේ මෙහෙයුමක් බව අලුතෙන් කීමට තරම් දෙයක් නොවේ.

පලස්තීන ජාතික රැදවුම්කරුවන් ලිංගිකව කෙළසීම සඳහා ඊශ්‍රායල යුද හමුදුාව සුනකයින් පුහුණූ කර ඇති බවට පිළගිත හැකි සාක්ෂි වාර්තා කර තිබේ. එවැනි අපයෝජනයන්ට ගොදුරු කරන ලද පලස්තීන ජාතිකයින්ගේ සාක්ෂි ගණනාවක්ම දැන වාර්තාවක් ලෙස ප්‍රසිද්ධ කර තිබේ.

යුරෝ-මෙඩ් නම් මානව හිමිකම් සංවි‍ධානයක් මෑතදී වාර්තාවක් නිකුත් කරමින් ඊශ්‍රායල හමුදාවේ ලිංගික වධහිංසා ක්‍රම 11ක් ගැන වින්දිතයින්ගේ සාක්ෂි ඉදිරිපත් කළේය. මෙවැනි ලංගික වධහිංසා පමුණූවන අයිඩීඑෆ් සොල්දාදුවන්ට දඩුවම් පැමිණවීමට බහුතර ඊශ්‍රායල ජාතිකයින් විරුද්ධය.

සිය පවුලේ පරිභෝජනය පිනිස වතුර ගෙන යන ලැදැරියකට වෙඩි තබා ඝාතනය කල අයිඩීඑෆ් සොල්දාදුවෝ එම ළදැරියගේ සිරුර ගෙන යාමට ආ පලස්තීන ජාතිකයින්ට වෙඩි තබනු එක් වීඩියෝවක දැක්වේ. එවැනි අපරාධ පිළිබඳ ඇසිය නොහැකි තරම් වීඩියෝ සාක්ෂි අන්තර් ජාලයෙහි තිබේ. අයිඩීඑෆ් සෙබලුන්ට ඇති තවත් බරපතල චෝදනාවක් නම් පලස්තීන රැදවුම්කරුවන් ඝාතනය කර ඉන්ද්‍රිය පැහැර ගැන‍ීමයි.

සමහර සාක්ෂිවලින් පෙනී යන්නේ, නිරුවත් කරන ලද සහ වධහිංසාවන්ට ගොදුරු කරගනිමින් සිටින  රැඳවියන් ඇතුළු වී නිරීක්ෂණය කිරීමට ඉඩ දීම, ඔවුන් සමච්චල් කිරීම සහ ඡායාරූප ගැනීම හෝ ප්‍රදර්ශනය සහ අපහාස කිරීම සඳහා සොල්දාදුවන් සාමාන්‍ය සිවිල් වැසියන් කැඳවන බවයි. ඔවුහු එම අපරාධ සතුටින් බලා සිටිති.. ඇත්ත වශයෙන්ම නම් එමගින් සිදු කරන්නේ එය පුද්ගලයෙකුට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය සමූහ භීෂණයේ මෙවලමක් බවට පරිවර්තනය කිරීමය.

ගාසා තීරයේදී ඊශ්‍රායල හමුදාව විසින් අත්අඩංගුවට ගෙන විවිධ ආකාරයේ වධහිංසාවලට ලක් කරන ලද ෆිරාස් සිය සාක්ෂියේ මෙසේ සඳහන් කරන බව යුරෝ මෙඩ් සඳහන් කරයි.

“ස්ඩේ ටෙයිමන්  සිර ගෙදර මා රඳවා සිටියදී, ඔවුන් මා සහ මා නොදන්නා තවත් රැඳවියන් දෙදෙනෙකු කොන්ක්‍රීට් ආවරණයකට ගෙන ගියා. ඔවුන් අපගේ ඇස් බැඳුම් පටි ගලවා, එක් රැඳවියෙකු රැගෙන ගොස්, ඔහුගේ ඇඳුම් ගලවා, අප ඉදිරිපිටදී ඔහුව දූෂණය කිරිමට දැවැන්ත බල්ලෙකු ගෙනාවා. බල්ලා එසේ කිරීමට පුහුණු කර ඇති බවක් පෙනෙන්නට තිබුණා. තරුණයා මිනිත්තු දෙකක් හයියෙන් කෑ ගැසූවා.  පසුව  අනෙක් රැඳවියා සහ මා වෙනත් ස්ථානයකට ගෙන ගියා. දූෂණයට ලක් වූ රැඳවියාට කුමක් සිදු වූවාද යන්න මා දන්නේ නැත.”

සිරගත කර සිටි  මාධ්‍යවේදීයකු වන මොහොමඩ් අරාබ් පවසන්නේ මෙසේය.

“සිරකරුවන් හය දෙනෙකුට නිරුවත් වී බිත්තියට එරෙහිව සිටීමට බල කළා. ඉන්පසු ඔවුන්ගෙන් එක් අයෙකු අප ඉදිරිපිටදී පොල්ලක් අධෝමුඛයට යවා  දූෂණය කරනවා අපට බලා සිටිමට අණ කළා.’

43 හැවිරිදි ඒ. ඒ. යුරෝ-මෙඩ් මොනිටර් වෙත මෙසේ පැවසීය:

“පෙනුම සහ ශරීරය මත පදනම්ව අහඹු ලෙස අත්අඩංගුවට ගැනීමේ ව්‍යාපාරයක කොටසක් ලෙස, ගාසා නගරය මධ්‍යම ගාසාවෙන් වෙන් කරන කුවේට් වටරවුම අසල මුරපොලේදී මාව අත්අඩංගුවට ගත්තා.

අත්අඩංගුවේ පසුවන පලස්තීන පිරිමින්ට සහ කාන්තාවන්ට ලිංගික අතවර රූගත කිරීමත් එවා යළි ඔවුන්ටම පෙන්විමත් තවත් වධහිංසාවකි.  එසේ කරනු ලබන්නේ වින්දිතයින් අපකීර්තියට පත් කිරීමට සහ ඔවුන්ගේ පවුල් ජීවිත විනාශ කිරීමටය. ඔවුන්  බ්ලැක්මේල් කිරීමේ මාධ්‍යයක් ලෙසය.

එම වාර්තාව මෙම වධහිංසා දක්වන්නේ ඊශ්‍රායල යුද හමුදාවේ ලිංගික වධහිංසා දූෂන සංස්කාතිය ලෙසය.

එක් මත විමසුමක් පෙන්වා දෙන්නේ   ඊශ්‍රායල යුදෙව්වන්ගෙන් 60.6% ක් පලස්තීන රැඳවියන් අපයෝජනය කළ බවට සැක කෙරෙන අයිඩිඑෆ් සොල්දාදුවන් විමර්ශනය කිරීමට විරුද්ධ බවය.

(ලංකාවේ තත්වයට මෙය සසදා බැලුව කුමන පිළිතුරක් ලැබෙනු ඇත්ද?)

18 හැවිරිදි ඊශ්‍රායල පිරිමින්ගෙන් 75% ක් පමණ ඊශ්‍රායල යුද හමුදාවට බඳවා ගන්නා බවද වාර්තා පෙන්වා දෙයි. එමෙන්ම තවත් මත විමසුමකින් හෙළි වූයේ යුදෙව් ඊශ්‍රායල ජාතිකයින්ගෙන් 52% ක් බටහිර ඉවුරේ කොටස් වලට ඊශ්‍රායල රාජ්‍යය ව්‍යාප්ත කිරීමට සහාය දක්වන බවයි.

ගාසා තීරයේ ජන ඝාතක යුද්ධය සම්බන්ධයෙන් 2024 දී කරන ලද  සමීක්ෂණයකින් හෙළි වූයේ යුදෙව් ඊශ්‍රායල ජාතිකයන්ගෙන් 76%–84% ක් පමණ යුද්ධයේ ඉලක්කවලට දැඩි ලෙස සහාය දෙන බවයි.

ඊශ්‍රාලයෙහි පවත්වන ලද ජනමත සමීක්ෂන ගණනාවකින්ම පෙන්වන්නේ පලස්තීන ජනයා ඝාතනය කිරීම, ගාසාහි දුර්භික්ෂ තත්වයක් ඇති කිරීම, දරුවන් සහ ස්ත්‍රීන් ඝාතනය කිරීම ඇතුලත් යුද ක්‍රියාමාර්ගයට ඊශ්‍රායල යුදෙව් ජාතිකයින් අතර සියයට 70 සිට 90ක් සහාය දක්වන බවයි.

එරට යම් යම් දේශපාලන නායකයෝ පලස්තීන ජනයා ඝාතනය කිරීම ප්‍රසිද්ධියේම අනුමත කරති. පලස්තීන ජනයාගේ ඉඩකඩම්, ගේ දොර, යාන වාහන පවා පැහැර ගන්නා සොර මුලක් බවට බටහිර ඉවුරේ පලස්තීන ජනාවාසයන්හි බලයෙන් පදිංචි වී සිටින ඊශ්‍රායල ජාතිකයෝ පත්ව සිටිති.

ඉන් අදහස් වන්නේ ජනඝාතක මානසිකත්වයක් ඊශ්‍රායල සමාජයෙහි මුල් බැසගෙන ඇති බවය. පලස්තීනයේ, සිරියාවේ සහ ලෙබනනයේ ප්‍රදේශ ජන ඝාතක යුද්ධ මිගින් අල්ලා ගැනීම සාධාරණ කරන සමාජයක් බවට එය පත්ව තිබෙන බවය.  එය මිනීමරු මානසිකත්වයකි.

ලංකාවේ ආණ්ඩුව රැකියා පිනිස පොලිම් ගස්වා තරුණ තරුණියන් යවන්නේ එවැනි රටකටය. වීසා නැතිව මෙරට පැමින සැප ගැනීමට ආරාධනා කරන්නේ එවැනි ජන කණ්ඩායමකටය.

මේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනද කියා සිතා බලන්න.

Archive

Latest news

Related news