අම්බුළුවාව ජ්‍යෛ විවිධත්ව සංකීර්ණයේ කළමනාකරු සහ ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක යැයි කියන එම් එෆ් භාකීර් නම් පුද්ගලයකු විසින් ගම්පොළ පොලිසියට කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමට පැමිනෙන්නැයි ගම්පොළ පොලිසිය ජනමාධ්‍යවෙදී තරිඳු ජයවර්ධනයට දන්වා එවා තිබේ.
ගම්පොළ පොලිසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී එම් ඊ එල් පෙරේරා වෙක යොාමු කරන ලද ලිපියක් මගින් තරිඳු ජයවර්ධන පෙන්වා දෙන්නේ එවැනි අපහාස පැමිණිල්ලක් විභාග කිරීමට පොලිසියට බලයක් නැති බවයි. තවද ඔහු පෙන්වා දෙන්නේ මෙම පැමිණිල්ල කළ පුද්ගලයා සත්‍ය වශයෙන්ම ජෛව විවිධත්ව සංකීර්ණයේ නිලධාරියකු නම් ඔහු රාජ්‍ය නිලධාරියෙකු විය යුතු බවයි.
දණ්ඩ නීති සංග්‍රහයේ සාපරාධී අපහාසය සම්බන්ධයෙන් තිබූ වරද 2002 අංක 12 දරණ පනත මගින් ඉවත් කෙරුණු අතර ඒ අනුව අපහාසයක් වීම ගැන අපරාධ විමර්ශනයක් පැවැත්වීමට පොලිසියට හැකියාවක් නැත. එබැවින් මෙම පැමිණිල්ල විභාග නොකරම ඉවත් කර ගන්නා ලෙස තරිදු ජයවර්ධන ඉල්ලා සිටී.
මෙලෙස පොලිසියට නැති බලයක් උඩ ජනමාධ්‍ය සම්බන්ධයෙන් පැමිණිළි කිරීම ජාතික ජන බලවේගයේ මැති ඇමතිවරුන්ද පුරුද්දක් කර ගෙන තිබේ. ගුරා හිටගේන හුජ්ජ කරන විට ගෝලයින් දුව දුව හුජ්ජ කරනවා යැයි ජන වහරේ කියැවෙන්නේ මෙවැනි පන්ගෝට් වැඩ වලටය.
තරිදු ජයවර්ධන විසින් යවන ලද ලිපිය පහත පළවේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී එම් ඊ එල් පෙරේරා මහතා,
කොට්ඨාස භාර නිලධාරී,
ගම්පොල.
කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමනි,
අසත්‍ය තොරතුරු මගින් අපහාසයක්වීවැයි ලැබුණු පැමිණිල්ලක් මත ප්‍රකාශයක් ලබා ගැනීමට කැඳවීම සම්බන්ධවයි
1. ‘කරුණාකර දැනුම් දෙන්න. මාගේ ස්ථානයේ 2025.12.22 වන දින CIB 1 164/293 පරිදි සිදු කර ඇති අසත්‍ය තොරතුරු පලකිරීමට අදාල පැමිණිල්ලට අදාලව ඔබ පොලිස්වසමේ No.176/3. ඔරුතොට, ගම්පහ පදිංචි තරිඳු ජයවර්ධන යන අයට 2025/12/26 දින පැය 1100ට මාගේ ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ පෙනී සිටින ලෙසට දන්වා පිළිතුරු සපයන්න.‘ යනුවෙන් සඳහන් TM 884 දරණ ගම්පොල මූලස්ථාන පොලිසියෙන් එවන ලද පොලිස් පණිවුඩය ගම්පහ මූලස්ථාන පොලිසිය මගින් ඊයේ එනම් 2025 දෙසැම්බර් 23 වැනිදා මාගේ නිවස වෙත ගෙනැවිත් ලබා දී තිබිණි.
2. SC FR 266/2023 දරණ මූලික අයිතිවාසිකම් නඩුවට අදාලව 2025 ජූලි 02 දිනැතිව පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද RTM 101 සහ CRTM 61 අංක සහිත පොලිස්පති චක්‍රලේඛයේ සඳහන්ව ඇත්තේ තැනැත්තන් විමර්ශන සඳහා කැඳවීමේදී අදාල චෝදනාව සහ දෝෂාරෝපනය ගැන ප්‍රමාණවත් දැනුම්දීමක් අදාල තැනැත්තා වෙල ලබා දිය යුතු බවයි. කෙසේ වෙතත් ගම්පොල මූලස්ථාන පොලිසියෙන් මා කැඳවීම සදහා ලබා දුන් පොලිස් පණිවුඩයේ කවුරුන් විසින්, කුමන හේතුවක් මත කරන ලද පැමිණිල්ලක් ද යන්නත්, අසත්‍ය තොරතුර කුමක්ද යන්නත්, ජනමාධ්‍යවේදියකු ලෙස මාවිසින් ලියන ලද කුමන ලිපියක කුමන කොටසකින් හෝ මා විසින් පල කරන ලද කුමන වීඩියෝවක කුමන කොටසක අදාල අසථ්‍ය තොරතුර ඇතුළත් වන්නේද යන්න සඳහන් කර නැත.
3. මේ සම්බන්ධයෙන් ගම්පොල වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගෙන් දුරකතන ඇමතුමක් මගින් ඊයේ (23) විමසීමේදී, මා කැඳවූ හේතුව දැන ගැනීමට හැකි වන්නේ පොලිසියට පැමිණීමෙන් පසුව බව මුලින් ප්‍රකාශ කළ අතර පසුව පොලිස්පති චක්‍රලේඛය ගැන සඳහන් කිරීමත් සමග එහි විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාගේ දුරකතන අංකය ලබා දුන්නේය. එම අංකයට ඇමතුමක් ගත්විට ද පෙරහා සමාන ප්‍රතිචාරයක් ලැබුණු අතර පොලිස්පතිගේ චක්‍රලේඛය ගැන ද සඳහන් කරමින් ගම්පහ සිට ගම්පොලට හේතුවක් නොදැන පැමිණීම ගැන විමසීමේදී ඔහු පැමිණිල්ලට අදාල තොරතුරු ප්‍රකාශ කළේය.
4. විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ මට එරෙහිව පැමිණිල්ල කර ඇත්තේ අම්බුළුවාව ජ්‍යෛ විවිධත්ව සංකීර්ණයේ කළමනාකරු සහ ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක යැයි කියන එම් එෆ් භාකීර් නම් පුද්ගලයකු බවයි. ජනමාධ්‍යවේදියකු මාවිසින් ලියන ලද ලිපි සහ මා විසින් පල කරන ලද වීඩියෝ මගින් අපහාසයක්වීයැයි කියමින් පැමිණිල්ල මගින් විමර්ශනයක් ඉල්ලා ඇතැයි විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.
5. අම්බුළුවාව ජ්‍යෛව විවිධත්ව සංකීර්ණය යනු 2009 අංක 44 දරන අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල පනත මගින් ස්ථාපිත රාජ්‍ය ආයතනයක් වන අතර එම පනතේ 14 වැනි වගන්තිය යටතේ අරමුදලේ සියලු නිලධරයන් සහ සේවකයන් දණ්ඩ නීති සංග්‍රහයේ අර්ථානුකූලව සහ එහි කාර්යය සඳහා රජයේ සේවකයන් ලෙස සලකනු ලැබිය යුතුය. එසේම පනතේ 15 වැනි වගන්තිය අනුව අදාල අරමුදල අල්ලස් පනතේ අර්ථානුකූලව උපලේඛනගත ආයතනයක් සේ සලකනු ලැබිය යුතු අතර ඒ පනතේ විධිවිධාන ඒ අනුව අදාල කරගනු ලැබිය යුතුය. ඒ අනුව මෙම පැමිණිල්ල කළ පුද්ගලයා සත්‍ය වශයෙන්ම ජෛව විවිධත්ව සංකීර්ණයේ නිලධාරියකු නම් ඔහු රාජ්‍ය නිලධාරියෙකි.
6. දණ්ඩ නීති සංග්‍රහයේ සාපරාධී අපහාසය සම්බන්ධයෙන් තිබූ වරද 2002 අංක 12 දරණ පනත මගින් ඉවත් කෙරුණු අතර ඒ අනුව අපහාසයක් වීම ගැන අපරාධ විමර්ශනයක් පැවැත්වීමට පොලිසියට හැකියාවක් නැත. එසේ තිබියදී රාජ්‍ය ආයතනයක් වන දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල මගින් මෙලෙස මට එරෙහිව පැමිණිල්ලක් කිරීම බරපතල තත්ත්වයක් සේ සලකමි. එය රාජ්‍ය දේපොළ සහ බලය අවභාවිත කිරීමක් ලෙස ද සැලකිය හැකිය.
7. දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදලේ වංචා දූෂණ ගණනාවක් ගැන ජනමාධ්‍යවේදියකු ලෙස මවිසින් කරුණු වාර්තා කර ඇති අතර අම්බුළුවාවේ පරිසර හානි ගැන ද අවස්ථා කිහිපයකදී අනාවරණය කර තිබේ. එම ආයතනයේ අනුදැනුම මත පසුගිය දිනෙක අම්බුළුවාව ප්‍රධාන පිවිසුම අසල ත්‍රීරෝදරථ රියදුරන් පිරිසකගෙන් අපට තර්ජන එල්ල වූ අතර මෙම පැමිණිල්ල ගොනු කිරීමේ අරමුණම ගම්පොළට නැවත මා ගෙන්වාගෙන අනතුරක් කිරීමට බව විශ්වාස කරමි.
8. අපහාසය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට පොලිසියට හැකියාවක් නොමැති හෙයිනුත්, අම්බුළුවාවට සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් අප වෙත තර්ජන එල්ල වී ඇති හෙයිනුත් චේතනාන්විතව මා අපහසුතාවට පත්කිරීම සඳහා අදාල ආයතනයෙන් කළ පැමිණිල්ල මාගේ ප්‍රකාශයන් නොගෙනම අවසන් කරන ලෙස ඉල්ලා සිටිමි. පැමිණිල්ල අවසන් කිරීම සඳහා මාගේ ප්‍රකාශයක් අත්‍යවශ්‍ය නම් ඒ ගැන කොළඹ පොලිස් මූලස්ථානයේදී එම ප්‍රකාශය සටහන් කර ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කර දෙන ලෙස ද ඉල්ලා සිටිමි.
9. මෙම ආයතනය මගින් පොලිස් නිලධාරීන්ට පවා මුදල් දී ඇති බව විගණකාධිපතිවරයා හෙළිදරව් කර ඇති අතර එය අනීතික ක්‍රියාවක් බව ද විගණකාධිපතිවරයා සඳහන් කර තිබේ. යලිත් මෙවැනි ක්‍රියා ඇති නොවීම සඳහා කටයුතු කරන ලෙසත්, අප විසින් අවස්ථා ගණනාවකදී හෙළිදරව් කර ඇතිපරිදි අම්බුළුවාව ආයතනය මගින් පොදු දේපොළ අවභාවිත කිරීම ඇතුළු සිදුවීම් ගැන විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසත් ඉල්ලා සිටිමි.
ස්තුතියි.
තරිඳු ජයවර්ධන
පිටපත්
1) රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව.
2) ලේකම්, මානව හිමිකම් කොමිෂන් සභාව.
3) සභාපති, ජාතික පොලිස් කොමිෂන් සභාව.
4) නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා, පොලිස්පති.
5) සභාපති, අපරාධයක වින්දිතයන් සහ සාක්කිකරුවන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසය.