Friday, October 10, 2025

මුල් බැසගත් දණ්ඩ මුක්තිය බිඳදමා කල් පසු වූ යුක්තිය සහ වගවීම ඉටු කරන්න – එක්සත් ජාතීන් ලංකාණ්ඩුවට කියයි

(Sri Lanka Brief/ 14 August 2025)

මූලාශ්‍රය: එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව A/HRC/60/21

 සාරාංශය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම වාර්තාව අනුව, ශ්‍රී ලංකාව  ගැටුම් සහ දේශපාලන බලපෑම් මත සිදු වූ බරපතළ මානව හිමිකම් උල්ලංඝනවල උරුමයෙන් මිදී නැත.  වාර්තාවේ විශේෂ අවධානය යොමු වන්නේ නව ආණ්ඩුවේ පොරොන්දුවලට සහ ඒවා ක්‍රියාත්මක වීමේ ප්‍රගතියටය.

2024 මැතිවරණයෙන් පසු ජාතික ජන බලවේගය (NPP) බලයට පැමිණි අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය යටතේ නව ආණ්ඩුව ව්‍යවස්ථානුකූල, නීතිමය සහ ආයතනික ප්‍රතිසංස්කරණ කරන බවට පොරොන්දු විය. නමුත්, වාර්තාව පෙන්වා දෙන්නේ මෙම පොරොන්දුවලින් බොහෝ දේ තවමත් වචනවලට සීමා වී පමණක් පවතින බවය.

ප්‍රධාන තොරතුරු සහ විශ්ලේෂණය

  1. නීතිමය සහ ආයතනික දුර්වලතා

  • ප්‍රතිසංස්කරණ පොරොන්දුවලට පසුබැසීම:ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, මාර්ගගත ආරක්ෂණ පනත සහ  රාජ්‍ය නොවන සංවිධාන නීතිය යටතේ නිදහස් අදහස් පළ කිරීම, සංගම්වල ක්‍රියාකාරිත්වයට සහ විරෝධතාවයන්ට බාධා ඇති වේ.

  • නීතිපති දෙපාර්ථමේන්තුව තවමත් දේශපාලන බලපෑම් වලට ලක්වෙයි. නව ආණ්ඩුව ස්වාධීන අභියෝජක කාර්යාලයක් පිහිටුවීමට කමිටුවක් පත් කර ඇත.

  • අතුරුදහන්වූවන්ගේ කාර්යාලය සහ හානිපුර්ණ කාර්යාලය වැනි ආයතන වින්දිතයින්ගේ විශ්වාසය නැතිව, සම්පත් හිඟයෙන් දුර්වලව ක්‍රියා කරයි.

  1. සත්‍යය සෙවීම සහ පුනරුත්ථාපනය

  • සාමූහික මිනීවල්වල් (උදාහරණයක් ලෙස Chemmani) පිළිබඳව විමර්ශන පවතින නමුත් ඒ සඳහා තාක්ෂණික සහ මානව සම්පත් ප්‍රමාණවත් නැත.

  • අතුරුදහන්වූවන්ගේ කාර්යාලයට වාර්තා වූ ව 15,000 ක් තරම් අතුරුදහන්වීම් වලින් සොයාගෙන ඇත්තේ 18ක් පමණකි.

  • සත්‍ය සහ ප්‍රතිසංන්ධන කොමිසමක් (TRC) පිහිටුවීමට ආණ්ඩුව පොරොන්දු වී ඇති බව මහ කොමසාරිස්වරයාගේ කාර්යාලය පෙන්වා දෙයි, එය විශ්වාසදායක වීමට නම් ස්වාධීන, සත්‍යය මත පදනම් වූ, සහ වින්දිතයින්ගේ සහභාගිත්වය ඇතුළත් විය යුතුය.

  1. සංකේතාත්මක නඩු සහ දණ්ඩ මුක්තිය

  • කීත් නොයර්, රවීන්ද්‍රනාත්, ලසන්ත වික්‍රමතුංග, වසීම් තාජුඩීන්, එක්නැළිගොඩ වැනි නඩු කිහිපයක ප්‍රගතියක් ඇතත් බොහෝ නඩු  එක තැන පල්වෙයි.

  • ගැටුම් සම්බන්ධ ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබද නඩු බොහෝවිට වාර්තා නොවන අතර බොහෝ විට නඩු නොපැවරෙන්නේ නැත.

  • දිවි ගලවාගත්වුන් තවමත් සමාජ තර්ජන, නීතිමය බාධාවන්, සහ අවිශ්වාසයෙන් ජීවත්වෙති.

  1. සමාජ ආර්ථික බලපෑම්

  • දුප්පත්කම 24.5% දක්වා ඉහළ ගොස් ඇත.

  • ආහාර හිඟය සහ පෝෂණ හිඟය විශේෂයෙන්ම දරුවන් සහ ස්ත්‍රී ප්‍රධානත්වය ඇති පවුල්වලට බලපායි.

  •  අයිඑම්එෆ්  සහාය යටතේ  යටතේ සමාජ ආරක්ෂාව සඳහා වෙන්කිරීම් අඩුය.

  • මලෙයියර් ප්‍රජාව තවමත් ආර්ථික සහ වාණිජ වශයෙන් පීඩිතය..

  1. සංවිධාන සහ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට එරෙහි තර්ජන

  • උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල රාජ්‍ය නොවන සංවිධාන, මානව හිමිකම් ක්‍රියාධර පිරිස්, සහ පීඩිත පවුල් සීඅයිඩීයේ සහ ටීඅයිඩීයේ, සහ ආරක්ෂක අංශවල නිරීක්ෂණ, තර්ජන, සහ නීතිමය පීඩනයට ලක්වෙති.

  • රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අවසර අවශ්‍ය වීම නිසා නිදහස් ක්‍රියාකාරිත්වයට බාධා වේ.

මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයේ  නිර්දේශ

ශ්‍රී ලංකා රජයට:

  •  ත්‍රස්තවාසය වැළැක්වීමේ පනත අහෝසි කර සහ නීතිමය ප්‍රතිසංස්කරණ කරන්න.

  • විශ්වාසදායක සත්‍ය සහ ප්‍රතිසංධාන කොමිසමක් පිහිටුවන්න.

  • සාමුහික මිනීවලවල් විමර්ශන වේගවත් කරන්න.

  • නීතිපති කාර්යාලය ස්වාධීන කරන්න.

  • සමාජ සංවිධානවලට එරෙහි  රාජ්‍ය ආරක්ෂක ආයතනයන් කරන සෙවිල්ල නවත්වන්න.

  • ආරක්ෂක අංශ සංශෝධනය කරන්න; අල්ලාගත් ඉඩම් ආපසු ලබා දෙන්න.

  • ආර්ථික ප්‍රතිපත්ති මානව හිමිකම් වලට අනුකූල කරන්න.

ජාත්‍යන්තර සමාජයට

  • නීතිමය සහ ආයතනික ප්‍රතිසංස්කරණ සඳහා සහය ලබාදෙන්න.

  • විශ්වීය අධිකරණ බලය යටතේ නඩු පැවැත්වීම සඳහා ක්‍රියාත්මක වන්න.

  • පීඩකයන්ට එරෙහිව සම්පත් තහනම් කිරීම සහ සංචාරක  තහනම් කිරීම වැනි පියවර ගන්න.

  • මහ කොමසාරිස් කාර්යාලය මඟින් කරන නිරීක්ෂණ සහ වාර්තාකරණය සඳහා සහය ලබාදෙන්න.

  • ඩයස්පෝරාවේ යුක්තියය සහ ප්‍රතිසන්ධාන උත්සාහයන්ට සහ සත්‍ය සෙවීමේ උත්සාහයන්ට සහය ලබාදෙන්න.

නිගමනය

ශ්‍රී ලංකාවට  සත්‍යය හෙළි කිරීම, සාධාරණය ලබාදීම, සහ පුනරුත්ථාපනය සඳහා ඉතිහාසමය අවස්ථාවක් ඇත. නව ආණ්ඩුවේ පොරොන්දු අනුව ක්‍රියාත්මක වීම සහ ජාත්‍යන්තර සහයෝගය මඟින්, ශ්‍රී ලංකාවට සාමය සහ එකමුතු ජාතියක් බවට පත්විය හැකිය.

 

(ඉංග්‍රිසි බසින් ඇති දීර්ඝ වාර්තාවකින් සකස් කරන ලදී.)

Archive

Latest news

Related news