Thursday, August 21, 2025

මිස්ට ක්ලීන් රනිල් රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් සීඅයිඩියට! 

(Sri Lanka Brief/21 August 2015) මිස්ට ක්ලීන් යනුවෙන් කළක් හැදින්වූ රනිල් වික්‍රමසිංහ පිං ජනාධිපති සමයෙහි රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව යටතේ පරීක්ෂණයට ලක්ව සිටී.

 ඒ නිල ආරාධනාවකින් තොරව බ්‍රිතානයයේ සංචාරයක යෙදෙමින් රුපියල් එක්කෝටි හැටනව ලක්ෂයක රජයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි

මේ ප්‍රශ්න කිරීම සඳහා හෙට (22දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දීමක් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට ඉහත දී හිටපු ජනාධිපතිවරයාගේ ලේකම් සමන් ඒකනායක, පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන්ගේ සහ ආරක්ෂක ප්‍රධානීන් කීපදෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබිණි.

ලේකම්ගෙන් ප්‍රශ්ණ කරන විට ලොක්කන්ට රත් වෙන බව ජනාධිපති අනුර කුමාර පසුගිය දා කියා සිටියේ මේ සම්බන්ධයෙනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ගයන්ට අනුව එසේ සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වී ඇත්තේ හිටපු ජනාධිපතිවරයා එංගලන්තයේ කළ සංචාරය නිල ආරාධනාවක් මත සිදු නොවූ එකක් බවයි.

ඔහු ඒ අතරවාරයේම සිය බිරිදට බ්‍රිතාන්‍ය දෙකයි පනහේ සරසවියකින් ලබා දුන් ගරු උපාධියක් ලබා ගැනීමට ද ගියේය. ඒ සඳහා ද රාජ්‍ය අරමුදල් වැය කරන ලද බව වාර්තා විය.

එහෙත් එම සංචාරය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් රුපියල් එක්කෝටි හැටනව ලක්ෂයක මුදලක් වැය කර තිබූ බවද මෙයට පෙර වාර්තා වී තිබුණි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ ඔහුගේ බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ  2023 දී රාජ්‍ය අරමුදල් යොදා ගනිමින් පෞද්ගලික සංචාරයක් සඳහා ලන්ඩනයට ගිය බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් හිටපු ජනාධිපති කාර්යාලය  2025 මාර්තු 18 නිවේදනයක් නිකුත් කරන ලදී.

(ජනමාධ්‍ය වාර්තා අසුරිණි)

Archive

Latest news

Related news