Saturday, June 21, 2025

ස්ත්‍රීන් ගුවන් යානා පදවන රටේ ‘දුම්රිය ස්ථානාධිපති’ තනතුරු පිරිමින්ට පමණයි!

2025 ජාත්‍යන්තර කාන්තා දිනයේදී ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක විසින් ජාතික දුම්රිය දෙපාර්තමේන්තුවේ රජය විසින් ශ්‍රී ලංකා දුම්රිය සේවය තුළ විවිධ තනතුරු සඳහා කාන්තාවන් බඳවා ගැනීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවට පාර්ලිමේන්තුවේදී ප්‍රතිඥාවක් ලබා දී තිබියදීත්, කාන්තාවන්ට ‘දුම්රිය ස්ථානාධිපති’ තනතුර සඳහා අයදුම් කිරීමට තවමත් අවසර දී නැත

මෙරට ගුවන් යානා පදවන ස්ත්‍රීහු පවා සිටිති. ලොව පුරාම වාගේ මෙවැනි තනතුරු දැරීමට ස්ත්‍රීන්ට අයිතිය දී තිබේ.

මෙම තනතුරේ පුරප්පාඩු 106 ක් පිරවීම සඳහා මෑතකදී අයදුම්පත් කැඳවා ඇති අතර ඉල්ලුම් කළ හැක්කේ පිරිමින්ට පමණි.

1858 දී දුම්රිය දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් පසු, කිසිදු කාන්තාවක් දුම්රිය ස්ථානාධිපති තනතුර දරා නැත.  රියදුරන් සහ ආරක්ෂකයින් වැනි අදාළ තනතුරු වලදී මෙම භූමිකාව ද සාම්ප්‍රදායිකව පුරුෂ ආධිපත්‍යයට යට වී තිබේ.

දුම්රිය ස්ථානවල ආරක්ෂිත සහ කාර්යක්ෂම ක්‍රියාකාරිත්වය සඳහා දුම්රිය ස්ථානාධිපති තනතුර දරණ අය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරති. ඔවුන් දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලය කළමනාකරණය කරයි.  දුම්රිය ගමන් අධීක්ෂණය කරයි. දුම්රිය සේවා සුමටව ක්‍රියාත්මක වීම සහතික කරයි.

කෙසේ වෙතත්, දුම්රිය ස්ථානාධිපති තනතුරු සඳහා අයදුම්පත් කැඳවන මෑත කාලීන ගැසට් නිවේදනයකින් ස්ත්‍රීන් අයදුම් කිරීමෙන්  ඉවත්කර තිබේ.‍

රාජ්‍ය අංශයේ බඳවා ගැනීම් වලදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා නිරන්තර ඉල්ලීම් තිබියදීත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිවේදනය මගින් දශක ගණනාවක් තිස්සේ පැවති මෙම භූමිකාවෙන් කාන්තාවන් තහනම් කිරීමේ භාවිතය යළි තහවුරු කර තිබේ.‍

 ගැසට් නිවේදනය විස්තර කළේ නීතිය ඉදිරියේ සමානාත්මතාවය සහතික කරන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය පැහැදිලිව උල්ලංඝනය කිරීමකි. 
ලිංගිකත්වය මත පදනම් වූ රැකියා අවස්ථා සීමා කිරීමට කිසිදු නීතිමය පදනමක් නොමැත.

මෙම විශම සැළකීමට එක් හේතුවක් ලෙස දක්වා ඇත්තේ දුම්රිය ස්ථානවල නිදන කාමර සහ වැසිකිළි පහසුකම් නැති කමය. එවැනි තත්වයක දී පිරිමින් සේවයේ යෙදවීමද වරදක් බව ආණ්ඩුව තේරුම් ගත යුතුය.

(c)  SLB

 

 

Archive

Latest news

Related news