මලයහ දෙමළ ප්‍රජාවට මහල් නිවාස යෝජනාව වලිගය පාගා ගැනීමක්!
ජායාරූපය copilot නම් කෘතිම බුද්ධියෙන් සකස් කර ගන්නා ලදී,
(Sri Lanka Brief/23.12.20204) වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති කඳුරට දෙමළ ප්‍රජාව/ පදිංචිකරුවන් සඳහා නව නිවාස ලෙස මහල් නිවාස පන්නයේ නිවාස ඉදිකිරීමට යෝජනාවක් පසු දා ඉදිරිපත් කළේය. මෙම යෝජනාව ඉදිරිපත් කරමින් ඔහු කියා සිටිියේ දැනට යෝජනා වී ඇති පරිදි එම පවුලකට පර්චස් 10 බැගින් ලබා දුන හොත් එය වතු ආර්ථිකයට බදාවක් වන බවයි.
මෙම යෝජනාව මේ තාක් දුරට දින 10ක් ගතවී තිබියදිත් ජාතික ජන බලවේගයේ දේශපාලන නායකත්වය විසින් ප්‍රතික්ෂේප කර නැත.
මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීමට පෙර අදාළ බලධාරීන් විසින් ඉඩම් පිළිබඳ සමීක්ෂනයක් කළ යුතුව තිබුණි. තවද දැනට වගා නොකරන ඉඩම් කොපමණ මෙම වතු ආශ්‍රිතව පවතින්නේ ද යන්න සොයා බැලිය යුතුව තිබුණි.
සියල්ලටමත් වඩා එවැනි යෝජනාවක් ගෙන ඒමට පෙර එම යෝජනාව බලපාන ජනයා සමඟ, ඔවුන්ගේ වෘත්තීය සමිති සමඟ, අදාළ සිවිල් සමාජ සංවිධාන යනාදිය සමඟ සාකච්ජා කළ යුතුව තිබුණි.
මේ කිසිවක් සිදු වී නැත. සමහර විට මෙම යෝජනාව එන්නට ඇත්තේ වතු හිමියන්ගෙන් සහ ව්‍යාපාරික පිරිස් වලින් විය හැකිය.
පහත පළ කර ඇති ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය විසින් අදාළ ඇමතිවරයාට ඉදිරිපත් කරන ලද ලිපියෙහි ද සදහන් වන පරිදි සමාජයේ පහළම තීරුවක් වන වතුකර ප්‍රජාව එනම් මලයහ ප්‍රජාව සඳහා මහල් නිවාස ලබා දීම අතිශයින්ම අප්‍රායෝගික අදහසකි.
මෙය පැරණි සොව්යට් දේශයෙන් ණයට ගත් අදහස් විය හැකිය. එරට ද එම ක්‍රමය අසාර්ථක විය. මහල් නිවාස සමඟම උද්‍යාන, ක්‍රිඩා පිටි, වෙළද සංකීර්ණ යනාදිය ඉදි කිරීම දැන් අත්හදා බැලෙන ක්රමයකි. ඒ සඳහා ද විශාල ඉඩම් අවශ්‍ය වේ. එසේ නොවූ විට එම මහල් නිවාස ද ලැයිම් කාමර බවට පත් වනු ඇත.
මහල් නිවාස සංස්කෘතිය දීර්ළ කාලයක් මහ පොලවේ අටවා දුන් ලැයිම් කාමරයක ජීවත් වී ඇති මේ ජනයාට නොගැලපෙන්නේ ඔවන්ගේ එදිනෙදා ජීවිත රටාවන් සමඟ ඒවා නොගැලපෙන නිසාය.
නෑම සහ ඇඟපත සොදා ගැනීම, වැසිකිළි යෑම, එළවලුවක් දෙකක් වගාකර ගැනීම, එලිච්චියක් ඇති කිරීම වැනි ඔවුන්ගේ ජීවිත රටාවන් මහල් නිවාස විසින් සුුනු විසුනු කරයි.
කොළඹ අවට දූගී ජන ප්‍රජාවන්ට ලබා දී ඇති මෙවැනි මහල් නිවාස දැන ජරා නිවාස බවට පත්ව තිබේ.
මහල් නිවාස සංස්කෘතිය, තරමක මැද පංතික එකකි. ඉඩම් නැතිකිමින් පෙළෙම සිංහල ග්‍රාමීය ප්‍රජාවට මෙවැනි යෝජනාවක් ගෙන ආවේ නම් කුමක් සිදු විය හැකිව තිබුණිද? ඒ වෙනුවට කරන ලද්දේ කැලෑ කපා ඔවුන්ට ඉඩම් ලබා දීමයි.
රාගල වැනි ප්‍රදේශයන්හි බැහැරින් පැමිණ සිංහල පදිංචිකරුවන්ට විශාල ඉඩම් කට්ටි ලබා දී තිබේ.
කළ යුතුව ඇත්තේ මලයහ ප්‍රජාව සහ ඔවුන්ගේ සංවිධාන සමඟ සාකච්චජා කරමින් සියළු දෙනාටම පිළිගත හැකි විසඳුමක් සෙවීමය. පර්චස් 10 ක ඉඩම් කැබිලී ලබා දී ඒවායේ යම් ප්‍රමාණයක එළවලු සහ පළතුරු ගොවිතැන් කිරීමට අවශ්‍ය උපදෙස් සහ පරීක්ෂාවන් කළ හැකිි නම් එමගින් එළවලු සහ පළතුරු ප්‍රශ්නයට ද විසඳුමක් ලබා ගත් හැකිය. ඒවා අලෙවි කිරීමට ඔවුගේම සමුපාකාර ක්‍රමයක් හඳුන්වා දිය හැකිය.
ජාතික ජන බලවේගයෙන් ජනයා අපෙක්ෂා කළේ එවැනි සමෝධාන විසඳුම්ය.
රාගල අවට කළකට පෙර අවට ඇපල් වගා කරන ලද විශාල ප්‍රදේශයක් දැන් වල් බිහි වී තිබේ.
කඳුකරයේ වනවගා ආරම්භ කිරීම ද කල යුතුය. එයද කළ යුතුම දෙයකි. දැනටමත් අතහැර දමන ලද බොහෝ තේ වතු කැලෑ බවට පත් වෙමින් තිබෙන්නේ ක්‍රමයකින් තොරවය.
මේ සම්බන්ධයෙන් ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය විසින් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය ගරු, කේ වී සමන්ත විද්‍යාරත්න මැතිතුමා වෙත යොමු කරන ලද ප්‍රකාශය පහතින් දැක්වේ.
වතු ආශ්‍රිතව මහල් නිවාස ඉදිකිරීම මලයහ දෙමළ ප්‍රජාවට ප්‍රමාණවත් නිවාස සපයා දීම සඳහා වන වැරදි විසඳුමයි