Saturday, February 1, 2025

ජනපතිගේ සංචාරයේදී මාධ්‍ය ගිවිසුම් රැසකට අත්සන් තැබුණු චීනයේ මාධ්‍ය හැසිරීම මෙන්න! ම කෙබඳු ද?

කාටූනය නිව්යෝක් ටයිම්ස් වෙතිනි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පළමු නිල සංචාරයේ දී ශ්‍රී ලංකාව සහ චීනය අතර එළැඹුණු ගිවිසුම් පසුගිය කාලයේ දී බෙහෙවින් සාකච්ඡාවට ලක් වූ අතර, එසේ එළැඹුණු ගිවිසුම්වලින් ගිවිසුම් 6ක් පමණ ශ්‍රී ලංකාවේ රාජ්‍ය මාධ්‍ය ආයතන සහ චීනයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයන් සමග එළැඹුණු ගිවිසුම් වීම විශේෂත්වයකි.

දේශසීමා රහිත මාධ්‍යවේදියෝ සංවිධානයට අනුව රටවල් 180ක් අතරින් මාධ්‍ය නිදහස සම්බන්ධව 150 වන ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව, එහි 172වන ස්ථානයේ සිටින චීනය සමග එලෙස එළැඹුණු ගිවිසුම් මෙතෙක් රජයන් දෙකෙන්ම ප්‍රසිද්ධ කර නොමැත.

දැඩි ලෙස රාජ්‍යට මධ්‍යගත වූ රාජ්‍ය මාධ්‍ය යාන්ත්‍රණයක් පමණක් රට තුළ ක්‍රියාත්මක කෙරෙන චීනය සමග අත්සන් කළ ගිවිසුම් මොනවාදැයි බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් හර්ෂ බණ්ඩාර පැවසුවේ විදේශ අමාත්‍ය විජිත හේරත් ඒ පිළිබඳ දැනුම් දීම සඳහා විශේෂ මාධ්‍ය සාකච්ජාවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත බව ය.

මේ ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සිදු කළ සොයා බැලීමකි.

‘ලොකු සහෝදරයා ඔබ දෙස බලා සිටියි’

‘ලොකු සහෝදරයා ඔබ දෙස බලා සිටියි.’

මෙම වාක්‍ය ඛණ්ඩය ජනප්‍රිය ඉංග්‍රීසි ප්‍රබන්ධයක් වන ජෝර්ජ් ඕවල් විසින් රචනා කළ ‘1984’ ග්‍රන්ථයේ ඇතුළත් එකක් වේ.

1949 දී ප්‍රකාශයට පත් වූ මෙම ග්‍රන්ථයේ රාජ්‍ය අධිපතිත්වය අන්තයටම ගමන් කර ඇති සමාජයක් පිලිබඳ ප්‍රබන්ධ කතාන්දරය පැහැදිලි කරන්නේ “සත්‍ය පිළිබඳ අමාත්‍යංශයේ” සේවය කරන “වින්ස්ටන් ස්මිත්ගේ” චරිතය හරහා යි.

සත්‍ය කුමක් ද යන්න තීරණය කරන්නේ ඒ හරහා වන අතර, පාලනයේ අවශ්‍යතාවයට අනුව ප්‍රචාරණයක් සකසා පැරණි මාධ්‍ය වාර්තා පවා වෙනස් කර නිවැරදි මාධ්‍ය වාර්තාව එය යයි හැඟෙන පරිදි ජනතාවගේ මනස පාලනය කරයි.

“ලොකු සහෝදරයා” හෝ එම පාලනාධිකාරියේ වැඩපිළිවෙල කිසිවෙකුටත් විවේචනය කළ නොහැකි අතර, එවැනි අය එක්වරම නැති වී යයි.

සියලුම ජනතාවගේ හැසිරීම්, මුහුණේ හැඟීම් පවා “ටෙලි ස්ක්‍රීන්” නම් යන්ත්‍රයකින් එහිදී ආවේක්ෂණයට යටත් වේ.

ඉහත කරුණු නැවත සිහිපත් වූයේ ‘චීනයේ මාධ්‍ය හැසිරීම’ සම්බන්ධයෙන් දළ අදහසක් ලබා ගැනීමට බීබීසී චීන සේවයේ සහෘද මාධ්‍යවේදීන් සමග අප කළ අවිධිමත් සාකච්ඡාවක් අතරතුර ය.

ජනපතිගේ සංචාරයේදී මාධ්‍ය ගිවිසුම් රැසකට අත්සන් තැබුණු චීනයේ මාධ්‍ය හැසිරීම කෙබඳු ද?

ඡායාරූප මූලාශ්‍රය,Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,දේශසීමා රහිත මාධ්‍යවේදියෝ සංවිධානයට අනුව රටවල් 180ක් අතරින් මාධ්‍ය නිදහස සම්බන්ධව 150 වන ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව, එහි 172වන ස්ථානයේ සිටින චීනය සමග එලෙස එළැඹුණු ගිවිසුම් මෙතෙක් රජයන් දෙකෙන්ම ප්‍රසිද්ධ කර නොමැත.

මහජන මතයට රජය සිදුකරන බලපෑම

මහජන මතය සඳහා චීන රාජ්‍ය මැදිහත්වීම සැලකිය යුතු සහ බරපතල මට්ටමක පවතී.

ඉහත සඳහන් කළ 1984 ප්‍රබන්ධ නවකතාවේ දැක්වෙන ආකාරයට ජනතාව දැනගත යුතු දේ සියල්ල තීරණය කරන්නේ පාලනාධිකාරිය මෙහෙයවන පක්ෂය විසින් ය.

එයට අමතරව එහි සඳහන් ‘ලොකු සහෝදරයා’ නිසා ජනතාවට සියලු යහපත් දේ සිදුවන බවට ප්‍රචාරණය ද කරයි.

චීනයේ ද එම තත්වය ඒ ආකාරයට සමානව ක්‍රියාත්මක වන බව අපගේ චීන මාධ්‍යවේදී මිතුරන් සමග අදහස් හුවමාරු කරගැනීමේ දී පැහැදිලි වූ කරුණකි.

වර්තමානය වන විට චීනයේ පවතින්නේ “ආන්තික මාධ්‍ය” හැසිරීමකි.

චීනය තුල ප්‍රවෘත්ති වාර්තා කිරීමට අවස්ථාව හිමිව තිබෙන්නේ රජයට අයත් මාධ්‍යවලට පමණි.

ඒවායින් කිසිවිටෙකත් චීනය සම්බන්ධ සෘණාත්මක බලපෑමක් සිදු කරන දේ විකාශය නොවන අතර, පාලනාධිකාරිය ප්‍රවර්ධනය කරයි.

ශ්‍රී ලංකාව් මේ වන විට ගිවිසුම්වලට එළැඹි සිටින ෂින්හුවා පුවත්පත් ආයතනය, චීන මාධ්‍ය සාමූහිකය (CMG) සහ එයට ඇතුළත් CCTV රුපවාහිනී නාලිකාව එලෙස රජයට අයත් මාධ්‍ය ආයතනයන්වලට නිදසුන් වේ.

කිසිවිටෙකත් චීනය තුළ චීන කොමියුනිස්ට් පක්ෂය පක්ෂය හෝ එහි ජනාධිපති ෂී ජින් පින් විවේචනය කිරීමක් සිදු කිරීමට ඉඩක් නොමැති බව අපගේ මාධ්‍ය සගයන්ගේ අත්දැකීම විය.

එමෙන් ම බොහෝ දෙනෙකු පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපති හූ ජින්ටාවෝගේ පාලන සමයේ දී සීමාසහිත නමුත් සංසන්දනාත්මකව වර්තමානයට වඩා අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් තිබූ බවයි.

වර්තමානය වන විට රට තුළ සිට මාධ්‍යවේදීන්ට හෝ පුරවැසියන්ට ආර්ථිකය, දේශපාලනය වැනි මාතෘකා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් පළ කිරීමට කිරීමට ඇති අවස්ථා සීමාවෙමින් පවතින බව අප සඟයින්ගේ අදහසයි.

2020 වසරේ දී ඇති වූ ගෝලීය කොවිඩ් 19 වසංගත කාලයේ දී වූහාන් හි සිදුවන්නේ කුමක්දැයි “සත්‍ය” හෙළිදරවු කිරීමට බලාපොරොත්තුවෙන් විවිධ පළ කිරීම් සිදු කළ වාර්තාකරුවන් කිහිපදෙනෙකු අතුරුදහන් විය.

එමෙන් ම එලෙස ෂී ජින් පින් ඇතුළු කොමියුනිස්ට් පක්ෂ රජය විවේචනය කළ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට සිර දඬුවම් ද හිමි විය.

නමුත් අන්තර්ජාතික මාධ්‍ය ආයතන වලට අනුබද්ධව සේවය කරන මාධ්‍යවේදීන් සඳහා මෙතරම් දැඩි සීමාකිරීම් නැතත් දැඩි ආවේක්ෂණයන් සිදුවන බව අපගේ මාධ්‍ය සගයන් පවසයි.

චීනයේ සිටින විදෙස් ප්‍රවෘත්ති ආයතන සඳහා සේවය කරන මාධ්‍යවේදීන්ගේ එකතුව (FCC) 2022 වසරේදී “නීතිවිරෝධී සංවිධානයක්” ලෙස නම් කිරීමට චීනය කටයුතු කළේ ය.

මීට පෙර බීබීසී වාර්තාකරුවන්ට පවා චීනයෙන් පිටවන ලෙස බලපෑම් සිදු වූ අවස්ථා තිබේ.

1989 බීජිං හි ටියනන්මෙන් චතුරශ්‍රයේ මර්දනය සිහිපත් කරමින්  ඉටිපන්දම් දල්වා පැවැත්වූ  ස්මරණයක්

ඡායාරූප මූලාශ්‍රය,Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,1989 බීජිං හි ටියනන්මෙන් චතුරශ්‍රයේ මර්දනය සිහිපත් කරමින් ඉටිපන්දම් දල්වා පැවැත්වූ ස්මරණයක්

අදහස් සීමා කිරීම

චීන කොමියුනිස් පක්ෂය බලයට පත් වූ පසු චීනය තුළ ඔවුන්ට අවාසිසහගත ව සිදු වූ සිදුවීම් වාර්තාකරණය හෝ ඒ සම්බන්ධයෙන් නැවත නැවත පුවත් පළ කිරීමේ හැකියාවක් චීනය තුළ නොමැත.

එයට වඩාත් ගැලපෙන නිදසුනක් වන්නේ 1989 ටියනන්මෙන් චතුරශ්‍රයේ විරෝධතාකරුවන් මර්දනය කිරීමට මිලිටරි නීතිය පනවා සිදුකළ වෙඩි තැබීමයි.

එහි දී අවම වශයෙන් පුද්ගලයින් 200ක් පමණ මියගොස් තිබේ.

එහි දී විරෝධතාකරුවන්ට ප්‍රහාර එල්ල කිරීමට පැමිණෙන යුද්ධ ටැංකි දෙකක මාර්ගය හරස් කරගෙන සිටින පුද්ගලයෙකුගේ ඡායාරුපයක් ලොව පුරා ප්‍රසිද්ධියට පත් විය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කිසිම අවස්ථාවක මාධ්‍ය වර්තා කිරීම් සිදු නොකෙරෙන අතර, එසේ යම් දෙයක් පළ වුවහොත් ඒවා වහාම ඉවත් කිරීමට චීන පාලනාධිකාරිය කටයුතු කරයි.

මේ නිසා වඩාත් වැඩි දේශපාලන නිදහසක් ඉල්ලමින් එකල චීනයේ සිසුන් විසින් සිදුකළ මෙම සිදුවීම සම්බන්ධයෙන් වර්තමාන චීන තරුණ ප්‍රජාවට ඇත්තේ අල්ප දැනීමකි.

මේ චීනය තුළ ජනතාව දැනගතයුත්තේ මොනවාදැයි යන්නට චීන කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ රජය මැදිහත් වන එක අවස්ථාවක් පමණි.

‘Great Firewall’ හෙවත් චීන මහා අග්නි ප්‍රාකාරය

චීනය වටා චීන මහා ප්‍රාකාරය ඇතිවා සේම චීන පුරවැසියන්ට බාහිර ලෝකය සමග සම්බන්ධ වීම සීමා කරන මහා අන්තර්ජාල ප්‍රාකාරයක් තිබේ.
එය හැඳින්වෙන්නේ 'China Great Firewall' ලෙසයි.

ඡායාරූප මූලාශ්‍රය,Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,චීනය වටා චීන මහා ප්‍රාකාරය ඇතිවා සේම චීන පුරවැසියන්ට බාහිර ලෝකය සමග සම්බන්ධ වීම සීමා කරන මහා අන්තර්ජාල ප්‍රාකාරයක් තිබේ. එය හැඳින්වෙන්නේ ‘China Great Firewall’ ලෙසයි.

චීනය වටා චීන මහා ප්‍රාකාරය ඇතිවා සේම චීන පුරවැසියන්ට බාහිර ලෝකය සමග සම්බන්ධ වීම සීමා කරන මහා අන්තර්ජාල ප්‍රාකාරයක් තිබේ.

එය හැඳින්වෙන්නේ ‘China Great Firewall’ ලෙසයි.

ඔබ අප සාමාන්‍යයෙන් භාවිත කරන ෆේස්බුක්, යූටියුබ්, X වැනි සමාජ මාධ්‍ය ජාලා වෙත චීන පුරවැසියන් ප්‍රවේශ වීම එයින් වළක්වා තිබේ.

ඊට අමතරව චීනයේ මතවාදයන්ට විරුද්ධ අදහස් පල කෙරෙන වෙබ් අඩවිවලට ද පිවිසීම එයින් අවහිර කර තිබේ.

බොහෝවිට එවැනි අවස්ථාවකදී VPN යොදාගැනීමට ඔවුන්ට සිදුවන අතර, එහි වඩාත් හාස්‍යජනක සිදුවීමක් වන්නේ මෙම Firewall හි නිර්මාතෘ ෆැන් බින්ක්සින්ග් හට ද 2016 දී දේශනයක් අතරතුර කොරියානු වෙබ් අඩවියක් වෙත පිවිසීමට නොහැකිව VPN යොදාගෙන රජයේ සංවේදක ක්‍රමය මග හැර යාමට සිදුවීම යි.

ඒ සම්බන්ධයෙන් එකල අන්තර්ජාලයේ විශාල සාකච්ඡාවක් නිර්මාණය විය.

නමුත් චීනයට අනන්‍ය වූ සමාජ මාධ්‍ය කිහිපයක් පවතින අතර, ඒවා දැඩි රාජ්‍ය අධීක්ෂණයට සහ ආවේක්ෂණයට යටත් ය.

ඔබ අප සාමාන්‍යයෙන් භාවිත කරන ෆේස්බුක්, යූටියුබ්, X වැනි සමාජ මාධ්‍ය ජාලා වෙත චීන පුරවැසියන් ප්‍රවේශ වීම එයින් වළක්වා තිබේ.

ඡායාරූප මූලාශ්‍රය,Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,ඔබ අප සාමාන්‍යයෙන් භාවිත කරන ෆේස්බුක්, යූටියුබ්, X වැනි සමාජ මාධ්‍ය ජාලා වෙත චීන පුරවැසියන් ප්‍රවේශ වීම එයින් වළක්වා තිබේ.

අග්නි ප්‍රකාරයෙන් එපිට චීනයේ සමාජ මාධ්‍ය මැදිහත්වීම

චීන හිමිකාරිත්වයෙන් තොර සමාජ මාධ්‍ය එරට තුළ භාවිතය තහනම් වූවද චීන පාලනාධිකාරියේ පාලනය යටතේ ක්‍රියාත්මක වන චීන ෆේස්බුක්, X වැනි සමාජ මාධ්‍ය ගිණුම් තිබේ.

මෑත කාලීනව එවැනි ගිණුම් කිහිපයක් ශ්‍රී ලංකාව තුළ නිරික්ෂණය කළ හැකි අතර, ඒවාට සමාජ මාධ්‍ය තුළ විශාල රසික පිරිසක් ද සිටිති.

චීන පාලනාධිකාරිය හරහා ක්‍රියාත්මක වන CGTN මාධ්‍ය ආයතනය මේ වන විට සිංහල භාෂාවෙන් වෙබ් අඩවියක් සහ ෆේස්බුක් පිටුවක් ද පවත්වාගෙන යයි.

ඉහත කී ශ්‍රී ලංකාව තුළ අවධානය දිනාගෙන ඇති සිංහල භාෂාවෙන් කතා කරන චීන ජාතික තරුණියක් ද එම මාධ්‍ය ආයතනයේ සිංහල මෙහෙයුම් කටයුතු සඳහා සම්බන්ධව සිටියි.

ෆේස්බුක් භාවිතය තහනම් කර ඇති චීනයේ පාලනාධිකාරිය හරහා ක්‍රියාත්මක වන එම ෆේස්බුක් ගිණුම් “China State-Controlled Media” ලෙස ෆේස්බුක් තුළ දැකිය හැකි ය.

සමාජ මාධ්‍ය පර්යේෂකයෙකු වන ආචාර්ය සංජන හත්තොටුව මේ සම්බන්ධයෙන් අධ්‍යනයක් සිදු කර තිබේ.

සමාජ මාධ්‍ය තහනම් චීනයේ රාජ්‍ය මැදිහත්වීම සහිතව ඉතාමත් ක්‍රියාකාරී ෆේස්බුක් ගිණුම් කිහිපයක් ශ්‍රී ලංකාවේ ෆේස්බුක් පරිශීලකයන් ඉලක්ක කරගනිමින් පවත්වාගෙන යන බව එහි දී නිරීක්ෂණය වී තිබේ.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු, ඕස්ට්‍රේලියානු, බ්‍රිතාන්‍ය, කැනේඩියානු, ඇමරිකානු සහ යුරෝපා සංගමයේ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලවල ෆේස්බුක් ගිණුම්වල සියලු ප්‍රතිචාර එක්ව සැලකු විට දී පවා, සිංහල භාෂාව කතා කරන තරුණ චීන කාන්තාවන් සිංහල නමකින් පෙනී සිටින ගිණුම් ද ඇතුළත් චීන පාලනාධිකාරිය හරහා පාලනය වන මෙම ගිණුම්වලට කමෙන්ට් 44 ගුණයකින්ද, ප්‍රතිචාර දැක්වීම් 17 ගුණයකින්ද, ශෙයා කිරීම් 3 ගුණයකින්ද වැඩි බව ආචාර්යවරයාගේ අධ්‍යනයේදී නිර්ක්ෂණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගැනීම සඳහා බීබීසී සිංහල සේවය විසින් ආචාර්ය සංජන හත්තොටුව සම්බන්ධ කරගන්නා ලදී.

සමාජ මාධ්‍ය පර්යේෂකයෙකු වන ආචාර්ය සංජන හත්තොටුව මේ සම්බන්ධයෙන් අධ්‍යනයක් සිදු කර තිබේ.

සමාජ මාධ්‍ය තහනම් චීනයේ රාජ්‍ය මැදිහත්වීම සහිතව ඉතාමත් ක්‍රියාකාරී ෆේස්බුක් ගිණුම් කිහිපයක් ශ්‍රී ලංකාවේ ෆේස්බුක් පරිශීලකයන් ඉලක්ක කරගනිමින් පවත්වාගෙන යන බව එහි දී නිරීක්ෂණය වී තිබේ.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු, ඕස්ට්‍රේලියානු, බ්‍රිතාන්‍ය, කැනේඩියානු, ඇමරිකානු සහ යුරෝපා සංගමයේ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලවල ෆේස්බුක් ගිණුම්වල සියලු ප්‍රතිචාර එක්ව සැලකු විට දී පවා, සිංහල භාෂාව කතා කරන තරුණ චීන කාන්තාවන් සිංහල නමකින් පෙනී සිටින ගිණුම් ද ඇතුළත් චීන පාලනාධිකාරිය හරහා පාලනය වන මෙම ගිණුම්වලට කමෙන්ට් 44 ගුණයකින්ද, ප්‍රතිචාර දැක්වීම් 17 ගුණයකින්ද, ශෙයා කිරීම් 3 ගුණයකින්ද වැඩි බව ආචාර්යවරයාගේ අධ්‍යනයේදී නිර්ක්ෂණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගැනීම සඳහා බීබීසී සිංහල සේවය විසින් ආචාර්ය සංජන හත්තොටුව සම්බන්ධ කරගන්නා ලදී.

සමාජ මාධ්‍ය තහනම් චීනයේ රාජ්‍ය මැදිහත්වීම සහිතව ඉතාමත් ක්‍රියාකාරී ෆේස්බුක් ගිණුම් කිහිපයක් ශ්‍රී ලංකාවේ ෆේස්බුක් පරිශීලකයන් ඉලක්ක කරගනිමින් පවත්වාගෙන යන බව එහි දී නිරීක්ෂණය වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය,Facebook|Screenshot

ඡායාරූප ශීර්ෂ වැකිය,සමාජ මාධ්‍ය තහනම් චීනයේ රාජ්‍ය මැදිහත්වීම සහිතව ඉතාමත් ක්‍රියාකාරී ෆේස්බුක් ගිණුම් කිහිපයක් ශ්‍රී ලංකාවේ ෆේස්බුක් පරිශීලකයන් ඉලක්ක කරගනිමින් පවත්වාගෙන යන බව එහි දී නිරීක්ෂණය වී තිබේ.

‘චීනය කිසිඳු රටක් නොකළ ආකාරයේ සමාජ මාධ්‍ය මෙහෙයුමක් සිදුකරමින් ඉන්නවා’

ලංකාවේ මාධ්‍ය ඉතිහාසයේත්; සමාජ මාධ්‍ය ඉතිහාසයේත් වෙන කිසිම බාහිර රටක් නොකරපු, හිතලවත් නැති ආකාරයකට තමයි චීනය අද IO එහෙමත් නැතිනම් අපි ‘Influence Operation’ කියලා හඳුන්වන දෙය සමාජ මාධ්‍ය හරහා කරමින් ඉන්නේ,” ආචාර්ය සංජන බීබීසී සිංහල සමග සංවාදයට මුලපුරමින් පැවසුවේ ය.

“ඒ වගේම චීනය ඒ කරමින් ඉන්නේ දුස්තොරතුරු පැතිරවිමකුත් නෙවෙයි.”

“ෆේස්බුක් එකේ තියෙනවා අපේ වගේ නම් තියෙන ගිණුම්. ඒවා ෆේස්බුක් එක ලේබල් කරලා තියෙනවා “China State-Controlled Media” කියලා. ඒ කියන්නේ ෆේස්බුක් එක තීරණය කරලා තියෙනවා සෘජුවම මේවා පාලනය කරන්නේ චීනයේ කොමියුනිස්ට් පක්ෂය විසින් කියලා” ආචාර්යවරයා පැහැදිලි කළේය.

“ඒ ගිණුමෙන් ඉදිරිපත් කිරීමක් කරන තරුණ ගැහැනු ළමයා හෝ ඉන්ෆ්ලුවෙන්සර් කෙනක් හෝ පිටිපස්සේ ඉන්නේ චීන කොමියුනිස්ට් පක්ෂය. මේ ගිණුම් ගණනාවක් අදටත් ඉතාම සූක්ෂම විදිහට ශ්‍රී ලංකාවේ ෆේස්බුක් භාවිත කරන අය අතර චීනය ගැන තියෙන මානසිකත්වය සහ චීනය දෙස බලන ආකාරය ඇති සූක්ෂම විදිහට හසුරුවමින් ඉන්නවා,” ඔහු පවසයි.

“එක තමයි අපි IO එහෙමත් නැතිනම් Influence Operation කියලා කියන්නේ.”

මේ ආකාරයේ ගිණුමක පෙනී සිටින එක චීන කාන්තාවක් CGTN මාධ්‍ය ජලයේ සිංහල මෙහෙයුම් කටයුතුවලට ද සම්බන්ධ වී සිටින අතර, ජනාධිපතිවරයා චීන සංචාරය නිමවා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට ගුවන් යානයට ගොඩවන අවස්ථාවේදී චීන කාන්තාවක් සිංහල භාෂාවෙන් එය විස්තර කරන ආකාරයේ වීඩියෝවක් ශ්‍රී ලංකාවේ මාධ්‍ය නාලිකා පවා වාර්තා කර තිබු අතර, සමාජ මාධ්‍යය තුළ එයට බොහෝ ප්‍රතිචාර හිමිව තිබුණි.

චීන ජනතාවගේ ජීවන රටාව, විලාසිතා, ආහාරපාන, ගමන් බිමන් යන ආකාරය වැනි මාතෘකා සම්බන්ධයෙන් ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සිංහල භාෂාවෙන් විවිධ ඉදිරිපත් කරමින් ඒ සම්බන්ධ මතයක් එයින් සුක්ෂමව පාලනයකට නතු කරගන්නා බව ඔහු පෙන්වා දෙයි.

“මානව අයිතිවාසිකම් ගැන චීනයේ තියෙන්නේ වෙනස් තත්වයක් කියන තැනින් එහාට ගිහිල්ලා, ‘චීනය අපේ යාලුවෙක්, චීනය අපට උදවු කරනවා, චීනය අපට තර්ජනයක් නෙවෙයි, චීනයත් එක්ක ඓතිහාසික සම්බන්ධතා තියෙනවා, චීනයේ මිනිස්සු අපේ මිනිස්සු වගේමයි, චීනයේ කන දේවල් අපිත් කනවා, චීනයේ අය අපි කරන දේවල්වලට උනන්දුයි,’ වගේ කතිකාවක් ගොඩනංවන එක තමයි මේ මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ,” ආචාර්ය සංජන පැවසුවේ ය.

මේ ආකාරයේ ගිණුමක පෙනී සිටින එක චීන කාන්තාවක් CGTN මාධ්‍ය ජලයේ සිංහල මෙහෙයුම් කටයුතුවලට ද සම්බන්ධ වී සිටින අතර, ජනාධිපතිවරයා චීන සංචාරය නිමවා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට ගුවන් යානයට ගොඩවන අවස්ථාවේදී චීන කාන්තාවක් සිංහල භාෂාවෙන් එය විස්තර කරන ආකාරයේ වීඩියෝවක් ශ්‍රී ලංකාවේ මාධ්‍ය නාලිකා පවා වාර්තා කර තිබු අතර, සමාජ මාධ්‍යය තුළ එයට බොහෝ ප්‍රතිචාර හිමිව තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය,Facebook|Screenshot

ඡායාරූප ශීර්ෂ වැකිය,මේ ආකාරයේ ගිණුමක පෙනී සිටින එක චීන කාන්තාවක් CGTN මාධ්‍ය ජලයේ සිංහල මෙහෙයුම් කටයුතුවලට ද සම්බන්ධ වී සිටින අතර, ජනාධිපතිවරයා චීන සංචාරය නිමවා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට ගුවන් යානයට ගොඩවන අවස්ථාවේදී චීන කාන්තාවක් සිංහල භාෂාවෙන් එය විස්තර කරන ආකාරයේ වීඩියෝවක් ශ්‍රී ලංකාවේ මාධ්‍ය නාලිකා පවා වාර්තා කර තිබු අතර, සමාජ මාධ්‍යය තුළ එයට බොහෝ ප්‍රතිචාර හිමිව තිබුණි.

චීන-ශ්‍රී ලංකා මාධ්‍ය ගිවිසුම්වල අරමුණ කුමක් ද?

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ චීන නිල සංචාරය අතරතුර දී චීන පාලනාධිකාරිය යටතේ පවතින මාධ්‍ය ආයතන සමග ගිවිසුම් ගත වීම පිළිබඳව සලකා බැලිය යුතුව තිබෙන්නේ ඉහතින් පෙන්වා දුන් චීන මැදිහත්වීම්වල ඉතිහාසය ද සැලකිල්ලට ගනිමින් බව ආචාර්ය සංජන හත්තොටුව පෙන්වා දුන්නේ ය.

“මේ ගිවිසුම්වල තියෙන්නේ මොනවද කියලා හරියටම තවම කියලා නෑ. නමුත් සමාජ මාධ්‍යයේ සහ පැරණි මාධ්‍යවල කිසිම රටක් කරන්න හිතලවත් නැති දේවල් කරන රටක් එක්ක ගිවිසුම් ගතවෙනවා කියන එකෙන් ඒවා සඳහා රුකුලක් ලබා දෙනවද කියන එක සහ එහෙමත් නැතිනම් මේ ගිවිසුම් ඇයි අත්සන් කළේ කියලා සාධාරණ ප්‍රශ්න කීපයක් ඇතිවෙනවා.”

“චීන රාජ්‍ය මාධ්‍ය විකාශකයන් කියන්නේ ප්‍රොපගැන්ඩා. කිසිම ස්වාධීනත්වයක් නැති මේ වගේ ප්‍රචාරණ සඳහා පමණක්ම හදපු, මාධ්‍ය නිදහස හොඳින්ම අඩපණ වුණු රටක් සමග තමයි අපි මේ ගිවිසුම්වලට ගිහින් තියෙන්නේ,” ඔහු පෙන්වා දෙයි.

පසුගිය ජනවාරි 22 වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී විදේශ කටයුතු සහ විදෙස් රැකියා පිලිබඳ අමාත්‍ය විජිත හේරත් පැවසුවේ මෙම ගිවිසුම් විවිධ තාක්ෂණික පුහුණු ද ඇතුළත් මාධ්‍යවේදීන් පුහුණුකිරීම් වැනි දෑ අඩංගු බවයි.

“අපේ නීතියට යටත්ව අපේ මාධ්‍යවේදීන් පුරුදු පුහුණු කරන්න, තාක්ෂණික උපකරණ ලබා ගන්න, තාක්ෂණික සහයෝගිතාවය ප්‍රවර්ධනය කිරීම වගේ දේවල් තමයි මෙහි තියෙන්නේ,” අමාත්‍යවරයා එහි දී පැවසුවේ ය.

මෙම පුහුණු කිරීම් මොනවා සම්බන්ධයෙන්දැයි විමසීමට අප වරින්වර අමාත්‍ය විජිත හේරත් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස දුරකථනය හරහා සම්බන්ධ කරගැනීමට අවස්ථා ගණනකදීම උත්සහ කළ ද ඔවුන්ව සම්බන්ධ කරගැනීමට නොහැකි වූ නිසා එම පුහුණු කිරීම් සිදුවන්නේ තාක්ෂණික දැනුම ලබාදීමට ද නැතහොත් වාර්තාකරණ සම්බන්ධයෙන් ද යන්න තහවුරු කරගැනීමට නොහැකි විය.

ආචාර්ය සංජන හත්තොටුව ද පෙන්වා දෙන්නේ එම පුහුණු මොනවාදැයි යන්න ප්‍රශ්න සහගත බවයි.

“තාක්ෂණික උපකරණ භාවිතය සම්බන්ධයෙන් චීනයෙන් පුහුණුවක් දෙනවා නම් එකට මගේ විරුද්ධත්වයක් නෑ. මොකද එයාලා ඒ පැත්තෙන් හොඳට වැඩ කරමින් ඉන්නවා. නමුත් මේ පුහුණු ලබා දෙන්නේ වාර්තාකරණය හෝ ඒ වගේ දෙයක් සම්බන්ධයෙන් නම් එතන ප්‍රශ්නයක් තියෙනවා,” ඔහු පැවසුවේ ය.

“ඕස්ට්‍රේලියාවේ, ඇමෙරිකාවේ, කැනඩාවේ වගේ රටවල්වල එවැනි පුහුණු ලබාගන්න පුළුවන් ස්වාධීන වෘත්තීමය Public Service Media (මහජන සේවා විකාශකයන්) සිටියදී තමයි ලෝකයේ හැම මාධ්‍ය දර්ශකයකින් ම පහළින් ම එන්න රටක් වෙන චීනයේ රාජ්‍ය මාධ්‍ය විකාශකයන් එක්ක මේ ගිවිසුම්වලට ගිහින් තියෙන්නේ. ඒක තමයි මෙතන අපට පෙනෙන්න තියෙන ප්‍රශ්නය.”

බීබීසී සංහල සේවයෙනි.

Archive

Latest news

Related news