රත්න ශ්‍රී මහත්තයා හොද කවියෙකි. එතුමා ගැන මා නං මුලින්ම දැන ගත්තේ මහින්ද මහත්තයාගේ දෑත් ශක්තිමත් කල නිසාය. රත්න ශ්‍රී මහත්තයා මහින්ද මහත්තයා ගැන ලියූ කවිය මට හොද හැටි මතකය.
පැතුම් සේම ලක් අම්මා පැතූලෙසිනි
වරම් දුන් දනට යුතුකම් සපුරමිනි
උපන් මව් දෙරණ රැකදුන් අනුහසිනි
චිරං ජයතු – ජීවතු මහ නරනිඳුනී!
එකල සංවේදී නායකයා වූ මහින්ද මහත්තයාට ගොට්ටේ ඇල්ලූ මේන්ස්ට්‍රීම් අය අතර රත්න ශ්‍රී මහත්තයා උඩින්ම සිටියේය.
මහින්දා මහත්තයාට විතරක් නොව පාටලී චම්පික මහත්තයාට පවා රත්න ශ්‍රී කවි ලිව්වේය.
සතර දිගින් ආ ගොරතර
විතර නොහිම් වූ අණසක
බිඳැර නැණසරව
නිදහස පතා මව් බිමේ
පෙරටු කර මහා සඟ ගණ
කෙසර වෙසින් නැඟ නොබියව
ඔබයි පාඨලී චම්පික
නියමුවා වුණේ
නිල්ල දිළෙන මේ දෙරනත
දෙන්න දරුවන්ගෙ දෝතට
දියඹ වාතලය මේ බිම
නොවන්නට ඉතින් දූෂිත
ඔබයි පෙරමුණේ
කොල්ල කෑ උන්ට රිසි ලෙස
මහඟු ජාතියේ සම්පත
පාඩුවෙන් මුදා සරුකර
නඟා සිටුවමින් පින්කෙත
ඔබයි පෙරමුණේ
රතන, මේධානන්ද, ධම්මාලෝක පෙරටු කරගෙන චම්පිකලා පාර්ලිමේන්තු ආව හෙලෝරුමේ පීක් කාලයේ රත්න ශ්රීට මෙවැනි ආශ්වාදනීය කවි සිතුවිලි පහල වන්නට ඇත.
එතැනින් නොනැවතුනු ඒ මහතා ගෝඨාභය මහත්තයාගේ ඇටනව ලස්සයටද නොඅඩුව චූන් ලබා දීම සදහා කවි ලිව්වේය.
ගැමුණු නරනිඳුට දස මහ සෙනෙවි ලෙස
දෙවුණු සවිය මඩිමින් රුදු දසනු දෙස
ගෙවුණු සමේ දී ඉටුකළ මහරු කිස
කියනු බැරිය – කියතොත් ඒ ඔබම මිස
මෙහි ගැමුණු නරනිදු යනු මහින්ද මහත්තයාය. මහින්ද මහත්තයාගෙන් 2015 දී චුට්ටක් ඉවත්ව සිටියද රත්න ශ්‍රී කවියාට ගෝඨාභය මහසෙනවිකම් කල මහින්ද යුගයේ සුරුවිරුකම් අමතක කල නොහැකිව තිබුණු බව පෙනේ. ගෝඨාභය වෙනුවෙන් දැඩිව පෙනී සිටි එතුමා ටිකෙන් ටික සර් හාන බව පෙනී යෑමත් සමග අන්තරස්දාන වූ අතර එක්වනම ජාතික ජන බලවේගය දෙසින් ඉස්මතු විය. අනුර දිසානායක සහෝදරයා ගේ අපූර්ව ජීවන ගමන දැක සංවේදී වූ මේ රත්නශ්‍රී කවියා ඔහුගේ හැගීම වචන වලට කැටි කරේ මෙපරිද්දෙනි.
තඹුත්තේගම
දුක කියන්නත්
අකුරු බැරි අම්මේ
පුතුට කොහොමද
රටේ දුක
තේරුම කියා දුන්නේ..
-ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ
මහින්ද මහත්තයාට සන්දේශ කවි ලියූ එතුමා අනුර මහත්තයාට ලිව්වේ හයිකු ටයිප් කවියකි. කදවුර සමග ටෝන් එක, ස්ටයිල් එක මාරු කිරීමට එතුමා උපන් හපනෙක් බව මෙයින් පැහැදිලි වේ.
එතුමා මීට දශක දෙක හමාරකට පෙර චන්ද්‍රිකා මැඩම්ටද සිංදු ලියා ඇති අතර අමරසිරි දොඩංගොඩ මහතා ගොඩ දමා ඔහුගේ මාධ්‍ය ලේකම් හා සම්බන්ධීකාරක තනතුරු හෙබවීය. දියුණු වෙන මිනිස්සු එහෙමය. ඕනෑම කන්ඩිෂන් එකක බැට් කිරීමට හැකි දක්ෂ පිතිකරුවන් වන දොන් බ්‍රැඩ්මන්, විවියන් රිචඩ්ස් ලා මෙන් රත්න ශ්‍රී යනු හෙළ කවිකෙතේද දේශපාලන පිටියේද ඩොන් බ්‍රැඩ්මන් වැනි පිතිකරුවෙකි.
– විමසුම පිටපත මහින්ද අබේසුන්දර නෙමෙයි මම Shalitha Bandara
ප.ලි. එතුමා ගැන මුලින්ම අදුන ගත්තේ මහින්ද මහත්තයා ලග සිටිද්දී යැයි කීවේ අපහාසයට නොවේ. එතුමා ඊට කලින් කවි සිංදු ලියා ඇති නිර්මාණකරුවෙකි. අවාසනාවකට වාගේ මට කවි නිසදැස් වැනි දෑ එතරම් දිරවන්නේ නැත. මා ඔවුන් ගැන දැනගන්නේ ඔවුන් වෙනත් සිද්ධීන් වලට සම්බන්ධ වීමෙන් පසුවය. එය ඔවුන්ගේ වරදක් නොව මගේ රසාස්වාදයේ ගැටළුවකි.
From Facebook.

