ඡායාරූපය: අරගලකරුවන්ගේ විරෝධයන්ට පහර දිය යුත්තේ කෙසේදැයි දැක්වෙන ප්‍රයිඩ් රයිස්- වෝටර් මෙලන් නම් කේතයකින් අණ දීම නිසා රොෂාන් ඩයස් හාස්‍යට ලක් විය.
තරිඳු උඩුවරගෙදර/ ෆසීර් මොහොමඩ්.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අධ්‍යක්ෂ ධුරය දරන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ නිහාල් තල්දූව වෙනුවට එම තනතුර භාර දී ඇත්තේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ඩයස්ට බව වාර්තා වෙනවා.
අරගල සමයේදී පුද්ගලයන්ට මර්දනයට අදාල දැඩි අපකීර්තියක් ලැබූ නිලධාරියෙකු වන රොෂාන් ඩයස් එම තනතුරට පත් කර ඇත්තේ, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයාව සිටි සමයේදී ලද තනතුරක් වන පොලිස් මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති තනතුරට අමතරවයි.
මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය භරව සිටි වැඩබලන නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මොණරාගලට මාරු කර යවා තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ පාලන සමයේදී කොළඹ පැවති විරෝධතාවලට හේතුවක් නොමැතිව ජල ප්‍රහාර, කඳුළු ගෑස් එල්ල කිරීම, පහර දීම, පුද්ගලයන් විශාල වශයෙන් නිකරුණේ අත්අඩංගුවට ගැනීම සහ වධහිංසා කිරීම ගැන ඔහුට චෝදනා එල්ල වෙනවා. රනිල්– රාජපක්ෂ පාලනය වෙනුවෙන් එලෙස හැසිරෙමින් තනතුරේ බලය අවභාවිත කිරීමේ සිදුවීම් රැසකට එවකටකොළඹ මධ්‍යම කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ රොෂාන් ඩයස් ඍජුව වගකිව යුතුයි. ඔහු එකල හාස්‍යයට ලක් වුණේ පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධයක් මර්දනය කිරීමේදී ඔහු පෙන්නුම් කළ අමුතු හැසිරීමක් ෆ්‍රයිඩ් රයිස්, වෝටර් මෙලන් යනාදී වචන සමග සමාජයේ හාස්‍යයට මතු වුණා.
ඔහු විසින් එකල සිදුකළ බලය අවභාවිත කිරීම් කිසිවකට මේ වන තෙක් පියවර ගෙන නැහැ. අභ්‍යන්තර විමර්ශනයක්වත් පවත්වා නැහැ. රසායනික අවියක් ලෙස කඳුළුගෑස් එල්ල කළ මහජන පීඩාවට පත් කිරීම් සහ වධහිංසා කිසිවක් ගැන විමර්ශන නැහැ. ඒ වෙනුවට ඔහුට ශානි අබේසේකරව විමර්ශනය කිරීම භාර දී තිබෙනවා.
ඔක්තෝබර් 09 ගෝල්ෆේස් පිටියට ඉටිපහන් දැල්වීම සඳහ සාමකාමීව රැස් වූ පිරිසකට අත්තනෝමතික ලෙස පහරදුන් පොලිස් කල්ලිය මෙහෙයවූ අතර, එම අවස්ථාවේ ළමයින්ට පවා පහරදෙමින් පොලීසිය නින්දිත ලෙස හැසිරුණා.
ඔක්තෝබර් 10 වැනිදා එයට එරෙහිව පැවති විරෝධයක් අතරතුර ගාලු කොළඹ මාර්ගය වසා දැමූ රොෂාන් ඩයස් එම අවස්ථාවේ පාරේ ගමන් කළ පුද්ගලයන්ට ගමන් කරන්නට නොදී අයුතු අවහිරයක නිරත වුණා. ඒ දිනවල විරෝධතාකරුවන් මාර්ග හරස් කරමින් මහජන පීඩාව සහ අයුතු අවහිරය කරනවායැයි කියමින් ඔවුන් අත්අඩංගුවට ගත් රොෂාන් ඩයස්ම මහජන පීඩාව සහ අයුතු අවහිරය සිදු කළා. එයට එරෙහිව තරිඳු ජයවර්ධන පෞද්ගලික කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේද රොෂාන් ඩයස් සහ නලින් දිල්රුක් යන නිලධාරීන්ට එරෙහිව පුද්ගලිකව අපරාධ චෝදනා ගොනු කිරීමක් සිදු කළා. එහෙත්, නීතිපතිවරයා එයට එරෙහි වූ නිසා එම නඩුව විභාගයට ගත්තේ නැහැ.