Tuesday, May 6, 2025

පළාත් පාලන මැතිවරණය සඳහා ජාජබ දෙමළ බසින් LTTE හිතවාදී ප්‍රචාරක ගීත මාලාවක් නිකුත් කරයි

දෙමළ ජාතිකවාදය සහ දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE) සමඟ සමීපව සම්බන්ධ වූ  කතා සහ ප්‍රතිරූප ඇතුළත්  දෙමළ භාෂා ප්‍රචාරක ගීත මාලාවක්  ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ජාතික ජනතා බලවේගය  නිකුත් කර තිබේ.

උතුරු නැගෙනහිර  මැතිවරණ ජය  ඉහළ නැංවීම අරමුණු කරගත් මෙම ව්‍යාපාරය, පක්ෂයේ දේශපාලන ස්ථාවරයේ අවංකභාවය පිළිබඳව ප්‍රශ්න මතු කර තිබෙන බව ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවිය ප්‍රකාශ කරයි.

ජාතික ජන බලවේගයේ යාපනය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉලංකුමාරන් විසින් ෆේස්බුක් හි බෙදා හරින ලද එක් ගීතයක, LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට ගෞරව කිරීම සඳහා වැල්වෙට්ටිතුරෙයි හි ලෝකඩ පිළිමයක් ඉදිකිරීමට ප්‍රතිඥා දෙයි.

ගීතයේ පද රචනය පහත පරිදි වේ:

ධෛර්යය සඳහා ආශා කළ දේශය,
දෙමළ අභිමානය සමෘද්ධිමත් වූ භූමිය,
ඉතිහාසය බිහි වූ දේශය

ජාතියට එහි උදාර නායකයා (ප්‍රභාකරන්) ලබා දුන් දේශය

වේලුප්පිල්ලෙයි පාර්වතී අම්මාල්ගේ නාමයෙන්,
නව වරායක් නැඟී එනු ඇත,
එය වසර සියයක් තිස්සේ අපගේ ඉතිහාසය ප්‍රතිරාවය කරනු ඇත.
ජාතික ජනතා බලවේගයේ මූලධර්ම සහ දෙමළ ජාතික නායකයාගේ මූලධර්ම එක හා සමානයි.
දෙමළ ජාතික නායකයාගේ ලෝකඩ පිළිමයක්
ඔහුගේ උපන් දේශයේ සිටුවන්නෙමු.
අපි අනුස්මරණ ශාලාවක් ගොඩනඟමු,
තඹ ප්‍රතිමාව ස්ථාපනය කරන්නෙමු,
නගරයේ නගර සභාවේ පළමු යෝජනාව ඉදිරිපත් කරන්නෙමු.
සියලුම කලාප පුරා,
මවීරර් තුයිලුමිල්ලම් නැවත ගොඩනඟා සංරක්ෂණය කරනු ලැබේ.
කවුන්සිල විසින් දැරිය යුතු යුතුකමක්.

කොපමණ වසර ගණනක් ගත වුවද,
දෙමළ ජනතාවගේ අනන්‍යතාවය පවතිනු ඇත;
ජාතික ජන බලවේගය එය ආරක්ෂා කරනු ඇත.

 

මෙම ගීතය නල්ලූර් හි සංකිලියන් උද්‍යානය ‘කිට්ටු උද්‍යානය’ ලෙස නම් කිරීමට ද පොරොන්දු වේ. – එය ජ්‍යෙෂ්ඨ එල්ටීටීඊ අණදෙන නිලධාරී සතාසිවම් ක්‍රිෂ්ණකුමාර් ගැන සඳහන් කිරීමකි – සහ ප්‍රභාකරන්ගේ දෙමාපියන් වන වේළුපිල්ලේ සහ පාර්වතියම්මා වෙනුවෙන් කැප කරන ලද අනුස්මරණ ශාලාවක් සහ වරායක්  ඉදිකිරීමට ද පොරොන්දු වේ.

මුලතිව් හි කරයිතුරෙයිපත්තු ප්‍රාදේශීය සභාව සඳහා නිර්මාණය කරන ලද බවට වාර්තා වන තවත් ගීතයක්, ජාජබහි වාමාංශික දෘෂ්ටිවාදය ප්‍රභාකරන්ගේ දෘෂ්ටිවාදය සමඟ සංසන්දනය කරමින්, සෑම ප්‍රාදේශීය සභාවක්ම එල්ටීටීඊ සුසාන භූමි ප්‍රතිසංස්කරණය හා නඩත්තු කිරීම සඳහා සහාය වන බවට පොරොන්දු වේ.

ගීතයේ පද රචනයේ මෙසේ සඳහන් වේ:

දෙමළ ජාතික නායකයාගේ දෘෂ්ටිවාදය කොමියුනිස්ට්වාදයයි.

ජාතික ජනතා ජනබලවේගයේ දෘෂ්ටිවාදය ද කොමියුනිස්ට්වාදයයි.

අපි එක් හවුල් දැක්මක් යටතේ එක්සත් වෙමු.

නිල දිස්ත්‍රික් මට්ටමේ පිටු ඇතුළුව ජාජබ අනුබද්ධ සමාජ මාධ්‍ය වේදිකා හරහා එවැනි ගීත 28 ක් නිෂ්පාදනය කර බෙදාගෙන ඇත.

දෙමළ ජාතිකවාදයට ඓතිහාසිකව කිසිදු අනුකූලතාවයක් නොමැති දකුණේ වාමාංශික පක්ෂයක් වන ජාතික ජන බලවේගය විසින් කොටි සංවිධානයට හිතවාදී ගීත ප්‍රචාරය කිරීම  අවස්ථාවාදී පියවරක් බව විචාරකටයින් විවේචනය කරයි.

“මෙම ගීත දෙමළ ජාතිකවාදී හැඟීම් මුල් බැස ගත් ප්‍රමාණය හෙළි කරයි,” යාපනයේ ක්‍රියාකාරිකයෙක් සඳහන් කළේය. “මෙම ජාතිතවාදී භාෂාව අනුගමනය නොකර දකුණේ පක්ෂවලට උතුරු-නැගෙනහිර මැතිවරණමය වශයෙන් අදාළ විය නොහැක.”

ඇත්ත වශයෙන්ම, දෙමළ ස්වයං නිර්ණයට අතීතයේ දී  දැඩි ලෙස  විරෝධය දැක් වූ සහ සිංහල-බෞද්ධ බහුතර ආඛ්‍යාන සමඟ පෙළ ගැසුණූ, ජවිපෙ නායකත්වය දෙන ජාතික ජන බලවේගය දැන් එල්ටීටීඊ  නායකයින්ගේ ප්‍රතිරූප උපයෝගී කර ගනිමින් සහ සහයෝගය දිනා ගැනීම සඳහා දෙමළ සන්නද්ධ අරගලයේ මතකයට ආයාචනා කරන බව මෙම ගීත පෙන්නුම් කරයි.

ප්‍රභාකරන්ගේ පැරණි නිවසේ ඡායාරූප, මාවීරර් නාල් අනුස්මරණ දර්ශන සහ  එල්ටීටීඊ වෙනුවෙන්  හ “දිවි පිදූවන්” පිළිබඳ චිත්තවේගීය යොමු කිරීම් සංගීත වීඩියෝවල කැපී පෙනේ.

මෙම උපාය මාර්ගය ජාජබ කුහක බවට චෝදනා කරන දෙමළ ජනතාවගෙන් විවේචන එල්ල වී තිබෙන බවද ටැමිල් ගාර්ඩියන් සඳහන් කරයි. “මෙය දෙමළ ඉඩම් අඛණ්ඩව අත්පත් කර ගැනීම සහ ජන සංහාරය සඳහා යුක්තිය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් නිහඬව සිටින පක්ෂයකි,” එක් ප්‍රචාරකයෙක් පැවසීය. “දැන් ඔවුන් අපේ දිවි පිදූවන් සහ අපේ ඉතිහාසය මැතිවරණ ප්‍රචාරක උපායක් ලෙස භාවිතා කිරීමට උත්සාහ කරනවාද? යැයි ඔහු ඇසීය”

නිරීක්ෂකයින් සඳහන් කර ඇත්තේ, දෙමළ ජාතිකවාදී කථිකාවතට   ජාජබහි හදිසියේ හැරීම හුදකලා සිදුවීමක් නොවන බවත්, උතුරු-නැගෙනහිර මැතිවරණවලදී දකුණුබද පක්ෂ තමන්ට වෙනත් ප්‍රතිරෑපයක් ලබා ගැනීමට උත්සාහ කරන පුළුල් දේශපාලන රටාවක කොටසක් බවත්ය. කෙසේ වෙතත්, වගවීම, හමුදාකරණය ඉවත් කිරීම හෝ ස්වයං නිර්ණය සඳහා සංයුක්ත කැපවීම් නොමැතිව එවැනි කාර්ය සාධන අභිනයන් සිදු කර ඇති බවට විචාරකයින් අනතුරු අඟවයන බව ද එම වෙබ් අඩවිය සදහන් කරයි.

ටැමිල් ගාර්ඩියන් ලිපියක් ඇසුරෙනි.

Archive

Latest news

Related news