(Sri Lanka Brief/ 28 July 2025) පොතුවිල් ප්‍රදේශ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඊශ්‍රායල් අන්තවාදී ආගමික ආයනයක් වන පොතුවිල් පිහිටි චබාද් නිවස ඉවත් කිරීමට පියවර ගැනීම සඳහා ඒකමතිකව යෝජනාවක් සම්මත වී තිබේ.
එය ප්‍රදේශයේ මතභේදාත්මක කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති අතර පසුගිය වසරේ බෝම්බ බියෙන් පසුව අනුර කුමාර ආණ්ඩුව එයට දැඩි ආරක්ෂාවක් ලබා දීමට පටන් ගත්තේය.
චබාද් නිවාස යනු මොනවාද?
චබාද් නිවස යනු නිව්යෝර්ක්හි පිහිටි අන්තවාදී ඕතඩොක්ස් යුදෙව් කණ්ඩායමක් වන චබාද්-ලුබාවිච් ව්‍යාපාරය විසින් පවත්වාගෙන යනු ලබන ආගමික හා සංස්කෘතික මධ්‍යස්ථානයකි. එය මෙරටට පැමිණෙන යුදෙව් සංචාරකයින්ට, විශේෂයෙන් ඊශ්‍රායල සංචාරකයින්ට සේවය කිරීමට පිහිටුවා තිබේ.
මුස්ලිම් පල්ලියක් අසල පිහිටි මෙම ප්‍රදේශයේ චබාද් නිවස පිළිබඳව කනස්සල්ල වැඩිවෙමින් පවතින අතර නැගෙනහිර වෙරළබඩ සංචාරක මර්මස්ථානයේ ඇති විය හැකි ත්‍රස්තවාදී තර්ජන පිළිබඳව මාස ගණනාවකට පෙර කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය සංචාරක අනතුරු ඇඟවීමේ මට්ටමක් නිකුත් කළේ මෙම චබාද් නිවාස ආරක්ෂා කර ගැනීමටය.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ඒ. ආදම්බාවා පවසන්නේ සංචාරක කටයුතුවලට කිසිදු බාධාවකින් තොරව චබාද් නිවස ඉවත් කිරීමේ ඉදිරි මාර්ගය සාකච්ඡා කිරීමට තීරණයක් ගෙන ඇති බවයි.
“සංචාරක කටයුතුවලට බාධාවක් නොවන පරිදි සහ විවිධ ආගමික පුද්ගලයින් අතර ගැටුම් ඇති නොවන පරිදි චබාද් නිවස ඉවත් කිරීමේ ඉදිරි මාවත සාකච්ඡා කිරීමට අපි තීරණය කළෙමු,” ආදම්බාවා මන්ත්‍රීවරයා පැවසයි. මෙම තීරණයට ඔවුන් පැමිණියේ ප්‍රදේශයේ සම්ප්‍රදායික වැසියන් වන මුස්ලිම් ජනයා කෙරෙන් පැන නගින විරෝධතා සමනය කරනු පිනිසය.
“මෙම චබාද් නිවස වටා ඇති ප්‍රජාව තුළ ආතතියක් ඇති වී තිබේ. එය වලංගු ලියාපදිංචියකින් තොරව ක්‍රියාත්මක වන බවට ඔවුන් පැමිණිලි කර ඇත. එබැවින්, රැස්වීමේදී, මෙම සියලු අංශ සොයා බලා ඉවත් කිරීම පිළිබඳව අදාළ රජයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට අපි තීරණය කළෙමු.” යැයි ඔහු කියයි.
ශ්‍රී ලංකාව ඊශ්‍රායල සංචාරකයින්ගේ පැමිණීමේ තියුණු වැඩිවීමක් සිදුව ඇත. වසර දෙකකට පෙර 9,300 ක් වූ ඊශ්‍රායල සංචාරකයින් 25,000 ක් 2024 වර්ශයේදී පැමිණ තිබේ. බොහෝ දෙනෙක් සර්ෆින් සංස්කෘතිය සහ අඩු වියදම් සහිත ආරුගම් බොක්ක සහ හික්කඩුව වැනි වෙරළබඩ උණුසුම් ස්ථාන කරා ගමන් කරති.
චබාද් නිවාස කිහිපයක් – කොෂර් ආහාර, යාඥා ස්ථාන සහ ප්‍රජා සේවා සපයන යුදෙව් ආගමික මධ්‍යස්ථාන – මෙම ප්‍රදේශවල ස්ථාපිත කර ඇත්තේ බොහෝ විට නියාමනය නොකළ සහ විධිමත් රජයේ අනුමැතියකින් තොරවය.
ඊශ්‍රාලුවන් සිතා සිටින්නේ පලස්තීන භූමිය බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටින අන්දමට ලංකාවේ ඉඩකඩම් සහ ව්‍යාපාර අත්පත් කර ගත හැකියැයි සිතාය. පනින වඳුරන්ට අත්වැල අල්ලන පරිදි ජනධිපති අනුර කුමාර පසුගියදා මෙම යුද උන්මන්තක ඊශ්‍රාලුවන්ට මෙරටට පැමිනීමට නොමිලයේ වීසා ලබා දුන්නේය.
මෙරට ජීවත්වන මුස්ලිම් ජනයාට වඩා ජාතික ජනබලවේගයට වටින්නේ යුදවාදී ඊශ්‍රායල් සංචාරකයින්ය.
චාබඩ් නිවාස වලට අමතරව, ඊශ්‍රායලයට අයත් අවන්හල් සහ සර්ෆ් කඳවුරු රාශියක් බිහි වී ඇති අතර, සමහරක් හෙබ්‍රෙව් භාෂාවෙන් පමණක් සේවාවන් සපයයි. ඊශ්‍රායල ගනුදෙනුකරුවන්ට පමණක් ආහාර සපයයි.
රජයේ නිලධාරියෙකු පවසා ඇත්තේ මෙම ව්‍යාපාරික ආයතන බොහොමයක් සමාගම් ලියාපදිංචිය සහ වීසා සඳහා දේශීය නීති උල්ලංඝනය කරන බවයි.
වීසා අනිසි භාවිතය, අවිධිමත් ව්‍යාපාර
සංචාරක වීසා මත සේවය කරන ඊශ්‍රායල ජාතිකයන් හෝ බලපත්‍රලාභී නොවන ව්‍යවසායන් සඳහා ඉඩම් බදු දීම ඇතුළු වීසා නීති සහ ව්‍යාපාරික සම්මතයන්ගෙන් පිටත පෙනෙන ඊශ්‍රායල මෙහෙයුම් සම්බන්ධයෙන් ප්‍රාදේශීය ප්‍රජාවන් නොසන්සුන් වී සිටිති.
ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල ජාතිකයන්ගේ වැඩිවන පැවැත්ම – විශේෂයෙන් ආරුගම් බොක්ක, ඇල්ල සහ හික්කඩුව වැනි සංචාරක ස්ථානවල – ව්‍යාපාරික අරමුණු සඳහා සංචාරක වීසා අනිසි ලෙස භාවිතා කිරීම සහ නීති විරෝධී හෝ නියාමනය නොකළ ව්‍යාපාරික මෙහෙයුම් හේතුවෙන් මතභේදයට තුඩු දී තිබේ.
“විදේශීය-පමණක්” අවන්හල් සහ සර්ෆ් කඳවුරු දේශීය ජනතාව බැහැර කිරීම, දේපළ මිල ඉහළ නැංවීම සහ ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් පසෙකට දැමීම සම්බන්ධයෙන් ඉහළ යන කෝපයක් පවතී.
ආරුගම් බොක්ක වැනි මුස්ලිම් බහුතරයක් සිටින ප්‍රදේශවල, විශේෂයෙන් ගාසා ගැටුම් ආතතීන් මධ්‍යයේ, මුස්ලිම් පල්ලි අසල මිලිටරි-ගැති සංකේත සහ හෙබ්‍රෙව් සංඥා පැළඳ සිටින ඊශ්‍රායල සංචාරකයින් පිළිබඳ වාර්තා සංස්කෘතික ගැටුම ඉහළ නංවා තිබේ.
ජාතික ජන බලවේගය මේ සියල්ලට අවසර දී ඇත්තේ ඩොලර් සඳහා පමණක් නොව ඊශ්‍රායලය සමඟ පවත්නා යුදමය සම්බන්ධතාවයද නිසාය.
බොහෝ ඊශ්‍රායල ජාතිකයින් සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට ඇතුළු වන නමුත් සමහරු නේවාසිකාගාර, කැෆේ හෝ සර්ෆ් සාප්පු පවත්වාගෙන යාම වැනි ව්‍යාපාරික කටයුතුවල නියැලී සිටිති. ශ්‍රී ලංකා නීතිය යටතේ, සංචාරක වීසා බලපත්‍රයක් රැකියා හෝ ව්‍යාපාරික ක්‍රියාකාරකම් සඳහා අවසර නොදේ. නිසි ව්‍යාපාර ලියාපදිංචි කිරීමකින් හෝ බදු අනුකූලතාවයකින් තොරව අවිධිමත් ලෙස ක්‍රියාත්මක වන ඊශ්‍රායල සතු ව්‍යාපාර පිළිබඳ වාර්තා ඇතත් බලධාරීන් නෑසු කන්ව සිටිති..
සමහර අවන්හල්, කැෆේ සහ ගෙස්ට්හවුස් ඊශ්‍රායල සංචාරකයින්ට පමණක් ආහාර සපයන බවටත්, අදාළ ප්‍රදේශවල දේශීය ව්‍යාපාර අඩපණ කරන බවටත් විශ්වාස කෙරේ. ඒවා නිසි බලපත්‍ර, ව්‍යාපාර බලපත්‍ර හෝ ආයෝජන මණ්ඩලයේ (BOI) අනුමැතියකින් තොරව ක්‍රියාත්මක වන අතර බදු දායක නොවන අතර දේශීය ආර්ථිකයට ආදායම අහිමි කරයි.
මෙම ව්‍යාපාර බොහෝ විට ප්‍රචාරය කරනු ලබන්නේ ඊශ්‍රායල යෙදුම් එනම් ඇප්ස්, සංසද සහ පෞද්ගලික WhatsApp කණ්ඩායම්වල පමණක් වන අතර, දේශීය පරීක්ෂාව එමගින් මග හරියි.
චබාද් නිවාස සහ අවන්හල්, සමහර විට, මුස්ලිම් බහුතර ප්‍රදේශවල ක්‍රියාත්මක වන අතර, එය ආගමික හා සංස්කෘතික සංවේදීතාවයට මග පාදයි.
බලධාරීන් චබාද් නිවාස සහ ඊශ්‍රායලයෙන් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර සහ වීසා අක්‍රමිකතා විමර්ශනය කර ඇතත්, දේශපාලන බලපෑම් සහ සංචාරක බලපෑම් හේතුවෙන් සමහර විට බලාත්මක කිරීම අස්ථාවර වී තිබේ. ඊශ්‍රාලුවන්ට මෙරට ඇත්තේ ලංකිකයින්ටවත් නැති වරප්‍රසාදය.
ශ්‍රී ලංකාවේ චබාද් නිවාස
චබාද් නිවාස යනු ආගමික නමස්කාරය, කොෂර් ආහාර සහ යුදෙව් සංචාරකයින් සඳහා සහාය වීම සඳහා නිර්මාණය කර ඇති අවිධිමත් යුදෙව් ප්‍රජා මධ්‍යස්ථාන වේ.
ශ්‍රී ලංකාවේ, මේවාට ආරුගම් බොක්ක, කොළඹ සහ හික්කඩුවෙහි ශාඛා ඇතුළත් වේ. ඒවා අමුත්තන්ගේ අවශ්‍යතා සපුරාලන අතර, බොහෝ ඒවා විධිමත් සැලසුම් බලපත්‍ර හෝ සංක්‍රමණ අවසරයකින් තොරව ඉදිකර හෝ ක්‍රියාත්මක කර ඇති අතර, එය නීත්‍යානුකූලභාවය පිළිබඳ ගැටළු ඇති කරයි.
ශ්‍රී ලංකාවේ ස්ථාපිත චබාද් නිවාස පහෙන් දෙකක් පමණක් සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති බව ආර්ථික සංවර්ධනය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුවකට දන්වා ඇත.
කෙසේ වෙතත්, එහි නිල වෙබ් අඩවියේ, ‘චබාද් ශ්‍රී ලංකාව’ පවසන්නේ එය ශ්‍රී ලංකාවේ චබාද් නිවාස හතරක් පමණක් ක්‍රියාත්මක කරන බවයි: කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ, ආරුගම් බොක්ක මාෆාසා මුස්ලිම් පල්ලිය පාරේ, වැලිගම බුහාරි මස්ජිඩ් පාරේ සහ ඇල්ල ක්ලබ් විලාවේ ඒවා පිහිටා ඇත.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ බීබීසී වාර්තා කළේ චබාද්-ලුබාවිච් ව්‍යාපාරය යුද්ධයේදී ‘ඊශ්‍රායල වීරත්වය’ සැමරූ ආකාරය සහ ආරුගම් බොක්කෙහි චබාද් නිවස එහි දැන්වීම් පුවරුවේ යුද්දයෙන් මියගිය ඊශ්‍රායල ජාතිකයන්ගේ පින්තූර පළ කළ ආකාරයයි.
මේ සියල්ල තිබියදීත්, චබාද් නිවාස සහ ඒවායේ සිටින සමහර පුද්ගලයින්ට ජාතික ජන බලවේගය ශ්‍රී ලංකා බදු ගෙවන්නන්ගේ මුදලින් විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇත.
පුදුම නමුත් ඇත්තය.
(C) SLB
සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතෙහි පල වූ ලිපියක් ද අසුරු කරන ලදී.