(Sri Lanka Brief/ 22 August 2025) හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන ලද ප්‍රකාශයක් අනුව ජන අරගලයට රාජපක්ෂ මැර පිරිස් ප්‍රහාරය එල්ල කල අවස්ථාවෙහි ජනාධිපති වූ ගෝටාභය රාජපක්ෂගෙන්ද ප්‍රශ්න කරනු ඇතැයි වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් ජවිපෙට සම්බන්ධ ලංකා ට්රුත් වෙබ් අඅඩවිය අනාවැකියක් පළ කර තිබේ:
ගෝල්ෆේස් සාමකාමී අරගලයට රාජපක්ෂ මැරයන් ප්‍රහාර එල්ල කිරීම වළක්වා නොගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එවකට කොළඹ ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් රාජපක්ෂ පවුල ම පාවා දෙනු ඇතැයි නිරීක්ෂකයන් අනාවැකි පළ කරති.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එළැඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලදී.
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර විසින් මෙම නියෝගය නිකුත් කර ලැබ ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.
මේ වනවිටත් එවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත ක්‍රියා කළ බවට හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කර තිබේ. ඔහුගේ නීතිඥවරයා ඊයේ (21) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඒ බව අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකා පොලිසිය මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති අතර, පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක ඇමතිවරයා ඉක්මවා ගොස් ගෝඨාභය රාජපක්ෂගේ නියෝග මත දේශබන්දු තෙන්නකෝන් ක්‍රියා කර තිබේ. අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇති කරුණු අනුව ගෝඨාභය රාජපක්ෂගෙන් ද ප්‍රශ්න කිරීමට සිදු වී තිබේ.
මේ අතර, විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ පිළිබඳව සඳහන් කිරීම දේශබන්දු තෙන්නකෝන්ගේ ආරම්භ පමණක් වන අතර, තවත් බොහෝ අපරාධ පිටුපස සිටි රාජපක්ෂලා ද හෙළි කරනු ඇතැයි අනාවැකි පළ කෙරේ.