අලුත් අපරාධ විමර්ශන කාර්යාංශයේ ශානිගේ වැඩ බලන්න වධකයෙක් සහ චූදිතයෙක්
ඡායාරූපය copilot කාතිම බුද්ධියෙනි.
සුනන්ද දේශප්‍රිය.
(Sri Lanka Brief/12.02.2025) විවිධ අපරාධ විමර්ශන හැසිරවීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා පොලිසිය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) නමින් නව කාර්යාංශයක් පිහිට වනු ඇති බව අපි ඊයේ වාර්තා කළෙමු.
එහි අධ්‍යක්ෂක වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරය. ඔහු කීර්තිමත් අපරාධ විමර්ශකයක් බව නොදන්නේ රාජපක්ෂ සමාගම පමණි.
මෙම කාර්යාංශය පිහිටුවා ඇත්තේ පොලිසිය මගින් විමර්ශනය කරන සියලු අපරාධ සහ අනෙක් සියලු විමර්ශන ඉතා කෙටි කාලයක් තුල අවසන් කර අධිකරණය හමුවේ නඩු පැවරීමට බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
නමුත් දැන් බලන විට ජාතික ජන බලවේග ආණ්ඩුවෙහි අදාළ බලධාරියකුගේ අපරාධ මර්දනය සම්බන්ධයෙන් වයර් පැටලී තිබේ. නැත්නම් ඒ පිටුපස නූල් අදින්නකු සිටී.
ඊට හේතුව නම් මෙම මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ ශානි අබේසේකරට ඉහළින් ඔහුට උපදෙස් දීමට සහ ඔහු පරීක්ෂා කිරීමට පත් කර ඇති පොලිස් නිලධාරීන් දෙදෙනා ම අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා තිබෙන අයවීම ය. එක් අයකු වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් වරදකරු වී ඇති අයෙකි.
මෙවැනි කරුණු පෙන්වා දෙන විට පැන පැන සපා කන පිරිස් ද පහත විස්තරය සැළකිල්ලෙන් කියවිය යුතුය.
රන්මල් කොඩිතුවක්කුගේ වධක වාර්තාව
මෙම මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ ඉහළින්ම සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුය.
2021 සැප්තැම්බර් අග දී හුදෙක් සිය වාහනයට ඔහුගේ වාහනය ඉස්සර කිරීම නිසා මිගාර රණසිංහ නම් ව්‍යාපාරිකයකුට වධහිංසා පමුණුවා ලිංගික අඩන්තේට්ටම් කොට මානසික වධහිංසා පැමිණ වී යැයි සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට විරුද්ධව චෝදනා එල්ල විය.
මෙම වධහිංසා පිළිබඳව ලිපියක් මෙරට ප්‍රකට නීතිඥ සමාගමක් එවකට පොලිස් ඇමති වූ සරත් වීරසේකරට යැවීය. එයට ප්‍රතිචාරය වූයේ නිහඬබවයි. එනමුත් අපරාධය ප්‍රසිද්ධ විය. මිගාර රණසිංහගේ ජීවිතය බේරුණේද අනූ නමයෙනි.
රන්මල් කොඩිතුවක්කු යනු හිටපු පොලිස්පතිවරයකු වන ලකී කොඩිතුවක්කුගේ ප්‍රුත්‍රයා ය.
මේ තවත් මැරකමකි.
එක්සත් ජාතින් හමුවේ වධකයකු වීම
රන්මල් කොඩිතුවක්කු පානදුර පොලිසියේ සහකාර පොලිස් අධිකාරි වූ 2020 ජූනි මාසයේ දී නිරපරාදේ අත්අඩංගුවට ගත් නිමල් ගුණරත්න නම් පුද්ගලයකුට දරුණු ලෙස පහර දෙන ලද බවට ආසියානු මානව හිමිකම් කොමිෂම ප්‍රකාශයක් නිකුත් කළේය. තමාට රන්මල් කොඩිතුවක්කු පහර දුන් බව ගාමිනී ගුණරත්න ද කීවේය. නමුත් අධිකරණය රන්මල් කොඩිතුවක්කු එම අවස්ථාවෙහි පොලිසියේ නොසිටි බවට කළ ප්‍රකාශය පිළි ගත්තේ ය. ගුණරත්නට වධහිංසා පැමිණවීම නිසා වන්දි ලැබුණි. එදා එම පොලිසියේ ප්‍රධානියා රන්මල් කොඩිතුවක්කුය.
නිමල් ගුණරත්න එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට තමාට වූ අසාධාරණය ගැන පැමිණිළි කළේය. එහිදී ඔහු මෙසේ කියා සිටියේය.
“2000 ජුනි 19 වන දින, ඔහු සහ ඔහුගේ බිරිඳ ඔවුන්ගේ නිවසේ සිටියහ. සවස 4.30 ට පමණ පානදුර සහකාර පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිලධාරීන් දස දෙනෙකු ඔහුගේ නිවස වටලා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන ඔහුගේ දෑත් පිටුපසට කඹයකින් බැඳ පානදුර පොලිසියට ගෙන ගියේ ය. පොලිස් ස්ථානයේදී පොලිස් නිලධාරීන් විසින් ඔහුට අමානුෂික වධ හිංසා පමුණුවන වන ලදී.”
“අත්අඩංගුවේ සිටියදී ඔහුට මාංචු දමා හෝස් පයිප්පවලින් පහර දුන් බවත් යකඩ ඇඳක් මත මුහුණතට දමා, මාංචු දමා වළලු කරෙන් ඇදේ බැඳ, මුගුරු සහ හෝස් බටයකින් පහර දී ඇති බවත් දින අටක් අඳුරු කාමරයක තබා ඇති බවත් එක් පහරදීමක දී ඔහුගේ දකුණු ඇසට තුවාල වී ඇසෙන් ලේ ගලන බවත් ඔහුව වහලෙන් එල්ලා පහර දී පසුව ක්ලාන්ත වී ඇති බවත් ඔහුගේ හිස වතුර යට ගිල්වා ඇති බව වධ දී ඇති බවත් සඳහන් විය.”
ඔහු බැඳ සිටියේ රන්මල් කොඩිතුවත්කුගේ ඇද කකුලකටයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව මෙසේ තීරණය කළේය: “ මෙම තීරණයට එකම හේතුව සහකාර අධිකාරීවරයා විසින් අත්අඩංගුවට ගත් දිනයේ ඔහු වෙනත් රාජකාරිවල නිරත වූ බවට ඉදිරිපත් කරන ලද සටහන් වන අතර එය පවතින සාක්ෂි සමඟ සම්පූර්ණයෙන්ම පටහැනිය. මෙම තීන්දුවේ ප්‍රතිඵලය වන්නේ උල්ලංඝනය කිරීම් සඳහා වගකීම සුළු නිලධාරීන් මත පැටවීමයි, අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම සහ වධහිංසා පැමිණවීමේ මෙහෙයුමේ අණදෙන නිලධාරියා වූ ප්‍රධාන අපරාධකරු නිදොස් කොට නිදහස් කිරීමයි. සහකාර අධිකාරීවරයා (එනම් රන්මල් කොඩිතුවක්කු ), ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම සහ වධහිංසා පැමිණවීම සිදු කළ ක්ෂණික ප්‍රතිචාර ඒකකයේ භාර නිලධාරියා ද වන අතර, ඔහු සතු අණ දීමේ වගකීම නිසා ඔහු වගකිව යුතු විය යුතුව තිබුණි.”
ලංකාණ්ඩුව එදා මෙන්ම මෙදා ද එම තීරණය ගණන් ගෙන නැත.
නිමල් පුංචිහේවාට දැමූ තග
මේ තවත් එකකි.
2002 එවකට මානව හිමිකම් කොමිසමේ විමර්ශක නිලධාරියා වූ නිමල් පුංචිහේවා, පොලිස් නිලධාරීන් දෙදෙනකුගෙන් ප්‍රශ්න කරමින් සිටිය දී කඩා වැදුණ රන්මල් කොඩිතුවක්කු එම පරීක්ෂණය කඩාකප්පල් කර එම පොලිස් නිලධාරීන් බලයෙන් රැගෙන ගියේ ය.
මෙම සිදුවීම 2003 පෙබරවාරි 20 දින මානව හිමිකම් ආරක්ෂකයින් පිළිබඳ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත හිනා ජිලානි මහත්මිය විසින් මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවෙහි දැක්වේ. එය මෙහි කියවිය හැක:https://digitallibrary.un.org/record/490409?ln=en&v=pdf
මෙම නිමල් පුංචිහේවා පසුව මැතිවරණ කොමිසමේ සභාපති ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලදී.
මේ සියල්ල සටහන් වී ඇති කරුණුය.
දැන් ශානි අබේසේකරගේ වැඩ අධීක්ෂණය කිරීමටත් අපරාධ විමර්ශනය කිරීමටත් ජාජබ ආණ්ඩුව පත් කර ඇත්තේ එවැනි අපකීර්තිමත් වාර්තාවක් ඇති පොලිස් ලොක්කෙකි!
අපරාධකරුවකුට අපරාධ සෙවීමට බාර දීම ක්‍රම වෙනසක් නම් නොවේ.
රනමල් කොඩිතුවක්කුට යටින් ද ශානිට උඩින් ද ඉන්නේ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූවය. ඔහු නව කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ය.
නිහාල් තල්දූව ගැන නාලක සිල්වා
නිහාල් තල්දූව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස අපරාධ සම්බන්ධයෙන් කී දෑ මෙරට විචාරාත්මක ජනමාධ්‍ය ප්‍රජාවට අමතක නැත.
නිහාල් තල්දුව සම්බන්ධයෙන් මූල්‍ය අපරාධයක් විය හැකි කරුණක් සම්බන්ධයෙන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් 2017 ජූනි මාසයේ දී අරම්භ කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස්පති නාලක සිල්වා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු දැන ගැනීමේ ඉල්ලීමකින් අනාවරණය වේ.
මෙම පරීක්ෂණය ද නීතිපතිවරයාගේ උපදෙස් නැතිව තවමත් හිර වී තිබෙන එකකි.
නියෝජ්‍ය පොලිස්පති තල්දූව මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයේ ශානි අබේසේකරගේ ප්‍රධානියා වශයෙන් පත් කර ඇත්තේ එවැනි ප්‍රශ්නයක් ඉතිරි වී තිබියදී ය. මෙම පරීක්ෂණය අවසන් නොවී තිබිය දී මෙම පත් කිරීම යහපත් පියවරක් නොවේ. මන්ද යත් අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින බව පෙනෙන නිලධාරියකුට අපරාධ පරීක්ෂණය බාර දීම යෝග්‍ය නැති නිසා ය. නිහාල් තල්දූව වරදකරුවකු යැයි අප කියන්නේ නැත. නමුත් නොවිසඳුණ චෝදනාවක් තිබේ.
නිහාල් තල්දූව සම්බන්ධ එම තොරතුරු ඉල්ලීම, ත්‍රස්ත විමර්ශන අංශයේ හිටපු ප්‍රධානී සහ එවකට පුත්තලම කොට්ඨාශ භාර නියෝජ්‍ය පොලිස්පති වූ නාලක සිල්වා මහතා සේවා දායකයකු ලෙස පෙනී සිට 2024 අගෝස්තු 13 වන දින ඉදිරිපත් කර තිබේ..
එම අයැදුම් පත්‍රය හා සබැඳි යම් යම් කරුණූ ලබා දීමට නොහැකි යැයි කී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අයැදුම් පත්‍රයේ අංක 09 යටතේ ඉල්ලා ඇති කරුණු වලට අදාළ පිළිතුරු පහත පරිදි ලබා දී ඇත්තේ 2024 අගෝස්තු 30 දාය. එනම් මාස 06කට පෙර ය.
මුල්‍ය අපරාධයක්
එහි මෙසේ සඳහන් වේ.
-
FICD 13/2017 යටතේ 207.03 දරණ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් පරීක්ෂණ ආරම්භ කරා ඇති බව ලේඛන අනුව නිරීක්ෂණය වෙයි.
-
හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් 2017.06.30 දින ලබා දෙන ලද ලිඛිත උපදෙස් මත විමර්ශන ආරම්භ කර ඇති බව ලේඛන අනුව නිරීක්ෂණය වෙයි.
-
එවකට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රාජකාරි කළ සහකාර පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා, එවකට ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රසන්න අල්විස් මහතා සහ උප පොලිස් පරීක්ෂක අනුරාධ කාංචන බණ්ඩාර යන අයවලුන් නම් කර ඇති බව පැමිණිල්ල පරීක්ෂා කිරීමේ දී නිරීක්‍ෂණය වේ.
-
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ වැඩ බලන අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්. ඒ. ජගත් විශාන්ත මහතා විසින් පැමිණිලි කර ඇති බව ලේඛන අනුව නිරීක්ෂණය වේ.
-
මෙම පැමිණිල්ලට අදාළ විමර්ශන ආරම්භ කිරීමෙන් පසුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක බී 6883/2018 යටතේ 2018 08. 18 වන දින ගරු අධිකරණයට කරුණු වාර්තා කර ඇත. නරේන්ද්‍ර රත්නසභාපති යන එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ තැනැත්තන්ගේ බැංකු ගිණුම් සතුව තිබූ මුදල් ස්ව- කැමැත්තෙන්ම මෙරට බැංකුවක තැන්පත් කිරීමෙන් පසු ගරු නීතිපතිතුමාගේ උපදෙස් මත එකී මුදල් රාජසන්තක කර ඇති බවට ලේඛන අනුව නිරීක්ෂණය වී ඇත. තවද එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ තැන්පත් කර තිබූ ඇමෙරිකානු ඩොලර් 1,387,530.00 මුදල රාජසන්තක කිරීම සඳහා නීතිපති තුමාගේ උපදෙස් ලබා ගැනීමට ලිපියක් යොමු කර ඇති නමුත් එම ලිපියට පිළිතුරු ලබා දී නොමැති බව සිදු කළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත. මේ අනුව මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා ගරු නීතිපතිතුමා වෙත 2019. 02. 21 වන දින SDI/FICD/OUT’384/2019 යටතේ උදෘත යොමු කර ඇති බව ලේඛන අනුව අනාවරණය වේ. මෙතෙක් නීතිපතිතුමාගේ උපදෙස් ඒ සඳහා ලැබී නොමැත.
-
මෙයට,
තොරතුරු නිලධාරී,
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,
කොළඹ 01.
ඇමති ආන්නද විජේපාල බුදිද?
මේ අනුව පෙනී යන්නේ ශානි අබේසේකර යටතේ කරනු ලබන අපරාධ විමර්ශන බාරව සිටීමට පත් කර ඇත්තේ වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් වරදකරු වූ පොලිස් නිලධාරියකු සහ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින තවත් පොලිස් නිලධාරියකු ය.
පොලිස් ඇමති ආනන්ද විජේපාල මේ ගැන කියන්නේ කුමක්ද? මෙම පත්විම් කරන ලද්දේ කවරකු විසින්ද? එවැනි පත්වීම් කිරීමට පෙර එවුන්ගේ පැටිකිරිය සොයා නොබැලුවේද? ක්‍රම වෙනස කියන්නේ මෙයද?
මෙවැනි පත්වීම් මගින් සිදුවන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුව අපකීර්තියට පත්වීමත් ශානි අබේසේකර වැනි විමර්ශකයින්ට සිය කටයුතු අතහැර දැමීමට පාර කැපීමකි.
ලසන්ත ඝාතන සැකකරුවන් නිදහස්වීමේ අරුමයත් මෙවැනි පත්වීම් වල පසුබිමත් කියන්නේ ආණ්ඩුව වැට්ටීමේ බලවේග ක්‍රියාත්මක බවද?