මැතිවරණ ප්‍රතිඵලය සහ අභියෝග: ඒකේඩී ප්‍රතිරූපය, වාර්ගික, ආගමික කණ්ඩායම් අතර සමගිය සහ දුර්වල විපක්ෂය
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණය වාර්ගික, ආගමික කණ්ඩායම් අතර සමගිය, නමුත් දුර්වල විපක්ෂය පෙන්නුම් කරයි.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵලවලින් පෙන්නුම් කළේ, පිරිසිදු පාර්ලිමේන්තුවක් සඳහා වන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉල්ලීමට සහාය දැක්වීම සඳහා මෙරට විවිධ ජනවාර්ගික සහ ආගමික ජනතාව අතර තිබූ එකමුතු කමයි.
ඒ අතරම රටේ බිඳෙන සුලු ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් විය හැකි දුර්වල විපක්ෂයක් ද මැතිවරණයේ ප්‍රතිඵලය වී තිබේ.
ජය විශිෂ්ටයි
මන්ත්‍රීවරුන් 225කින් සමන්විත පාර්ලිමේන්තුවේ ආසන 159ක් දිනා ගනිමින් ජනාධිපති දිසානායකගේ මාක්ස්වාදී ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ප්‍රමුඛ පාලක ජාතික ජන බලවේගය (ජාජබ) විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේය.
“පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවන්න” යනුවෙන් සිය ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළ ජාජබ පක්ෂයට සුළුතර දෙමළ හා මුස්ලිම් ජනවාර්ගිකයන් මෙන්ම බහුතර සිංහලයන් කැමැත්ත හිමි වී තිබේ.
ඉතිහාසයේ ප්‍රථම වතාවට, ශ්‍රී ලංකාව දෙමළ බහුතරය සහිත උතුරු දිස්ත්‍රික්ක සහ මුස්ලිම් බහුතරය ඇති නැගෙනහිර දිස්ත්‍රික්ක සිංහල බහුතරය ඇති දකුණේ දිස්ත්‍රික්ක තරම් ජාතික ජන බලවේගයට සහාය දක්වා තිබේ.
දිසානායකගේ නායකත්වය, වාර්ගික ආතතීන්ගෙන් දිගු කලක් බෙදී සිටි ජාතියට සමගිය පිළිබඳ බලාපොරොත්තුවක් ගෙන දෙමින් ශ්‍රී ලංකාවේ දේශපාලන පරිසරයේ තීරණාත්මක වෙනසක් සනිටුහන් කළ බව විශ්ලේෂකයෝ පවසති.
ප්‍රතිසංස්කරණ, ආර්ථික ප්‍රකෘතිය, සමානාත්මතා පාලනය සහ සමාජ සාධාරණත්වය සඳහා වූ ඔහුගේ ව්‍යාපාරය රටේ විවිධ ජනවර්ග පොදු දැක්මක් වටා එක්සත් කර ඇත.
දුර්වල විරුද්ධ පක්ෂය
කෙසේ වෙතත්, මෙම පියවර ඉබේම විපක්ෂය දුර්වල කර තිබේ. එය මෙරට ප්‍රජාතන්ත්‍රවාදය තර්ජනයන්ට මුහුණ දෙන සහ බිදෙන සුලු එකකි. වසර ගණනාවක්ම පැවතිය හැකි හැකි නිශෞධාත්මක පූර්වාදර්ශයක් බවට දුර්වල විපක්ෂය පත් විය හැකිය.
සමානුපාතික නියෝජන ක්‍රමය ක්‍රමය යටතේ 1989 දී ක්‍රියාත්මක කිරීමෙන් පසු තුනෙන් දෙකක බලයක් ලබාගත් පළමු පක්ෂය ජාතික ජන බලවේගය වේ.
තුනෙන් දෙකේ ඉතිහාසය
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ (2010-2015) සහ ඔහුගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ (2020-2022) යන දෙදෙනාම පාර්ලිමේන්තුවේ අනෙකුත් සුළු දේශපාලන පක්ෂවල සහාය ඇතිව තුනෙන් දෙකක බලයක් ලබා ගත්හ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව පසුගිය කාලයේ ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබූ අවස්ථාවලදී දුර්වල විපක්ෂයක් සහ මර්දනයට ලක් වූ ප්‍රජාතන්ත්‍රවාදයක් අත්විඳ ඇත.
මහින්ද රාජපක්ෂ රජය සිය රජයේ දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහනට එරෙහි වී යැයි අගවිනිසුරුවරියක ඉවත් කර විශේෂ බහුතරය භාවිතා කරමින් ජනාධිපති ධුර කාලය සඳහා වූ දෙවරක සීමාව ඉවත් කළේය. ඔහුගේ පාලනය ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ස්වාධීන ආයතන ද දුර්වල කළේය.
2022 මහජන විරෝධතා හමුවේ ඔහුට රටින් පලා යාමට බල කිරීමට පෙර තමාට විශේෂ බහුතරය තිබියදී ඔහුගේ සොහොයුරු ගෝඨාභයගේ රජය ද එයම පුනරුච්චාරණය කළේය.
ඒකේඩී: සංහිඳියාවේ සහ අව්‍යාජත්යේ සංකේතයක් ලෙස
විවිධ ශ්‍රී ලාංකික ප්‍රජාවන් ජනාධිපති දිසානායකගේ දේශපාලන සංවාදය දකින්නේ සංහිඳියාව සහ අව්‍යාජත්වය ඇතුළත් පුළුල් වේදිකාවක් ලෙසය.
දූෂණයට, සමාජ අසමානතාවයට සහ ආර්ථික වැරදි කළමනාකරණයට එරෙහිව වෙහෙස නොබලා උද්ඝෝෂකයෙකු ලෙස ඔහු ලබා ඇති කීර්තිය ජනවාර්ගික වෙනස්කම් හරහා පුළුල් ලෙස අනුනාද විය.
බොහෝ විට තම පදනම ශක්තිමත් කර ගැනීම සඳහා ජාතිකවාදය උද්දීපනය කළ ඔහුගේ බොහෝ පූර්වගාමීන් මෙන් නොව, දිසානායකගේ ව්‍යාපාරය අවධානය යොමු කළේ ප්‍රජාවන් අතර වෙනස්කම් පියවීම කෙරෙහි ය.
ඔහු ඓතිහාසික වශයෙන් ආන්තික වූ කණ්ඩායම් සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වූ අතර, ඔවුන්ට තීරණ ගැනීමේ ස්ථානයන්හි ආසන ලබා දුන් අතර බෙදුම්වාදී වාචාල කතාවලට වඩා සමාජ හා ආර්ථික සමානාත්මතාවයට ප්‍රමුඛත්වය දුන් ඇඟට දැනෙන ප්‍රතිසංස්කරණ පොරොන්දු විය.
කෙසේ වෙතත්, මෙම උපාය මාර්ගය සිදු වූයේ රික්තකයක් තුළ නොවේ. ජනතා විමුක්ති පෙරමුණේ දිසානායකගේ දේශපාලන සගයන් සහ පෙළගැසුණු සිවිල් සමාජ සංවිධාන විසින් වසර ගණනාවක පදනම මත එය ගොඩ නැඟුණි.
පුළුල් ප්‍රගතිශීලී සිංහල ඡන්ද කොට්ඨාශ සමඟින් දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් වෙත ව්‍යාප්ත වීම, රටේ විවිධත්වය සඳහා අවංකව ආයෝජනය කරන ලද රජයක ප්‍රතිරූපයක් නිර්මාණය කිරීමට ඔහුට උපකාරී විය.
ඔහුගේ ආණ්ඩුව දෙමළ ජනයා සමඟ සංහිඳියාව සඳහා මුල පිරීම් ඉදිරියට ගෙන ගියේය. කට්ටිවාදී බලපෑම්වලට යටත් නොවී මුස්ලිම් අයිතීන් ප්‍රවර්ධනය කළේය. ඓතිහාසික දුක්ගැනවිලි විසඳීම සඳහා සංවාද සංසද දිරිමත් කළේය.
වාම නායකයකුගේ සිට ජාතිය එක්සත් කරන චරිතයක් බවට
එවන් ඇතුළත් කර ගන්නා දේශපාලනයක් හරහා දිසානායක වමේ නායකයකුගේ සිට ජාතික වශයෙන් එක්සත් කරන චරිතයක් බවට පරිවර්තනය විය.
කෙසේ වෙතත්, මෙම පුළුල් පදනම් වූ සහයෝගයේ වැඩි වීම විපක්ෂය ඛණ්ඩනය කර දුර්වල කළ බව මැතිවරණ ප්‍රතිඵල පෙන්වා දෙයි.
මධ්‍ය දක්ෂිණාංශික සමගි ජන බලවේගයේ (සජබ) සහ ජාතිකවාදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) කණ්ඩායම් ඇතුළු සාම්ප්‍රදායික දේශපාලන ප්‍රතිවාදීන්ට ඔවුන්ගේ අනන්‍යතාවය සහ අදාළත්වය පවත්වා ගැනීමට අරගල කිරීමට සිදු විය.
ජාතිවාදය පරාජයවීම
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ප්‍රමුඛ ජාතිකවාදී බලවේගයක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට, නව දේශපාලන වාතාවරණය තුළ තරඟ කිරීමේදී එහි පූර්ව ජාතිකවාදී න්‍යාය පත්‍රයෙන් ඉවත් වීමට නොහැකි විය. එයට හිමි වූයේ පාර්ලිමේන්තුවේ ආසන තුනක් පමණකි.
දිසානායක සමගියට ප්‍රමුඛත්වය දීමත් සමඟ මධ්‍යස්ථ විපක්ෂ නායකයින් දුර්වල මැතිවරණ ව්‍යාපාරයකට තල්ලු වී මහජන අවධානය දිනා ගැනීමට හෝ ජනාධිපතිවරයාගේ පරිවර්තන වේදිකාවට අභියෝග කිරීමට අපොහොසත් විය.
විපක්ෂයට මොකද වුණේ?
මෙම දුර්වල වූ විපක්ෂ භූ දර්ශනය අභ්‍යන්තර බෙදීම් සහ අකාර්යක්ෂම සභාග ගොඩ නැගීම මගින් තවදුරටත් විනාශ විය.
මූලික වශයෙන් ඒකාබද්ධ දැක්මක් නොමැතිකම සහ අභ්‍යන්තර බල අරගල හේතුවෙන්, ජනාධිපතිවරයාගේ සභාගයට එරෙහිව නොගැලපෙන කණ්ඩායම් එක්සත් කිරීමේ උත්සාහයන් අසාර්ථක විය.
සමහර කණ්ඩායම් ජනවාර්ගික ධ්‍රැවීකරණයේ හුරුපුරුදු නාට්‍ය පොත වෙත යොමු වූ නමුත්, මෙම පණිවිඩ දිසානායකගේ අව්‍යාජ ව්‍යාප්තිය අභිමුව, ඔහුගේ ප්‍රතිපත්ති මගින් ප්‍රත්‍යක්ෂ ප්‍රතිලාභ ලබා දීමට පටන් ගත්විට බිමටම සමතලා විය.
තරුණ ඡන්දදායකයින්, විශේෂයෙන්ම, ඔහුගේ වඩා ඇතුළත් කර ගන්නා සුලු, ප්‍රතිසංස්කරණවාදී න්‍යාය පත්‍රය වෙත ආකර්ෂණය වූ අතර, සාම්ප්‍රදායික පක්ෂ සිය අදාළත්වය පවත්වා ගැනීමට සඳහා පොරකෑමට තල්ලු විය.
එහි ප්‍රතිඵලය වූයේ දිසානායකගේ ආධිපත්‍යයට සැලකිය යුතු අභියෝගයක් එල්ල කිරීමට නොහැකි වූ ඛණ්ඩනය වූ සහ දුර්වල වූ විපක්ෂයකි.
දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහස වන්නේ එවැනි එනම් 2/3ක බලයක් තහවුරු වීම අවදානම් ද අතුළත් කර ගන්නා බවයි.
දුර්වල විපක්ෂයක් ප්‍රජාතන්ත්‍රවාදී වගවීම යටපත් කිරීමේ අවදානමක් ඇති කරයි; ප්‍රතිපත්ති එකතැන පල්වීමට තුඩු දිය හැකිය; විධායක බලය පිළිබඳ තුලන සහ සංචරණ දුර්වල විමට ද හේතු විය හැකිය.
දිසානායක ජනාධිපතිවරයාගේ පාලනය සිය ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අඛණ්ඩව කර ගෙන යන විට අභියෝගය වනු ඇත්තේ සමගිය සහ බලය තහවුරු කිරීම අතර සමතුලිතතාව පවත්වා ගනිමින් ඔහු බලයට ඔසවා තැබූ බහුත්වවාදී දේශපාලනය විසින් සියල්ල හරියැයි යන උදාසීනත්වයට ඉඩ නොතබන බව සහතික කර ගනිමින් ගැනීමයි.
Shihar Aneez විසින් ECONOMYNEXT හි පළ කළ ලිපියක දළ සිංහල පරිවර්ථන ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි.
(නොවැම්බර් 15/2024)