Thursday, February 27, 2025

උපදේශකයෙක් කියන්නේ කව්ද නොදන්නා ජාජබ කෙරුම්කාරයින්ගේ දුක හිතෙන වැඩ! – ලොකු කුමා

(Sri Lanka Brief/27.02.2025) ජාජබ ආණ්ඩුවේ අවබෝධයේ හා දැනුමේ දිග පලල ⁣වටහා ගත හැකි තනතුර ප්‍රදානයක් පිළිබඳව අද වාර්තා විය.ඒ ජනපති අනුර සහෝදරයාගේ උපදේශකයා ලෙස සිරස සේවය කළ චන්දන සූරිය බණ්ඩාරගේ පත් කිරීමයි.

චන්දන සූර්යබණ්ඩාර සමඟ අපේ කිසිදු අමනාපයක් නැත.

එම පත්වීම කාගේ නිර්දේශයක් මත සිදු වී දැයි අප නොදන්නා මුත් ඒ පිළිබඳව මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් අතර කතා බහ වෙන උපහාසාත්මක විවේචනයන් අපට අසන්නට ලැබෙමින් තිබේ.මේ වන විට ඒ උපදේශක පත් කිරීම පිළිබඳව මුහුණු පොතේද දැඩි විවේචනයන් ලියවෙමින් තිබෙන බවද කියවිය හැකිය.

ඒ අතරේ නැගෙනහිර  විශ්ව විද්‍යාලයේ ඡ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමරසිරි වික්‍රමරත්න  මුහුණු පොතේ සිය ගිණුමේ ලියා තිබූ නිර්දය විවේචනය ජාජබ ආණ්ඩුවේ බලධරයන් ගේ අවධානයට ලක් වූයේ නම් ඉතා වැදගත්ය.අමරසිරි වික්‍රමරත්න ගේ බිරිඳ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාජබ ලැයිස්තුවෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරඟ කළ අපේක්ෂිකාවකි.අමරසිරි වික්‍රමරත්න ගේ සටහන මෙසේය.

“හිතවත් අනුර,

උපදේශක කියන්නේ වචනයක් නොවෙයි.

උපදේශකයා කියන්නේ දාර්ශනිකයෙක් විය යුතුමයි.ඔබට ජනමාධ්‍ය උපදේශක තෝරාදුන්නේ මොකාද.ඔහු කෙල තොල්ලෙකි.

අඩුම තරමින් කැටිපෙවත් උඹලට මතක් වුනේ නැද්ද.ඌ ඡන්ද 53161 අරන් දුන්නා.රට අනුරට සිිංදුව ලියල දුන්නා(නිකම් මතක් කෙරුවේ)

නන්දන වීරරත්න මාධ්‍යකාරයෙක්.BBC වැඩ කෙරුවා.අනුර පුතා දිනවන්න. යාපනේ ගිණි ලෑම,බටලන්ද පොත් ලියල සීයට චලේන්ජ් කෙරුවා.මහචාර්ය ගනණාථ අබේසේකර ,කුමාරි ජයවර්ධන අවුරුදු තිහක් පර්යේෂණ කෙරුවා.

ලියලා දෙන දෙයක් කියවන කෙල තොල්ලෙක් උඹට ලොකු වුනා.බත් හැලියේ ගුණ බලන්නේ ඇටයක් මිරිකලා.හතර විලි ලැජ්ජයි මේ ආණ්ඩුව ගැන.මේ තෝරාදීම කෙ⁣රුවේ ජනමාධ්‍ය ඇමැත්තාද නියෝජ්‍ය ඇමැත්තාද .මේ පත් කිරීම තවත් හිටපු ආණ්ඩුවක නව මුහුණුවරක් විතරයි.අනුර ජනපති නොවුනා නම් මේ වගේ පත් කිරීම් ගැන කියන කතා අහන්න තිබුණා.තුක් නොදකින්..”

(උපුටනය අවසන්)

ජාතික ජන බලවේගයේ පාලනය පොදු ජන පෙරමුණේ පොහොට්ටුවන් හෝ රනිල් වික්‍රමසිංහ ගේ සිලින්ඩරයන් විසින් හසුරවන බවට සිතිය හැකි තරමේ බොහෝ දෑ සිදු වෙමින් පවතී.ඒ බොහෝ දෑ යන්නෙන් අප අදහස් කරන්නේ ආණ්ඩුවේ කෙරුවාව බලයට පත් වීමට පෙර ජනතාව වෙත ලබා දුන් පොරොන්දු වලට හාත්පසින්ම විරුද්ධ හැඩයක් ගැනීමය. ආණ්ඩුවේ කෙරුවාව තුළ පෙනෙන්නට ඇති මේ විකෘතිය නිසාම ජාජබය බලයට පත් වීම  සඳහා දර දිය ඇදි ක්‍රියාකාරිකයන් සිටි⁣න්නේ දැඩි කම්පනයට හා කිසිත් කර කියා ගත නොහැකි විමතියකිනි.ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හැ⁣සිරෙන උද්දච්ච ස්වභාවය අදහා ගත නොහැකි තරමේය.

යහපාලන ආණ්ඩුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ උපදේශකයා ලෙස පත් කර ගත්තේ චමුදිත සමරවික්‍රමය.ගෝඨාභය රාජපක්ෂ පත් කරගත්තේ කිංස්ලි රත්නායකය

චන්දන සූරියබණ්ඩාර ජනාධිපති මාධ්‍ය උපදේශකවරයා ලෙස පත් කිරීම සමාජය තුළ ඇති වී තිබෙන විවේචනයන් පිළිබඳව රජයේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියකු විසින් ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා ප්‍රශ්ණ කළ අවස්ථාවේ අමාත්‍යවරයා පිළිතුරු දුන්නේ තමන්ට එම පත් කිරීමේ වරදක් නොපෙනෙන බවය.ඔහුගේ එම පිළිතුරෙන් අවධාරණය කෙරෙන්නේ ජාතික ජන බලවේගය බලයට ගෙන ඒම සඳහා කැප වූ පහල ඇවරියෙන් මතු වන විවේචනයන් පිළිබඳව ආණ්ඩුව තඹ දොයිතුවකට නොතකන බවය.ඒ මන්ද යත් චන්දන සූරිය බණ්ඩාරගේ පත්වීම ගැන විවේචනය එල්ල වන්නේ ජාජබය⁣ට විරුද්ධ පක්ෂ වලින් නොව ජාජබයේ සමීපතමයන් ගෙන් නිසාය.

යහපාලන ආණ්ඩුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ උපදේශකයා ලෙස පත් කර ගත්තේ චමුදිත සමරවික්‍රමය.ගෝඨාභය රාජපක්ෂ පත් කරගත්තේ කිංස්ලි රත්නායකය .ඔහු ගෝඨාභය රාජපක්ෂ ඉවත්වීමත් සමගම ඇමරිකාවට පැන ගත්තේය.ඒ පූර්වාදර්ශයන් හා සසඳන විට අනුර සහෝදරයාගේ මේ  පත් කිරීමේද ⁣වෙනසක් දකින්නට නැත.මෙහිදී ජනාධිපති මාධ්‍ය උපදේශක තනතුර යනු අනුන් ලියා දෙන පිටපතක් කියවන ගිරා පෝතකයකු  තරමට සිල්ලර වී තිබේ.

මින් ප්‍රකාශ වෙන්නේ ජාතික ජන බලවේගය ආණ්ඩුව පරණ ආණ්ඩු වලම කොපියක් බවය.මේ රටේ ජනතාව තැබූ  අපේක්ෂාව ජාජබය අමු අමුවේ පාවා දෙමින් සිටින බවට එහි ක්‍රියාකාරිකයන් වෙතින්ම චෝදනා නැගෙමින් තිබෙන්නේ මේ වටපිටාව තුළය.

ජාජබය⁣ට එරෙහිව විපක්ෂයේ සංවිධානගත වීම ලේසි පහසු එකක් නොවන බව අපට වැටහී තිබේ.එහෙත් ජජාබයේ කෙරුම්කාරයන් සිටින්නේ තමන්ට තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලය හා විධායක ජනපති ධුරය හිමි වී ඇති බැවින් විපක්ෂයේ හැසිරීම එතරම් ගණන් නොගත යුතු විදියටය.

තවත් හිරි වැටෙන පත්වීමක්

මේ ලිපිය ලියා ගෙන යද්දී ලැබුණ ප්‍රවෘත්තියද ජජාබයේ ඇඟ හිරි වැටෙන පත් කිරීමක් සම්බන්ධවය.ඒ නැගෙනහිර විශ්ව විද්‍යාල කවුන්සිලයට පත් කළ ලොක්කෙකු ගැනය.මේ ලොක්කා ශාලාව යුද කඳවුර තුළ ආයුද ගබඩාව පුපුරන වි⁣ට ඒ ප්‍රදේශයේ සිටි ප්‍රදේශීය ලේකම් වරයාය.

අනතුරුව ඔහු ස්ථාන මාරු කර යවා ඇත්⁣තේ අම්පාර දිස්ත්‍රික්කයටය.ඔහු එහිදී සිදු කරන ලද විෂමාචාර නැවත දැන ගන්නට ඕනෑ නම් සිරස ප්‍රවෘත්ති සිහිපත් කර ගත්තා නම් ඇතිය.දැව ජාවාරම් හා කාන්තා සම්බන්ධතා පිළිබඳව කප් ගැසූ මේ උන්නැහේ පිළිබඳව ඒ දිනවල අම්පාර දිසාපතිවරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට යවන ලද චරිත සහතිකය ජනපති අනුර ⁣සහෝදරයාට හොයා ගන්නට පුළුවන් නම්  ඔහුගේ කෙරුවාවන් ගැන ඉතා හොඳින් දැනුවත් වන්නට පුළුවන. අම්පාර දිසාපතිවරයා ඒ සහතිකයේ සඳහන් කර ඇත්තේ මේ උන්නැහේ රජයේ කිසිදු තනතුරකට නුසුදුස්සකු බවය.ජනපතිවරණයේ නාම යෝජනා බාර⁣ දෙන අවස්ථාවේ සජිත් ප්‍රේමදාස ගේ නාම යෝජනා පිටිපසින් බාර ගත්තේද මොහු වේ.කෙසේ වෙතත් රජයේ කිසිම තනතුරකට වැද්ද නොගත යුතු බවට නිර්දේශ කර ඇති පුද්ගලයකු රාජ්‍ය විශ්ව විද්‍යාලයක කවුන්සිලයකට පත් කිරීම ගැන අපට නම් ඇති වෙන්නේ හිරිකිතයකි.

ජාජබය බලයට පත් කරවීමට ජනතාව දැනුවත් කළ අපට මේ පත්කිරීම ගැන හිරිකිතයක් මතු වේ නම් අපගේ ඡන්දයෙන් පත් වූ කෙරුම්කාරයන්ට ඒ ගැන හිරිකිතයක් නොදැනීම ගැන නම් පුදුම හිතෙන සිද්ධීන්ය.සැබැවින්ම මේ පත් කිරීම් සිදු කරන්නේ විපක්ෂයේ අවශ්‍යතාව ඉටු කිරීමටද යන්න මේ වන විට අපට සැකයක් ඇති වී තිබේ.

ජාතික ජන බලවේගය බලයට පත් කරවීමට ඡන්දය දුන් සහෝදර  ජනතාව තවමත් ආණ්ඩුව ගැන විශ්වාසය තබා සිටී.එහෙත් ආණ්ඩුව විසින් මෙරට මර්මස්ථාන සදහා පත් කරමින් සිටින අංජබජල් පුද්ගලයන් හා ඔවුන්ගේ ජානගත පෝරිසාදකම් ගැන සිතන විට අපට ආණ්ඩුවේ හෙට දවස ගැන ඇතිවන්නේ බරපතල තිගැස්මකි.

මේ තිගැස්ම අපට දැනෙන්නේ ජාජබයේ උද්දච්ච මැති ඇමතිවරුන් ගැන නම් නොවේ.ඒ ජාජබ ආණ්ඩුව ගැන තවමත් විශ්වාසය තබා සිටින අපේම සහෝදර මිනිසුන් ගැනය.

තිගැස්ම තහවුරු කෙරෙන සංඥා

⁣අපට දැනෙන තිගැස්ම තහවුරු කෙරෙන සංඥාවන් විරුද්ධ පක්ෂයේ ප්‍රබලයන් වෙතින් නිකුත් කරමින් තිබේ.ඒ ජාතික ජන බලවේග ආණ්ඩුව ඉතා කෙටි කාලයකින් බිඳ දමන බවය.ඒ කෙසේ සිදු කරන මෙහෙයුමකින්ද යන්න අපට පැහැදිලි නැත. හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ එලවා දැමූ අරගලය ගැන සිතන විට පවතින දේශපාලන බලය ගැන අනාවැකි කියන්නට කිසිවෙකුටත් නොහැකිය. මෙහිදී අපට දැක ගත හැක්කේ ජාජබ ආණ්ඩුව ඇත්තේ හුදකලා  දේශපාලන භූමියක බවය.මෙරට දේශපාලනයේ නිරත බොහෝ දෙනෙකු සිටින්නේ එකම කඳවුරකය.මේ සියල්ලන් සිටින්නේද ජාජබ ආණ්ඩුවට කෙලවෙන දිනය වෙන තුරු ඇඟිලි ගනිමිනි. මේ කිසිවක් වටහා නොගන්නා ජාජබ කෙරුම්කාරයන් සිය දේශපාලන ප්‍රතිවාදීන් ගේ සගයන් තමන්ගේ ඔඩොක්කුවලට දා ගනිමින් සිටී.

ඔඩොක්කුවට දාගන්නා එම සර්පයින් දෂ්ඨ කරන දිනය නම් වැඩි ඈතක නොවන බව අපට හැඟේ.


ඒ ගමන් මේකත් කියවන්න

කොන්ත නෝනගෙ සුක කොන්ත නෝනට ඕන හැටියට

මුහුණූ පොතේ තැබු සටහන:

හරිහමන් විධිහට පත්වීමක්වත් කරගන්න බැරි යැයි දොස් කියනා අයට හික් ගෑවෙන උත්තරයක් ආණ්ඩුවෙන් දී තිබේ.

ඒ චන්දන සූරියබණ්ඩාර ජනාධිපති මාධ්ය උපදේශක කිරීම මගිනි.
මට මේ සමග තවත් අතීත පත්වීම් දෙකක් සිහිපත් වෙයි.
පළමුවැන්න මෛත්රීපාල සිරිසේන තම ලේකම් ලෙස අබේකෝන් පත්කර ගැනීමය.
දෙවැන්න චමුදිත තම මාධ්ය උපදේශක ලෙස පත්කර ගැනීමය.
මෛත්රී බලයට ගෙන ඒම පිණිස දැවැන්ත වැඩකොටසක් කල පුරවැසි බලය වැනි සංවිධාන මාධ්ය උපදේශක පත්වීම ගැන ඇසූවිට ලැබී තිබුනේ අතිශය තාර්කික උත්තරයකි.
“ඔහෙලා මාව ආරක්ෂා කරන්න එන්නෙ නෑනෙ. මං ඒකට සුදුසු කෙනෙක්ව පත්කලා”
ඉහත පත්වීම් දෙකම තර්කානුකූල බව ඉක්මනින්ම රට දැනගත් බව කීම සෑහෙයි.
අපේ වැඩට මිනිහෙක් උවමනායේ-තොපිට කහනවද මට මේ මනායේ
කියා අපේ ගම්වල අය කියති.
මට මේ සමග නාට්ය ජවනිකාවක් හිතේ ඇඳෙයි. ඒ මෙසේය.
උපදේශක- යුෂ්මතා ඉන්නේ ගාල්ලේය, තමන්ට ඉක්මනින්ම කොළඹ ඒමට අවශ්යය. එන සැටි කියව.
උපදෙස් ලබන්නා-
ගාල්ල තියෙන්නෙ ගාල්ලෙ, ඒ කියන්නෙ මාගාල්ල කිට්ටුව. මාගාල්ල කිට්ටුව වුණාට ගාල්ලෙ මාගල් නෑ. ගාල්ලෙ තමයි ගාලු කොටුව. ඒ උනාට පිටකොටුව තියෙන්නෙ කොළඹ කොටුවෙන් පිට. ගාල්ලෙ ඉඳලා කොළඹට ඉක්මනින්ම එන්න නම් කරන්න ඕනැ මත්තලට ගිහින් ප්ලේන් එකේ කටුනායක ඇවිත් එතනින් පුත්තලමට ගිහින් අධිවේගයේ කොළඹ එන ලක්ෂරි බස් එකක එන එක.
කොන්ත නෝනා මිරිස් ගල සේදූ වතුරෙන් පස්ස හෝදන්නට ගියාය. ඒක දැක ඒකිගේ වාහේ බොල ඔය මිරිස් වතුර කියූ විට ඇය දුන්නේ ඉතිහාසගත උත්තරයකි.

බං වාහේ කොන්ත නෝනගෙ සුක කොන්ත නෝනට ඕන හැටියට!

Archive

Latest news

Related news