Wednesday, March 12, 2025

ජනමාධ්‍ය ඇමැතිවරයාගේ පුවත්පත් සාකච්ජාවට පසු වදනක්: ආණ්ඩුවේ තහනම් වචනය ටිරන් අලස්ද?

ආණ්ඩුවේ ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති ජනමාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් බොහොමයක් ප්‍රශ්ණ කෙරුවේ ඉන්ටඩික් පොලිස්පති ගේ අතුරුදන් වීම ගැනය.

ජනමාධ්‍ය ඇමති බොහෝ අවස්ථාවල මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්ණ වලට පිළිතුරු සපයන්⁣නේ සෝපාහාසාත්මක සිනාවක් මුවඟ රඳවා ගනිමිනි.ඇතැම් අවස්ථාවල හරිම උද්ච්ච විදියටය.රජයේ මාධ්‍ය සාකච්ඡාවට නිරන්තරයෙන් සහභාගිවන ඔහු ගේ ශරීර භාෂාවෙන් අනාවරණය කෙරෙන්නේ අපේ ආණ්ඩුව වට්ටන්නට උඹලාට නොහැකි යැයි පැවසෙන හැඩයේ චණ්ඩි ස්වරූපයකි.

මෙදා පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් දෙතුන් දෙනෙකු අතුරුදන් වී සිටින ඉන්ටඩික් පොලිස්පති ගේ ප්‍රශ්ණයට හිටපු අමාත්‍ය ටිරාන්ගේ අලස් ගේ නමද ඈඳා ගනිමින් ජනමාධ්‍ය ඇමතිවරයාගෙන් ප්‍රශ්ණ අසන්නට පටන් ගත් විට ඔහු මෙතෙක් වේලාවක් පිළිතුරු දෙමින් සිටි සැහැල්ලු හා බරසාර ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනසකට බඳුන් වූ බව පැහැදිලිව දකින්නට ලැබුණි.

ඇමති නලින්ද ගේ මුහුණ කළු විය.ඇස් ලොකු විය.සිනාව අතුරුදන් විය.එසේම ඔහු ඒ ප්‍රශ්ණ වලට පිළිතුරු සැපයීමේදී ටිරාන් අලස් ගේ නම නිකමට හෝ පැවසුු⁣වේද නැත.

ටිරාන් අලස් ගේ නම පවා සදහන් කරන්නට ජාජබයේ ඇත්තන් කැමති නැත.ඒ ජාජබය පණට පණසේ ආදරය කරන සහෝදර ටිරාන් ගේ නම කැත වෙනවාට බියෙන් හා සැකයෙන් වෙන්නට පුළුවන.

ඒ අකමැත්ත ගැන හරියටම උදාහරණයකට ගත හැක්කේ වැස්සක් කඩා වැටෙන්නට පෙර පොළොවෙන් මතුවන මෙරුන් යන නමින් හැඳින්වෙන සත්ව විශේෂයයි. මේ මෙරුන් ගෙට එන ඒමේදී ගැමියන් මෙරුවන්ගේ නමින් මේ සත්වයා හැඳින්වීමට බිය වේ. එසේ කියනු එම සතුන්ට ඇසුනහොත් උන් වැඩි වැඩියෙන් එතියි විශ්වාසයක් ගැමියන් අතර පවතී. ඒ නිසාම ගැමියන් උන් හඳුන්වන්නේ ආවෝ ගියෝ කීමෙනි.

මාධ්‍ය සාකච්චාවෙහි නිල වීඩියෝව. ( එහි දුර්වල බොඳ වූ රෑපරාමු මාධ්‍ය උපදේශකයින්ට පෙනේවා)

⁣මෙවර රජයේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ටිරාන් සම්බන්ධයෙන් ප්‍රශ්ණ කළ විට ඇමති නලින්ද ගේ පිළිතුරද ආවෝ ගියෝ හැඩයේ විය. ජාජබ ආණ්ඩුව මේ තරම⁣ට ටිරාන් ආරක්ෂා කරන්නේ කවර හේතුවක් නිසාද යන්න පැහැදිලි නැත.එහෙත් මේ අඹ යාළු කම ගැන මුළු රටම දනී. ජාජබය ගැන විශ්වාසය තබා ඡන්දය දුන් මිනිසුන්ට වඩා වැඩි වටිනාකමක් ජනපතිවරයාගේ සිට රජයේ සියළුම නිළමක්කාරයන්ගෙන් ටිරාන්  අලස්ට හිමි වී තිබේ. විපක්ෂය ඒ ගැන කිසිවක් පවසන්නේ නැත.

ඒ ආණ්ඩුව හා විපක්ෂය සියළු ගණුදෙනු  කරන්නේ මේ  ටිරාන් අලස් ගේ සහයෝගයෙන් හා මැදිහත්වීමෙන් නිසාය.ජාජබයේ පහල ඇවරියේ පාක්ෂිකයන්ට ටිරාන් අලස් ප්‍රශ්ණයක් වූවාට ආණ්ඩුවට ඔහු ආදරනීය සහෝදරයෙක් වී ඇති බව නම් තහවුරු වී තිබේ.

පසුගියදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති W 15 හෝටලය සම්බන්ධ නඩුවේදී මහේස්ත්‍රාත්වරයා ටිරාන් අලස් සම්බන්ධයෙන් විමර්ශන කළ යුතු බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරුවේය.

එහෙත් ඒ නියෝගය ක්‍රියාත්මක කිරීම තඹුත්තේගම තනි සිග්නල් කණුවේ රතු සංඥාව වැටීමෙන් නැවතිය හැකි ද යන්න රටම බලා සිටී. ඒ තරම⁣ටම ටිරාන් අලස් මේ ආණ්ඩුව හැසිරවීමට තරමේ ගලිවරයෙකු ද යන්න ද ඒ හා සමාන ප්‍රශ්නයකි.

Archive

Latest news

Related news