මේ හෑල්ලේ සඳහන් කර ඇති සීනිගම දෙවියන් වැලි හාල් කර පෙන්වීම පිළිබඳව ජනප්රවාදයේ කතන්දරයක් තිබේ. ඒ ප්‍රවාදයේ දැක්වෙන්නේ සීනිගම දෙවියන් මුහුදෙන් වැලිගෙන හාල් බවට පත් කරයි. එහෙත් එම දෙවියන්ගේ පුත්‍රයා තම පියා සිදු කරන එම ඇස් බැන්දුම රහසේ බලා සිට සිය මවට ඒ ගැන හෙළි කෙරුවේය. මින් කෝපයට පත් සීනිගම දෙවියන් සිය බිරිඳ හා පුත්‍රයා මරා දමා සීනිගමින් පලා ගියේය. පලා ගිය ඔහු උනවටුනටත් උග්ගල්පිටියටත් ගොස් සැඟවුන බව පැවසේ. පසු කාලයකදී සීනිගම වාසීන් ඔහු දැක්වූ ප්රාතිහාර්යයන් සිහිපත් කරමින් දෙවොලක් ඉඳි කළ බවද ජනප්රවාදයේ දැක්වේ.
සීනිගම දෙවියන් එසේ මෙසේ අයියා කෙනෙකු නොවන බව අප ලිව්වේ ඒ නිසාය. වර්තමානයේදී නම් බිරිඳ හා දරුවා මරා දැමූ අයකු හට අපරාධ නීතියෙන් දඩුවම් හිමිවේ. එහෙත් තමන් කළ මෙලේච්ඡ අපරාධය නිසාම සීනිගම දෙවියන්ට දේවත්වයට පත් වීමට හැකි වී තිබේ. සීනිගම දෙවියන් ගේ දේවත්වය පිළිබඳව සමාජ විශ්වාසය පවතින්නේ වරදට දඬුවම් දෙන දෙවියකු ලෙසය.
ඕනෑම තක්කඩියෙකුගේ අවසාන නවාතැන ආගම බව සඳහන් කෙරෙන කියමනක් වේ. සමන්ත විද්‍යාරත්නගේ චෝදනාවත් සමගම චාමර සම්පත් සීනිගමට එන්නේ සීනිගම දෙවියන් ලවා ඔහු විනාශ කරවීමටය. සැබැවින්ම තමන් වරදක් කළ බව චාමර සම්පත් නොදැන සිටින තරමේ උක්කු බබෙක් නොවේ.
ඒ නිසාම චාමර සම්පත් හැදුුවේ දෙවියන්ට කොකා පෙන්වා සමාජය ගොනාට ඇන්දීමට බව අපි දනිමු.
සීනිගම දෙවියන් ගේ තීන්දුව මේ වන විට කණ පිට හැරවී තිබේ. චාමර සම්පත් සීනිගම බොරුවට ඇඹරූ මිරිස් නිසාම සමන්ත විද්‍යාරත්න ඇමතිවරයකු වී ඔහුට කෙලවී ඇතැයිද කෙනෙකුට සිතිය හැකිය.
සීනිගම දෙවියන් සමග පිස්සු කෙලින්න ගියාම දෙන දඬුවම චාමර සම්පත්ට ලැබී ඇතැයිද දැඩි දේව භක්තියකුට ගණන් හදා පෙන්නන්ටත් පුළුවන. කෙසේ වෙතත් සීනිගම දෙවියන් වෙනුවෙන් තැබූ පූජා වට්ටිය නිසාවත් චාමර සම්පත්ට වර්තමානයේදී චාන්ස් එකක් හිමි නොවීම කණගාටුවට කරුණකි.
(ලොකු කුමා )