ඡාායරූපය: සුරේශ් සලේ.
අද උදෑසන අපරාධ පරීක්‍ෂණ මග දෙපාර්තමේන්තුව මඟින් ජෙනරල් සුරේශ් සලේ අත්අඩංගුවට ගන්නා ගන්නා ලදී. ඔහු රාජ්‍ය බුද්ධි සේවයේ සහ හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කර තිබේ.
2019 අප්‍රේල් 21 වන දින සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් සුරේශ් සලේ ගේ නම දිගටම සම්බන්ධ වී තිබූ අතර ඔහු මහ මොලකරු යැයි ඇතම් පිරිස් ප්‍රකාශ කරන ලදී. එහෙත් සුරේශ් සලේ එම චෝදනා ප්‍රකාශ ප්‍රතික්ෂේප කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාර දියත් කරන ලද්දේ සහරාන් හෂීම් ගේ නායකත්වයෙන් යුතු ස්වයං ඝාතක ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම විසිනි. ඉන් 300කට අධික පිරිසක් මිය ගිය අතර විශාල පිරිසකට තුවාල සිදු විය.
ආරංචි මාර්ග සඳහන් කරන්නේ සුරේශ් සලේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එකී පාස්කු ප්‍රහාරයන්ට ආධාර අනුබලදීම යන චෝදනාව යටතේ බවයි.
ඊට අමතරව පාස්කු ඉරිිදා ප්‍රහාර සිදු කිරීම සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කළ බවට ද චෝදනාවක් ඔහුට එරෙහිව එල්ල වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. එය ඉතා බරපතල චෝදනාවකි.
ජෙනරාල් සුරේශ් සලේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ බවට ප්‍රධානම චෝදනාව කළේ රාජපක්ෂවාදී දේශපාලනඥයකු වන පිල්ලෙයාන්ගේ ප්‍රචාරක ලේකම්ව සිටි හන්සීර් අසාද් මවුලානා විසිනි. ඔහු මේ සම්බන්ධයෙන් දීර්ඝ ප්‍රකාශයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ අන්තර් ජාතික මානව හිමිකම් සංවිධානයන්ට ලබා දී තිබේ. හන්සීර් අසාද් මවුලානා මේ වන විට යුරෝපා රටක දේශපාලන රැකවරණ පතා රහසිගතව ජීවත් වෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හන්සීර් අසාද් මවුලානාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇද්ද යන්න දැන ගැනීමට නැත. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධතා ඇති කර ගෙන තිබූ බව අනුමත නොකළ ආරංචි මාර්ග දක්වයි.
හන්සීර් අසාත් මවුලානා එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහහ වෙනත් අන්තර්ජාතික සංවිධානයන්ට ලබා දුන් එම ප්‍රකාශය සුරේශ් සලේ විසින් ප්‍රතික්ෂේප කරන ලදී. එවැනි ප්‍රකාශයක පිටපතක් ශ්‍රී ලංකා බ්‍රීෆ් සතුව තිිබේ. මවුලානා සදහන් කරන්නේ සිය චෝදනා සනාථ කිරීමට අවශ්‍ය ඩිජීටල් සාක්ෂි තමන් සතුව ඇති බවයි.
එසේ වෙතත් වෙනත් සාක්ෂි මගින් ද ඔහු පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වී ඇතයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උපකල්පනය කරන බව දැන ගන්නට ඇත.
තවද රාජ්‍ය බුද්ධි අංශ විසින් සාහරාන්ගේ කණ්ඩායම තුළට රිංගවා සිටි ඒජන්තයෙන් විසින් ලබා දෙන ලද වාර්තා ගණනාවක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අතුරුදහන් වී ඇති බවත් එම අතුරුදහන් වීම්වලට සම්බන්ධ ප්‍රධානීන් කවුරුන්ද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බවත් දැන ගන්නට තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ගණනාවක් ලබා ගෙන ඇති බව වාර්තා වේ.
මීට අමතරව නව ආණ්ඩු බලයට පත්වීමෙන් පසු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී බවට පත් වූ ශානි අබේසේකර යටතේ කරන ලද පර්යේෂණ මගින් 2019 නොවැම්බර් 30 දා වව්නතිව් පොලිස් මුර පොළට කරන ලද ප්‍රහාරය වසන් කිරීමට දැනුවත් කුමන්ත්‍රණයක් තිබූ බව සනාථ කරන සාක්ෂි සොයා ගෙන තිබේ. එම ප්‍රහාරය කරන ලද්දේ සහරාන්ගේ කණ්ඩායම විසින් බව ප්‍රහාරය සිදු වූ සතිය තුළදීම රාජ්‍ය බුද්ධි සේවයේ ඒජන්තයෙන් විසින් වාර්තා කරන ලද නමුත් එම තොරතුරු වසං කර ඇත. සහරාන් කණ්ඩායමට පාස්කු ප්‍රහාරය කරා ඉදිරියට යාමට එම වසං කිරීම ප්‍රයෝජනවත් විය. එම වසං කිරීම කවර ප්‍රධානියකුගේ උපදෙස් අනුව කරන ලද්දේ ද තවමත් නිරාවරණය වී නැත.
ඊට අමතරව සහරාන් කණ්ඩායමේ ඉතිරි වී සිටි සාමාජිකයින් සහ පවුල්වල සාමාජිකයින් සමූහ සාමූහිකව ස්වයං ඝාතනයක යෙදුණු සයින්දමරදු පුපුරවා ගැනීම සම්බන්ධයෙන් ද සැක කටයුතු කාරණා ගණනාවක් නව විමර්ශන මගින් සොයා ගෙන තිබේ. විශේෂයෙන්ම සාක්ෂිකරුවන් වශයෙන්ම අත්අඩංගුවට ගත හැකිව තිබූ සහරාන්ගේ සහෝදරයා වූ සෙයිනි මවුලවී සහ ජනමාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටි තවත් පුද්ගලයෙකු එම පුපුරුවා ගැනීම ඉදිරිිපිට දී ඝාතනය කිරීම දැනුවත් සැලැස්මක් බවට එම සාක්ෂි මගින් පෙන්නුම් කරයි.
ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජෙනරාල් සුරේශ් සලේ අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරව රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදහස් කරන බවයි.
මේ අතර මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන ගෝටාවාදී රොහාන් ගුණරත්න කියන්නේ ‘ජෙනරාල් සලේ අත්අඩංගුවට ගැනීම කණ්ඩායම් දෙකක් විසින් සමරන බවත් එම පළමු කණ්ඩායම නම්, පාස්කු ඉරිදා සංහාරය සිදු කළ ත්‍රස්තවාදීන් සහ අන්තවාදීන් බවත්ය. දෙවැනි කණ්ඩායම නම්, පාස්කු සංහාරය පිළිබඳ ව්‍යාජ ආඛ්‍යාන සහ කුමන්ත්‍රණ න්‍යායන් ගොතමින් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට දොස් පවරන දේශපාලන රැඩිකල්වාදීන් බවත්ය.
එසේ නමුත් ගෝටාභය රාජපක්ෂ 2023 දී අසංග අබේගුණසේකරට කියා ඇති පරිදි 2022 ජන අරගල සමයෙහි රොහාන් ගුණරත්න, ජෙනරාල් කමල් ගුණරත්න යනාදීන් ඇමෙරිකානු සීඅයිඒ ඔත්තු සේවය මගින් බිලි බාගෙන තිබි ඇත. මෑතදී චමුදිත සමරවික්‍රම සමඟ අසංග අබේගුණසේකර කරන ලද යු ටියුබ් සාකච්චජාවක ඒ බව දැක්වේ. තමාට ජනාධිපතිධුරය අහිමි විමට එම සීඅයිඒ වැඩ සටහන බල පෑ බව ගෝඨාභය, අසංග අබේගුණසේකරට කියා තිබේ.