ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර දේශපාලන පක්ෂයක් විසින් ගත යුතු පියවර අමාත්‍යාංශය විසින් ගැනීමට උත්සාහ කිරීම නිසා අවුලකට මුල පෑදී ඇතැයි විශ්වාසදායක ආරංචි මාර්ග දක්වයි.
මීට මෑතම උදාහරණය නම් යාපනයේ ජාතික ජන බලවේගයේ මංත්‍රීවරයකු විසින් නිපදවා යූ ටියුබ් අවකාශයට මුදා හරින ලද එල්ටීටීඊ හිතවාදී ගීත විඩායෝය.
මෙම විඩියෝ පිළිබඳ පළ වූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත් කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර විසින් ආරක්ෂ අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා වෙත දැනුම් දෙන ලදැයි වාර්තා වේ.
එනමුත් ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙය දේශපාලන පක්ෂයට අදාළ කාරණයක් බැවින් එය ආරක්ෂ අමාත්‍යාංශයේ කාර්යක් නොවන බවයි.
ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක නලින් හේවගේ ද එම අදහසම දරන බව දැන ගන්නට තිබේ. දේශපාලන බලපෑම් හමුවේ නලින් හේවගේ දුෂ්කර තත්වයට පත්ව තිබෙන බවත් ඔහු ඉල්ලා අස්වීමට ඉඩ ඇති බවත් කියවේ.
පාර්ලිමේන්තු පාලනය වෙනුවට පැලවත්ත පක්ෂ කාර්යාලයෙන් ආණ්ඩුවේ කටයුතු පාලනය කිරීම නිසා තවත් අමත්‍යාංශ සහ ආයතන ගණනාවක්ම අවුල් සහගත තත්වයක් ඇති කර ඇති බව තවදුරටත් වාර්තා වේ.
පාඩු ලබන ලේක්හවුසියේ සිළුමිණ පුවත්පතට කර්තෘ වශයෙන් පත් කර සිටින උදේනි සමන් කුමාර විසින් කරන ලද එවැනි තීරණයක් පසුදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආපසු හැරවීම තවත් ආණ්ඩුවට අහිතකර වර්ධනයකි. ඔහු විසින් සිළුමිණ සාහිත්‍ය අතිරේකය බාරව සිටි සුමුදු චතුරානි නම් මාධ්‍යවේදිනිය රැකියාවෙන් පහ කරල ලද්දේ පැලවත්ත තීරණයක් අනුවය. දැන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ පූනි 15දාට පෙර ඇය නැවත සේවයේ පිහිටුවන ලෙසයි.
පසුගිය සති කිහිපයෙහි උදේනි සමන් කුමාර ලිපි ලියමින් සමාජ ගත කිරීමට උත්සාහ කළ කාරණා කිහිපයක් මෙසේය.
විජය කුමාරතුංග මරා දමන ලද්දේ ජනාධිපති වූ රණසිංහ ප්‍රේමදාස විසිනි.
අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු ඝාතනයට මහින්ද රාජපක්ෂ සම්බන්ධය.
අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයට ද මහින්ද රාජපක්ෂ සම්බන්ධ විය හැකිය.
ජාතික රූපවාහිනියට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් පත් කරන ලද නිලධාරීන් දෙදෙනෙකු සේවක පිරිස් විසින් හූ කියා පන්නා දැමීම තවත් එවැනි නිදසුනි.
ආණ්ඩුවේ නිල යාන්ත්‍රණයට සමාන්තරව සිය පක්ෂයේ යාන්ත්‍රණයක් ගොඩ නගන බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් කරන ලද ප්‍රකාශය දැන් සැබෑ වී ඇති බවට විවිධ වාර්තා ලැබෙමින් තිබේ.
වැලිගම W 5 හෝටලයට දේශබන්දුගේ කණ්ඩායමක් ප්‍රහාරයක් එල්ල කිරීමට පෙර. එම හෝටලයේ විඩියෝ දර්ශනයක් දේශබන්දු වෙත යැවූ පොලිස් බුද්ධි අංශ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා අත්අඩංගුවට ගැනීම වැලැක්වීමට පැලවත්ත ප්‍රධානියකු උත්සාහ කර තිබේ. ඔවුන් දෙදෙනා පාසල් මිතුරන් බව කියැවේ. ඔහු එම වීඩියෝව යවා ඇත්තේ ප්‍රහාරයට දින තුනකට පෙරය.
ජාතික ප්‍රවාහණ කොමිසමේ සභාපති වූ ආචාර්ය දිලීප විතාරණ ඉල්ලා අස්වීමට බලැපෑවේ ද පැලවත්ත දේශපාලන බලපෑම් බව තතුදත් ආරංචි මාර්ග දක්වයි. ඔහු ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජිකයෙකි.
මේ වන විට ජාජබ ආණ්ඩුව විසින් පත් කරන ලද ඉන්පසු ඉල්ලා අස් වූ පිරිස දුසිමකට වැඩිය. ඉන් වැඩිම පිරිසක් ඉවත්ව ඇත්තේ නව බීආර් අමාත්‍යාංශයෙනි.
පාර්ලිමේන්තු මැතිවරණය දක්වා ක්‍රියාකාරී වූ ජාතික ජන බලවේගයේ කමිටු දැන් 88-89 අවධියේ ජවිපෙ ක්‍රියාකාරීන් විසින් පාලනය කරන්නට පටන් ගෙන තිබෙන බව ප්‍රදේශ ගණනාවකින්ම වාර්තා වේ.
පාර්ලිමේන්තුව තුළද ජාතික ජන බලවේගයේ මංත්‍රීවරුන් සහ මංත්‍රීවරියන් දෙවැනි තැනට දමා දෘඩ ජවිපෙ මැති ඇමතිවරුන් සහ වරියන් ඉදිරියට ගනිමින් සිටීම මෙම මූලෝපායේ කොටසක් ලෙස පෙනී යයි.
ජාතිත ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර වර්ධනය වන විරසකය සමහන් කර ගැනීමට නොහැකි වුවහොත් මෙම තත්වය වර්ධනය වී පැලවත්ත පාලනය, පාර්ලිමෛ්න්තු පාලනය ඉක්මවා යනු ඇතයි දේශපාලන අංශ බිය පළ කරති.
( සේ. පියවර්ධන)