Tuesday, August 6, 2024

රනිල් රාජපක්ෂට නීතිපතිගෙනුත් පොල්ලක්! 

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ දුන් නියෝග අනුව ක්‍රියාකරන්නැයි නීතිපතිවරයා කථානායක මහින්ද යාපා අබේවර්ධනට උපදෙස් දී තිබේ.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නීතිපති උපදෙස් ඉල්ලා යොමු කළ ලිපියට ප්‍රතිචාර දක්වමිනි.

මෙම තීරණය රනිල් රාජපක්ෂ කතානායකට දුන් නියෝගයට සහමුලින්ම විරුද්ධය.

මේ  අනුව, පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ඇති ගැටළුව පිළිබඳව අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡා නොකරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසා තිබේ.

රනිල් රාජපක්ෂගේ උපදෙස්/නියෝගය නොසළකා කථානායකවරයා සඳහන් කර ඇත්තේ අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡා කිරීමේ කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි.

එවැනි පදනමක් තුළ සාකච්ඡා සඳහා යොමු නොවන බව ඔහු ස්ථිර  කර තිබේ.

දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරමින් නියෝග කළේ ජනාධිපතිවරයා විසින් සුදුසු අයකු පොලිස්පති ධූරය සඳහා පත් කළ යුතු බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ප්‍රතික්ෂේප  කළ ජනාධිපති රනිල් රාජපක්ෂ කියා සිටියේ, පොලිස්පතිවරයා සම්බන්ධ ගැටලුව අගවිනිසුරුවරයා සහ කථානායක සමග සාකච්ඡා කර විසඳා ගත යුතු බවයි.

ඉන් අනතූරුව පොලිස් කොමිසම පොලිසියේ  දෙනව නිලය වන   පරිපාලනය සදහා ජ්‍යෙෂ්ඨ ‌නියෝජ්‍ය පොලිස්පති ලිලිත් පතිනායක   පත් කළේ ද නිතිපති උපදෙස් අනුවය.

මේ අනුව නීතිපතිවරයා රනිල් රාජපක්ෂගේ ස්ථාවරය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබේ.

වට්නිව්ස්/සටහන් වෙබ් අඩවියේ ලිපියක කරුණූ ඇසුරිණි.

Archive

Latest news

Related news