Tuesday, July 16, 2024

මූල්‍ය නොවන රජයේ වත්කම් එක රැයකින් නෝටි 7000කින් අඩු වූ හැටි!

ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට හෙළා ජනතාව මත අසීමිත පීඩනයක් පටවා තිබෙන අතර ඉතා විශාල වශයෙන් මූල්‍ය අපරාධ සිදු කරමින් පවතින බවට විවිධ මූලාශ්‍ර ඔස්සේ තොරතුරු හෙළි වෙමින් තිබේ.

මේ සම්බන්ධයෙන් නවතම කරුණු රැසක් මුදල් අමාත්‍යංශයේ වාර්ෂික වාර්තාවට ලබා දී තිබෙන විගණන වාර්තාවේ සඳහන් වේ. වසරක් අවසානයේදී දෙසැම්බර් 31 වෙනි දින මූල්‍ය ප්‍රකාශනවල සඳහන් කරන ශේෂයන් ඊට පසුදින එනම් ජනවාරි 01 වෙනි දින ඉදිරියට ගෙන ඒමේ ගිණුම්කරණ සරළ කටයුත්ත බරපතළ දෝෂ සහිතව දක්වමින් මූල්‍ය අපරාධ කර ඇති බව හෙළිවී තිබේ.

එම විගණකාධිපති වාර්තාවේ 1.2 ඌ වගන්තියේ මේ සම්බන්ධයෙන් ප්‍රබල කරුණක් හෙළිකර ඇත. 2022 දෙසැම්බර් 31 වෙනි දිනට රජයේ මූල්‍ය ප්‍රකාශනවල මූල්‍ය නොවන වත්කම්වල මුලු වටිනාකම රුපියල් 2,093,287,997,716 යනුවෙන් දක්වන ලද සංඛ්‍යාව 2023 ජනවාරි 01 දින ඉදිරියට ගෙන ඇත්තේ රුපියල් 2,017,866,940,344 වශයෙනි. මේ අනුව ආරම්භක ශේෂයේ රුපියල් 75,421,057,372ක වෙනසක් පවතී.

මෙයින් පැහැදිලි වන්නේ ඉතාම සුමට ආකාරයෙන් මූල්‍ය අපරාධ සිදු කිරීමට අවකාශ සලසාගෙන තිබෙන ආකාරය වේ.

Report excerpt

Lanka Truth.

Archive

Latest news

Related news