Thursday, November 21, 2024

සත්‍ය සෙවීම සහ අතුරුදහන් කිරීම් වැනි අපරාධ විමර්ශනයට ස්වාධීන යාන්ත්‍රණ ඕනෑ – මානව හිමිකම් කොමිසම

ඡායාරූපය: අතුරුදහන්වූවන්ගේ පවුල් එකමුතුව මගින් 27.10.24 දින පවත්වන ලද අනුස්මරණ උත්සවය අවසානයේ ස්මාරකය වෙත මල් පුදන ඥාතීන්.

(SriLanka Brief/02.11/24)

ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදහන් කිරීම් පිළිබද ප්‍රකාශනය

බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදහන් කිරීම් පිළිබඳ අධීක්ෂණය කරන්නාවූ එක්සත් ජාතීන්ගේ
කමිටුවට සමාන්තර වාර්තාවක් සකසා ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) මහජන අදහස් විමසීවම් ක්‍රියාවලියක් ආරම්භ කර ඇත. ශ්‍රී ලංකාව බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදන් කිරීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියට 2016 දී සම්බන්ධ වූ අතර ඉන් අනතුරුව 2018 අංක 5 දරණ බලහත්කාරයෙන් පුද්ගලයින් අතුරුදන් කිරීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර සම්මුුුති පනත පනවන ලදී. ශ්‍රී ලංකාව සම්මුතිය යටතේ තම වගකීම් ඉටු කිරීම පිළිබඳව 2023 දී සිය ජාතික වාර්තාව කමිටුවට ඉදිරිපත් කලාය. වමම ජාතික වාර්තාව සමාවලෝචනය කිරීමෙ දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, සිවිල් සමාජ සංවිධාන ඇතුළු පාර්ශවකරුවන්වගන් සමාන්තර වාර්තා ලබා ගැනීමට එකී කමිටුවට හැකියාව ඇත.

මානව හිමිකම් කොමිසම මෙම වැදගත් කර් තවයය ඉටු කරන්නේනේවමත් අතුරුදහන් වී සිටින දහස් ගණනවක පවුල්වල සුවිසල් ශෝකයට සංවේදී වෙමින් බව සඳහන් කල යුතුය. එවමන්ම
බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදහන් කිරීම් ගැන කතා කරන පවුල් සහ ඒ සම්බන්ධ්‍ ක්‍රියාකාරීන්ට එල්ල වන තර්ජන සහ බිය ගැන්වීම් පිළිබඳ වාර්තා රාශියක් ද කොමිසම විසින් සැලකිල්ලට ගනු ලබයි.

සත්‍යය සහ වගවීම වෙනුවෙන් උතුරු නැගෙනහිර නිතිපතා පවත්වනු ලබන සාමකාමී විරෝධතා සහ ඔක්තෝබර් 27 වැනි දින සීදූවේදී පවත්වනු ලැබූ වාර්ෂික උත්සවය වැනි සාමූහික අනුස්මරණ ක්‍රියාවන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නිදහස් අදහස් ප්‍රකාශනය සහ සාමකාමී රැස්වීම ආදී ජනතාවගේ මූලික අයිතිවාසිකම්වල කොටසක් ලෙස තහවුරු කර ඇත.

අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමේදී සත්‍යය, යුක්තිය, වන්දි, වගවීම සහ එවැනි සිදුවීම් නැවත සිදු නොවීම සඳහා අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය සහ හානි පූරණය සඳහා වන කාර්යාලය ඇතුළු දැනට පවතින ආයතනවලින් අපේක්ෂිත වැදගත් කාර්යෙභාරය පිලිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිහිපත් කරනු ලබයි.

සතයය, එකුතුකම සහ ප්‍රතිසන්ධානය සඳහා වූ කොමිෂන් සභාවක් අර්ථවත් ලෙස බලගැන්වීම සඳහා කටයුතු කරන්නෙ නම් ඒ සඳහා මනා දායකත්වයක් මානව හිමිකම් කොමිෂන් සභාවට ලබා දිය හැකි වේ. කෙසේ වෙතත්, එවැනි කොමිෂන් සභාවක් ඇති කිරීම සම්බන්ධයෙන් මතුවන ගැටලු සැලකිල්ලට ගෙන, ඕනෑම නව සතය සෙවීමේ යාන්ත්‍රණයකට පෙර සියලු පාර්ශවකරුවන් සමඟ අර්ථවත් සාකච්ඡා පැවැත්වීම සහ අතීත සත්‍ය සෙවීමේ යාන්ත්‍රණවල සාධනීය නිර්දේශ  ක්‍රියාත්මක කිරීම කළ යුතුය.

බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා ස්වාධීනව හා අපක්ෂපාතීව විමර්ශනය සිදු කිරීම, ඒ සම්බන්ධව නඩු පැවරීම සහ එකී වගවීම සඳහා කැප වූ යාන්ත්‍රණයන් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීවම් වැදගත්කම මානව හිමිකම් කොමිසම අවධාරණය කර සිටි. එවැනි යාන්ත්‍රණයක් යටතේ, බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදහන් කරවීමේ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කිරීම සිදු කළ යුත්තේ සාමානය නීතිය ක්‍රියාත්මක කරන බලධාරින්ගෙන් බාහිර වූ ස්වාධීන වූ ආයතනයක් හෝ ඒකකයක් මගිනි.

ඒ අනුව කොමිෂන් සභාවේ ප්‍රාවද්ශීය කාර්යාල හරහා පැවැත්වීමට නියමිත මේ සම්බන්ධ සාකච්ඡා සඳහා සහභාගි වන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව අදා සියලුම පාර්ශවකරුවන්ට ආරාධ්‍නා කරයි.

එමෙමෙ බලහත්කාරවයන් පුද්ගලයන් අතුරුදහන් කරවීම් හා සම්බන්ධ්‍ පවතින ගැටලු පිළිබඳව නිරීක්ෂණ සහ නිර්දේදේශ024 නොවැම්බර් 30 වැනි දින වහෝ ඊට පෙර කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස ද එකී පාර්ශවකරුවන්වගන් වැඩිදුරටත් ඉල්ලා සිටි. බලහත්කාරවයන් පුද්ගලයින් අතුරුදහන් කිරීම අධීක්ෂණය කිරීමේ ජාත්‍්‍යන්තර කමිටුව වෙත සමාන්තර වාර්තාව සකස් කිරීමෙදී සහ අවසන් වාර්තාව පිළිවෙල කිරීමෙදී මෙම නිරීක්ෂණ සහ නිර්දේශදේශලකිල්ලට ගනු ලබනු ඇත.

නිහාල් චන්රසිරි
මාධ්‍ය ප්‍රකාශක/අධ්‍යක්ෂ – පර්යේෂණ හා අධීක්ෂණ අංශය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව.
2024.11.01
දුරකථන අංකය : 011

 

Archive

Latest news

Related news