Friday, September 27, 2024

උදයන් පුවත්පතට එරෙහිව දේවානන්දගේ අපහාස නඩුව යාපනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි

විකිලීක්ස් ලිපියක් එහි නැවත පළ කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය දෙමළ දිනපතා උදයන් පුවත්පතට එරෙහිව රනිල් රාජපක්ෂගේ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද විසින් ගොනු කරන ලද අපහාස නඩුවක් යාපනය මහාධිකරණය සිකුරාදා නිෂ්ප්‍රභ කළේය.

තම පක්ෂය, එනම් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ඊපීඩීපී) ආරක්ෂක හමුදාවන් සමඟ අත්වැල් බැඳගෙන ක්‍රියා කළ බව පවසමින් විකිලීක්ස්  ලිපියක් නැවත ප්‍රකාශයට පත් කිරීම නිසා වූ අලාභයට රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා 2011 දී ඇමැති දේවානන්ද නඩුව ගොනු කළේය.

පසුගිය දශක තුනක කාලය තුළ දේවානන්ද  සහ ඔහුගේ දේශපාලන පක්ෂය වන ඊපීඩීපී පිළිබඳව ශ්‍රී ලංකාවේ සහ විදේශීය මාධ්‍යවල ලිපි කිහිපයක් පළ වී ඇති බවත්,  උදයන් නීතිඥ කණ්ඩායම පෙන්වා දුන් පරිදිථ ඔහු එම ලිපිවලට එරෙහිව නීතිමය පියවර නොගත් බවත්  නොකළ බවත් තීන්දුවේ දී අධිකරණය නිරීක්ෂණය කළේය.

වසර ගණනාවක් පුරා බොහෝ මාධ්‍ය ආයතන විසින් මෙම ලිපිය හා සමාන සිරස්තල සහ අන්තර්ගතයන් සහිත ප්‍රවෘත්ති පළ කර ඇති බව ද අමාත්‍යවරයා පිළිගෙන ඇති බව හරස් ප්‍රශ්න ඇසීමේ දී අධිකරණය සඳහන් කළේය.

මෙම විශේෂ පුවත මුලින් පළ වූයේ 2007 මැයි 18 දිනැති විකිලීක්ස් හි එවකට එක්සත් ජනපද තානාපති රොබට් බ්ලේක් විසින් ලබා දුන් රහසිගත වාර්තාවක් පදනම් කරගෙන ය.

රජය විසින් පත් කරන ලද උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභා (LLRC) වාර්තාවේ ද විකිලීක්ස් ලිපියේ අන්තර්ගතය ඇතුළත් බව අධිකරණය සඳහන් කළේය. දේවානන්ද ද එම වාර්තාව පිළිගත්තේය.

“ඉහත සඳහන් කළ ලිපියේ ප්‍රකාශනය සත්‍යය සහ යුක්තිය ඉදිරිපත් කිරීම සඳහා මහජන අවශ්‍යතා සඳහා සිදු කර ඇති බව,”  ශ්‍රී ලංකා රජය සමඟ ඊපීඩීපීයේ සම්බන්ධය එනම් සන්නද්ධ ගැටුමේ කාලය සහ පැරාමිලිටරි කණ්ඩායමක් ලෙස උපකාර කිරීම. සටහන් කරමින් අධිකරණය ප්‍රකාශ කළේය.

යාපනය දිසා විනිසුරු කේ.සතීස්වරන් නඩුව නිෂ්ප්‍රභ කළේ එම පුවත්පත මහජන අවශ්‍යතා සඳහා ප්‍රකාශ කර ඇති බැවින් දේවානන්ද  අපකීර්තියට පත්වන අයුරින් කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බව  ප්‍රකාශ කරමිනි.

ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන්, කේ.වී.එස්. ගනේෂරාජන්, සහ උදයන් පුවත්පතේ කළමනාකාර අධ්‍යක්ෂ සහ කර්තෘ වෙනුවෙන් එම්. ෂබිශාන්ත් පෙනී සිටියහ.

Archive

Latest news

Related news