( Sri Lanka brief/07 July 2025) දැනට මාස තුනක් පමණ හිස්ව ඇති තොරතුරු කොමිසමෙහි සභාපති ලෙස ජනාධිපතිවරයා විසින් රාජපක්ෂවාදියකුව සිටි නිලධාරියකු පත් කරන්නට යන්නේ යැයි ආරංචි පැතිර යමින් තිබේ.
2014 වසරෙහි දී රාජපක්ෂ පාලනයට සේවය කරමින් සිට 2015 දී යහපාලන ආණ්ඩුවට එක් වූ මෙම පරිපාලන සේවා නිලධාරියා ජනමාධ්‍ය අමාත්යාංශයේ ලේකම් ලෙස කටයුතු කර තිබේ.
ඔහු කලක් බැසිල් රාජපක්ෂගේ සම්බන්ධිකරණ ලෙකම්වරයකු ලෙස කටයුතු කළ බව වෙබ් මාධ්‍යක් වාර්තා කර තිබේ.
තොරතුරු දැන ගැනීමේ පනත සම්මත වූ අවස්ථාවෙහි දී ජනමාධ්‍ය ලේකම් ලෙස සිට ඇත්තේ ද ඔහුය.
දන්නා කියන මධ්‍යවේදීන්ට අනුව ඔහු තොරතුරු නිදහසට එතරම් කැමැත්තක් දක්වන අයකු නොවේ.
තොරතුරු කොමිසමේ සභාපති ලෙස හිටපු තානාපතිවරයකුගේ නම ද ඉදිරිපත් වූ නමුත් ජනාධිපතිවරයා ඔහුට කැමැත්තක් දක්වා නැති බව වාර්තා වේ.
ඩිව් ගුණසේකර පාර්ලිමෙන්තුවෙහි පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාවෙහි (කෝප්) ප්රධානියා වූ 2014 සැප්තැම්බරයේ දී ඉදිරිපත් කරන ලද වාර්තාවක මෙම නිලධාරියාගේ ක්‍රියා කලාපය විවේචනයට ලක් කර තිබේ.
ඒ ඔහු ජාතික මානව සම්පත් සංවර්ධන සභාවේ සභාපති වරයා ලෙස කටයුතු කළ කාලයට අදාලව ය. ඔහු යටතේ අනිසි ලෙස වැය කළ මුදල් අයකර ගන්නා ලෙස 2014 සැප්තැම්බර් 12 වන දින කරන ලද පරීක්ෂනක් අනුව නියෝග කර තිබේ.
රැපවාහිනී සංස්ථාව විසින් කරන ලදැයි කියන ‘නිපුනතා හඩ’ නම් වැඩසටහනට රුපියල් මිලියන තුනකට වඩා වැය කරන ලද නමුත් එකම ක්‍රියාව වී ඇත්තේ පුවත්පත් දැන්වීමක් පළ කිරීම පමණක් බව එම වාර්තාවේ 62වන පිටුවේ සඳහන් වේ.
මෙවැනි දේශපාලන ලැදියාවන් සහිත දූෂණ චෝදනා එල්ල වූ අයකු තොරතුරු කොමිසමට පත් කළ හොත් කොමිසම දුර්වල වනු ඇතයි තොරතුරු අයිතිය පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස් කණස්සල්ලට පත්ව සිටී. ජාජබ ආණ්ඩුව මේ ගැන මුනිවත රකින්නේ හොරගල් ඇහිදීමටදැයි සැක පහළ වී තිබේ.
මෙයට පෙර තොරතුරු කොමිසමේ සභාපති තනතුර දරන ලද්දේ හිටපු විනිසුරුවරුවරයකු විසිනි. එයට පෙර එහි සභාපති වූයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 35 වසරක පළපුරුද්දක් තිබූ අවංක නිලධාරියෙකි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සිවිල් ක්‍රියාධර ඉල්ලීම් නොසළකා මාස තුනක් පුරා තොරතුරු කොමිසමේ සභාපති තනතුර පිරවීමට පියවර ගෙන නැත. ජනාධිපති කාරයාලයේ මේසය උඩ මෙම තනතුර පිරවීමට මාධ්‍ය සංවිධාන විසින් කරන ලද යෝජනා පුස්කමින් තිබේ.
කොමිසමේ සභාපතිවරයා පත් කිරීමේ බලය අයත්වන්නේ ව්‍යවස්ථා සභාවටය. ජනාධිපතිවරයාට කළ හැක්කේ නමක් යෝජනා කිරීම පමණි.