Wednesday, January 8, 2025

ඩලස්, ඔබට ඇහෙනවාද? – සුනන්ද දේශප්‍රිය ( 2007 දී මගී ප්‍රවාහණය ගැන ප්‍රවාහණ ඇමතිවරයාට ලියූ විවෘත ලිපිය)

පොදු ප්‍රවාහණ සේවාව වැඩි දියුණූ කිරීම උදෙසා අප වැනි සිවිල් ජනයා සහ සංවිධාන කරන ලද අදහස් දැක්වීම්වලට කවර ආණ්ඩුවක් වවත් කිසි  ප්‍රතිචාර දැක්වූයේ නැත. ඒ ඔවුන්ට වඩා බස් සි මාෆියාව සහ ත්‍රී වීලි මාෆියාව ප්‍රබල වූ නිසාය.  ටන්පාලයේ කත්මන්ඩු අග නගරය ත්‍රී වීල් තහනම කලේ 2005 දී තරමයි. ඒ වෙනුවට අඩු මිල කාර් ගෙන්වීමට අවසර දුන්නේය. මන්ද යත් ත්‍රී රෝද රථ අපරාක්ෂාකාරී නිසාය.

අද මෙරට සිදුවෙමින් ඇත්තේ ද පොදු ප්‍රවාහණ සේවා විධිමත් කිරීම වෙනුවට බස් සහ ත්‍රි රෝද රටවග අනවශ්‍ය ආම්න්න ගැලවීමය. එය පටන් ගත්තේ එක් රිය අනතුරකට දක්වන ප්‍රතිචාරයක් ලෙසය. දැන් එය පාරා වළලලක් වනු පෙනේ. කළ යුතුව තිබුණේ බස් සමිති මෙන්ම රායදුරු කොන්දාස්තරවරුන් සමඟ සාකච්ජා කොට විධිමත් ලෙස දීර්ඝ කාලීන ප්‍රතිසංස්කරණ හදුන්වා දීමයි.

ජාතික ජන බලවේගය ආණ්ඩුව හිතන්නේ තමන් සියලු දේ දන්නා අය කියාය. අලි ප්‍රශ්නයේ දී පරිසර සංවිධාන සමඟ කතා කළේ නැත. ටියුෂන් ප්‍රශ්නයේදී ගුරු සංගම් සමඟ කතා කළේ නැත. ජවිපෙ මුල් පටන්ම තමන් පරිබාහිර සිවිල් සමාජය දැක්කේ සතුරකු ලෙසය. එය අවසන් වෙමින් සහ වනු ඇත්තේ ඛේදවාචකයකිනි. ඊට පෙර අධ්‍යාපන, පොදු ප්‍රවාහණ සහ සොඛ්‍ය සේවාවන්හි කළ යුතු මහත් ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන්  සිය ප්‍රතිපත්ති පුළුල් කතිකාවකට යොමු කොට අදාළ සිවිල් සංවිධාන සහ පුද්ගලයින් සමග සාකච්ජා කිරීම යහපතක් මිස අයහපතක් නොවනු ඇත.

පුරවැසියකුගේ සටහන්/රාවය/2007.07.15

වෙනත් කටයුත්තකට ගාලු ගිය මම අම්මා බලා ඒම පිනිස පසුගිය සෙනසුරාදා ගාල්ලේ සිට අම්බලන්ගොඩ බලා යන බසයකට ගොඩ වුයේ උදෑසන 11.30ට ය. මේ බසය අම්බලන්ගොඩ බලා යාමට විනාඩි 80ක් තරම් කාලයක් ගත්තේ ය. ඒ වැඩිම වුනොත් පැයක ගමනකි. රත්ගම දක්වා එය ගමන් කලේ පැයට කිලෝමීටර 20 තරම් වේගයෙනි. ඉන් පසු හික්කඩුව දක්වා පිම්මේ දිව්වේ පසුපසින් වෙනත් බසයක් එනු දැකීමෙනි. ඒ බසයේ රියදුරා හස්ත මුද්‍රාවෙන් රමණයේ යෙදෙන ලෙස දක්වා අප සිටි බසය පසු කර ගියේ ය. ඒ කේන්තියට අප බසයේ රියදුරා හික්කඩුව බස් පොලේ රනර් ගැන්සියට සුද්ද සිංහලෙන් ම රමණයේ යෙදියව් කියා කෑ ගැසුවේ ය. එතැන් සිට අකුරළ දක්වා බඩ ගෑ බසය අනතුරුව පිම්මේ දිව්වේ ය.

සදුදා වැඩට යාමට වැල්ලවත්තෙන් 101 බසකට ගොඩ වීමි. උදෑසන 8.30 ට ය. නැවතුම් පොළ දෙකක් පසුකළ බසය එක තැන නතර විය. එන්ජිමේ කවරය ගැල වූ රියදුරු සහායක යකඩ පොල්ලක් දමා එන්ජිමේ කොටසකට ඩාං ඩාං කියා තැලුවේ ය. රියදුරු බසය පණ ගන්වන යතුර දමා ගත් වනම සිටයේ ය. හරි ගියේ නැත. බසයෙන් බැස වෙනත් 101 බසයක් එන තුරු සිටින සේ සහායක අපට නියෝග කලේ ය. මුදල් දුන්නේ නැත. විනාඩි 05කින් පැමිණි වෙනත් බසයකට අප පොල් පටවන්නා සේ හිර කෙරුනි. ඒ බසය ගියේ එක නැවතුම් පොළකට පමණය. එය ද නතර විය. “සිංහල තේරෙන්නේ නැත්ද? බැහැල තල්ලු කරනවා” යැයි කෑ ගැසූ යැයි පොලිස් නිලධාරියකු බසයට තල්ලු ස්ටාට් එකක් දුන්නේ ය.

අඟහරුවාදා ද වැඩට ගියෙමි. 101 බසයක ම ය. මා දිය යුතු වූයේ රුපියල් 11කි. 20ක් දීමි.
“මාරු නෑ, බහින කොට ඉල්ලා ගන්නවා” යැයි සහායක නියෝග කළේ ය. රියදුරු ගොරහැඩි හඩින් කෑ ගසමින් මඟ දිගටම මගීන් බසයට නංවා ගත්තේ ඉදිරි පස දොරටුවෙනි. නාවර පෙරා ගත් මුහුණ වත් නොසොදා තිබු සහායක කෑ ගසමින් මුදල් ගත්තේ කිසිදු ගමන් අවසර පතක් නොදෙමිනි. මැ බැසීමට ආසන්නව කොල්ලුපිටියේදී ඉතිරි මුදල ඉල්ලූයෙමි. “නැග්ගේ දෙහිවලින් නේද, රුපියල් 11ට කොහෙමද එන්නේ යැයි සහායක ගොරනාඩුවක් දැම්මේ ය. මා වෙත අවසර පතක් නොදුන් බව කියා ඉතිරි මුදල ඉල්ලූවෙමි. නැත. හඬ ඉහළ යන ගොර නාඩුව පමණි. එවිට අයිතිය කියා පා ඉතිරි මුදල ලබාගත් නිසා ම මම රියදුරු වෛරයට ලක් වීමි. බසයෙන් මා බහින්නට යත් ම රියදුරු මා බිම දමන්නට මෙන් fවිගයෙන් බසය පණ ගැන්වි ය. මා නොවැටී බේරුනේ පූරුවේ පිනකට විය හැක.

පසු දා රෑ මා කොළඹින් පිටත්ව ඉබ්බාගමුව යකල්ලෙන් බැසසේ ද එවැනිම බසයක අඩු නැතිව සුද්ද සිංහල රස විදිමිනි.

( මේ සියලුම බස් රථි අංක මා ලඟ තිබේ)

මා මේ කතා ඹබට ලියන්නේ පසුගිය සතියක රූපවාහිනී නාලිකාවක ඔබේ කතාව අසා සිටි නිසා ය. මෑත කාලයෙහි පත් වූ ප්‍රවාහණ ඇමැතිවරුන් අතරින් කෙටි කලක් තුළ සිය විෂය ගැන වැඩිම අධ්‍යනයක් කළ ඇමතිවරයා ඹබ බව ඒ කතා බහෙන් පෙනුනි.

ප්‍රවාහණ ඇමැතිවරුන් අමතා ජනමාධ්‍ය හරහා ලිපියක් ලිවීම මා කළක් තිස්සේ කරගෙන ආ පුරුද්දකි. පාසැල් කාලයේ සිට අද දක්වාම පොදු ප්‍රවාහණ සේවාවන්හි ගමන් කිරීම ඊට එක් හේතුවකි. අනෙක් වැදගත් හේතුව නම් ප්‍රවාහණය මහජනයාගේ එදිනෙදා ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානතම සාධකයක් වීම යි. සමහර විට ජීවන වියදම හැරුණ විට පොදු ප්‍රවාහණය තරම් එදිනෙදා ජීවිතයේ දී මෙරට ජනයා කණස්සල්ලට සහ කේන්තියට පත්කරන වෙනත් කරුණක් නැති තරම් විය හැක.

නමුත් පසුගිය ප්‍රවාහණ ඇමැතිවරුන් ගේ බොරු පුරසාරම් සහ ගසා කෑම් නිසා මම ඒ ලිවීම අතහැර දැමුවෙමි. එලෙස ප්‍රවාහණ අමාත්‍යංශය බාර ගත් බොහෝ ඇමැතිවරු පොදු ප්‍රවාහණ සේවා කලු ද සුදු ද කියා දැන සිටියේවත් නැත. කිසි දිනෙක පොදු ප්‍රවාහණ සේවාවක නොගිය අය මෙරට සිටින බව මා ප්‍රථම වරට දැන ගත්තේ ද සෑහෙන කළක් ගතවීමෙන් පසු ය. එවැනි එක් ඇමැතිනියක කලේ ඇමැතිධුරය ලැබිමෙන් පසු කොච්චියක් එළවා පෙන්වීම ය! මෙරට පාලකයින් ප්‍රවාහණය ගැන දක්වන උනන්දුව පෙන්වූ හොදම අවස්ථාවක් වූයේ එලෙස ශ්‍රීමනි ඇතුළත්මුදලිට ප්‍රවාහණ අමාත්‍යාංශය බාර දීම යි. එකළ ජනාධිපති ධුරය හෙබ වූ චන්දි්‍රකා කුමාරතුංග ද පොදු ප්‍රවාහණ සේවාව ගැන ආතක් පාතක් දැන සිටියේ නැත.

එපමණක්ම නොවේ. අද මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳව වැදගත් වැඩ කොටස් ඉටු කරන ප්‍රධාන පෙළේ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් බොහෝ දෙනෙක් ද අද මෙරට පොදු ප්‍රවාහණ සේවයේ තරම දන්නේ නැත. තමන්ගේ ම වාහනයක් නැත්නමි ඔවුන් යෑම් ඊම් කරන්නේ ත්‍රීරෝද රථ වලින්ම පමණක් නිසා ය. ඇත්තටම නම් ඔවුන්ට ද පොදු ප්‍රවාහණ සේවාවන්හි මහජනයා විිදින දුක පෙනෙන්නේ නැත. මා දන්නා තරමින් නම් පොදු ප්‍රවාහණ සේවා ප්‍රතිසංස්කරණය හෝ ඒ පිලිබඳ ජනමතයක් ගොඩ නැගිම පිණිස හෝ රාජ්‍ය නොවන සංවිධාන විසින් කරන ලද එකදු ව්‍යාපෘතියක් හෝ නැත.

කණගාටුවකට මෙන් විප්ලවය එන තුරු අප අපේ ප්‍රශ්න පොදි බැදගෙන බලා සිටිය යුතු බව විශ්වාස කරන ජවිපෙ සහෝදරුවරුන් හෝ අනෙක් වාමංශික පක්ෂ කණ්ඩායම් හෝ මෙවැනි ප්‍රශ්න ගැන උනන්දුවන්නේ නැත. මා දන්නා තරමට එවැනි උත්සාහයන් තිබුණේ එකම එකකි. එනම් 1971 දේශාපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය තුළ තමන් විසින් දෙවැනිව අත ගැසිය යුතු ජනතා ව්‍යාපාරය ලෙස ය. නමුත් අවාසනාවකට එම ව්‍යාපාරය දියත් කිරිමට පෙර එහි මූලිකත්වය ගත් ලංකා ගුරු සංගමය ජවිපෙ කරා ඇදී ගොස් වැඩේ හබක් විය.
දැන් පෙනෙන විදියට මේ ඔබේ වාරය යි. ඔබ මහජනයාගේ පැත්තේ නම් බස් මාපියාව මෙන්ම දේශපාලන මාපියාව සමඟද හොද ඔට්ටුවක් අල්ලීමට සිදුවනු නොඅනුමාන ය. එවැනි සටනකට මම දන්නා අයිරු ගැන ඊළග සතියේ දි ලියමි.

( මෙම ලිපය පලවු සිකුරාදා උදෑසනම ඩලසි මට ඇමතුමක්  දුන්නේ වැඩි දුර විස්තර අසා ගැනීමටත් මෙම ප්‍රශ්නයට විස ඳුම් ගැන කතා කිරීමටත්ය. නමුත් ඔහුගේ උනන්දුව බස් මාෆියාවට යට විය)

Archive

Latest news

Related news