Friday, April 25, 2025

මාධ්‍යවේදී ෆසීර්ගේ රාජකාරියට පොලීසියෙන් බාධා! කුලියාපිටිය උසාවියෙන් එළියට ඇද දමයි!

තරිඳු උඩුවරගෙදර/ whatnews.lk.

තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමයේ ලේකම්වරයා සහ සටහන් ආයතනයේ වාර්තාකරුවෙකු වන ෆසීර් මොහොමඩ් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තාකරණයේ යෙදෙමින් සිටියදී එහි සේවය කරන පොලිස් නිලධාරීන් විසින් ඔහුගේ වාර්තාකරණයට බාධා කරමින් උසාවි ශාලාවෙන් පිටතට ඇද දමා ඇත.

මෙයට පාදක වී ඇත්තේ අප විසින් පසුගිය සතියේ වාර්තා කළ පොලිස් වධහිංසාවකට අදාල නඩුවකි. එම නඩුවට සම්බන්ධ පොලිස් නිලධාරීන් පිළිබඳ මාධ්‍යවේදී ෆසීර් මොහොමඩ් සටහන් ආයතනයේ වාර්තාකරණයේදී කරුණු හෙළිදරව් කළේය.

මීගමුව ඇවෙන්ඩ්‍රා හෝටලයෙන් මංකොල්ලකෑවායැයි පවසමින් පොලිස් නිලධාරීන් පිරිසක් රත්තරන් බඩු වෙළඳසැලක හිමිකරුවෙකුට වධහිංසා කිරීම සහ ඔහුගේ දේපළ කොල්ලකෑම සම්බන්ධයෙන් වූ එම නඩුව මෙවර කැඳවූ අවස්ථාවේදී ඔහු වාර්තාකරණයට සහභාගී වී තිබේ.

ඔහු අපට ප්‍රකාශ කළ ආකාරයට මෙම සිදුවීම වාර්තාකරණය සඳහා එතැන සිටි එකම මාධ්‍යවේදියා ෆසීර් මොහොමඩ්ය. ඔහු සිදුවීම වාර්තා කරමින් ලියමින් සිට තිබේ. ඔහු උසාවියේ සිටගෙන සිදුවීම් විමසිල්ලෙන් අසමින් වාර්තාකරණයේ යෙදෙමින් සිට තිබේ. සාමාන්‍ය ක්‍රමවේදය අනුව ෆසීර් වාර්තාකරණයට උසාවි භූමියට ඇතුළු වී තිබුණි. ඔහු වාර්තා කරන මොහොතේ මාධ්‍ය ආයතන හැඳුනුම්පත පැළඳ සිට ඇත.

එම අවස්ථාවේදී උසාවි සාජන් නිලධාරියෙකු පැමිණ මොනවාද කරන්නේ කියා විමසූ අතර ෆසීර් මහතා ප්‍රකාශ කර ඇත්තේ තමන් වාර්තා කරමින් සිටින බවය.

එළියට බැහැපන් යනුවෙන් එයින් පසු එම නිලධාරියා කියා ඇත. එම තර්ජනය නොතකා ෆසීර් මොහොමඩ් මහතා සිය වාර්තාකරණයේ යෙදී තිබේ.

එයින් පසු, පොලිස් නිලධාරියෙකු විවෘත අධිකරණයේ ලියමින් සිටි මාධ්‍යවේදියාව එළියට ඇදගෙන ගොස් ඇත. සාක්කුවේ තිබුණු දුරකථනය පැහැරගෙන පටිගත කරන්නේයැයි කියමින් මුර කුටියකට එය බාර දී තිබේ. දූරකථනය ඒ වන විටත් ක්‍රියා විරහිතව තිබී ඇත. දූරකථනය රැගෙන එන්නට නොහැකි නම් ගේට්ටුවෙන් දූරකථනය සමග ඇතුළට ගත්තේ මන්දැයි ඔහු විමසා ඇත.

සිදුවීම පිළිබඳ අධිකරණ සේවා කොමිසමට සහ අනෙකුත් ආයතනවලට පැමිණිලි කිරීමට මාධ්‍යවේදී ෆසීර් මොහොමඩ් සහ තරුණ ජනමාධ්‍යදීන්ගේ සංගමය බලාපොරොත්තු වේ.

මේ සම්බන්දයෙන් රජයේ ප්‍රවෘත්ති අධක්ෂක පොලිස්පතිවෙත යවන ලද ලිපිය පහත දැක්වේ.

Archive

Latest news

Related news