(SriLanka Brief. 18/11/2024) ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.
නව ඇමති මණ්ඩලය විසි එකකට සීමා වන අතර ආරක්ෂක , මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික යන අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතට පත් කර ඇත.
නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය දිවුරුම් දුන් අතර කැබිනට් අමාත්‍යවරු පහත පරිදි වේ.
| 01 | ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා | ආරක්ෂක අමාත්‍ය
මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ඩිජිටල් ආර්ථික අමාත්‍ය |
| 02 | අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය | අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය |
| 03 | විජිත හේරත් මහතා | විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය |
| 04 | මහාචාර්ය චන්දන අබේරත්න මහතා | රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය |
| 05 | නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා | අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය |
| 06 | සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය | කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය |
| 07 | කේ. ඩී ලාල්කාන්ත මහතා | කෘෂිකර්ම, පශු සම්පත් , ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය |
| 08 | අනුර කරුණාතිලක මහතා | නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය |
| 09 | රාමලිංගම් චන්ද්‍ර සේකර් මහතා | ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය |
| 10 | මහාචාර්ය උපාලි පන්නිලගේ මහතා | ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය |
| 11 | සුනිල් හඳුන්නෙත්ති මහතා | කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය |
| 12 | ආනන්ද විජේපාල මහතා | මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය |
13 |
බිමල් රත්නායක මහතා |
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය |
14 |
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා |
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය |
15 |
වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා |
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය |
16 |
සමන්ත විද්‍යාරත්න මහතා |
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය |
17 |
සුනිල් කුමාර ගමගේ මහතා |
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය |
18 |
වසන්ත සමරසිංහ මහතා |
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය |
19 |
මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා |
විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය |
20 |
මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා |
කම්කරු අමාත්‍ය |
21 |
ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා |
බලශක්ති අමාත්‍ය |
22 |
වෛද්‍ය ධම්මික පටබැඳි මහතා |
පරිසර අමාත්‍ය |
(Dinamina)

