Monday, October 28, 2024

රනිල් රාජපක්ෂගේ අල්විස් නෝනා කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණයටත් උඩින් ගිහින් සිරිසේන සුදනා කරයි! 

සුනන්ද දේශප්‍රිය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට තුඩු දුන් අපරාධ විමර්ශකයන්ගේ සහ බුද්ධි අංශවල අතපසුවීම් විමර්ශනය කිරීමට හිටපු ජනාධිපති රනිල් රාජපක්ෂ පත් කළ ජයකි අල්විස් කමිටුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සුද්ධ කර තිබේ.

ඒ ශ්‍රෙෂ්ඨාධීකරනයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ළක් විසින් දෙන ලද තීන්දුවක් ප්‍රතික්ෂේප කිරීම මගිනි.

සිරිසේණ, 2019 අප්‍රේල් 21වන දින සිදු කරන ලද පාස්කු ඉරිදා ස්වසංඝාතක බොම්බ ප්‍රහාර පිළිබදව දැන සිටි බවට සාක්ෂි ඇතයි ශ්‍රේෂ්ඨාධීකරණය තීරණය කළේය. එම තීරණයට පාස්කු ඉරිදා ප්‍රහාර විමර්ශනය කළ ජනක් ද සිල්වා කොමිසම ද පාර්ලිමෙන්තු තේරීම්කාරක සභාවද පැමිණයේය.

දැන් රනිල් රාජපක්ෂගේ ජයකි ද අල්විස් කමිටුව එම තීරණ ප්‍රතික්ෂේප කර සිරිසේන නිදොස් කර තිබේ. එය පහළ මට්ටමේ අධිකරණ නිලධාරිනයක් විසින් මෙරට ඉහළම අධිකරණයේ තීන්දුවක් නොසළකා හැරීමකි.

විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරුවරියක වන ආදම්බරගේ නිලන්ති ජයකි ද අල්විස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටු වාර්තාව, 2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ බෝම්බ ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම නිසා සිරිසේනට රුපියල් මිලියන 100ක දඩයක් නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් සමඟ එකඟ වන්නේ නැත.

280 දෙනෙකුට මරු කැඳවමින් 500 කට තුවාල සිදු කළ ප්‍රහාරය පිළිබඳ පූර්ව බුද්ධි අංශ අනතුරු ඇඟවීමක් පිළිබඳව ඔහු දැනුවත් කර තිබූ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිරිසේන වගකිව යුතු බව සොයා ගැනීමට ප්‍රධානතම හේතුව විය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සොයාගැනීම්වලට හාත්පසින්ම වෙනස්ව, ද අල්විස් කමිටුව කියා සිටින්නේ පූර්ව අනතුරු ඇඟවීම “ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත නොපැමිණි” බවයි. “එබැවින්, ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් වරදකාරිත්වය සලකා බැලීම සිය වරම ඉක්මවා ඇති බව කමිටුව තීරණය කළේ.” යැයි එම වාර්තාව සඳහන් කරයි.

මෙම වාර්තාව සිරිසේනට දෝෂාරෝපණය නොකරයි.

එවකට සීඅයිඩී නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ජාතික ජන බලවේගයේ (එන්පීපී) දේශපාලන වේදිකාවට සම්බන්ධ වී දින තුනකට පසුව පත් කරන ලද ද අල්විස් කමිටුව පිටු 47 කින් යුත් වාර්තාව ඔහුගේ මැතිවරණ පරාජයට දින තුනකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දුන්නේය.

සෙනෙවිරත්න සහ ඔහුගේ ප්‍රධාන පරීක්ෂකයා වූ , රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට සම්බන්ධ දූෂණ හා මිනීමැරුම් චෝදනා විමර්ශනය කළ ප්‍රධාන රහස් පරීක්ෂකවරයා වන ශානි අබේසේකරට චෝදනා කිරීම වාර්තාවේ මූලික අරමුණ බව ඉතා පැහැදිළිය.

ඒ සඳහා යොදා ගෙන ඇත්තේ අර්ධ සත්‍යයන්ය.

ජයකි ද අල්විස් යනු පහළ අධිකරණ මහේස්ත්‍රාත්වරියක ලෙස අධිකරණයට බැඳී වසර දෙකකින් දූෂණ චෝදනාවලට ලක්ව සිටි තැනැත්තියකි.

සානුකම්පිත හේතු මත අධිකරණ සේවා කොමිෂන් සභාව (JSC) ඇයට සේවයෙන් පහ කිරීමට පෙර ඉල්ලා අස්වීමට අවසර දුන්නේය.

වසර හයකට පසු ගෙදර යමින් සිටි සිය මිතුරියක නිවසට ගෙන්වා ගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කල දූෂිත රාජපක්ෂ සමයෙහිදී ඇය ද නැවත විනිසුරු මඩුල්ලට අලුතින් ඇතුළත් කර ගන්නා ලදී. කෙසේ වෙතත්, 2023 දී ඇය අභියාචනාධිකරණයට උසස්වීමක් ඉල්ලා සිටි විට, ඇයගේ දූෂණ වාර්තාව හේතුවෙන් අධිකරණ සේවා කොමිසම විසින් එය ප්‍රතික්ෂේප කරන ලදී.

දූෂිත කාන්තාවක් වු ඇය අධිකරණ නිලධාරියක ලෙස සේවය කළේ කෙසේදැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ප්‍රශ්න කර තිබේ.

එනමුත් රනිල් රාජපක්ෂ ඇය  කොටස් වෙළෙඳපොළ නිරීක්ෂනය කරන වන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) සාමාජිකාවක් ලෙස ද පත් කළේ  මහින්ද රාජපක්ෂ අනුගමනය කරමිනි. සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ මණ්ඩලයට ඇය පත් කිරීමට පෙර යෝග්‍යතාවය සහ නිසි පරීක්ෂණයක් පවත්වා තිබේද යන්න කිසිවකු නොදනී.

ජයකි ද අල්විස් යනු කතුවර ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සාක්ෂි වසං කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක් වූ පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස් ගේ සෙහොයුරියකි. ලසන්ත ඝාතනයට සම්බන්ධ යැයි අත්අඩංඟුවට ගත් වවුනියාවේ අහිංසක දෙමළ කරුණයින් දෙදෙනෙකු ඝාතනය කරල ලද්දේ එසමයෙහිදීය. ඔවුන් දෙදෙනාගේ යතුරු පැදිය කොළඹ ඇල මාර්ගයක ගිල්වා තිබියදී සොයා ගන්නා ලද්දේ ද විස්මිත අන්දමකිනි.

ජයකිද අල්විස්ගේ වාර්තාව සිරිසේන පමණක් නොව එවකට රනිල් රාජපක්ෂගේ වැඩ බලන පොලිසිපති වූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් කර ඇත්තේ ද මෘදු නිර්දේශයකි. ඔහුට නඩු පවරණ සේ ජයකි ද අල්විස් නිර්දේශ කර නැත.

ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයෙහි සරත් සිල්වා, මොහාන් පිරීස් වැනි දූෂිත පුද්ගලයින් අගවිනිසුරු පදවි දරා තිබේ. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ උපාලි අබේරත්නගේ පළිගැනීම් කොමිසමේ නිර්දේශ කුණු කූඩයට ගියේය.

මෙම ජයකි ද අල්විස් වාර්තාවද එම ඉරණමම ලබනු ඇති බව දැනටමත් පෙනෙන්නට තිබේ.

(ඉකොනොමි නෙක්ස්ට් හි පළ වූ වාර්තාවක් ද ඇසුරු කරන ලදී)

Archive

Latest news

Related news