Monday, March 3, 2025

තොරතුරු තාක්ෂණ අංශයේ සේවා අපනයන 15% ක බද්ද නිදහස් වෘත්තිකයින්ට සහ යූ ටියුබර්ස්ලාට පහරක්

(Sri Lanka Brief/02.03.2025) ශ්‍රී ලංකාවේ සේවා අපනයන ආදායමට අප්‍රේල් මාසයේ සිට බලපැවැත්වෙන පරිදි නිදහස් වෘතිකයින්, යූ-ටියුබ්කරුවන්, පුද්ගලයින් සහ ආයතනික සමාගම් සඳහා සියයට 15 ක බද්දක් පැනවීමෙන් ඍණාත්මක බලපෑමක් ඇති විය හැකි බව ආර්ථික විශ්ලේෂකයින් සහ විශේෂඥයින් කිහිප දෙනෙක් පැවසති.

මෙරට සිට විදේශ ආයතන සඳහා උපදේශකයින් ලෙස රැකියා කරන දහස් ගණනාවකට මෙම බද්ද බලපානු ඇත. මාසිකව ඩොලර් දහසක ආදායමක් ලබා ගන්නා එවැනි පිරිස් මෙම බද්ද මගින් විශාල ලෙස බදු වලට යටත් කර තිබේ.

2025 අයවැයෙන්, ගෝලීය ඩිජිටල් බදුකරණ පිළිවෙත්වලට අනුකූල වන සහ රජයේ ආදායම වැඩි කිරීම අරමුණු කරගත් අපනයන සේවා සඳහා ආදායම් බදු නිදහස් කිරීම ඉවත් කර ඇති බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසා තිබේ.

කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත පවසා ඇත්තේ ඩිජිටල් සේවා සපයන්නන් පළමු රු. 150,000 සඳහා ආදායම් බද්දෙන් නිදහස් කරන බවත්, ඊළඟ රු. 85,000 සඳහා සියයට 6 ක බද්දක් සහ අනෙකුත් ආදායම් සඳහා උපරිම වශයෙන් සියයට 15 ක බද්දක් අය කරන බවත්ය.

ශ්‍රී ලංකාවේ, අයවැය යෝජනාවලින් පසු වාර්ෂික දේශීය ආදායම් සංශෝධන මගින් දේශීය බැංකු පද්ධතිය හරහා ආදායම් ප්‍රේෂණය කරන්නේ නම්, විදේශයන්හි සේවාදායකයින්ට ලබා දෙන සේවාවන් හරහා විදේශ මුදල් උපයන පුද්ගලයින් සහ සංස්ථා සඳහා ඓතිහාසිකව නිදහස් කිරීම් ලබා දී  තිබුණි.

මෙම ප්‍රතිපත්තියේ අරමුණ වූයේ විදේශ මුදල් ගලා ඒම දිරිමත් කිරීම සහ සේවා අපනයනයට සහාය වීමයි.‍ේ‍

බදු විශේෂකු උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත පැවසන්නේ රජයට වැඩි බදු ආදායමක් ලබා ගැනීමට අවශ්‍ය බවත් මෙම පියවර මෙම ක්‍රියාවලියේ කොටසක් බවත්ය.

කෙසේ වෙතත්, හිටපු භාණ්ඩාගාර ලේකම්වරයෙකු පැවසුවේ මෙම හදිසි වෙනස අනවශ්‍ය කම්පනයක් ඇති කරන අතර එය බපර් දමා  වළක්වා ගත නොහැකි බැවින් මෙම නව බද්ද අන්තර්ජාල නිදහස් වෘත්තිකයින්ට ඇති කරන බලපෑම සැලකිය යුතු බවත්, ඇමරිකානු ඩොලර් බිලියන 3 කට වඩා වැඩි සාමාන්‍ය සේවා අපනයන ආදායමට බලපෑම් ඇති විය හැකි බවත්ය.

ඊට අමතරව, මෙම වෙනස ජාත්‍යන්තර වෙළඳපොලේ ශ්‍රී ලාංකික නිදහස් වෘත්තිකයින්ගේ තරඟකාරිත්වයට බලපානු ඇත. මන්ද ඔවුන්ට නව බදුකරණයට මුදල් සැපයීම සඳහා ඔවුන්ගේ මිල ගණන් හදිසියේම සකස් කිරීමට සිදුවිය හැකි නිසාය.

තොරතුරු තාක්ෂණ නිදහස් සේවකයින් සහ සේවා අපනයනකරුවන් රටට විදේශ විනිමය උපයන්නන් අතර වන අතර හදිසියේම බදු පැනවීම ඔවුන් කලකිරීමට පත් කර රට හැර යාමට පොළඹවනු ඇති බවද එම වාර්තාව දක්වයි.

සන්ඩේ ටයිම්ස් වාර්තාවක් ඇසුරින් සකස් කරන ලදී.

Archive

Latest news

Related news