ඡායාරූපය: ඝාතනයෙන් පසු වව්නතිව් මුර පොල
වව්නතිව් ඝාතනයයට ගැසීමට රාජ්‍ය බුද්ධි සේවය සහ යුද හමුදා බුද්ධී අධ්‍යක්ෂක මණ්ඩලය ගැසු ගැට දැන් දිගහැරෙමින් තිබේ.
එම කතාව මෙසේය.
2018.11.30 වන දින නැගෙනහිර පළාතේ මඩකලපුවේ වවුනතිව් හි මුරපොලකදී නාඳුනන ප්‍රහාරකයින් පිරිසක් විසින් ගනේෂ් දිනේෂ් සහ වල්පිට ගමගේ නිරෝෂන් ඉන්දික ප්‍රසන්න යන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු පිහියෙන් ඇන වෙඩි තබා ඝාතනය කර තිබුණි. එම මියගිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා සතුව තිබූ රිවෝල්වර (අංක 641042 සහ අංක 639927) සහ පතොරම් 10 ක් සහ ඔවුන්ගේ නිල නිල ඇඳුම්වල කොටස් (පටි සහ පීක් කැප්) ද එම ප්‍රහාරකයින් කණ්ඩායම විසින් රැගෙන ගොස් තිබුණි.
මෙම ඝාතන එල්ටීටීඊ සංවිධානයට සමබන්ධ යැයි කියන පිරිස් මත පැටවීමට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩලය සහ රාජ්‍ය බුද්ධී සේවය ව්‍යාජ වාර්තා ඉදිරිපත් කළේය.
යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එවන ලද 2018.12.05, 2018.12.08, 2018.12.14 සහ 2019.01.03 දිනැති වාර්තා මගින් කියා සිටියේ 2018.11.27 දින පැවැත්වීමට නියමිතව තිබූ LTTE ත්‍රස්තවාදීන්ට ගෞරව කිරීමේ යුද අනුස්මරණ උත්සවවලට වවුනතිව් පොලිසිය විසින් කුපිත කරන ලද හිටපු LTTE සාමාජිකයින් විසින් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය සිදු කර ඇති බවයි.
ඉන් පසු 2018.12.03 දින හෝ ඊට ආසන්න දිනකදී,රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු විසින් සපයන ලද තොරතුරක් මත, එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන , අපරාධ ස්ථානයේ සිට කිලෝමීටර් 3 ක් දුරින් පිහිටි කුඹුරක කානුවක් තුළ සොයාගත් “යතුරුපැදි ජැකට් එකක්” පිළිබඳව රහස් පොලිසියට දැනුම් දුන්නේය.
එම ජැකට් එක මිනීමරුවාට සම්බන්ධ බවට සැකයක් ඇති බව ඔහු දැනුම් දුන්නේය. නිලන්ත ජයවර්ධන විසින් එම තොරතුරු ලබා දුන්නේ එම ඝාතනයෙන් දින තුනකට පසුවය.
ඉන්පසුව, එවකට නිලන්ත ජයවර්ධන විසින් සපයන ලද තොරතුරු මත, එම “යතුරුපැදි ජැකට්” සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීමට සීඅයිඩී නිලධාරීන් කණ්ඩායමක් යොදවන ලදී. එදිනම, එනම් 2018.12.03 වන දින එවකටරහස් පොලිස් අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඇතුළු CID නිලධාරීන් කණ්ඩායම එම ස්ථානයට ගියේය. සීඅයිඩී නිලධාරීන් එම ස්ථානයට පැමිණෙන විට, නිලන්ත ජයවර්ධන විසින් එවන ලද රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් ඒ වනවිටත් එහි සිටියේය.
රහස් පොලිසියට අනුයුක්ත පොලිස් අධිකාරී ජයසිංහ පොලිස් සුනඛ අංශයේ කණ්ඩායමක් සමඟ පරීක්ෂණ පැවැත්වීම සඳහා යොදවන ලදී. එම පොලිස් බල්ලන් ජැකට්ටුවෙන් සුවඳක් ලබාගෙන එම සුවඳ පසුපස හිටපු එල්ටීටීඊ සාමාජිකයාගේ නිවසට එනම් අජන්තන්ට ගිය නමුත් අපරාධ ස්ථානයට නොපැමිණි බවයි.
එම නිවසේ පදිංචිකරුවන් කීවේ එම බෑගය පෙරදා වන තුරු නිවසේ ඇදක් යට තිබූ බවයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සිදු කරන ලද පරීක්ෂණවලින් හෙළි වූයේ එලෙස අත්අඩංගුවට ගත් අජන්තන් සහ අනෙක් හිටපු එල්ටීටීඊ සාමාජිකයාට පොලිස් නිලධාරීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් බුද්ධි අංශ (DMI සහ SIS) විසින් පොලිස් නිලධාරීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ව්‍යාජ ලෙස චෝදනා එල්ල කර තිබූ බව සනාථ විය.
යුද හමුදා බුද්ධි අංශය සහ රාජ්‍ය බුද්ධි සේවය විසින් යතුරුපැදි ජැකට්ටුව පාසල් බෑගයක තැබීමට කුමන්ත්‍රණය කර ඇති බවට සැක කරන බවත්, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් රහස් විමර්ශන නොමඟ යවා ඝාතනයට සම්බන්ධ සැබෑ ප්‍රහාරකයින් සොයා ගැනීම වැළැක්වීම සඳහා බවටත් සැක කරන බව එවකට රහස් පොලිසියේ ප්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිිපත් කළ සිය මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි සඳහන් කළේය.
අද අත්අඩංඟුවට ගන්නා ලද්දේ එළෙස එම යතුරුපැදි ජැකට්ටුව පාසල් බෑගයක දමා කානුව යට සඟවන ලද බවට සැක කරන බුද්ධි අංශය නිලධාරියාය. ඔහු නිලන්ත ජයවර්ධන යටතේ කටයුතු කළ අයෙකි. ඔහුට එම ක්‍රියාව කිරීම සඳහා උපදෙස් දුන්නේ කවරකුද යන්න දැන් දැන ග යුතු මසුරන් වටිනා ප්‍රශ්නයයි.
සුනන්ද දේශප්‍රිය.
@SLB