දේශපාලනඥයින් විසින් බොහෝ අවස්ථාවලදී නොමග යන සුළු තොරතුරු ඇතුළත් ව ප්‍රකාශයන් සිදු කරන අතර ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක් විසින් රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවක අතරතුර සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් https://srilanka.factcrescendo.com/ සිදු කළ කරුණු පරීක්ෂාකිිි හෙළි වන්නේ අමූලික බොරු ප්‍රසිද්ධීයේ කීම ඇයගේ ලක්ෂණයක් බවයි.
ලංකා ඉතිහාසයේ විශාලතම සිනොපෙක් ආයතනයේ සෘජු ආයෝජනය රට තුළට පැමිණියේ ජාතික ජන බලවේග ආණ්ඩුව කාලයේදී බවත්, එම ආයතනය සමගින් ගිවිසුම් ගත වූයේ ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ බවත්, ජා.ජ.බ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය දෙරණ නාලිකාවේ “වාදපිටිය” වැඩසටහනට එකතු වෙමින් සඳහන් කර තිබුණි.
එම බොරුව වසා ගැනීමට ඇය https://srilanka.factcrescendo.com/ වෙත කියා ඇත්තේ තමන් කීවේ විශාලතම ආයෝජනය ජාතික ජනබලවේගය යටතේ ලැබුණ බවයි. එය එක් බොරුවක් වසා ගැනීමට තවත් බොරුවක් කීමකි.
YouTube
කෙසේ වෙතත් ඇයි විසින් සිදු කළ මෙම ප්‍රකාශයේ නිවැරදිද, යන්න පිළිබඳ කරුණු පරීක්ෂාවක් සිදු කර තිබේ.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
Sinopec (China Petroleum & Chemical Corporation) යනු චීනයේ බීජිං හි පිහිටි ලොව විශාලතම බලශක්ති සමාගමකි.
කෙසේ වෙතත් මෙම සමාගම සමගින් ශ්‍රී ලංකා රජයන් මීට පෙර ආයෝජන සඳහා ගිවිසුම් ගතවී නැද්ද යන්න පිළබඳ අප පරීක්ෂා කිරීමෙන් ලද ප්‍රතිපල මෙසේය.
සිනොපෙක් ආයතනය හා ලංකාව අතර පැවති ගිවිසුම්
ඉන්ධන සැපයුම් ගිවිසුම – මැයි 22, 2023
2023 වසරේ මැයි 23 වන දින එවකට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ එම වකවාණුවේ පැවති විදේශ විනිමය අර්බුදය හමුවේ පාරිභෝගිකයින් දුෂ්කරතාවට පත්නොවන ආකාරයට අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීම සඳහා වැදගත් පියවරක් ලෙස, ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක් මව් සමාගම සමඟ ගිවිසුම් ගිවිසුමක් අත්සන් කර තිබුණි.
එවකට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ සහ සිනොපෙක් සමාගමේ ඉන්ධන නිෂ්පාදන හා අලෙවිකරණ දෙපාර්තමේන්තුවේ කළමනාකාර අධ්‍යක්ෂ Chen Chengmin යන අය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී ජනාධිපති කාර්යාලයේ දී මෙම ගිවිසුමට අත්සන් තබා තිබුණා.
මෙම අවස්ථාවට එවකට හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී. චානක, ඉන්දික අනුරුද්ධ, ෂෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, චීන තානාපති කිව් ෂෙන්හෝං (Qi Zhenhong) යන මහත්වරු සහ එවකට සිනොපෙක් සමාගමේ සභාපති Yu Baocai, ජාත්‍යන්තර සහයෝගිතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Fan Liping යන අය ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව තිබුණා.
ඒ අනුව, සිනොපෙක් සමාගමේ එහි අනුබද්ධ සමාගමක් වන සිනොපෙක් ඉන්ධන තෙල් ලංකා (පුද්ගලික) සමාගම(Sinopec Fuel Oil Lanka (Private) Limited) ඔස්සේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කර තිබුණා.
සිනොපෙක් ඉන්ධන බෙදාහැරීමේ ගිවිසුම- ජූලි 14, 2023
ශ්‍රී ලංකාව තුළ ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත කිරීම ක්‍රියාත්මක කිරීම හා ඉන්ධන බෙදාහැරීම සඳහා චීනයේ සිනොපෙක් සමාගම සමඟ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ගිවිසුමකට එළැඹ තිබූ අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ අංක 17 ප්‍රකාරව සිනොපෙක් සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත අනුබද්ධිත ආයතනයක් වන Sinopec Energy Lanka ආයතනයේ අධීක්‍ෂණය යටතේ වසර 20 ක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ගිවිසුම මගින් ඉඩ ලබා දී තිබුණා.
මෙම අවබෝධතා ගිවිසුම මගින් සිනොපෙක් එනර්ජි සමාගමට ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීම, ඉන්දන ගබඩා කිරීම හා ඉන්ධන පිරවුම්හල් පිහිටුවීමට අවසරය හිමිවූ අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක මුදලක්, සිනොපෙක් සමාගම මේ සඳහා ආයෝජනය කරන අතර එමගින් ලංකාව තුළ නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ස්ථාපිත කිරීම හා පවතින ඉන්ධන පිරවුම්හල් 150 ක් සම්බන්ධ කරගනිමින් ජාලයක් ද කියාත්මක කිරීමටද එම සමාගම කටයුතු කිරීමට බලාපොරොත්තු වන වන සඳහන් වෙනවා.
හම්බන්තොට නව ඛනිජ තෙල් පිරිපහදුව
2023 වසරේ නොවැම්බර් 27 වන දා හම්බන්තොට නව ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට අදාළව චීනයේ SINOPEC සමාගමට කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවට එවකට හිටපු ඛනිජ තෙල් සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය X ගිණුම මගින් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා. Archived Link
රොයිටර් පුවත් සේවය වැනි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ද, පෙන්වා දෙන්නේ හම්බන්තොට ඉදිකිරීමට නියමිත ඉන්ධන පිරිපහදුව ඉදිකිරීම සඳහා Sinopec සමාගම විසින් ඩොලර් බිලියන 4.5ක ආයෝජනයක් කිරීමට සැලසුම් කර තිබු බවයි.
සිනොපෙක් කෝප් හි පූර්ණ හිමිකාරීත්වය සහිත අනුබද්ධිත ආයතනයකක් වන හොංකොං හි Sinopec Overseas Investment Holding Pvt Ltd (SOIHL) නිලධාරීන් හා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සමග 2024 මාර්තු මස හමුවක් පවත්වා තිබූ අතර SOIHL හි නිලධාරීන් හම්බන්තොට හි යෝජිත නව පිරිපහදුව ඉදිකිරීම සඳහා පාර්ශවකරුවන් සමඟ සිදු කළ සාකච්ඡා වල ප්‍රගතිය පිළිබඳව දැනුවත් කළ බව ත්, ඔවුන් 2024 ජූනි මාසයේදී මෙම ව්‍යාපෘතිය සඳහා ගිවිසුම අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවට ත් පසුගිය වසරේ මාර්තු මස X පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණා.
Archived Link
කෙසේ වෙතත් පසුගිය වසරේ සිදුවූ බල පෙරළියත් සමගින් හම්බන්තොට නව තෙල් පිරිපහදුව ඉදිකිරීම සම්බන්ධ කතා බහ ඇණහිටියා.
ජාතික ජන බලවේග ආණ්ඩුව පත්වීමෙන් පසු ජනපති අනුර කුමාර දිසානායක මෙම වසරේ (2025) ජනවාරි මස චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත වූ අතර එහිදී ජනාධිපති අනුර කුමාර සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තබා තිබුණා.
මෙම ව්‍යාපෘතිය, ඇමරිකානු ඩොලර් බිලියන 3.7ක වටිනාකමින් යුතු ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු වූ විශාලතම විදේශ සෘජු ආයෝජන (FDI) ව්‍යාපෘතිය වන අතර චීන රජය සතු ඛනිජ තෙල් දැවැන්තයෙකු වන සිනොපෙක් විසින් දිනකට බැරල් 200,000 ක ධාරිතාවයකින් යුත් අති නවීන පිරිපහදුවක් හම්බන්තොට ඉදිකිරීම මෙයට ඇතුළත් වී තිබූ බව ජනාධිති මාධ්‍ය අංශය සඳහන් කර තිබුණා.
මේ සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ සිනොපෙක් සමාගම වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු මෙම ගිවිසුම සඳහා අත්සන් තැබුවා.
සිනොපෙක් සමාගම මුල්වරට ලංකාව සමඟ ව්‍යාපෘතියකට එකතු වීම
2019 මාර්තු මාසයේදී, සිනොපෙක් ඉන්ධන තෙල් අලෙවි සමාගමට හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) විසින් තෙල් වෙළඳාම් කටයුතු සහ ඔවුන්ගේ තෙල් ටැංකි පර්යන්තය ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම සහ ඒ ආශ්‍රිත පහසුකම් සඳහා ටෙන්ඩරයක් ප්‍රදානය කරන ලදී.
ඉහත සඳහන් ව්‍යාපාර පැවැත්වීම සඳහා, සිනොපෙක් ඉන්ධන තෙල් ලංකා (පුද්ගලික) සමාගම (SFOL) 2019 දී ආරම්භ කර ඇති අතර සමාගම හම්බන්තොට පදනම් කරගත් කේන්ද්‍රීය සමාගමක් ලෙස ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි කර තිබුණි.
නමුත් මෙහිදී ශ්‍රී ලංකා රජය සමග සිනොපෙක් සමාගම ගිවිසුමකට එළැඹ නොතිබුණි.
සිනොපෙක් සමාගම විසින් ප්‍රථම වරට ශ්‍රී ලංකා රජය සමග ගිවිසුමක එළැඹුණේ, ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය (MOPE) සමඟයි. ඒ මෙම ලිපියේ ඉහත සඳහන් කළ ලෙස, ‘ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම’ සඳහා දිගුකාලීන ගිවිසුමයි.
fuel.sinopec.com
ඒ අනුව සිනොපෙක් සමාගම සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් ක්‍රියාත්මක වූ කාල රාමුව මෙසේය.
දිනය | ගිවිසුම වර්ගය | හවුල්කරුවන් | තත්ත්වය |
2019 | සමුද්‍ර මෙහෙයුම් | BOI ↔ SFOL | Active |
මැයි 2023 | ඉන්ධන සැපයුම් කොන්ත්‍රාත්තුව, ඩොලර් මිලියන 100 | රජයt ↔ Sinopec Corp | Active |
ජූනි 2023 | SEL සංස්ථාගත කිරීම | – | – |
ජූලි 2023 | ඉන්ධන බෙදා හැරීම | BOI ↔ SEL | Active |
අගෝස්තු 2023 | පළමු ඉන්ධන හළ දියත් කිරීම | – | Operational |
නොවැම්බර් 2023 මාර්තු 2024 |
පිරිපහදු අනුමැතිය පාර්ශවකරුන් අතර සාකච්ඡා |
කැබිනට් බලශක්ති අමාත්‍යාංශය↔SOIHL |
Approved Negotiations |
ජනවාරි 2025 | ඩොලර් බිලියන 3.7 ක පිරිපහදුව ගිවිසුම | රජය ↔ Sinopec Corp | තවම සාකචජා අවධියේය |
ඒ අනුව චීනයේ, බීජිංහි පිහිටි සිනොපෙක් කොර්ප් සමාගම හා ශ්‍රී ලංකාව අතර ගිවිසුම් ගත වී තිබුණේ 2023 වසරේ මැයි මස දී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිව සිටි අවධියේ සහ 2025 වසරේ ජනවාරි මස අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලෙස සිටින අවස්ථාවන් පමණක් බව පැහැදිලි වේ. අනෙක් ගිවිසුම් ගත වීම් සහ සේවාවවන් සිදු වූයේ සිනොපෙක් මව් සමාගමේ(Sinopec Corp)පූර්ණ හිමිකාරීත්වය සහිත අනුබද්ධිත ආයතනයන් සමග පමණි.
කෙසේනමුත් 2023 ගිවිසුම්ගත වීමේ දී සිදුවුයේ ඩොලර් මිලියන 100ක ආයෝජනයක් පමණක් වූ අතර ජාතික ජන බලවේගය යටතේ සිදුවූ ගිවිස ගැනීමේ දී සිනොපෙක් සමාගම ඩොලර් බිලියන 3.7කට ගිවිසුම්ගත වුයේ හම්බන්තොට නව ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට අදාළවයි.
ඒ අනුව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිණි ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය විසින් සිනොපෙක් ආයෝජන මෙරටට පැමිණියේ හෝ පළමුවරට ලංකාව සමඟ ගිවිසුම්ගත වුයේ ජාතික ජන බලවේග ආණ්ඩුව කාලයේදී බව පැවසීම නොමඟ යවන සුළුයි.
නමුත් ඇය සඳහන් කරන ලෙස මෙරට ඉතිහාසයේ විශාලතම තනි විදේශ සෘජු ආයෝජනය (FDI) වන හම්බන්තොට පිරිපහදුව සඳහා ගිවිසුම්ගත වීම, සිනොපෙක් මව් සමාගම සමගින් සිදුවන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ ය.
එසේ වුවද, මෙම ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය හිමි වන්නේ පෙර පැවති රජය සමයේ දීයි.
පාර්ලිමේන්තු මන්ත්‍රිණි ලක්මාලි හේමචන්ද්‍ර
මේ පිළිබඳව විමසීමට අප ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිණි ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඇය සඳහන් කළේ, තමන් ප්‍රකාශ කළේ, මෙරට විශාලම ආයෝජනය වන හම්බන්තොට තෙල් පිරිපහදුව ඉදිකිරීම සම්බන්ධයෙන් සිනොපෙක් ආයතනය සමගින් ගිවිසුමට එළැඹෙන ලද්දේ ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ බවය.
නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රිණි ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය විසින් දෙරණ නාලිකාවේ වාද පිහිටිය වැඩසටහනදී සඳහන් කරනු ලබන සිනොපෙක් සමාගම ලංකාවට මුල්වරට පැමිණියේ හෝ ගිවිසුම්ගත වීමක් පළමුවරට සිදුවුයේ ජාතික ජන බලවේගය යටතේ ආණ්ඩුව පවතින වකවාණුවේ දී බව පැවසීම නොමඟ යවන සුළු බව පැහැදිලි වේ.
srilanka.factcrescendo.com