ආර්ථික, දේශපාලන, සමාජීය සහ සංස්කෘතික පරිවර්තනයක් උදෙසා ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුලත් තනි සිංහල කාර්‍ය සාධක බලකායක්! පිරිමි 17යි ගැහැණු 1යි!!
ජානාධිපති අකුදි යටතේද පානිධිපති ගෝටා යටතේ මෙන්කාර්‍ය සාධක බලකායක් පත් කර තිබේ. ඒ ආර්ථික, දේශපාලන, සමාජීය සහ සංස්කෘතික පරිවර්තනයක් උදෙසා ජනාධිපති අනුර දිසානායකගේ සංකල්පයක් අනුව රජය මගින් ක්‍රියාත්මක කිරීම පිණිසය.
ජනාධිපති කාර්ය සාධක බලකා යනු පාර්ලිමෙන්තුවට යටත් නැති සහ විධායක ජනාධිපති යටතට ගැනෙන යාන්ත්‍රණයකි.
එම කාර්ය සාධක බලකාය ස්ථාපිත කර එහි සාමාජිකයන් පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව “ක්ලීන් ශ්‍රී ලංකා” ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් ලෙස ජනාධිපති ලේකම්, යුද හමුදාපති, ගුවන් හමුදාපති, නාවික හමුදාපති, වැඩ බලන පොලිස්පති, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු 18 දෙනෙකුගෙන් යුත් පිරිසක් නම් කර සිටී.
එම 18 දෙනා අතර සිටින්නේ නමින් පෙනෙන විදියට එක ස්ත්‍රියක් පමණි. එහි එකදු දෙමළ හෝ මුස්ලිම් අයකු නැත.
මේ පිලිබඳව අවඥා සහගතව එකස් පණිවියක් නිකුත් කරන ජනාධිපති නීතිඥ සුමන්දිරින් පවසන්නේ බාගවිට දෙමළ සහ මුස්ලිම් අය දැනටමත් පිරිසිදු වී ඇති බැවින් හැකි බවයි.
යහ පාලන සමයේ රජයේ ලේක්හවුස් මාධ්‍ය ආයතනය බාරව සිටි ක්‍රිශාන්ත කුරේද එම බලකායට අයත්ය.
මෙම කාර්ය සාධක බලකායේ සභාපති ලෙස ජනාධිපති ලේකම් එන්.එස්.කුමානායකද ලේකම් හා කැඳවුම්කරු ලෙස ජනාධිපති ජෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී.අපෝන්සුද පත්කර ඇත.
සමාජීය, පාරිසරික හා ආචාර ධර්මීය පිබිදීමක් මගින් සමාජය වඩා දියුණු මට්ටමකට ඔසවා තැබීමේ අරමුණු ඉටුකර ගැනීම සඳහා “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සැලසුම් කිරීම, මෙහෙයවීම, ක්‍රියාත්මක කිරීම මෙන්ම එහි කාර්යන් ඉටු කිරීම පිළිබඳව ප්‍රගතිය කලින් කලට ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමද මෙම කාර්ය සාධක බලකායට පවරා ඇත.
එහි කාර්ය භාරය මෙසේය:
ශ්‍ර ී ලංකාව ආර්ථිකමය වශයෙන් පමණක් නොව දේශපාලනික, සමාජයීය, සංස්කෘතික සහ ආචාරධර්මීය වශයෙන් ද පසුබෑමකට ලක්වීමෙන් ශ්‍රී ලාංකීය ප්‍රජාව එහි වින්දිතයින් බවට පත්වීම තුළ, මෙතෙක් අත්දකිමින් සිටින තත්ත්වය වෙනස් කර රට නව පිබිදීමක් කරා රැගෙන යාමට ජනතාව තුළ වූ අභිලාෂය ඉකුත් මැතිවරණ ප්‍රතිඵලවලින් මනාව පිළිබිඹු වූ හෙයින් ද;
ආදර්ශය ලබා දීම, පෙළඹවීම, මග පෙන්වීම සහ වෙනස්වීමේ අවශ්‍යතාව ශක්තිමත්ව තහවුරු කිරීම තුළින් සමාජයක චර්යාමය වෙනස්කම් සිදු කිරීමේ ප්‍රවේශයක් ලබාගත හැකි බැවින්, එමඟින් සමාජය ප්‍රගමනයක් කරා රැගෙන යාම සඳහා සංවිධිත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනා ගෙන ඇති හෙයින් ද;
එකී වෙනස්කම් තුළින් රටේ ආර්ථික වර්ධනය කෙරෙහි ද තීරණාත්මක බලපෑමක් ඇති කරන බවට රජය විශ්වාස කරන හෙයින් ද;
“පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” යන දැක්ම අනුව, මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව සහ ප්‍රගමනය තහවුරු කිරීම තුළින් පරිවර්තනීය මුලපිරීමක් සඳහා මෙන්ම එහි සමාජීය, පාරිසරික හා ආචාරධර්මීය පිබිදීමක් ඉලක්ක කර ගනිමින් ජාතික මෙහෙයුමක් දියත් කිරීම අත්‍යාවශ්‍ය බව රජය විසින් පිළිගන්නා හෙයින් ද;
පාරිසරික, ආර්ථික හා සමාජීය තිරසරභාවය සහ රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා පරිවර්තනීය මුලපිරීමක් අවශ්‍ය අතර එසේ කටයුතු කිරීමට වර්තමාන රජයට අත්හල නොහැකි වගකීමක් පැවරී ඇති හෙයින් ද; එකී අරමුණු ළඟා කර ගැනීම සඳහා 2024 දෙසැම්බර් මස 02 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී “Clean Sri Lanka” වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමෙහි අවශ්‍යතාවය හඳුනාගනු ලැබ ඇති හෙයින් ද;
එබැවින්, ශ්‍රී ලංකා ප්‍ර ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක වන මම, “Clean Sri Lanka” වැඩසටහන සැලසුම් කර, ක්‍රියාත්මක කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මෙයින් ස්ථාපිත කරනු ලබන අතර, ඔබතුමන්ලාගේ විචක්ෂණභාවය, සාමාර්ථ්‍යය හා පක්ෂපාතීත්වය කෙරෙහි මහත් වූ භක්තිය හා විශ්වාසය තබමින්, පූර්වෝක්ත ඔබතුමන්ලා, එනම්,
01. ජනාධිපති ලේකම් එන් එස් කුමානායක
02. යුද හමුදාපති
03. නාවික හමුදාපති
04. ගුවන් හමුදාපති
05. වැඩබලන පොලිස්පති ඩබ්ලිව්.එල්.ඒ සමන් ප්‍රියන්ත
06. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති කුමුදු ලාල් ද සිල්වා
07. අයි. එස්. ජයරත්න
08. ගිහාන් ද සිල්වා
09. සන්ධ්‍යා සල්ගාදු
10. ගාමිණි බටුවිටගේ
11. අනුරුද්ධ ගමගේ
12. දිල්රුක් වනසිංහ
13. දීපාල් සූරීයආරච්චි
14. සිසිර අමරබන්දු
15. ක්‍රිශාන්ත කුරේ
16. ජයතු පෙරේරා
17. රුවන් වීරසූරිය
18. දයාන් කරුණාරත්න
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ අනෙකුත් ලිඛිත නීතිවල සඳහන් ප්‍රතිපාදනයන්ට යටත්ව, මතු දැක්වෙන කාර්යයන් ක්‍රියාත්මක කිරීම සඳහා ඉහත කී ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් ලෙස පත් කරමි.
එකී කාර්යයන් කවරේ ද යත්;
i. සමාජයීය, පාරිසරික හා ආචාරධර්මීය පිබිදීමක් මඟින් සමාජය, වඩා දියුණු මට්ටමකට ඔසවා තැබීමේ අරමුණ ඉටු කර ගැනීම සඳහා “Clean Sri Lanka” වැඩසටහන සැලසුම් කිරීම, මෙහෙයවීම, ක්‍රියාත්මක කිරීම, ප්‍රගති සමාලෝචනය, සහ නියමිත කාලරාමුවක් තුළ අවසන් කිරීම. මෙම වැඩසටහන ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි සංවිධාන ව්‍යූහයක් සකස් කිරීම.
ii. “Clean Sri Lanka” වැඩසටහන මගින් ආවරණය වන විෂයයන් සම්බන්ධයෙන් ප්‍රාමාණික විද්වතුන්, වෘත්තීයවේදීන්, විශේෂඥයන් සහ ආයතන නියෝජිතයන්ගේ විෂයානුබද්ධ දැනුම හා දායකත්වය ලබා ගැනීම.
iii.රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශ, පෞද්ගලික අංශය, පර්යේෂණ ආයතන, සිවිල් සමාජ සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, ජාත්‍යන්තර සංවිධාන හා සංවර්ධන පාර්ශ්වකරුවන්, උපදේශන හා වෘත්තීය සංවිධාන, ප්‍රජාව සහ පුරවැසි සංවිධාන, ජනමාධ්‍ය සහ සන්නිවේදන ආයතන, මූල්‍ය ආයතන, ආගමික සංවිධාන, තාක්ෂණ සැපයුම්කරුවන් සහ නව නිපැයුම්කරුවන්, ශ්‍රී ලාංකික ඩයස්පෝරාව වැනි පාර්ශ්වකරුවන් මෙම වැඩසටහන සඳහා සම්බන්ධ කර ගැනීමේ ව්‍යූහයක් සකස් කර ගැනීම.
iv. “Clean Sri Lanka” අරමුදල සඳහා අරමුදල් සම්පාදනය හා අවශ්‍යතාව පරිදි “Clean Sri Lanka” ” අරමුදල් භාවිතය සම්බන්ධයෙන් උපදෙස් හා මග පෙන්වීම ලබා දීම.
v. මෙම වැඩසටහනට සමගාමීව රජයේ ආයතන, පෞද්ගලික අංශය, ජාත්‍යන්තර සංවිධාන හා ආයතන, රාජ්‍ය නොවන සංවිධාන වැනි විවිධ පාර්ශ්වකරුවන් විසින් ක්‍රියාත්මක කරන වැඩසටහන් හඳුනා ගැනීම හා එම වැඩසටහන් “Clean Sri Lanka” වැඩසටහන සමඟ සමපාත කර ගැනීම.
vi. මෙම වැඩසටහනේ ප්‍රතිඵලයන්හි තිරසරත්වය තහවුරු කිරීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන හඳුනා ගැනීම,
vii. සම්පාදනය හා එම නීතිරීති දිගුකාලීනව බලාත්මක කිරීමේ වගකීම පැවරෙන ආයතනික රාමුවක් ස්ථාපිත කිරීම.
viii. වැඩසටහන සැලසුම් කිරීම, මෙහෙය වීම, ක්‍රියාත්මක කිරීම, ප්‍රගති සමාලෝචනය හා තිරසරව පවත්වාගෙන යාමට ඩිජිටල්කරණය යොදා ගැනීම.
ix. සියලු ම පාර්ශ්වකරුවන් ධනාත්මක ආකාරයෙන් පෙළෙඹවීම සහ සම්බන්ධ කර ගැනීම සඳහා බහුවිධ සන්නිවේදන උපායමාර්ගයක් සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
තවද, ඉහත කී ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති වශයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායක මැතිතුමා ද, එකී කාර්ය සාධක බලකායේ කැඳවුම්කරු/ ලේකම් වශයෙන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී. එම්. ආර්. ඩී. අපොන්සු මැතිතුමා ද පත් කරමි.
තවද, ශ්‍ර ී ලංකා ප්‍රජාතාන්ත්‍ර ික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ අනෙකුත් ලිඛිත නීතිවල සඳහන් ප්‍රතිපාදනයන්ට යටත්ව, මෙයින් පවරනු ලබන කර්තව්‍යයන් ඉටුකරලීමට අදාළව අවශ්‍ය විය හැකි පරිදි කරුණු සොයා බැලීමට සහ උපදෙස් නිකුත් කිරීමට ද, ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් අදහස් කරනු ලබන රජයේ නිලධරයන්ගේ සහාය ලබා ගැනීමට ද,ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් වන ඔබ වෙත මෙයින් බලය පවරමි.
තවද, එකී ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් වන ඔබ විසින්, ඉහත කාර්යයන් ඉටු කිරීම පිළිබඳව කලින් කලට මා වෙත වාර්තා ඉදිරිපත් කරන ලෙස ද මෙයින් දන්වමි. වර්ෂ දෙදහස් විසි හතරක් වූ දෙසැම්බර් මස 18 වැනි දින වූ මෙදින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුද්‍රාව යටතේ කොළඹ දී දෙන ලදි.
ගරු ජනාධිපතිතුමාගේ අණ පරිදි,
ආචාර්ය එන්. එස්. කුමානායක, ජනාධිපති ලේකම්.