Friday, December 6, 2024

හාල් මෝල් මාෆියාවට යට නොවෙනු! ආණ්ඩුවට අභියෝගයක් සහ අවවාදයක් – කතුවැකිය, දි අයිලන්ඩ්

(Sri Lanka brief.22.11.2024) එල්.ටී.ටී.ඊ.ය පරාජය කිරීමට දේශපාලන නායකත්වය සැපයූ අය ද ඇතුළුව පසුගිය රජයන්හි නායකයන් සහල් මෝල්කරුවන්ගේ මාෆියාව මෙල්ල කිරීමට ලැජ්ජා සහගත ලෙස අසමත් වූහ. ඔවුන්  හාල් මාෆියිවට මුහුණ දුන්නේ සිය දෙකකුල් අතර වලිගය රුවා ගෙන පසුබැසීමට පමණි. ජාජබ නායකයින් ද වෙනස් වීමට අපොහොසත් වනු ඇති බවට ලකුණු තිබේ. මහා පරිමාණ මෝල්කරුවන් අතලොස්සක් කර ගැනීමට නොහැකිව ඔවුන්ද සහල් ආනයනය කිරීමට තීරණය කර ඇත්තේ ගබඩා කර ඇති සහල් වෙළෙඳපොළට නිකුත් කිරීමට මොල්කරුවන්ට බල කිරීමට අසමත් වෙමිනි.

ජවිපෙ ප්‍රමුඛ ජාජබ ආණ්ඩුව නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහන සොයා ගැනීමටත් ඒවායේ අයිතිකරුවන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමටත් අධික උත්සාහයක යෙදී සිටී. මේ වන විටත් එවැනි වාහන ඇති ඇතැම් විපක්ෂ දේශපාලකයන් දැලට හමු කර ගෙන ඇත. රාජ්‍ය භාණ්ඩාගාරයට විශාල බදු ආදායමක් අහිමි කර ඇති මෙම ජාවාරමට තිත තැබීමට මුළු හූනියම කැපිය යුතුය. කුතුහලය දනවන කරුණ නම්, නීති විරෝධී ලෙස ගොඩගසා ඇති වී සොයා ගැනීමට එය සෑම දෙයක්ම කිරීමට නොයාමයි. පසුගිය මාසයේ පොළොන්නරුවේ පැවති ජන රැලියකදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාම කියා සිටියේ රටපුරා සහල් හිඟයක් නොමැති බවත් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවය බැහැර කරන බවත්ය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තු දත්ත ගබඩාවට අනුව රටේ ප්‍රමාණවත් සහල් තොග ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ ජ්‍යෙෂ්ඨ කෘෂිකාර්මික ආර්ථික විද්‍යාඥ දුමින්ද ප්‍රියදර්ශන මහතා පසුගිය මාසයේ පැවති රැස්වීමකදී ජනාධිපති දිසානායක මහතාට දැනුම් දුන් බව වාර්තා වේ. සහල් ආනයනය කිරීමට අවශ්‍යතාවයක් නොතිබුණි.

පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) විසින් නියම කර ඇති මිලට අනුගත වන ලෙස මෝල්කරුවන්ගෙන් ඉල්ලා සිටින සෑම අවස්ථාවකදීම සහල් හිඟයක් ඇති වූ බව ඔහු නිවැරදිව පෙන්වා දුන්නේය.

ප්‍රමාණවත් සහල් තොග රට තුළ ඇති බව වෙළෙඳ හා වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක සහ ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න ද තහවුරු කර තිබේ. මේ අනුව පෙනී යන්නේ මහා පරිමාණ මෝල්කරුවන් මිල ඉහළ දැමීම සඳහා කෘතිම සහල් හිඟයක් ඇති කර ඇති බවයි. රජය සහල් ආනයනය කිරීමට තෝරාගෙන ඇත්තේ ඇයිද යන්න එබැවින් තේරුම් ගත නොහැකිය.

මහජනතාව සූරාකන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට පොරොන්දු වෙමින් බලයට පැමිණි ජාජබ ආණ්ඩුව කළ යුත්තේ, නීති විරෝධී ලෙස ගොඩගසා ඇති වී සොයා ගෙන සාධාරණ මිලට සහල් මහජනතාවට විවෘත වෙළද පොලේ නිදහසේ ලබා දීමට අණ කිරීමය.ජාජබයේ දේශපාලන ප්‍රතිවාදීන් පලා  යවමින් පසුගිය සතියේ රට පුරා හමා ගිය ‘මදට පැහැති රැල්ල’ නතර වී ඇත්තේ බලගතු මෝල්කරුවන්ගේ ගබඩාවල දැයි කෙනෙකුට සිතේ.

තුනෙන් දෙකේ බලයක් ඇති ආණ්ඩුවට මෝල්කරුවන්ගේ මාෆියාව  මෙල්ල කිරීමට නොහැකි ඇයි? වී ගොඩගැසීමට පිළියමක් ලෙස සහල් ආනයනය කිරීම විකාරයක් පමණක් නොව බලගතු මෝල්කරුවන්ට ආණ්ඩුවේ නින්දා සහගත යටත් වීමක් ද පෙන්නුම් කරයි.

ආනයනය කිරීමට නියමිත බොහෝ සහල්වලට කුමක් සිදුවේදැයි කෙනෙකුට අනාවැකි කිව හැකිය. මෝල්කරුවන්ගේ මාෆියාව විසින් දේශීයව නිෂ්පාදනය කරන සහල් වෙළඳපොළට සැපයීම වැඩි කර මිල පහත හෙලනු ඇත; ගොවීන් සහ පාරිභෝගිකයින් සූරාකෑමෙන් එහි සාමාජිකයින් දැනටමත් ප්‍රමාණවත් ලාභයක් ලබා ඇති බැවින් එයට එසේ කිරීමට හැකියාව ඇත.

රජයන් විසින් ආනයනය කරනු ලබන සහල් ප්‍රභේද ශ්‍රී ලාංකීය රැචියට ප්‍රිය නොවන බව ප්‍රසිද්ධ කාරණයකි.  ඒවා අලෙවි නොවී පවතින අතර සත්ව ආහාර ලෙස අවසන් වීමට ඉඩ ඇත.

ප්‍රබල මෝල්කරුවන් සාමාන්‍යයෙන් අස්වනු නෙළන කන්නයක් ආරම්භ වන විට වී මිල පහත වැට්ටවීමට සහ සහල් ගොවීන් ගොනාට අන්දවා ගැනීමට මෙම උපක්‍රමය ක්‍රියාත්මක කරයි. නමුත් මෙවර ඔවුන් රජයට පරාජය කිරීම සඳහා එය කලින්ම කිරීමට ඉඩ ඇත.

සහල් හිඟයට හේතු වී ඇත්තේ ගබඩා කිරීම නිසා බැවින් රජය සහල් ආනයනය නොකළ යුතු බව අපි නැවත නැවතත් කියමු. විසඳුම වන්නේ මහා පරිමාණ සහල් මෝල්කරුවන් දැඩි ලෙස හසුරුවා ගැනීම සහ ඔවුන් නීතියට කීකරු වන බව සහතික කිරීමයි. මේ දුෂ්කර අභියෝගය බාර ගන්නි කර ගන්නා ලෙස ජාජබය ට බලකරමු.

පාරිභෝගිකයන්ගේ සහ ගොවීන්ගේ වියදමින් නොසැලකිලිමත් සහල් මුදලාලි සහෝදරත්වයේ විශාලත්වයෙන් ප්‍රතිලාභ ලැබූ ඔවුන්ගේ පූර්වගාමීන් මෙන් නොව, නව රජයේ නායකයින් ධනවත් මෝල්කරුවන්ට ණයගැති නොවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

(දි අයිලන්ඩ් පුවත්පතෙහි 22.11.24 දින පළ වූ කතු වැකියේ සිංහල පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි)

Archive

Latest news

Related news