ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී ආයතනය සහ රජය අතර එක් සරල ප්‍රශ්නයක් සම්බන්ධයෙන් කුණාටුවක් ඇති වෙමින් පවතී: එය නම් මුදල් පසුම්බිය දරන්නේ කවුද යන්නයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) පවසන්නේ නීතිය පැහැදිලි බවයි . එනම් එය විිසින් තමන්ගේම මූල්‍ය පාලනය කළ යුතු බවයි. සියලු රාජ්‍ය වියදම් තම අධීක්ෂණය යටතේ තබන නව නීතියක් උපුටා දක්වමින් මුදල් අමාත්‍යාංශය ඊට එකඟ වන්නේ නැත. මෙම ගැටුමේ හදවතේ ඇත්තේ වසරක පරතරයකින් සම්මත කරන ලද පනත් දෙකකි. ඒ 2023 දූෂණ විරෝධී පනත (ACA) සහ 2024 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත (PFMA)ය.
“සියයට සියයක් ස්වාධීන”
හිටපු මහාධිකරණ විනිසුරුවරයෙකු වන CIABOC අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක අවධාරනය කරන්නේ දූෂණ විරෝධී පනත සම්පූර්ණයෙන්ම ස්වාධීන අල්ලස් කොමිසමක් නිර්මාණය කිරීම සඳහා නිර්මාණය කර ඇති බවයි. එම නීතිය යටතේ, CIABOC තමන්ගේම අයවැය සකස් කර, එය කථානායකවරයාට යවන අතර, පාර්ලිමේන්තුව අනුමත කළ පසු, කැපවූ ගිණුමකට අරමුදල් ලබා ගනී. ප්‍රධාන ගිණුම් නිලධාරියා ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයාට විමර්ශන සහ නඩු පැවරීම් සඳහා අවශ්‍ය පරිදි වියදම් කළ හැකිය.
නමුත් දැන් අනුර කුමාර ජනාධිපති නායකත්වය දෙන මුදල් අමාත්‍යාංශය තර්ක කරන්නේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත (PFMA) පනත දූෂණ විරෝධී පනත ACA අභිබවා යන බවයි. එහි නීතිරීතිවලට අනුව සෑම රුපියලක්ම භාණ්ඩාගාර ක්‍රියා පටිපාටි හරහා ගමන් කළ යුතුය. එයින් අදහස් කරන්නේ අල්ලස් කොමිසමට නිදහසේ ක්‍රියාත්මක විය නොහැකි බවයි.
මෙම පනත් දෙකම රනිල් රාජපක්ෂ යටතේ ඉදිරිපත් කරන ලද ඒවා වේ.
දූෂණ විරෝධී පනත ACA බලාත්මක වී වසර දෙකකට පසුවත්, එහි විශේෂ අරමුදල තවමත් හිස්ව පවතී.
ශ්‍රී ලංකාවේ 2024 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත (PFMA) යනු රාජ්‍ය අරමුදල් කළමනාකරණය, අධීක්ෂණය සහ පාලනය ශක්තිමත් කිරීම, වඩා හොඳ සාර්ව ආර්ථික කළමනාකරණය සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය වැඩිදියුණු කිරීම සහ විනිවිදභාවය සහ වගවීම වැඩි කිරීම සඳහා නිර්මාණය කරන ලද නීතියකි. එය අයවැයකරණය, වියදම් පාලනය සහ ණය කළමනාකරණය සඳහා නවීන රාමුවක් ස්ථාපිත කරන අතර, මූල්‍ය අවදානම් ප්‍රකාශයක් (FRS) සකස් කිරීමෙන් මූල්‍ය අවදානම් හඳුනාගෙන කළමනාකරණය කිරීමට රජයට අවස්ථාව සළසයි. එම නීතිය දූෂණ විරෝධී පනත අභිබවා යන බව ආණ්ඩුව කියයි.
අල්ලස් කොමිෂම පමණක් නොවේ
2018 ජාතික විගණන පනත යටතේ සමාන ස්වාධීනත්වයක් පොරොන්දු වූ විගණන සේවා කොමිසම ද එම මාර්ග බාධකයට මුහුණ දෙයි. මූල්‍ය නිලධාරීන් අවධාරණය කරන්නේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත එයද ආවරණය කරන බවයි.
නීතිමය අළු පැහැති කලාපයක්
දූෂන විරෝධී පනත පැහැදිලි ක්‍රියාවලියක් දක්වා ඇත: අල්ලස් කොමිසමේ අයවැය යැවිය යුත්තේ භාණ්ඩාගාරයට නොව කථානායකවරයාට ය. කථානායකවරයා එය පාර්ලිමේන්තුවේ සභාගත කරයිෙ. මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ ඉල්ලයි. සහ අනුමත වූ පසු එය ජාතික අයවැයට ඇතුළත් කරයි. පාර්ලිමේන්තු ප්‍රතිපාදන, පරිත්‍යාග, දඩ සහ රාජසන්තක කරන ලද දේපළවලින් ලැබෙන මුදල් ලබා ගැනීම සඳහා දූෂන විරෝධී පනත විසින් අල්ලස් කොමිසමට අරමුදලක් පවා නිර්මාණය කරයි.
අල්ලස් කොමිසම හට කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට සහ පාර්ලිමේන්තු අනුමැතියට යටත්ව වැටුප් පරිමාණයන් නියම කිරීමට ද හැකිය. නමුත් ප්‍රායෝගිකව, මුදල් අමාත්‍යාංශය සියලුම කාර්ය මණ්ඩල සහ වැටුප් සඳහා සිය අනුමැතිය ඉල්ලා සිටින අතර, කොමිසමට ද්විතීයික ගෙවීම් මත විශ්වාසය තැබීමට බල කරයි.
මූලික ප්‍රශ්නය
ප්‍රමුඛත්වය ගන්නේ කුමන නීතියද , දූෂණ විරෝධී පනත ද හෝ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත ද?
දූෂණ විරෝධී පනත 2023 සැප්තැම්බර් මාසයේදී නීතියක් බවට පත් විය. 2024 අගෝස්තු මාසයේදී රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සම්මත කරන ලදී.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත ප්‍රධන බව මුදල් අමාත්‍යාංශය පවසයි. සියලුම ආයතන භාණ්ඩාගාර ලේකම් වෙත ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමට අවශ්‍ය වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 වන වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයෙකුගේ අවසරයක් නොමැතිව වියදම් කිරීම තහනම් කරයි.
ගැටුම් ස්ථානය
රංග දිසානායක මහතා ජනවාරි මාසයේදී බලයට පත්වීමෙන් පසු ගැටුම උත්සන්න විය. ඔහු අල්ලස් කොම්සමේ අයවැය කෙලින්ම කථානායකවරයා වෙත යවා එහිම කාර්ය මණ්ඩල සැලැස්ම යෝජනා කළේය . භාණ්ඩාගාර සම්මතයන් උල්ලංඝනය කරමින්. මුදල් අමාත්‍යාංශය අනුකූලතාවය ඉල්ලා නියෝග කළේය. කථානායකවරයා නීතිපතිවරයාගෙන් තීන්දුවක් ජනවාරි මාසයේදී ඉල්ලා සිටියේය. මාස ගණනාවක් ගත වුවද කවම කිසිදු මතයක් දක්වා නැත..
“ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත ප්‍රධාන බව නීතිපතිවරයා පවසන්නේ නම්, මම සංශෝධනයක් ඉල්ලා සිටිමි,” දිසානායක මහතා සන්ඩේ ටයිම්ස් වෙත පැවසා තිබේ. “එය අසාර්ථක වුවහොත්, අවසාන විසඳුම ශ්‍රේෂ්ඨාධිකරණයයි.”
මුදල් කරුණු
අල්ලස් කොසමිස අරමුදල් ප්‍රතික්ෂේප කර නැත . එහි 2025 වෙන් කිරීම රුපියල් බිලියන 1.37 ක් වන අතර එය පසුගිය වසරේ රුපියල් මිලියන 950 සිට ඉහළ ගොස් ඇත. නමුත් එහි කැපවූ අරමුදල හිස්ව පවතී. රජය රුපියල් මිලියන 66 ක් පොරොන්දු වී ඇත. නමුත් ක්‍රියා පටිපාටිමය අවහිරය දිගටම පවතින බැවින් එම මුදල ලැබී නැත.
එය වැදගත් වන්නේ ඇයි?
මෙය අයවැය සටනක් පමණක් නොවේ. එය මධ්‍යගත පාලනයට එරෙහිව ආයතනික ස්වාධීනත්වය ගැන ය. සෑම රුපියලකටම භාණ්ඩාගාරය මත යැපෙන්නේ නම් දූෂණ විරෝධී ආයතනවලට සැබවින්ම ස්වාධීන විය හැකිද? නැතහොත් මූල්‍ය විනය ඒකාකාර නීති ඉල්ලා සිටීම මගින් එම ස්වාධීනත්වය අහෝසි වන්නේද? දැනට, පිළිතුර නීතිපතිවරයා සතුව ඇත. සමහර විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට ද ඉඩ තිබේ.
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මෙ ්වන විට අවස්තා ගණනාවකදීම කොමිසම මුහුණ දී සිටින දුෂකරතා දක්වා තිබේ. ඊට ඇහුම්කම්දීමක් ආණ්ඩුවෙන් සිදුව නැත.
අනුර කුමාර ජනාධිපතිවරයා දූෂණ විරෝධය වෙනුවට මත් ද්‍රව්‍ය විරෝධය අතට ගනිමින් සිටින්නේද? කකුල් කැඩුණූ අශ්වයකුගෙන් කඩුලු පැනීමේ තරඟයක් ජයගත නොහැකි බව ඔහු නොදන්නේද?
(සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළ වූ ලිපියක කරුණූ ද සමඟිනි. විවරණ අපෙනි)