ඇමෙරිකානු නව විජිතවාදී සැලැස්ම සහ ඉරානය විරෝධී යුද්ධය කොයිබටද? – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: පසුගිය 07 දා ඇමෙරිකානු- ඊශ්‍රායල ප්‍රහර මගින් ටෙහෙරානයේ ඉන්ධන ගබඩා පුපුරුවා හැරීමෙන් පසු.

ඉරානයට විරුද්ධව දියත් කර ඇති මෙම යුද්ධය තේරුම් ගැනීමට නම් අප ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රෑබියෝගේ මෙම කතාවට සවන් දිය යුතුය. ඔහු මෙම කතා කළේ පසුගිය පෙබරවාරි 14 දින ජර්මනියේ මියුනික් නගරයේ පැවැති ආරක්ෂක සමුළුවේදීය.

“ජනාධිපති ට්‍රම්ප් යටතේ, ඇමරිකා එක්සත් ජනපදය නැවත වරක් ලෝකය අලුත් කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ කාර්යය භාර ගනු ඇත. අවශ්‍ය නම්, මෙය තනිවම කිරීමට අප සූදානම්ය.

‘යුරෝපය සහ අප එක් ශිෂ්ටාචාරයක කොටසකි. එය බටහිර ශිෂ්ටාචාරයයි. ජාතීන්ට බෙදා ගත  හැකි ගැඹුරුම බැඳීම් මගින් අපි එකිනෙකාට බැඳී සිටිමු. සියවස් ගණනාවක පොදු  ඉතිහාසය, ක්‍රිස්තියානි ඇදහිල්ල, සංස්කෘතිය, උරුමය, භාෂාව, පරම්පරාව සහ අප උරුමක්කාරයන් බවට පත්  පොදු ශිෂ්ටාචාරය සඳහා අපගේ මුතුන් මිත්තන් එක්ව කළ කැපකිරීම් මගින් අපි එකිනෙකාට බැඳී සිටිමු.

‘අනෙකුත් බලවතුන්ගේ කප්පම් ගැනීමට ගොදුරු නොවන තීරණාත්මක ඛනිජ සම්පත් සඳහා බටහිර සැපයුම් දාමයක් නිර්මාණය කිරීම  සහ ගෝලීය දකුණේ ආර්ථිකයන්හි වෙළඳපල කොටස සඳහා තරඟ කිරීමට ඒකාබද්ධ උත්සාහයක් දැරීම අපගේ පොදු උවමනාවයි.

යුරෝපයේ ඔබට අප සමඟ එක්වන ලෙස අපි ඉල්ලා සිටින්නේ එම මාර්ගය කරාය. එය අපි මීට පෙර එකට ගමන් කළ මාර්ගයකි.  දෙවන ලෝක යුද්ධය අවසන් වීමට පෙර සියවස් පහක් තිස්සේ බටහිර රටවල් ප්‍රසාරණය වෙමින් පැවතුනි. එහි මිෂනාරිවරුන්, එහි වන්දනාකරුවන්, එහි සොල්දාදුවන්, එහි ගවේෂකයින් සාගර තරණය කිරීමට, නව මහාද්වීපයන්හි පදිංචි කිරීමට, ලොව පුරා විහිදෙන විශාල අධිරාජ්‍යයන් ගොඩනඟා ගැනීමට  වෙරළ තීරයන්ගෙන් ඔබ්බට ගියේය.

නමුත් 1945 දී, කොලොම්බස් යුගයෙන් පසු පළමු වතාවට, එය හැකිලෙමින් තිබුණි. යුරෝපය නටබුන් විය. එයින් අඩක් යකඩ තිරයක් පිටුපස ජීවත් වූ අතර ඉතිරි අය එය ඉක්මනින් අනුගමනය කරන බවක් පෙනෙන්නට තිබුණි. දෙවියන් නොමැති කොමියුනිස්ට් විප්ලව සහ යටත් විජිත විරෝධී නැගිටීම් මගින් වේගවත් කරන ලද මහා බටහිර අධිරාජ්‍යයන් අවසාන පරිහානියට කරා අවතීර්ණ වී තිබුණි. ඒවා ලෝකය පරිවර්තනය කළ අතර ඉන් පසු  වසරවලදී සිතියමේ විශාල ප්‍රදේශ හරහා රතු මිටිය සහ දෑකැත්ත පෙනේනට විය.

නොදන්නා සාගර කරා නැව් යවා අපගේ ශිෂ්ටාචාරය බිහි කළ, නිදහස නිර්මාණය කිරීමේ ආත්මයක් ඇති යුරෝපයක් සමඟ, තමන්ව ආරක්ෂා කර ගැනීමට සහ දිවි ගලවා ගැනීමට කැමැත්තක් ඇති යුරෝපයක් සමඟ පසුගිය සියවසේ අප එක්ව අත්කර ගත් දේ ගැන අපි ආඩම්බර විය යුතුය. නමුත් දැන් අපි නව  අවස්ථාවන්ට මුහුණ දී ඒවා වැළඳ ගත යුතුය. “

ඇමෙරිකානු නව විජිතවාදයේ ප්‍රකාශනය

මෙම ප්‍රකාශය  ඇමෙරිකා එක්සත් ජනපදයේ නව විජිතවාදී අභිලාෂය ඉතා පැහැදිලිව පෙන්වයි.  එම ප්‍රකාශය ඉල්ලා සිටින්නේ දෙවන ලෝක යුද්ධයට පෙර තිබූ යටත් විජිත  ක්‍රමය යළි පිහිටුවීමේ අවශ්‍යතාවයි. මෙතරම් නිරුවත්ව සහ නොබියව  නව විජිතවාදී අභිලාෂයක් බටහිර බලවතකු විසින් ප්‍රකාශ කළ අන් අවස්ථාවක් මෑත ඉතිහාසයේ  නැත. මෙය රෑබියෝගේ නොව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හඬය.

1967 සිට ඊශ්‍රායලය විසින් අත්පත් කර ගෙන සිටින පලස්තීන භූමියේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනී ෆ්‍රැන්චෙස්කා ඇල්බනීස්  ඉරාන විරෝධී යුද ප්‍රහාර ගැන මෙසේ  සටහන් කළේය.

“ඉරාන පාලන තන්ත්‍රය ලිබරල් නොවන එකකි. එය කුරිරු ය. ඉරාන ජනතාව දිගු කලක් තිස්සේ සටන් කරන නිදහස ලැබිය යුතුය. පලස්තීනයෙහි ලිබරල් නොවන සහ කුරිරු ප්‍රතිපත්ති ක්‍රියාවට නගන එක්සත් ජනපදයට හෝ ඊශ්‍රායලයට ඉරානයට බෝම්බ හෙලීමට හෝ යුරෝපා සංගම් නායකයින්ට කුහකකම සඟවා ගැනීමට ඉරානයේ තත්වය කිසිදු අයිතියක් ලබා දෙන්නේ නැත.”

ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට විරුද්ධව යුද්ධයක් දියත් කර ඇත්තේ එරට න්‍යෂ්ටික අවි නිෂ්පාදන ක්‍රියාවලියක නිරත වී සිටින නිසා නොවේ. ඉරානයෙහි එවැනි සැලසුමක් නොමැති බව එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ සංවිධානය  පැහැදිලිව ප්‍රකාශ කර තිබේ.

අනෙත් අතට ඉරානයෙහි ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ගරු කරන පාලනයක් පිහිටුවීමට ද නොවේ. ඉරානයෙහි පාලකයා ප්‍රජාතන්ත්‍රවාදී ද නැත්ද යන්න තමාට ප්‍රශ්නයක් නොවන බව පසුගිය සතියෙහි දී ප්‍රකාශ කල ට්‍රම්ෆ් කීවේ තමන්ට අවශ්‍ය ඇමෙරිකාවට සවන් දෙන සහ ඊශ්‍රාලයට විරුද්ධ නැති පාලනයක් බව කීවේය.

ඇමෙරිකානු ධවල මන්දිර නිලධාරි ජැරොඩ් ඒගන් කීවේ ඇමෙරිකාවට අවශ්‍ය වන්නේ ඉරානයේ තෙල් ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගෙන තම පාලනයට ගැනීම බවය.

මෙම යුද්ධයෙහි ඇමෙරිකාව සමඟ එක්ව සිටින සවුදි ආරබිය, ක්වේටය. බහරේන් වැනි රටවල ද ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රම නොවේ.  ඉරාන ජනතාවගේ මානව හිමිකම් යනු යුද ආක්‍රමණය සඳහා යොදා ගෙන ඇති කඩතුරාවක් පමණි.

ඩෙනල්ඩ් ට්‍රම්ප් බලයට පැමිණීමෙන් පසු මෙම යුද දේශපාලන මතවාදය සක්‍රීය ක්‍රියා මාර්ගයක් බවට පත් විය. වෙනිසියුලාවෙහි තෙල් සම්පත උදුරා ගැනීම පිණිස එරට රාජ්‍ය නායකයා බලහත්කාරයෙන් ඇමෙරිකාවට ගෙනැවිත් සිර ගත කරන ලද්දේ මෙම යුද දේශපාලන මූලෝපාය යටතේය. දැන් එරට තෙල්වලින් ඇමෙරිකාව මුදල් උපයා ගනී.

ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජනපද  ලොව පුරා රටවල් 160 ක හමුදා කඳවුරු 800 ක් පමණ පවත්වා ගෙන යන්නේ මෙම යුද දේශපාලන  අරමුණ උදෙසාය.  ඒ සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 156 කට වැඩි මුදලක්  ඇමෙරිකාව  වැය කරයි .

ඉරානයට විරුද්ධ යුද්ධයේ අරමුණ එරට, ලිබියාව හෝ සිරියාව මෙන් විනාශ වූ අසමත් රාජ්‍යයක් බවට පත් කිරීමය.

ඊට හේතුව නම් මැද පෙරදිග කලාපයෙහි ඇමෙරිකාවට යටත් නැති එකම රාජ්‍යය ඉරානය වන නිසාය.

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ලිබියාවට විරුද්ධව යුද්ධය දියත් කළේ එරට සතුව න්‍යෂ්ටික ආයුධ තිබූ නිසා නොවේ. එරට තුළ බටහිර ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමටද  නොවේ. මැද පෙරදිග නැගී එමින් පැවැති ස්වාධීන රාජ්‍යය විනාශ කිරීම පිණිසය. අද  දක්වාම ලිබියාවෙහි මධ්‍යම ආණ්ඩුවක් නැත. එරට පාලනය කරන්නේ මිලිටර් කල්ලි කණ්ඩායම් විසිනි.

අනෙක ඉරාකයයි. ඇමෙරිකා එක්සත් ජනපදය ඉරාකය ආක්‍රමණය කළේ එහෙම පිටින්ම ගොතන ලද ව්‍යාජ හේතුවක් මතය. එනම් එරට සතුව ජන සමූහ නාශක අවි ඇතයි යන්නයි. එම උපකල්පනය සහමුලින්ම වැරදි බව පසුව සනාථ විය. ඉරාකයට තවමත් එම ප්‍රහාරයන්ගෙන් ගොඩ ඒමට හැකි වී නැත.

සිරියාව තවත් උදාහරණයකි. ත්‍රස්තවාදයට විරුද්ධව යැයි එරටට විරුද්ධව යුද බලය මෙහෙය වූ ඇමෙරිකාව අවසානයේ දී  අහ්මඩ් අල් ෂරාය එරට පාලකයා බවට පත් කළේය.  ඔහු ඊට පෙර ඇමෙරිකා එක්සත් ජනපදය ඔහු අත්අඩංගුවට ගැනීමට ඩොලර් මිලියන 10ක වට්ටමක් තබා  අබු මොහොමඩ් අල්-ජොලානි නමින් ත්‍රස්තවාදී එස්එස්අයිඑස් සම්බන්ධ හයියාත් තහ්රීර් අල්-ෂාම්’ හි නායකයා විය.

ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට විරුද්ධව යුද්ධයක් දියත් කර ඇත්තේ එරට න්‍යෂ්ටික අවි නිෂ්පාදන ක්‍රියාවලියක නිරත වී සිටින නිසා නොවේ. ඉරානයෙහි එවැනි සැලසුමක් නොමැති බව එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ සංවිධානය  පැහැදිලිව ප්‍රකාශ කර තිබේ.

අනෙත් අතට ඉරානයෙහි ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ගරු කරන පාලනයක් පිහිටුවීමට ද නොවේ. ඉරානයෙහි පාලකයා ප්‍රජාතන්ත්‍රවාදී ද නැත්ද යන්න තමාට ප්‍රශ්නයක් නොවන බව පසුගිය සතියෙහි දී ප්‍රකාශ කල ට්‍රම්ෆ් කීවේ තමන්ට අවශ්‍ය ඇමෙරිකාවට සවන් දෙන සහ ඊශ්‍රාලයට විරුද්ධ නැති පාලනයක් බව කීවේය.

යුද්ධය ඉරාන තෙල් අල්ලා ගැනීමටය

ඇමෙරිකානු ධවල මන්දිර නිලධාරි ජැරොඩ් ඒගන් කීවේ ඇමෙරිකාවට අවශ්‍ය වන්නේ ඉරානයේ තෙල් ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගෙන තම පාලනයට ගැනීම බවය.

මෙම යුද්ධයෙහි ඇමෙරිකාව සමඟ එක්ව සිටින සවුදි ආරබිය, ක්වේටය. බහරේන් වැනි රටවල ද ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රම නොවේ.  ඉරාන ජනතාවගේ මානව හිමිකම් යනු යුද ආක්‍රමණය සඳහා යොදා ගෙන ඇති කඩතුරාවක් පමණි.

මැද පෙරදිග ඇමෙරිකානු පොලිස්කාරයා වන ඊශ්‍රායලයේ පැවැත්ම සහතික කිරීමට නම් ඉරානය විනාශ කළ යුතු බව ඇමෙරිකානු නව විජිතවාදී පාලන තන්ත්‍රය කල්පනා කරන බව පෙනේ. මෙම යුද්ධයේ ප්‍රමුඛ අරමුණ එය වුව ද තවත් තීරණාත්මක ප්‍රශ්නයක් ලොව  මහ බලවතුන් හමුවෙහි තිබේ.

එය නම් උපාය මාර්ගික ඛනිජ සම්පත් සුරක්ෂිත කර ගැනීමයි. වර්තමානයෙහි බලවත් රාජ්‍යයන්හි ප්‍රධානතම ජාතික ආරක්ෂක ප්‍රමුඛතාවයක් බවට එය පත්ව ඇත.  විශේෂයෙන්ම චීනය සමඟ පවතින උපාය මාර්ගික තරගකාරිත්වය හමුවේ, මෙම ගැටුම උත්සන්න වෙමින් තිබේ.

2025 ඔක්තෝබර් මාසයේ දී, ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව  විසින් ඩොලර් බිලියන 1 ක උපාය මාර්ගික ඛනිජ සංචිතයක් ස්ථාපිත කිරීමට සැලසුම් කළ බව නිවේදනය කරන ලදී . මෙම සංචිතය කොබෝල්ට්, ඇන්ටිමනි, ටැන්ටලම් සහ ස්කැන්ඩියම් වැනි දුර්ලභ ඛනිජ ලෝහ ඉලක්ක කර ගනිමින් සිදු කෙරිණි. ලෝකය මහ බලවතුන් අතර බෙදා ගැනීම සිදු වන්නේ මේ අන්දමේ ඛනිජ සම්පත් වටාය.

එක්සත් ජනපදයේ මෙම සම්පත් කේන්ද්‍රීය ප්‍රතිපත්තියේ බලපෑම වඩාත් පැහැදිලිව දක්නට ලැබෙන්නේ අප්‍රිකා මහාද්වීපය තුළ ය. එක්සත් ජනපදය  උපායමාර්ගයට අනුව අප්‍රිකාව සැලකෙන්නේ “ඇමරිකානු ආරක්ෂක අවශ්‍යතා සඳහා වන පරිධිය” කලාපයක් ලෙසය .

දුර්ලභ සම්පත් සඳහා බල අරගලය

උප-සහරා අප්‍රිකාවට ලොව දැනට දන්නා උපාය මාර්ගික ඛනිජ සංචිතයන්ගෙන් 30% ක් පමණ සතු වේ. කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලොව කොබෝල්ට් වලින් 70% ක් නිෂ්පාදනය කරයි .

2025 වසරේ දී, එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සහ රුවන්ඩාව අතර තාවකාලික සාම ගිවිසුමක් ඇති කර දීමට මැදිහත් විය. මෙම ගිවිසුම සමඟම, නැගෙනහිර කොංගෝවේ ඛනිජ සම්පත් සූරාකෑම සඳහා එක්සත් ජනපදයට අවසර ලබා දෙන ගිවිසුමක් ද අත්සන් කරන ලදී . කෙසේ වෙතත්, M23 කැරලිකාර කණ්ඩායමේ ප්‍රහාර හේතුවෙන් මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට තවම නොහැකි වී තිබේ.

යුක්රේනය සම්බන්ධයෙන් ද එවැනිම ආර්ථික බලපෑම් උපක්‍රමයක් භාවිතා විය. යුක්රේනයට ලබා දුන් මිලිටරි ආධාර සඳහා වන්දි වශයෙන්, එරට පුළුල් ඛනිජ සම්පත් වලින් ලැබෙන අනාගත ලාභයෙන් විශාල කොටසක් එක්සත් ජනපදයට හිමි වන පරිදි ගිවිසුමක් අත්සන් කරන ලෙස බල කරන ලදී .

ඉරානය සහ ඕමානය අතර ඇති  හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ලොව තෙල් සැපයුමෙන් 20%ක් පමණ ගමන් කරයි. ඉරානය දුර්වල කිරීම මගින්  ඇමෙරිකාව ප්‍රමුඛ රාජ්‍ය පද්දතියට හෝමුස් සමුද්‍ර සන්ධියේ බලය තමන් අතට ගැනීමට දැරෙන උත්සාහයක් ද මෙම යුද්ධය තුළ තිබේ. ඉරානය විසින් වසා ඇති හෝමුස් සමුද්‍ර සන්ධියෙහි යාත්‍රා කිරීමට අවසර දී ඇත්තේ චීන තෙල් නැව් වලට පමණි.

තවමත් හොමුස් මුද්‍ර සන්දියෙහි යාත්‍රා කිරීමට ඇමෙරිකාව එඩිතර වී නැත.

ඉරානය යනු ලිබියා හෝ ඉරාකය නොවේ. එහි ජනගහනය මිලියන 90කි. එරට යුද්ධායුද නිශ්පාදනය ඉතා ඉහළය. රුසියාව උක්රේනය සමඟ යුද්ධයෙහි දී පාවිච්චි කරන්නේ ඉරාන මාරක ඩ්‍රෝන යාත්‍රාය. එවැනි ඩ්‍රෝනයක වටිනාකම කාරයක වටිනාකමය. එනම් ඩොලර් 30,000 තරම්ය. ‘තමන්  මෙම යුද්ධයෙහි දී මධ්‍යස්ථ නැති බවත් ඉරානයේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන’ බවත් පූටින් කීවේ එනිසාය.

ඇමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා ඉරානයේ මුහුදු ජලය පිරිසිදු කරන යන්ත්‍රාගාරයකට සහ ටෙහෙරානයේ ඉන්ධන ගබඩාවන්ට පහර දීමෙන් පසු යුද්ධය තවත් තීව්‍ර වී තිබේ. ප්‍රතිචාර ලෙස ඉරානය ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට ගැති බහරෙන්හි ජල පිරිසිදු කිරීමේ යනුත්‍රාගාරයකට පරදී එය අඩපණ කළේය. බහරෙන්හි පානීය ජලයෙන් සියයට 90ක් සැපයෙන්නේ මුහුදු ජලයේ ලුනු ඉවත් කිරීම් මගිනි. ගලෆ් කලාපයේම තත්වය එ් හා සමානය. යුද්ධය දිගටම පැවතුන හොත් තෙල් නිශ්පාදනය සහමුලින්ම නරත කර වන බවට ඉරානය තර්ජනයක් ද කර තිබේ.

කටාර් රාජ්‍ය ගෑස් නිශ්පාදනය සහමුලින්ම නතර කළේය. තෙල් මිල දෙගුණයක් වීමට ඇති විභබය ඉහළය. එය බටහිර ලෝකයේ ජීවිතයට මහත් තර්ජනයකි.

ඇමෙරිකාවට ජය ගැනීම දුෂ්කරයි

ඇමෙරිකානු සහ ඊශ්‍රායල් යුද ශක්තිය සමඟ ඉරානයට තනිව මුහුණ දීමට හැකි වෙනු ඇතයි විශ්වාස කිරීම අමාරුය. එමෙන්ම ඉරානය සම්පුර්ණයෙන් යටත් කර ගැනීමට ඇමෙරිකාව සමත් නොවනු ඇති බවද ඒ තරමටම සැබෑය. ඇමෙරිකාවට පළමු පැය 100 තුළ ‍ඩොලර් බිලියන 3.7ක ඍජු යුද වැයක් දැරීමට සිදු විය.  දැනට දිනක  යුද වැය ඩොලර් බිලියනය්ක තරම්ය. ඒ දිර්ඝ කාලීන වැය නොමැතිවය. එහි යුද සහායකයා වූ බ්‍රිතානය යුද්ධයට එක් වී නැත.

ඉරානයේ පාලනය ප්‍රජාතන්ත්‍රවාදී හෝ මානවවාදි නොව ආගමික මූලධර්මවාදී එකක් බව සැබෑය. නමුත් එය ආක්‍රමණකාරී යුද්ධයක් මගින් එරට විනාශ කිරීම සාධාරණ කළ හැකි හේතුවක් නොවේ.

1967 සිට ඊශ්‍රායලය විසින් අත්පත් කර ගෙන සිටින පලස්තීන භූමියේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනී ෆ්‍රැන්චෙස්කා ඇල්බනීස්  ඉරාන විරෝධී යුද ප්‍රහාර ගැන මෙසේ සටහන් කළේය.

“ඉරාන පාලන තන්ත්‍රය ලිබරල් නොවන එකකි. එය කුරිරු ය. ඉරාන ජනතාව දිගු කලක් තිස්සේ සටන් කරන නිදහස ලැබිය යුතුය. පලස්තීනයෙහි ලිබරල් නොවන සහ කුරිරු ප්‍රතිපත්ති ක්‍රියාවට නගන එක්සත් ජනපදයට හෝ ඊශ්‍රායලයට ඉරානයට බෝම්බ හෙලීමට හෝ යුරෝපා සංගම් නායකයින්ට කුහකකම සඟවා ගැනීමට ඉරානයේ තත්වය කිසිදු අයිතියක් ලබා දෙන්නේ නැත.”

යුරෝපයේ  රටවල් ගණනාවක් ම දැන් මෙම ඇමෙරිකානු – ඊශ්‍රායල යුද්ධය හෙළා දැක ඇත්තේ එනිසාය.

මෙම යුද්ධය ඇමෙරිකානු නව විජිතවාදී පිළිවෙතෙහි එකම සහ අවසාන යුද මෙහෙයුම නොවේ. ඉරානයෙන් පසු බැස යන හෝ ඉරානය විනාශ කරන ඇමෙරිකාවේ මීළග ගොදුර වනු ඇත්තේ ද  තවත් එවැනිම රටක් වනු ඇති බවට කැට තැබිය හැකිය.  දැනටමත් ට්‍රම්ෆ් කියුබාව සිය ඊළඟ ගොදුර බව ප්‍රකාශ කර තිබේ.

තවමත් යුද්ධය කෙලෙස අවසන් වනු ඇත්දැයි අනුමාන කිරීම දුෂ්කරය. ඒ කෙසේ වෙතත් මෙම යුද්ධය මැද පෙරදිග සහ ලෝක දේශපාලනයේ ඉදිරි ගමන් මග තීරණය කිරීමේ ප්‍රධාන සාධකයක් වනු ඇති බව දැනට සටහන් කළ හැකිය.

Archive

Latest news

Related news