(Sri Lanka Brief/19 August 2025)
සුනන්ද දේශප්‍රිය.
මාධ්‍යවේදී කනපතිපිල්ලෙයි කුමනන්17 වන ඉරිදා අලම්පිල් පොලිස් මුරපොළෙහි දී ත්‍රස්ත විරෝධී සහ විමර්ශන අංශය (CTID) විසින් පැය හතකට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීමකට ලක් කරන ලදී. ,
මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී දෙස් විදෙස් සංවිධාන දෙමළ මාධ්‍ය සේවකයින්ට එරෙහිව අඛණ්ඩව සිදුවන හිරිහැර කිරීමේ ව්‍යාපාරයක කොටසක් ලෙස මෙම ප්‍රශ්ණ කිරීම හෙළා දැක තිබියදීය.
මෙය අතිශය භයානක පූර්වාදර්ශයක් බවත් ආණ්ඩුවේ මෙම මර්දනකාරී පිළිවෙත නොනැවත ඉදිරියට ගිය හොත් මාධ්‍ය නිදහසට බරපතල තර්ජනයක් විය හැකි බව දේශපාලන අංශ පවසති.
ජත්‍යන්තර ජනමාධයවේදීන්ගේ සම්මේලනය මෙම ප්‍රශණ කිරීම හෙළා දකිමින් මෙසේ ප්‍රකාශ කළේය: “මාධ්‍යවේදීන් ඔවුන්ගේ වාර්තාකරණය සඳහා ඉලක්ක කර ගැනීම සඳහා ත්‍රස්ත විරෝධී මෙවළම් භාවිතා කිරීම අතිශයින්ම කනස්සල්ලට කරුණකි. එය ශ්‍රී ලංකාවේ ස්වාධීන හා විවේචනාත්මක මාධ්‍ය නිහඬ කිරීමට දරන උත්සාහයකි. නව රජයෙන් මාධ්‍ය ආරක්ෂාව වැඩි කරන බවට සහතික වුවද, මෙම ප්‍රශ්ණ කිරීම දෙමළ සහ සුළුතර මාධ්‍යවලට එරෙහිව ක්‍රියාත්මක වන කුරිරු සෝදිසි කිරීමේ සහ බිය ගැන්වීමේ රටාවක කොටසකි.”
එමෙන්ම උතුරු නැගෙනහිර දෙමළ ජනයා අතර ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පිළිබඳව අසංතෘෂ්ඨියක් පැතිරෙමින් කිබෙන තත්වයක් තුළය. කුමනන් ප්‍රශ්ණ කිරීමට ලක් කල 17 වය දිට පසුදා උතුරු නැගෙනහිර පවත්නා යුදකරණයට විරුද්ධව හර්තාලයක්ද පැවැත්වුණි. ඉලංකෙයි තමිල් අරසු කච්චි විසින් දියත් කළ එම හර්තාලයට මුස්ලිම් කොන්ග්‍රසය, සහ කදුරට ප්‍රධාන දේශපාලන ධාරා දෙකම සහාය දැක්වීය.
උතුරු නැගෙනහිර අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සහ හමුදාකරණය පිළිබඳව දිගු කලක් වාර්තා කර ඇති කුමනන්, ඔහුගේ නීතිඥයා සමඟ මුලතිව්හි අලම්පිල් පොලිස් ස්ථානය තුළ පිහිටි සීටීඅයිඩී කාර්යාලයට කැඳවා තිබුණි.
එක දිගගට කරන ලද ප්‍රශ්න කිරීමෙන් පසු, ඔහු අන්තර්ජාලයේ මෙසේ පළ කළේය.
“ඊයේ, ශ්‍රී ලංකා පොලිස් ත්‍රස්ත විරෝධී විමර්ශන අංශය (CTID) විසින් පැය 6 යි මිනිත්තු 45 ක් මාගෙන් ප්‍රශ්න කරන ලදී. ප්‍රශ්න කිරීමේදී මගේ පුවත්පත් කලාව සහ ඡායාරූපකරණ කටයුතු, සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම්, මූල්‍ය ක්‍රියාකාරකම්, දුරකථන වාර්තා සහ විදේශ සංචාර පිළිබද විමසීය. මට ලැබී ඇති නොසැලෙන සහයෝගීතාවය, සහයෝගය සහ ආදරය සඳහා මම බෙහෙවින් කෘතඥ වෙමි. ඔබගේ දිරිගැන්වීම කරුණු මත පදනම් වූ වාර්තාකරණය දිගටම කරගෙන යාමට සහ ඉදිරි දිනවලදී මගේ කාර්යය ඉදිරියට ගෙන යාමට මගේ අධිෂ්ඨානය ශක්තිමත් කරයි.”
මෙවැනි දීර්ඝ ප්‍රශ්න කිරීමක අරමුණ වන්නේ ප්‍රශණ කරනු ලබන්නා බිය ගන්වා එම පුද්ලගයා මානව හිමිකම් ක්‍රියාකාරිත්වයෙන් ඉවත් කිරිමයි. 2009 වර්ශයේ දී මෙරට ජනමාධ්‍යවේදීන් පනහකට වැඩි පිරිසක් රට හැර යාමට බල කැරැණේද මෙවැනි මර්දනකාරී ක්‍රියාය.
‘ තියුණූ විමර්ශනයක්’
පොලිස් ස්ථානයෙන් පිටත වාර්තාකරුවන්ට කතා කරමින් ඔහුගේ නීතිඥවරයා මෙම අමිහිරි අත්දැකීම විස්තර කළේ “ තියුණූ විමර්ශනයක්” ලෙසයි.
“පරීක්ෂණයට ලක්වන විට කුමනන් දැඩි සීමාවන්ට මුහුණ දීමට සිදු විය” යැයි ඔහු පැවසීය.
“මෙම විමර්ශනයේදී ඔවුන් ඔහුගේ විස්තර, බැංකු හරහා මුදල් මාරු කිරීම්, සන්නිවේදනයන් පරීක්ෂා කර බැලූ අතර ප්‍රජාව සඳහා මාධ්‍යවේදියෙකු ලෙස ඔහුගේ කරන මාධ්‍ය පිළිබඳව ද විමසූහ. වැඩි විස්තර අවශ්‍ය නම් ඔහුව දෙවන පරීක්ෂණයක් සඳහා කුමනන් නැවත කැඳවන බව ප්‍රකාශ කළේය.”
නීතිඥවරයා තවදුරටත් සඳහන් කළේ, දකුණේ සිංහල කතුවරුන් දෙමළ ඊලම් විමුක්ති කොටි සංවිධානය (LTTE) ගැන සඳහන් කරන කෘති හිරිහැරයකින් තොරව විවෘතව ප්‍රකාශයට පත් කරන අතර දෙමළ මාධ්‍යවේදීන් එලෙස කළහොත් සඳහා අපරාධකරුවන් බවට පත් කරන බවයි.
මෙය වාර්ගික පදනමක් මත ජනයාට වෙනස් කොට සැළකීමකි. එම දේශීය මෙන්ම අන්තර් ජාතික මානව හිමිකම් වලට සපුරා විරුද්ධය.
““දෙමළ ඊළාම්” යන යෙදුම භාවිතා කළ හැකිද යන්න පිළිබඳ ගැටළුව ගන්න. භූගෝලීය දෘෂ්ටි කෝණයකින්, උතුරු හා නැගෙනහිර දෙමළ කතා කරන ප්‍රදේශ විස්තර කිරීමට භාවිතා කිරීමේ කිසිදු වරදක් නැත. එල්ටීටීඊය මෙම යෙදුම ජනප්‍රිය කළ පමණින්, එල්ටීටීඊය තහනම් සංවිධානයක් වුවද, එම නම භාවිතා කළ නොහැකි බව එයින් අදහස් නොවේ. ඇත්ත වශයෙන්ම, “දෙමළ ඊළාම්” යන වාක්‍ය ඛණ්ඩය මුලින්ම නිර්මාණය කරන ලද්දේ 1922 දී ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් විසිනි. ඔහු දකුණේ තවමත් සමරනු ලබන චරිතයකි.”

“ඒ හා සමානව, නියගලා මල, කොටියා සහ සෙන්බගම් කුරුල්ලා ( Greater Coucal හෝ මහ කුකුල් කුරුල්ලා) වැනි සංස්කෘතික හා ඓතිහාසික සංකේත අපගේ ඉතිහාසයේ ගැඹුරින් මුල් බැස ඇත. උදාහරණයක් ලෙස, චෝලයන්ගේ පුරාණ කොටි ධජය, එය වසර කිස් අව්රුදු යුද්ධයේදී එල්ටීටීඊය භාවිතා කළ නිසා එය මකා දැමිය නොහැක. අපගේ ඉතිහාසය මකා දැමීමට කිසිවෙකුට බලයක් නැත.”
දෙමළ මාධ්‍යවේදීන් මත පීඩනය වැඩි වෙමින් පවතින බව දෙමළ මාධ්‍ය ප්‍රකාශ කරයි.
මෙම ප්‍රශ්ණ කිරීම හුදකලා සිදුවීමක් නොවේ. මෙම හිරිහැර වසරකට ආසන්න කාලයක් පුරා දිව යයි. 2024 ඔක්තෝබර් මාසයේදී, CTID නිලධාරීන් මුලතිව් හි ඔහුගේ පවුලේ නිවසට ගොස්, ඔහු “දෙමළ ජනතාව මුහුණ දෙන අයිතිවාසිකම් ගැටළු කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු කිරීම සඳහා විදේශයන්හි සිට සේවය කරන” බවට පැමිණිල්ලක් ලැබී ඇති බව කියා සිටියේය. ඒ වන විට කුමනන් යාපනයේ සිටියද, නිලධාරීන් ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සාක්ෂි දෙන ලෙස බල කළහ. කුමනන් දුරකථනයෙන් සම්බන්ධ වූ විට, ඔහු මාස හයක් තිස්සේ මෙරට ජීවත් වන බව ඔවුන් නොදන්නා බව ඔවුන් පිළිගත්තේය.
කුමනන් තම දෙමාපියන්ට හිරිහැර නොකරන ලෙස ඔවුන්ට පවසා ප්‍රශ්න කිරීමට අවශ්‍ය නම් තමන් කෙලින්ම පොලිසියට කැඳවන ලෙස අවධාරනය කළේය. සතියක් ඇතුළත සිතාසියක් නිකුත් කරන බවට නිලධාරීන් පොරොන්දු වුවද, මාස දහයකට පසුව කිසිවක් ක්‍රියාත්මක නොවීය.
අවසානයේ දී 2025 මැද භාගයේදී සිතාසිය ලැබුණු විට, ඔහුගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් විධිමත් දැනුම්දීමක් ලබා දීම සඳහා නැවත වරක් ඔහුගේ නිවසට CTID ගියේය.
ඉරිදා, කුමනන් සහ ඔහුගේ නීතිඥයා අලම්පිල් පොලිස් ස්ථානයට ගියේය. එය ඝාතන සහ හමුදා මෙහෙයුම් සඳහා මුලතිව්හි කුප්‍රකට ස්ථානයක් බවට චෝදනා කැරේ. එහිදී, පොලිස් නිලධාරීන් තිදෙනෙකු සමඟ CTID නිලධාරියා ඔහුගෙන් පැය හයකට වැඩි කාලයක් ප්‍රශ්න කළේය.
ඔහුගේ නීතිඥවරයාට අනුව, නිලධාරීන් ඔහුගේ බැංකු වාර්තා, සන්නිවේදන, විදේශ සංචාර සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් මෙන්ම ඔහුගේ පුවත්පත් කලාව සහ ඡායාරූපකරණය පිළිබඳ විස්තර පරීක්ෂා කළහ. සැසිය අවසානයේ, සිදු වූ දේ “හෝ හමුදා බුද්ධි අංශයට අදාළ කිසිදු කාරණයක්” ගැන කතා නොකරන ලෙස ඔවුන්ට අවවාද කළ අතර තවදුරටත් විමර්ශන පැවැත්වීමට නියමිත බව සඳහන් කළහ.
“ඔහුගේ නීති උපදේශකයා ලෙස, ඔහු කර ඇති කාර්යය ඕනෑම මාධ්‍යවේදියෙකු කරන සාමාන්‍ය කාර්යය බව මට ස්ථිරවම පැවසිය හැකිය. උදාහරණයක් ලෙස, යමෙකුගේ බැංකු ගිණුම් තොරතුරු වෙත නීත්‍යානුකූලව ප්‍රවේශ වීම සඳහා අධිකරණ නියෝගයක් අවශ්‍ය වේ – නමුත් කුමනන්ගේ ප්‍රශණ කිරීමේ දී, මෙම නිසි ක්‍රියාවලිය අනුගමනය කර නොමැත. විමර්ශනය ඒකපාර්ශ්වික සහ අසාධාරණ වන අතර, අනාගතයේදී අපි ඒ පිළිබඳව වැඩි දැනුවත් කිරීමක් කරන්නෙමු.”
දෙමළ මාධ්‍යයට එරෙහිව පුළුල් මර්දනයක්
ප්‍රශ්න කිරීම් මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නන්ගෙන් පුළුල් ලෙස හෙළා දැකීමට හේතු වී තිබේ. වසර ගණනාවක් තිස්සේ, දෙමළ මාධ්‍යවේදීන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් හිරිහැර කිරීම්, බිය ගැන්වීම් සහ නිරීක්ෂණ වාර්තා කර ඇත, විශේෂයෙන් අතුරුදහන් කිරීම්, ඉඩම් අත්පත් කර ගැනීම හෝ දෙමළ අනුස්මරණය කිරීම වැනි ජන සංහාරයට අදාළ ගැටළු ආවරණය කරන විට මෙම මර්දනය දියත් වේ.
එළඹෙන සැප්තැම්බරයේ දී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කැරෙන මහ කොමසාරිස්වරයාගේ වාර්තාවේ ද උතුරු නැගෙනහිර දෙමළ ජනමාධ්‍යවේදීන් මුහුණ දෙන මර්දනය හෙළා දැක තිබේ.
ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේද උතුරු නැගෙනහිර යුදකරණය එළෙසම පවතින බවට මෙම සිදුවීම සාක්ෂි දරයි.
(දෙමළ ජනමාධ්‍ය මගින් පළ කර ඇති කරුණු ද අනුසාරයෙනි.)